Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාර්තුවේ ඔබට අත්හදා බැලිය හැකි Android apps

Android දුරකථනයක් පාවිච්චි කරන ඔබට ටිකක් වෙනස් විදිහක අත්දැකීමක් ගන්න පුළුවන් වෙන ඇප්ස් කිහිපයක් ගැන තමයි අද ලිපියෙන් කතා වෙන්නේ. සාමාන්‍ය එදිනෙදා වැඩවලදී වගේ ම ඔබ ටිකක් advanced විදිහට phone එක පාවිච්චි කරන කෙනෙක් නම් අද ලිපිය ගොඩක් වැදගත් වේවි කියන එක විශ්වාසයි.

අද ලබා දෙන appsවලින් බොහොමයක් වගේ සම්පුර්ණයෙන් ම නොමිලේ download කරගන්න පුළුවන්. සමහර apps Play Store එකෙන් සහ තවත් සමහරක් අදාළ වෙබ් අඩවිවලින් හොයාගන්න පුළුවන්.

1. ADB commands වැඩ පහසු කරන LADB app

ඔබ සාමාන්‍ය දුරකථන පරිශීලකයකුගෙන් වෙනස් වෙන advanced android user කෙනෙක් නම් ඔබට තමයි tool  එක ගොඩක් වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් එදිනෙදා  විවිධාකාර අත්හදාබැලීම් වගේ දේවල් කරන්න ඔබ කැමති නම් මේ tool එක ගොඩක් වැදගත් වෙන බව අපට විශ්වාසයි. LADB තමයි මේ tool එකෙ නම. සාමාන්‍යයෙන් මුලින් කිව්වා වගේ ඔබ advanced android user කෙනෙක් නම් අනිවායර්යෙන් ම දවසක ADB commands පාවිච්චි කරන්නම වෙනවා. හැබැයි සාමාන්‍යයෙන් මේකට ඔබට අනිවාර්යෙන් ම පරිගණකයක සහාය ඕනේ වෙනවා.

ඒවගේම මේක ටිකක් කරදරකාරී ක්‍රියාවලියක්. හැබැයි ඒ කරදරෙන් සම්පුර්ණයෙන් ම වගේ මිදෙන්න ඔබට මේ tool එකෙන් අවස්ථාව ලැබෙනවා. ADB commands පරිගණකයක් නැතුව phone එකේ ම run කරන්න දැන් ඔබට පුළුවන්. ඒවගේම අවශ්‍යනම් ඔබේ දුරකථනයේ තියෙන bloatware වගේ දේවල් කිසිම ගැටලුවකින් තොරව ඉවත් කරගන්න දැන් ඔබට පුළුවන්. මේ app එක නම් නොමිලේ ගන්න හැකි වෙන්නේ නැහැ. Google Play Store හරහා අමෙරිකානු ඩොලර්ස් 3ක් වගේ මුදලකට මේක මිලදී ගන්න පුළුවන්

 LADB app – Youtube.com 

 

2. ලේසියෙන් Files share කරන්න rDrop 

rDrop කියන්නේ සාමාන්‍ය app එකක් නෙමෙයි. මේක web app එකක්. මේක හරහා ඔබට කිසිම ගැටලුවකින් තොරව ඔබගේ files තවත් device එකකට share කරගන්න පුළුවන්. කිසිම third party app එකක් අවශ්‍ය වෙන්නේ නැහැ.හරිම ලේසියෙන් ඔබට QR code එකක් generate කරලා අනෙක් device එකෙන් ඒක scan කරලා ඔබට files එහා මෙහා යවන්න පුළුවන්.

හරිම ලේසියෙන් https://rdrop.link/ වෙබ් අඩවියෙන් මේ සේවාව ලබා ගන්න පුළුවන්. 100%ක් නොමිලේ තමයි දැනට මේ සේවාව ක්‍රියාත්මක වෙන්නේ. ඔබ යවන files කිසිම එකක් කිසිම විදිහකට compressed වෙන්නෙත් නැහැ. ඒවගේම ඔබට file එක යවන්න ඕනේ කෙනා ළඟ නැතිනම් link එකක් හරහා අදාළ file එක download කරගන්න ඒ කෙනාට යවන්න ඔබට මේ සේවාව එක්ක පුළුවන් වෙනවා. ඔබ කැමති නම් මේ වෙබ් එක shortcut එකක් විදිහට ඔබගේ home screen එකේ දාගත්තොත් app එකක අත්දැකීම ම මේ හරහා ගන්න පුළුවන් වෙනවා. 

 rDrop file share – rdrop.link

3. Phone එක ආරක්ෂා කරන Radius Locker

ඔබට නිතර ම phone එක lock කරන්න අමතක වෙනවද? ඔබටත් වෙන අය ඔබ ළඟ තියෙන phone එක අරගෙන එක එක දේවල්  කරලා අපහසුතාවට පත් වෙන්න වෙලා තියෙනවද? මෙන්න මේ ගැටලු ඔක්කොටම හොඳ ම විසඳුම තමයි Radius Locker කියනේ. ඔබ ළඟ තියෙන Bluetooth device එකක් එක්ක මේක connect කරලා තිබ්බහම. ඔබ ඒක අරගෙන phone එකෙන් දුරට යනකොට ඉබේ ම device එක lock වෙන්න මේ හරහා settings හදන්න පුළුවන්. ආයේ unlock කරගන්න ඔබ ඒ වෙත ලබාදෙන pin එක password, හෝ pattern එක අත්‍යවශ්‍ය වෙනවා. ඒවගේම මේ app එක සම්පුර්ණයෙන් ම නොමිලේ ඔබට download කරගන්න පුළුවන්.

 RadiusLocker: Secure your data – play.google.com

 

4. හොඳ ම Music app එකක් වෙන Pulse Music

Pulse Music කියන්නේ නොමිලේ download කරන්න පුළුවන් Offline Music Player එකක්. මේක සම්පුර්ණයෙන් ම open source app එකක්. දැනට මේ app එක Playstore එකෙන් ගන්න පුළුවන් කමක් නැහැ.

හැබැයි කිසිම add එකක් හෝ tracking method එකක් භාවිත නොවෙන දුරකථනයට වැඩි බරක් නැති, unique සහ clean UI එකක් තියෙන Music App එකක් ඔබ හොයනවා නම් Pulse Music කියන්නේ හොඳ තෝරා ගැනීමක්. මේ app එක මෙතනින් නොමිලේ download කරගන්න පුළුවන්.

 Pulse Music app – -droid.org

 

5. Play store නැති apps හොයාගන්න F droid

F Droid කියන්නේ Play Store එකේ නැති apps බොහොමයක් සම්පුර්ණයෙන් ම නොමිලේ Download කරගන්න පහසුකම ලබාදෙන Third party app store එකක්. ඔබට මේ app store එක ඔබගේ android phone එකට install කරගන්න සම්පුර්ණයෙන් ම නොමිලේ  පුළුවන්කමක් ලැබෙනවා. https://f-droid.org/ වෙබ් අඩවියට යන්න විතරයි ඔයාට තියෙන්නේ. හැබැයි කියන්නම ඕනේ මේකේ UI එක නම් ටිකක් පරණ පාටයි. හැබැයි එහෙමයි කියලා මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනවලින් නම් කිසිම අඩුවක් වෙන්නේ නැති බව මට විශ්වාස යි.

වැඩ වැඩි Apps store එක – f-droid.org

 

6. වෙනස් ම Youtube අත්දැකීමක් ගන්න NewPipe 

සම්පුර්ණයෙන් ම නොමිලේ YouTube Premium පහසුකම් අත්විඳින්න ටිකක් වෙනස් UI එකක් එක්ක NewPipe කියන්නේ එකට හොඳම විසඳුම. https://newpipe.net/ වෙබ් අඩවියෙන් සම්පුර්ණයෙන් ම නොමිලේ download කරගන්න පුළුවන් light weight ඇප් එකක් තමයි මේක. කිසිම ගැටලුවකින් තොරව ඕනෑම android දුරකථනයක මේක භාවිත කරන්න පුළුවන්. සාමාන්‍ය Youtube එකේ දකින්න ලැබෙන ads මේකෙදි නම් කිසිම විදිහකට ඔබට පෙනෙන්නේ නැහැ.

වෙනස් ම Youtube අත්දැකීම – Youtube.com

 

7. හොඳ ම Third party app store එක apkpure

සමහර වෙලාවට අපිට Play store එකෙන් ගන්න appsවල bugs වගේ දේවල් හම්බවෙනවා. හැබැයි Play store එකෙන් නම් ඔබට කිසිම විදිහකට පරණ version එකකට downgrade වෙන්න ඉඩක් ලබා දෙන්නේ නැහැ.

https://m.apkpure.com/ කියන්නේ මෙන්න මේවගේ වෙලාවට ඔබගේ සහායට එන තවත් Third party app store එකක්. මේකෙන් සම්පුර්ණයෙන් ම නොමිලේ ඕනෑම app එකක් download කරගන්න ඔබට පුළුවන් වෙනවා.

 Third party app store එක – apkpure.com

කවරයේ ඡායාරූපය - Youtube.com/SamBeckman 

මූලාශ්‍ර:

f-droid.org

play.google.com

Youtube.com

Related Articles