Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැමරා 5ක් ගෙන එන නවතම LG දුරකථනය

LG සමාගමේ නවතම ස්මාර්ට් දුරකථන තරගකරු V40 ThinkQ දුරකථනය පසුගිය දා එළි දැක්වුණා. ගෙවුණු කාලය තුළ නව දුරකථනවල කැමරාවේ upgrades අපිට දකින්නට ලැබුණත් කැමරා සංඛ්‍යාව බොහොමයක තිබුණේ 3ක් ලෙස යි. ඒ, ඉදිරිපස එකක් හා පසුපස දෙකක් ලෙස යි. නමුත් LG සමාගම සම්ප්‍රදාය වෙනස් කරමින් පසුපසට කැමරා 3ක් සහ ඉදිරිපසට කැමරා 2ක් එක් කර තිබෙනවා. පෙනුමෙන් ඊට පෙර ආ G7 දුරකථනයට ම සමාන නමුත්, කතාබහට ලක් කළ හැකි විශේෂාංග රැසක් මෙය ගෙන එනවා.

බාහිර පෙනුම

ඉදිරිපස හා පසුපස වීදුරුවලින් හා දාරය ඇලුමිනියම්වලින් නිර්මිත යි (9to5google.com)

තිරය මෙන්ම සිව් කොණ රවුම් කරන ලද පෙනුමැති V40 දුරකථනයේ ඉදිරිපස මුළුමුනින් ම පාහේ තිරය වෙනුවෙන් වෙන් වන අතර, notch එක මත කැමරා දෙක සහ ඉදිරිපස ස්පීකරය අඩංගු කරගන්නවා. වම් පස දාරයෙහි ශබ්ද පාලක බොත්තම් සහ Google assistant පණ ගැන්වීමට අමතර බොත්තමකිනුත්, දකුණු පස දාරයේ power button එක හා ඊට පහළින් SIM හා Memory card tray එක දකින්නට ලැබෙනවා. දුරකථනයේ ඉහළ පස මයික්‍රොෆෝන සිදුරකුත්, පහළ පැත්තෙහි අද කාලයේ වඳ වී යමින් පවතින 3.5mm audio jack එක, තවත් මයික්‍රොෆෝන සිදුරක්, USB 3.1 Type-C port එකක් හා දකුණු පසට වන්නට ස්පීකරය තිබෙනවා.

දුරකථනය පසුපස ඇස් තුනක් ඇති රාක්ෂයෙක් සිහිගන්වන්නේ එය සතු කැමරා තුන යි. එම පේළියේ ම දකුණු පසින් ෆ්ලෑෂරයත්, ඇඟිලි සලකුණු සංවේදකය පහළ මැදින් සහ ඉන් අනතුරුව දුරකථනයේ නම V40 ThinQ, හා පහළට ආසන්නයේ නිෂ්පාදක ආයතන ලාංඡනය LG යන්න දක්වා තිබෙනවා. දුරකථනය කළු (Aurora Black) සහ නිල් (Moroccan Blue) ලෙස වර්ණ මාදිලි දෙකකින් යුතු යි.

තිරය

වසරේ සුපුරුදු notch එක ඇති POLED තිරය (mshcdn.com)

මේ දුරකථනයේ ද LG සමාගමේ P-OLED තාක්ෂණය අඩංගු කර තිබෙනවා. වීදුරු වෙනුවට අඩු පිරිවැයකින්, පහසුවෙන් හා වැඩි තුනී බවකින් යුතු ව සැකසිය හැකි ප්ලාස්ටික් යොදා එය සකසා තිබෙනවා. අඟල් 6.4ක මෙම තිරය Always On සහ OLEDවල සාමාන්‍ය හැකියාවක් වන බැටරි බලය ද ඉතිරි කර දෙන කළු පැහැය දක්වද්දී තිරය සම්පූර්ණයෙන් නිවීයාම සිදුකරන අතර, ඉන් වඩාත් දීප්තියකින් යුත් දසුන් ගෙන එනවා. ඉහළින් ඇති notch එක අවශ්‍ය විට කළු දාරයකින් සඟවා ගැනීමේ හැකියාව තිබෙන නිසා එය ගැටලුවක් වන්නේ නැහැ. තිරය වටා දාරයන් ඉතා තුනී නිසා මුහුණතෙහි සම්පූර්ණ ප්‍රදේශය ම හොඳින් තිරය වෙත ලැබී තිබෙනවා. අනිකුත් දාරවලට සාපේක්ෂ ව යට දාරය මහත නමුත් අනෙක් දුරකථනවලට සාපේක්ෂ ව එය බොහොම තුනී යි.

කැමරා පහ

දකුණු පස ප්‍රධාන කැමරාව, මැද Wide angle, සහ වම් පස telephoto කාචය (cbsistatic.com)

පිටතට මහත් නෙරායාමක් නොමැති ව පසුපස කැමරා තුන් කට්ටුව රැඳෙනවා. ඒවායෙන් දෙකක් 12 MP වන අතර අනෙක 16 MP වනවා. ෆ්ලෑෂරය ආසන්නයේ ම ඇති කැමරාව ප්‍රධාන කැමරාව යි. 12MP කැමරාවක් වන එහි G7 දුරකථනයට වඩා 40%ක් විශාලැති පික්සල අඩංගු වෙනවා. එසේ ම එහි aperture එක f/1.5 ක්, අංශක 78ක දර්ශන පරාසයක්, අක්ෂ 3ක OIS ද තිබෙනවා.

වැඩිදුර කියැවීමට: Aperture කියන්නේ මොකක්ද?

මැද ඇති කැමරාව මෙගා පික්සල් 16ක wide කැමරාවක්. එහි අංශක 107ක දැකුම් පරාසයක් ඇති f/1.9 කාචයක්. ඉන්පසු ව ඇත්තේ අනෙකුත් දුරකථනවල ගැඹුර හඳුනාගන්නට යොදාගත් telephoto කාචය යි. එය f/2.4 වූ අංශක 4‍7ක දර්ශන පරාසයක් ඇති කාචයක් වන අතර, දෙගුණයක optical zoom ගෙන එනවා.

තිරයේ ඉහළින් කැමරා තුනෙහි ම live previews දක්වන ආකාරය (wcontest.com)

ඡායාරූපයක් ගැනීමේ දී කැමරා තුනට ම පෙනෙන දසුන් එකවර තිරය මත දැකගන්නට පුළුවන්. ඒ අනුව අවස්ථානුකූල ව අවශ්‍ය කැමරාව පාවිච්චි කළ හැකියි. නැතහොත්, Triple shot mode එකෙහි දී ඡායාරූප තුනෙන් ම එකවර ඡායාරූපය ගෙන, අවශ්‍ය එක තෝරාගැනීම හෝ තුන ම එක් කොට, දුර සිට ළඟට යන්නාක් මෙන් (වීඩියෝ එකක් වැනි) ඇනිමේෂන් එකක් සකසා ගැනීම කළ හැකියි.

ඉදිරිපස ප්‍රධාන කැමරාව 8 MP වන අතර, අනෙක ඊට වඩා මඳක් wide ඡායාරූප ගන්නා 5MP කැමරාවක්.

පද්ධති ගුණාංග

නවතම දෘඪාංග සමග වැඩි වේගයක් (vox-cdn.com)

නවතම Qualcomm Snapdragon 845 ප්‍රොසෙසරය ගෙන එන මේ දුරකථනය Adreno 630 GPU එකක් ද සමග හොඳ ක්‍රියාකාරී වේගයක් දරනවා. ගිගාබයිට් 6ක් තරම් ඉහළ අගයක RAM එකක් සමග එය Android 8.1 Oreo ධාවනය කරනවා. Android 9.0 Pie ලැබෙන කාල වකවානුවක් ඔවුන් නිසි ව දක්වා නැතත් LG සමාගම ඇරඹි Software upgrade අංශය හරහා එය වේගවත් ව ලැබෙනු ඇතැ යි සිතිය හැකියි. අභ්‍යන්තර ව ධාරිතාව 64GB වන අතර, Memory card ද දැමීමේ හැකියාව තිබෙන නිසා තවත් එය වර්ධනය කරගත හැකියි. කැමරාව සඳහා ද AI (කෘත්‍රීම බුද්ධිය) ඇති නිසා ඡායාරූපයේ ඇති දෑ හඳුනාගෙන වැඩි සහායයක් ලබාදෙන්නට එය සූදානම්.

Boombox ස්පීකර් තාක්ෂණය හරහා ඇමතුම් ගැනීමේ ස්පීකරය ද ගීතවල ශබ්ද සඳහා සහාය වෙනවා. DTS:X 3D තාක්ෂණය නිසා හෙඩ්සෙට් එකක් පැළඳි විට ත්‍රිමාණ ව ශබ්ද රසවිඳින්නට අවස්ථාව සැලසෙනවා. බැටරිය 3300mAh වූ ලිතියම්-පොලිමර්වලින් සැකසූවක්. Note 9 තරම් නොවූවත් G7 දුරකථනයට වඩා දිනක් තුළ භාවිතයට ප්‍රමාණවත් ජවයක් එය ගෙන එනවා. දුරකථනයේ බර ග්‍රෑම් 169ක් සහ ඝනකම මිලිමීටර් 7.6ක් වනවා.

අනෙකුත් විශේෂාංග

දුරකථනයේ 3.5mm audio jack එක, USB Type-C පෝට් එක සහිත පහළ දාරය (digitaltrends.com)

LG V40 දුරකථනයේ තිරය Corning Gorilla Glass 5 මඟින් ආරක්ෂිත යි. LG සමාගමට ආවේණික LG-UX 7.0 අතුරුමුහුණත මෙහි අඩංගු වන අතර, Bluetooth 5.0 සහ NFC ද ගෙන එනවා. ඡායාරූප ගැනීමේ දී දුරකථනය සතු color spectrum සංවේදකය හරහා වර්ණ තුලනය සිදුකෙරෙන අතර, වෙනත් සුපුරුදු සංවේදක ලෙස ත්වරණමානය (accelerometer), gyro, proximity, මාලිමාව, වායු පීඩනමාපනය ද අඩංගු යි.

ගලවා ඉවත්කළ නොහැකි බැටරිය Quick Charge 3.0 සමග පැය බාගයකින් පමණ (විනාඩි 36කින්) 50%ක් දක්වා ආරෝපණ මට්ටමකට වේගවත් ව ළඟා වෙනවා. රැහැන් රහිත ආරෝපණ හැකියාව ද තිබීම වාසි සහගත යි. දුරකථන නිමැවුමෙහි ඉදිරිපස හා පසුපස දෙක ම වීදුරුවලින් හා දාරය ඇලුමිනියම්වලින් සකසා තිබීම වැඩි පෙනුමක්, සවිමත් බවක් ඊට ගෙන එනවා.

 

කවරයේ ඡායාරූපය: epimg.net

Related Articles