Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Google Messagesවල ඇති මේ Features ගැන දන්නවාද?

Google Messages කියන්නේ අද වෙද්දී ලෝකයේ වැඩි ම දෙනෙක් භාවිත කරන RCS-enabled messaging app එකක්. විශේෂයෙන් අද වෙද්දී Android භාවිත කරන ඕනෑම දුරකතනයක මේ app එක දැකගන්න ලැබෙනවා. ගොඩක් දෙනෙක් භාවිත කළාට මේක සතුව තියෙන පහසුකම්වලින් අපි බොහෝ දෙනෙක් හරි ආකාරයෙන් වැඩ නොගන්න බව කියන්න ම ඕනේ.  මේ ලිපිය හරහා අපි ඔයාලට Google Messages වල තියෙන ඔබ නොදන්නා ට්‍රික්ස් රැසක් ගැන කියලා දෙන්න තමයි යන්නේ.

1.web browser එක හරහා SMS 

ඔය භාවිත කරන web browser එක හරහා SMS / Text තව කෙනෙක්ට යවන්න පුළුවන් බව ඔයා දැනගෙන හිටියාද? Google Messagesවල මේ පහසුකම ඕනෑම කෙනකුට භාවිත කරන්න පුළුවන්. WhatsApp web භාවිත කරනවා වගේ ම QR එකක් scan කරලා තමයි මේ පහසුකම සක්‍රීය කරගන්න තියෙන්නේ. ආයෙ කිසිම විදියකට විදිහකට SMS ආවා කියලා ඔයාට ෆෝන් එක දිහා බලන්න ඕනේ වෙන්නේ නෑ කෙළින්ම Computer එකෙන්ම රිප්ලයි කරන්න පුළුවන්.

1. Messages for Web පහසුකම අත්විඳින්න මුලින්ම ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකෙන්  https://messages.google.com/web/authentication වෙබ් ලිපිනයට යන්න.

2. Google Messages ඔයාගේ දුරකතනයේ Open කරගන්න.

3. උඩ කෙළවරේ තියෙන තිත් තුන (three-button menu) මත ක්ලික් කරන්න.

4. Device pairing option එක Select කරන්න

5.QR code scanner එක ක්ලික් කරන්න

6.ඔයාගේ වෙබ් බ්‍රව්සර් එකේ පෙන්නන QR code එක එකෙන් Scan කරගන්න.

 web browser එක හරහා SMS – androidpolice.com

 

නොමිලේ චැට් කරන්න RCS chat feature එක Enable කරගනිමු ද?

MMS/SMS messagingවල තිබ්බ ලොකු ම අඩුපාඩුවක් තමයි end-to-end encryption කියන්නේ. හැබැයි දැන් Google Messages එක්ක මේ පහසුකම ඔයාට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හරහා ම typing indicators සහ read receipts වගේ පහසුකම් පවා ලැබෙනවා. හරියට ම WhatsApp වගේ. ඔයාට කිසිම මුදලක් යන්නේ නැතුව තවත් RCS chat enabled දුරකතනයක් එක්ක chat කරන්න පුළුවන්. ඔයාට ඕනේ වෙන්නේ අන්තර්ජාල සම්බන්ධතාව විතරයි.  හැබැයි මේ පහසුකම Activate කරන ක්‍රමය ටිකක් සංකීර්ණ වෙන්න පුළුවන්. එනිසා පහළින් තියෙන video එක අනුගමනය කරන්න. දන්නා තරමින් දැනට ම ලංකාවේ ISP ලා එහෙම නැති නම් අන්තර්ජාල සේවා සපයන සමාගම් මේ පහසුකමට සහාය දක්වනවා.

3. Scheduled messages 

හරියට ම වෙලාවකට SMS යවන්න අපිට සමහර වෙලාවට සිද්ධ වෙනවා. උපන්දිනයක්, විශේෂ උත්සවයක් සැමරීමක් වගේ වෙලාවකට. ගොඩක් වෙලාවට එහෙම SMS එකක් යවන්න අපිට හරි වෙලාව වෙනකම් ඉන්න වෙනවා. උදාහරණයක්  විදිහට උපන්දිනයකට සුබ පතන්න මධ්‍යම රාත්‍රී 12 වෙනකම් ඉන්නවා වගේ.  මෙහෙම ඇහැරලා ඉන්නේ නැතුව ඒ අදාළ වෙලාවට අදාළ අයට SMS එක Schedule කරලා ඉබේ ම යන්න හදලා තිබ්බොත් අපිට ගොඩක් පහසු වෙනවා.  Google Messages වල මේ පහසුකම දැනටමත් දකින්න පුළුවන්.

1. යවන්න අවශ්‍ය Text එක chatbox එකේ type කරන්න.

2. Send button එක එකපාර ටැප් කරලා අතාරින්නෙ නැතුව ක්ලික් කරගෙන ම ඉන්න.

3. Pick date and time කියන option එක ටැප් කරන්න. ඊට පසේ අවශ්‍ය වෙලාවයි දිනයයි එයට ලබා දෙන්න.

 Schedule messages යවන්නේ මෙහෙමයි.- androidpolice.com

 

4. Bubble chat heads enable කරමු ද?

Facebook Messengerවල තියෙනවා වගේ Bubbles පහසුකම enable කරගන්න ඔයාට මේකෙදිත් පුළුවන්. SMS එකක් ආව ගමන් ලස්සන Bubble pop-up එකකින් එක ඔයාට දැකගන්න පුළුවන්. මේක ඔයාගේ Message Experience එක අලුත් කරන බව විශ්වාසයි.

three-button menu එක මුලින් ම ක්ලික් කරන්න

2.Settingsවලට යන්න

3.Bubbles කියන එක උඩ ක්ලික් කරන්න

ඔයා කැමති ඔයාගේ හැම SMS එකක් ම වගේ මේ විදිහට පෙන්වනවට ද?  එහෙම නැති නම් විශේෂ කිහිපයක් විතරක්  මේ විදිහට පෙන්වනවට ද කියන එක ඔයාට මෙතැනදී select කරගන්න පුළුවන්.

 Bubble chat heads enable කරමුද? -androidpolice.com

5. Location Share කරමු ද?

සාමාන්‍යයෙන් අපි ගොඩ දෙනෙක් වට්සැප් පාවිච්චි කරනවා හදිස්සියකදී කාටහරි location share කරන්න. හැබැයි අපි කිසිම ගැටලුවක් නැතුව දැන් Google Messagesවලින් ම ඔයාගේ location එක ඕනෑම කෙනකුට යවන්න පුළුවන්. මේකේ තියෙන වාසිය තමයි ඔයාට maps open කරන්න අවශ්‍ය වෙන්නේ ම නැහැ. Direct share පහසුකම මේහරහා තියෙනවා.

1.Location යවන්න ඕනේ කෙනාගේ Conversation එක open කරන්න.

2.ඔයාගේ screen එකේ වම් පැත්තේ යට තියෙන plus button එක ක්ලික් කරන්න.

3.එතනින් Location කියන එක තෝරාගන්න.

4.ඔයා ඒ වෙලාවේ ඉන්න තැන නම් share කරන්න ඕනේ send කියන එක ටැප් කරන්න

ඔයාට වෙනත් location එකක් නම් යවන්න ඕනේ Search option එක භාවිත කරන්න.

 Direct Location Share කරමු ද? – androidpolice.com

 

මේ අපි ඔයාලට කිව්වේ තියෙන ප්‍රධානත ම පහසුකම් කිහිපයක් ගැන. තවත් පහසුකම් විශාල ප්‍රමාණයක් මේ app එකේ දැකගන්න අපිට පුළුවන්. විශේෂයෙන් අපිට අවශ්‍ය text එකකට reminder එකක් දාගන්න වගේ දේවලුත් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් නම් ඔයාට අදාළ text එක තෝරාගෙන reminder button එක ටැප් කරලා අවශ්‍ය දිනය වෙලාව සටහන් කරගන්න විතරයි තියෙන්නේ.  ඊට අමතර ව වැදගත් පණිවිඩ මත තරු සලකුණු යොදන්නත් ඔබට පුළුවන්. අවශ්‍ය මෙසේජ් එක තෝරලා තිරයේ උඩ තියෙන තරු සලකුණ දෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ.

තව මතක් කරන්නම ඕනේ පහසුකම් කිහිපයක් තියෙනවා. ඒ ගැනත් සරල ව සටහන් කරන්නම ඕනේ.  වැදගත් conversations pin කරලා තියාගන්න ඔයාට පුළුවන්. අවශ්‍ය චැට් එක  select කරලා pin icon එක උඩ ටැප් කරන්න.  එතකොට ඒ චැට් එක අනිත් මෙසේජස්වලින් වෙන් කරලා හොයාගන්න ඔයාට පුළුවන්. ඔයාට ආපු මෙසේජස් search කරලා හොයා ගන්න, අවශ මෙසේජස් තව කෙනකුට හරි වෙනත් app එකකට හරි share කරන්න වගේ පහසුකම් රැසක් එයට ඇතුළත්.

කවරයේ ඡායාරූපය - androidgreek.com 

මූලාශ්‍ර:

Androidgreek.com 

Androidpolice.com 

YT.com 

Messages.google.com 

Related Articles