Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022ට ඔබේ දුරකථනයේ තිබිය යුතු ම apps 

එදිනෙදා ජීවිතේ අපට වැදගත් වෙන apps බොහෝමයක් ගැන හැම මාසෙක ම ඔබට අපි තොරතුරු අරගෙන එනවා. මේ මාසේ අපි අරගෙන එන්නෙ අලුත් වගේ ම 2021 වසරෙදී බොහෝ දෙනකුට වෙත වැදගත් වුණු විශේෂ apps කිහිපයක්. නොමිලේ ලබාදෙන apps වගේම මුදල් ගෙවලා ගන්න ඕන apps එහෙමත් මේ අතරේ අඩංගු වෙනවා.

ඕන Platform එකකින් Songs download කරන්න

Spotifyler කියන්නෙ ඔයාට සිංදු අහන්න පුළුවන් ඕනැ ම platform එකකින් අවශ්‍ය සිංදු playlist එකක් ම download කරන්න හැකියාව ලබා දෙන app එකක්. ඔයාට අවශ්‍ය Playlist එක තියෙන්නෙ Spotify, Youtube, Soundcloud, Apple Music ඔය වගේ මොන platform එකක වුණත් කිසිම ගැටලුවක් නෑ. සරලව ම අදාළ playlist එකේ link එක මේ app එකේ search box එකට place කරලා download දෙන්න විතරයි තියෙන්නෙ. හරිම ලේසියෙන් ඔක්කො ම සිංදු ඔයාගෙ phone එකට download වෙනවා. ඔයා කැමති ම third party app එකකින් ඒවා අහන්නත් ඔයාට පුළුවන්.

ඕන Platform එකකින් Songs download කරන්න Spotifyler -droid.org

 

Wallpaper දාන කලාව වෙනස් කරන Steam Wallpaper Engine 

Wallpaper Engine කියන්නෙ කාලයක් තිස්සෙ පරිගණක භාවිත කරන ඕනම කෙනකුට අපුර්ව Live wallpaper ලබා දුන්න මෘදුකාංගයක්. බොහෝ දෙනෙක් මේ අලුත් වෙනස් අත්දැකීමට ආස කළා. තෝරා ගන්න Wallpaper විශාල ප්‍රමාණයක් තියෙන නිසා ම ඔබට හරියන Wallpaper එකක් ඒ අතර තියෙන්න ලොකු ඉඩක් තියෙනවා. මෑත කාලේ මේ Wallpaper Engine එක ජංගම දුරකථන වෙතත් නිකුත් වුණා. දැන් ඔබට පරිගණකයෙන් එහාට හිහින් live wallpaper අත්දැකීම ඔබේ දුරකතනය තුළ ම ලබා ගන්න අවස්ථාව තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ live wallpaperවලට සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර battery භවිත වෙනවා. ඒ ගැන වද වෙන කෙනෙක් නම් ඔබ මේ app එක දිගට ම භාවිත කරන්න කලින් ඒ ගැන හිතන්න කියලා අපි ඔබට මතක් කරනවා.

Wallpaper දාන කලාව වෙනස් කරන Steam Wallpaper Engine – voonze.com

 

Privacy රැක ගන්න සහය වෙන Privacy Dashboard 

Android 12 OS එක භාවිත කරන හැමෝට ම වගේ ලැබෙන අලුත් feature එකක් තමයි Privacy Dashboard එක කියන්නේ. මේකෙන් ඔබේ දුරකථනය තුළ පාවිච්චි වෙන apps ඔබේ Camera එක Mic එක වගේ දේවල් ඔබේ අනුදැනුමකින් තොර ව භාවිත කරනවා ද කියන එක දැනුම් දෙනවා. ඒවගේම එහෙම කරන apps තියෙනවා නම් අදාළ permission ඉවත් කරන්න හෝ app එක ම uninstall කරන්න ඔබට පුළුවන්. ඒත් Android 11හෝ ඊට පහළ උපාංග භාවිත කරන බොහෝ දෙනකුට මේ පහසුකම ලැබෙන්නෙ නෑ. දැන් අපි හැමෝට ම මේ privacy ආරක්ෂක ක්‍රමවේදය භාවිත කරන්න Privacy Dashboard app එක හරහා පහසුකම් සලසනවා. සම්පුර්ණයෙන් ම නොමිලේ ලබාදෙන මේ යෙදුම බොහෝ දුරකට Android 12 ඔස්සෙ ලබා දෙන පහසුකමට සමාන යි.

Privacy රැකගන්න සහාය වෙන Privacy Dashboard – www.howtogeek.com

 

ඕනෙම Image එකක resolution වැඩි කරන Upscaler 

අපි සමහර වෙලාවට Wallpaper එකක් දාන්න එහෙම නැති නම් වෙනත් මොකක් ම හෝ වැඩකට download කරන imagesවල quality එක අඩු වෙච්ච අවස්ථාව ඕනෑතරම් තියෙනවා. එහෙම images Photoshop වැනි මෘදුකාංගයක් හරහා හදාගන්න යම් මට්ටමක editing skills ඕනෙ වෙනවා. ඊට අමතර ව ලොකු වෙලාවකුත් යනවා. නිකන්ම image එක resized කළවිට quality එක අඩු වෙන්න හෝ pixelate වෙන්නත් ඉඩ තියෙනවා. මේ ප්‍රශ්න ඔක්කොට ම විසඳුම් Upscaler app එක ලබා දෙනවා.

ඔබට කරන්න තියෙන්නෙ අදාළ image එක මේ වෙත ඇතුළත් කරන එක විතරයි. මේක ඇතුළත භාවිත වෙන්නේ Porcaro කියලා විශේෂ algorithm එකක්. ඒ ඔස්සේ image එකට හානියක් නොවෙන්න යම් මට්ට්මකින් resolution ගැටලුවට විසඳුම් ලබා දෙනවා. හැබැයි මතක තියාගන්න මේක image enhance කරන app එකක් නෙමෙයි. මොකද මේ හරහා image එකට අමතර කිසිම දෙයක් ඇතුළත් වෙන්නෙ නෑ. ඔබ ලබාදෙන image එකම resolution සහ quality එක යම් මට්ටමකින් වැඩිකිරීම් පමණයි කරන්නෙ. මේ app එකත් නොමිලේ ම ඔබට ලබාගන්න පුළුවන්.

ඕනම Image එකක resolution වැඩි කරන Upscaler (play.google.com)

 

දවසේ කාලගුණ වාර්තාව අකුරට

අවුරුදු කිහිපයක් තිස්සෙ ම පෞද්ගලික ව භාවිත කරන Trusted Weather app එකක් විදිහට Today Weather app එකට recommendation එකක් දෙන්න මට පුළුවන්.  Download මිලියනයකට වඩා වැඩි ප්‍රමාණයක් සහිත මේ app එක ලෝකය පුරා ම භාවිත වෙනවා. සරල UI එක සහ එක මූලාශ්‍රයකට කොටු නොවී මූලාශ්‍ර විශාල ප්‍රමාණයක් වෙත එකම app එකෙන් පිවිස ඔබ ඉන්න ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය දැනගන්න මේ හරහා පුළුවන්. උෂ්ණත්වය සුළං තත්වයන් වැනිදේ වගේ ම වලාකුළු තත්ත්වයන් පවා හඳුනා ගන්න ඉතා ම හොඳ කාලගුණ රේඩාර් ක්‍රමවේදයක් මෙහි භාවිත වෙනවා. premium quality එකක් සහිත මේ weather app එක සම්පුර්ණයෙන් ම නොමිලේ ඔබට download කරගන්න හැකියාව තියෙනවා.

 දවසේ කාලගුණ වාර්තාව අකුරට දෙන Today Weather app(play.google.com)

 

Multi Tasking අලුත් කරන Panels 

ජංගම දුරකථන තමන්ගේ Primary Device එක විදිහට භාවිත කරන ගොඩ දෙනකුට මේ app එක ගොඩක් වටින බව විශ්වාසයි. එකම screen එක, වැඩ කිහිපයක් වෙනුවෙන් බෙදා ගන්න මේ හරහා පුළුවන්. එක finger slide එකකින් ඔබ කැමති ම app එකක්, website එකක්, නිතර නිතර ඕන වෙන settingsවල option එකක් වගේ දේවල් හරිම ලේසියෙන් screen එකේ තියාගන්න මේ app එකට පුළුවන්. එතනිනුත් එහාට ගිහින් ඔබ කැමති නම් floating widgets වගේ දේවල් වුණත් ඔබ කැමති app එකක හෝ website එකක හදා ගන්න මේ app එක ඔබට සහාය දෙනවා. ඊටත් වඩා ඔබේ නිවසේ smart technology භාවිත වෙනවා නම් ඒ උපාංගත් මේ හා සම්බන්ධ කරන්න පුළුවන් වෙනවා.

 Multi Tasking අලුත් කරන Panels (play.google.com)

කවරයේ ඡායාරූපය: www.christianmingle.com 

මූලාශ්‍ර:

Play.google.com

Youtube.com

Related Articles