Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Twitter සමාජ ජාලයත් ඊලෝන් මස්ක්ගේ අයිතියට

Elon Musk, Twitter සමාජ ජාලය අමෙරිකානු ඩොලර් බිලියන 44ක මුදලකට මිලදී ගැනීම සඳහා කළ යෝජනාව ට්විටර් සමාගම පිළිගෙන තිබෙනවා. මේ පිළිබඳ මීට පැය කිහිපයකට පෙර ට්විටර් සමාගම මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් මේ ගැන නිල වශයෙන් සඳහන් කළා. මේ මිලදී ගැනීම්  කටයුතු සියල්ල සාර්ථක වුවහොත් ට්විටර්හි අනාගතය කෙබඳු වේවිද යන්න තවමත් අවිනිශ්චිත යි. 

Musk පසුගිය අප්‍රේල් 14 වැනිදා මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කළා. කොහොම නමුත් දීර්ඝ  සාකච්ඡාවන්වලින් අනතුරු ව  එක් කොටසක්  $54.20 ක මුදලකට ඔහු මිල දී ගන්නට යෝජනා කළා. මේ පිළිබඳ ඔහු ට්විටර් පණිවිඩයක් පවා පළ කර තිබුණා. මුල දී Twitter සමාගම  මේ යෝජනාවට Twitter සමාගම එතරම් කැමැත්තක් දැක්වුවේ නැතත් අවසානයේ  Muskගේ යෝජනාව පිළිගන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.

 තමන් Twitter මිලදී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කළ බවට මස්ක් පළ කළ ට්විටර් පෝස්ටුව – Twitter.com

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හැකි වීම

Elon Musk කියන්නේ ලෝකයේ ප්‍රකට, ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙක්. කොටින් ම කියනවා නම් ධනවතුන්ගේ ලයිස්තුවේ මුල් ම තැන ඉන්න කෙනා.  ස්ටාර් ලින්ක්, ටෙස්ලා වගේ සමාගම් රැසක හිමිකරු වෙන්නේ ඔහු යි. පසුගිය 2021 දී වසරේ මිනිසා ලෙසත් නම් වෙන්න ඔහුට හැකි වුණා. ඊලෝන් මස්ක් ගැන අපි ඔබට පෙර ලිපි ගණනාවක් ගෙන ආවා. ඒ ලිපිවලින් ඔහු ගැන වගේ ම ඔහුගේ සමාගම් සහ ව්‍යාපෘතිවලින් ලෝකයට ඇති වන බලපෑම් පිළිබඳ තොරතුරු කියවන්න ඔබට පුළුවන්.

නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට හැකි වීම ක්‍රියාකාරී  ප්‍රජාතන්ත්‍රවාදයේ පදනම බවත් ට්විටර් යනු මානව වර්ගයාගේ අනාගතයට අත්‍යවශ්‍ය කරුණු විවාද කෙරෙන ඩිජිටල් සන්ධිස්ථානයක් බවත් ඔහු මීට පෙර සටහන් කර තිබුණා.

Image
Musk පසුගිය අප්‍රේල් 14 වැනිදා Twitter සමාජ ජාලය මිලදී ගැනීම සඳහා යෝජනාව ඉදිරිපත් කළා -twitter.com/NDTV

මීට අමතර ව ඒ ප්‍රකාශයේ  මස්ක් සඳහන් කරන ආකාරයට ඔහුට අවශ්‍ය වෙන්නේ නව විශේෂාංග සමඟ ට්විටර් වැඩි දියුණු කිරීම, විශ්වාසය වැඩි කිරීමට ඇල්ගොරිතමය open source බවට පත් කිරීමත්, පරිශීලකයන් නොමඟ යැවීම සහ අපහසුතාවට පත් කරන spam bots වැනි දේ නවතා දමා මේ platform එක සැබෑ මිනිසුන් වෙනුවෙන් වෙන්වන  තැනක් බවට පත් කිරීමත් ලෙසයි ඔහු සඳහන් කරන්නේ. මේ වෙනුවෙන් යම් verifications ක්‍රමවේද නුදුරේදී ම ට්විටර් වෙත ඇතුළත් වනු ඇති.

පොදු අරමුණක්

දැනට ට්විටර් සමාගමේ CEO  වන Parag Agrawal සඳහන් කරන්නේ ට්විටර් ප්ලැට්ෆොර්ම් එක ලෝකයාට ම අදාළ තැනක් වන අතර එයට පොදු අරමුණක් ඇති බව යි.  ප්‍රකාශයේ ඔහු තමන්ගේ කණ්ඩායම සහ ඔවුන් මේ වන තෙක් අත්පත් කරගෙන ඇති දේ පිළිබඳ ව  බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා. 

මස්ක් මේ සමාගම් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගන්නා ආකාරය පිළිබඳව U.S. Securities and Exchange Commission එක වෙත මෙලෙස අදහස් දක්වා තිබුණා. 

Twitter තුළ Freedom of speech? – gettyimages.com

ඒ සඳහා අමරිකානු ඩොලර් බිලියන 25.5 ණය සහ ඩොලර් බිලියන 21 පුද්ගලික වත්කම් ඇතුළත් වෙනවා. කොහොම නමුත් ආර්ථික විශ්ලේෂකයන්ට අනුව මෙලෙස ලබා ගන්නා ණය ප්‍රමාණය හේතුවෙන් මෙම ණය සඳහා Twitter වෙත වසරකට ඩොලර් බිලියන 1ක සේවා ගාස්තුවක් හෝ සමාගමේ වාර්ෂික ආදායමෙන් දළ වශයෙන් සියයට 20ක් වැය විය හැකි යි. මේ වියදම කුමන ආකාරයෙන් පියවා ගැනීමට මස්ක්ට හැකිවෙයි ද යන්න තවමත් ගැටලුවක්.

 මස්ක් මුල් වරට මේ Twitter මිලදී ගැනීමේ යෝජනාව සමාගම වෙත ඉදිරිපත් කළ වහාම එය වලක්වාලන්නට කටයුතු යොදන්නට Twitter සමාගම සුදානම් වුණත් පැහැදිලි හේතුවකින් තොර ව එම තීරණය වෙනස් කර ගැනීමට සමාගම හදිසියේ  තීරණය කිරීම යම් තරමක් විමතිය දනවන කාරණයක්. Twitter සමාගම මිලදී ගැනීමේ ආරංචිය ට්විටර් සමාගමේ සේවකයන්ට දැනගන්නට ලැබුණු විට ඔවුන් එයට පක්ෂ ව සහ විපක්ෂ ව අදහස් පළ කර තිබෙනවා. 

මස්ක් කියන්නේ ඔහුගේ වැඩපිළිවෙළ ලෙහෙසියෙන් කෙනකුට අනුමාන කරන්න පුළුවන් කෙනෙක් නම් නෙවෙයි. එනිසා මේ සමාගම් මිලදී ගැනීම කුමන අයුරින් සමාජ ජාලයට බලපෑම් ඇති කරයි ද?අලුතෙන් එකතු වන පහසුකම් සහ සිදුවන වෙනස්කම් පරිශීලකයන්ට නවර ආකාරයෙන් බලපායි ද? කියන එක තව ම පැහැදිලි නෑ.

කොටස් වැඩි ම  ප්‍රමාණයක් හිමි තනි පුද්ගලයා

සමාගම මිලදී ගැනීමට පෙර ඔහු ට්විටර් කොටස්වලින් 9.2% පමණ මිලදී ගත්තා. ඒ ඔස්සේ සමාගමේ කොටස් වැඩිම  ප්‍රමාණයක් හිමි තනි පුද්ගලයා බවට පත් වෙන්නට ඔහුට හැකි වුණා. මේ නිසා ම ඔහුට සමාගමේ විධායක ධුරයකට ආරාධනා ලැබුණා. එය ප්‍රතික්ෂේප  කළ ඔහු ඉන් ටික දිනකට පසුව Twitter සමාගම මිලදී ගැනීමේ යෝජනාව සහ තම ලංසුව ඉදිරිපත් කරන්න කටයුතු කළා.  ඔහු එම තනතුර පිළිගත්තා නම් ඔහුට සමාගමෙන් කොටස් 14.9 % වැඩියෙන් මිලදී ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ.

මේ සියල්ල අතර තුර ට්විටර් සමාජ ජාලය තුළ Poll එකක් නිර්මාණය කරමින් ඔහු ට්විටර් වෙත Edit පහසුකම එක් කළ යුතුයි යන්න ගැන මත විමසීමක් පවා සිදු කළා. කොහොම නමුත් පළ කළ ටීවීට් එකක් යළි එඩිට් කිරීමේ පහසුකම Twitter සමාගම ඒ වෙනකොටත් අත්හදා බලමින් තිබුණු බවයි දැනගන්නට නම් ලැබෙන්නේ. 

නිදහස් භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අනිවාර්ය දෙයක් බවට තමන් විශ්වාස කරන බවත්, ට්විටර් අනවශ්‍ය ලෙස සිදු කරන බාධා පිළිබඳකනස්සල්ලත් කිහිප විටකදී ම මස්ක් මතු කර තිබෙනවා.

මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

ඊලෝන් මස්ක්: 2021 වසරේ මිනිසා

රාත්‍රී අහස ආක්‍රමණය කරන SpaceX Starlink චන්ද්‍රිකා 

මිනිස් හැඩ ඇති රොබෝවරයා Elon Musk ගේ Tesla Bot 

මොළය කෙළින්ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink

කවරයේ ඡායාරූපය- ඊලෝන් මස්ක් - gettyimage.com

මුලාශ්‍ර: 

theverge.com 

prnewswire.com 

nytimes.com 

bloomberg.com 

Related Articles