Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Motorola සමාගමේ නවතම G7 දුරකතනය

මෑතකදී එළිදැක්වුණු moto g7 දුරකතනය දැන් ක්‍රම ක්‍රමයෙන් ලෝක වෙළඳපොළ වෙත ලැබෙමින් පවතිනවා. බජට් දුරකතනයක් ලෙස නම් ලබන මෙය Notch එක අවමව සැකසූ Snapdragon ප්‍රොසෙසරය භාවිතා කරන්නට අවස්ථාව ලබා දෙන, අවම වෙනස්කම් ලද මෙහෙයුම් පද්ධතියක් සහිත දුරකතන උපාංගයක්.

බාහිර පෙනුම

පසුපස හා ඉදිරිපස පෙනුම (9to5google.com)

ඉතා කුඩා Notch එකක් සහිත මේ දුරකතනය Essential Ph-1 සිහි ගන්වනවා. Notch එකෙහි කැමරාව පමණක් අඩංගු කර ඇති අතර ඉහළ දාරයේ සිට Notch එකෙහි අවසානය දක්වා සැලකිය යුතු තරම් අනවශ්‍ය දිගක් තිබෙනවා. කැමරාව වටා දාරය ද මහතින් යුතු අතර එය මේ වන විට දකින්නට ඇති අනෙකුත් දුරකතනවලට සාපේක්ෂව ඉහළ දාරයට ද ‍එය බලපා තිබෙනවා. දුරකතනය දෙපස දාරය නොසලකා හැරිය හැකි නමුදු යට දාරය Motorola ලාංඡනය සහිතව මහතින් වැඩිකර යොදා තිබෙනවා. තිරය යට දාරයේ නැමුම ද බොහෝ ඉහළ සිට ඇරඹෙන නිසා යට කොටසේ මුලු දෙකෙහි ඉඩ අපතේ ගොස් තිබෙනවා. මොටොරෝලා ලාංඡනයට වහාම පහළින් මයික්‍රොෆෝන සිදුර මුහුණතට යොදා තිබීම විශේෂත්වයක්. ඉදිරිපස ස්පීකරය ද Notch එකට ඉහළ දාරයේ අනෙක් දුරකතනවල මෙන්ම යොදා තිබෙනවා.

දුරකතනයේ දකුණු පස දාරයෙහි Power බොත්තම සහ Volume බොත්තම් දෙක තනි දිගු බොත්තමක් ලෙස අඩංගු කර තිබෙනවා. දුරකතනයේ පසුපස වීදුරුවලින් සකසා ඇති අතර ඉහළට ආසන්නයේ කැමරා දෙක ‍යොදා ඇත්තේ තනි රවුමක් තුළයි. සිරස්ව ඇති කැමරා ද්විත්වය යටින් ෆ්ලෑෂරය යොදා තිබෙනවා. ඊට පහලින් ඇඟිලි සලකුණු සංවේදකය ඇති අතර එය මත ම මො‍ටරෝලා සමාගමේ රූපමය ලෝගෝව අඩංගු කර තිබීම වෙනත් දුරකතනවල දකින්නට නොලැබුණක්.

දුරකතනය වටා දාරය ඇලුමිනියම් වලින් සැකසා ඇති මෙය කළු (Ceramic Black) සහ සුදු (Clear White) ලෙස වර්ණ මාදිලි දෙකකින් ඉදිරිපත් කරනවා.

තිරය

තිරය වටා ඝනකම් දාරයක් (vox-cdn.com)

අඟල් 6.2ක LTPS IPS තාක්ෂණයෙන් ගොඩනැඟූ LCD තිරයක් මෙහි අඩංගු වන අතර පෙර ආ G6 දුරකතනයට වඩා මෙහි ඉදිරිපස වඩාත් සංක්ෂිප්ත වූ බවක් දකින්නට ලැබෙනවා. ඒ, පෙර තිබූ අඟල් 5.7ක තිරය වෙනුවට ඉතා ස්වල්ප වැඩිවීමක් සහිතව තිරයක් යෙදීමෙන් හා භෞතික Home button එක ඉවත් කිරීමෙන්. නමුත් පහළ දාරය තවමත් අමතක කළ නොහැකි මහතකින් ‍යුතුයි. තිර විභේදනය (resolution) 1080 x 2270 හෙවත් Full HD+ වෙනවා. Moto g ශ්‍රේණියේ දැනට යොදන ලද විශාලතම තිරය මෙය බව යි ඔවුන් සඳහන් කරන්නේ.

Corning Gorilla Glass 3 ආරක්ෂණයක් තිරය මතට යොදා තිබෙනවා. ජලය නොරඳන නැනෝ ආවරණයකින් ආරක්ෂිත නිසාම දහඩිය සහ දුහුවිලි රැඳෙන ප්‍රමාණය ද අවම යි.

කැමරා

පසුපස සිරස්ව යොදා ඇති කැමරා සැකැස්ම (phonearena.com)

පෙර දකින්නට ලැබුණු moto g ශ්‍රේණියේ දුරකතනවල හොඳ මට්ටමක කැමරාවන් යොදා තිබුණා. පසුපස ද්විත්ව කාච කැමරාව මෙගාපික්සල් 12ක ප්‍රධාන සෙන්සරයකින් හා මෙගාපික්සල් 5ක ගැඹුර හඳුනාගැනීමේ සෙන්සරයකින් සමන්විත යි. මෙමඟින් bokeh ආකාරයේ portrait ඡායාරූප ගැනීම සඳහා වැඩි හැකියාවක් ලැබෙනවා. Moto G7 Power සහ Moto G7 Play දුරකතන ද්විත්වයම portrait ඡායාරූප සඳහා පසුබිම බොඳකිරීම මෘදුකාංග හරහා යි සිදුකරන්නේ. ප්‍රධාන කැමරාවේ Aperture අගය f/1.8ක් වන අතර මයික්‍රෝන පික්සල් 1.25කින් ඡායාරූප හසුකරගන්නවා.

කැමරා මෘදුකාංගය ලබා දී ඇති Auto Smile Capture වැනි විශේෂාංගයන් නිසා Group photo එකක් ගනිද්දී සියල්ලන්ම සෙලවීම නැවතී, මුහුණේ ස්මිතය පළ කළ විට ෂටරය ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක කරනු ලබනවා. Spot color හරහා තනි වර්ණයක් හැර අන් සියල්ලම කළු-සුදු කරන්නටත්, Cinemagraph හරහා චලනය වන ඡායාරූපයක (GIF වැනි) අවශ්‍ය කොටසක් පමණක් චලනය වෙත්දී ඉතිරිය ස්ථිරව තැබිය හැකියි.  Google Lens සමඟ කැමරාවෙන් දකින දේවල් විශ්ලේෂණය කරමින් වැඩි පහසුකමක් ලබාගන්නට අවස්ථාව තිබෙනවා. High res zoom විශේෂාංගය මෘදුකාංග මගින් Zoom කරන ලද ඡායාරූප වලින් අඩුවන ගුණාත්මක භාවය හැකිතාක් පවත්වා ගන්නට උත්සාහ කරනවා.

8 MP කැමරාවක් ඉදිරිපස ඇති අතර ඉන් 1080p ප්‍රමාණයේ වීඩියෝ 30fps අගයකින් ගත හැකියි.

පද්ධති හැකියාවන්

ජල ප්‍රතිරෝධීයි (phonearena.com)

ඇමරිකානු Snapdragon ප්‍රොසෙසරයට ප්‍රිය කරන අයට මේ දුරකතනය හරහා Snapdragon 632 ප්‍රොසෙසරය පාවිච්චි කරන්නට අවස්ථාව ලැබෙනවා. එය මඳක් පරණ නමුත් බජට් ෆෝන් එකක් ලෙස එම ප්‍රොසෙසරය පාවිච්චි කරන්නට අවස්ථාව ලැබනේනේ Poco දුරකතනයෙන් පසුව යි. Moto G7 Plus සතුව Snapdragon 636 ප්‍රොසෙසරය තිබෙනවා.

RAM ධාරිතාව ගිගාබයිට් 4ක් සමග මෙය Android 9.0 Pie ධාවනය කරන්නේ කාලානුරූප පද්ධති අවශ්‍යතාවන් ද සමග යි. මෙහෙයුම් පද්ධතියට වැඩි වෙනසක් නොකර, Google Lens හා Assistant වැනි විශේෂාංග එලෙසම පවත්වා ගැනීම සුවිශේෂී යි. දුරකතනයේ අභ්‍යන්තර ධාරිතාව ගිගාබයිට් 64 යි.

අනෙකුත් විශේෂාංග

ඇඟිලි සලකුණු සංවේදකය මත යෙදූ ලෝගෝව (wired.com)

Dolby Audio ශබ්ද තාක්ෂණයෙන් බල ගැනවෙන G7 දුරකතනය 3.5mm jack එක ද නොනසා පවත්වා ගන්නවා. FM Radio, බ්ලූටූත් 4.2 සහ USB Type-C 1.0 පෝට් එකක් තිබෙන අතර යුරෝපීය මාදිලියේ පමණක් NFC අඩංගු කර තිබෙනවා. බැටරිය ගිය අවුරුද්දේ ආ G6 දුරකතනයේ මෙන්ම 3000mAh වෙනවා‍. නව ප්‍රොසෙසරයේ අඩු බල භාවිතය නිසා එය ගැටළුවක් නොවන අතර Turbopower තාක්ෂණය හරහා පැය 9ක බැටරි බලය විනාඩි 15කින් ලබා ගත හැකි වේගවත් ආරෝපණයක් තිබීම ද විශේෂත්වයක්. Moto G7 Power මාදිලියේ දින තුනක් තබා ගත හැකි 5000mAh බැටරි ධාරිතාවක් තිබෙනවා. Face Unlock ආරක්ෂණය ද සහිත යි. ඩොලර් 299ක් හෙවත් රු. 53,000ක් පමණ අගයකට යි මෙය මිල කර ඇත්තේ.

කවරය: stuff.tv

Related Articles