Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගුවන් යානයක කොටස් හඳුනාගනිමු

සති ගණනක සමහරවිට දින ගණනක ගමනක් පැය ගණනකින් නිමා කිරීමට හැකි වීම අප ප්‍රවාහන ක්ෂේත්‍රයය තුළ ලැබූ විශාල ජයග්‍රහණයක් වනවා.ඒ වැනි තාක්ෂණික විප්ලවයක් පිටුපස එයට ම ආවේණික වූ විවිධ නිර්මාණයන් රාශියක් පවතිනවා. ගුවන් යානයක් යනු එවැනි නිර්මාණ අතරින් විශිෂ්ඨ නිර්මාණයක් ලෙස අපට හඳුනාගත හැකි නිර්මාණයක්.මේ ලිපියෙන් අප ඔබට තොරතුරු ඉදිරිපත් කරන්න යන්නේ ඒ ගුවන් යානයේ ඇති කොටස් කිහිපයක් පිළිබඳවයි.

ගුවන් යානයේ රාමුව

මෙය සරලව ගත් විට ගුවන් යානයේ සියලුම කොටස් අන්තර්ගතව පවතින දිගු සිලින්ඩරාකාර කුහරය ලෙස සරලව හඳුන්වා දිය හැකි වනවා. මෙම රාමුව මෙලෙස නිම කිරීමට හේතුව වී තිබෙන්නේ ගුවන් යානය මගින් ඇති කරනු ලබන බර හෙවත් පොළොවේ ගුරුත්වාකර්ෂණය මගින් ගුවන් යානය මත ඇති කරනු ලබන බලය අඩු කිරීමටයි. බොහොමයක් ගුවන් යානා වල රාමුව අදාල යානාවේ කාර්යය මත වෙනස් වෙනවා. සුපර්සොනික් ගුවන්යානා වල පවතින්නේ ඉතාමත් සිහින් අනාකුලිත (මෝර  මත්ස්‍ය ශරීරයක් මෙන්) රාමුවක් වන අතර එයට හේතු වී ඇත්තේ ඒවා ඉතාමත් වේගවත් යානා වන නිසයි. සාමාන්‍ය ගුවන් යානාවල තරමක් පළල් Fuselage එකක් ඇති අතර එයට හේතුව ගෙන යන මගීන් සංඛ්‍යාව වැඩි නිසයි.

ගුවන් යානාවක Cockpit එක එසේ නැත්නම් නියමු කුටිය පිහිටා ඇත්තේ මෙම Fuselage එකේ ඉදිරියෙනුයි. භාණ්ඩ හා මගීන් මෙහි පිටුපස ස්ථාන ගත කෙරෙනවා.නමුත් ප්‍රහාරක ගුවන් යානාවක නියමු කුටිය ඉහළින් පවතින අතර උණ්ඩ පියාපත් මත සවිකරනු ලබනවා. එන්ජිම හා තෙල් ගබඩා කර ඇත්තේ යානයේ පිටුපසට වෙන්නටයි.

ප්‍රථම A320NEO හි ගුවන් යානයේ රාමුව  Beluga වර්ගයේ ගුවන් යානයකට පටවන අවස්තාවක් – pinimg.com

නියමු කුටිය

සාමානයෙන් ගුවන් යානාවක නියමු කුටියක් තුළ තිබෙන අංග හා තාක්ෂණික කොටස් අදාල ගුවන් යානාවේ ඉලක්කගත අරමුණ හා නිෂ්පාදකයා මත තීරණය වෙනවා.මෙහි ඇති ආසන ඉතා කාර්යක්ෂම ලෙස හා සුව පහසු ලෙස නිර්මාණය කර ඇත්තේ දිගු ගමනකට පහසු වෙන ලෙසයි. තවද මෙහි ඇති තුන්වන ආසනය එසේ නැත්නම් ජම්ප් සීට් එක ලෙස හඳුන්වන ආසනයක් ද යුක්තවන අතර එය ආරාධිත පුද්ගලයන් හා අධීක්ෂණ කටයුතු වලට සහභාගී වන අය වෙනුවෙන් වෙන් කර තිබෙනවා. මෙහි ඇති තවත් අංගයක් වන්නේ Flight deck එකයි. මෙයට ප්‍රධාන නියමු පාලන තිර හා පාලන උපාංග අයත් වෙනවා.

බෝයින් 777 වර්ගයේ ගුවන් යානාවක නියමු කුටියක් – printrest

යානා තට්ටුව

මෙහි ඇති ප්‍රධානම උපාංගයක් වන්නේ Control column එකයි. අං දෙකක් වැනි උපකරණයක් වන මෙය වාහනයක ප්‍රධාන සුක්කානමකට සමාන වනවා. ගුවන් යානය පාලනයට මෙය යොදා ගනු ලබනවා.

යානය ඉහළ පහළ ගැනීම මෙම කොටස ඇදීම හා තද කිරීම මතද , වමට හා දකුණට හැරවීම එම කොටස ඇල කිරීම මත ද රඳා පවතිනවා.

රඩර් පෙඩල්ස් (Rudder pedals) මගින් කරනු ලබන ප්‍රධානම කාර්යය වන්නේ ගුවන් යානයේ අවර පෙත්ත හැසිරවීමයි.

තවද මෙම ෆ්ලයිට් ඩෙක් (flight deck) එක තුළ ඇති ඉන්ස්ටෘමනට් පැනල් (instrument panel) එක ගුවන් යානයේ ඇති වැදගත්ම කොටස වන අතර ඒ මගින් ගුවන් යානයේ ක්‍රියාකාරිත්වය හා තත්ත්වය පෙන්නුම් කරනු ලබනවා.

පෙඩෙස්ටල් (Pedestal) එක මගින් සිදුවන ප්‍රධානතම කාර්ය වන්නේ ඉන්ධන පාලනය හා එන්ජිමේ අනෙකුත් කොටස් පාලනය කිරීමයි.

Airbus A380 – 341 හී instrumental pannel එකක් – airliners.net

over head pannel මෙහි විවිධාකාර වූ කොටස් රාශියක් අයත් වෙනවා. නමුත් මේවා සෘජුව ගුවන් ගමනට අදාල නොවන අතර වායු සමීකරණ පාලනය, කැබින් එක තුළ පීඩනය පාලනය , ඔක්සිජන් පාලනය වැනි දෑ මෙයට අදාල වෙනවා.

A340 – 541 වර්ගයේ ගුවන් යානාවක overhead panel එකක් – airliners.net

එන්ජිම

ඕනෑම වාහනයක මෙන් ගුවන් යානයක ද එන්ජිමට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ප්‍රධාන වශයෙන් ගුවන් යානා එන්ජින් වර්ග තුනක් යටතේ පවතින අතර ඒවා නම් පිස්ටන් (Piston), ටර්බයින් (Turbine) හා ඉලෙක්ට්‍රික්(Electric) වශයෙනුයි.

මෙම එන්ජින් වල ක්‍රියාකාරිත්වය සරලව පහත ආකාරයෙන් පැහැදිලි කළ හැක.

ශ්‍රීමත් අයිසැක් නිව්ටන් [1642-1726] නම් ඉංග්‍රීසි ජාතික ගණිතඥයා විසින් 1687 දී චලිතය පිළිබද නියම තුනක් ලොවට  ඉදිරිපත්  කරන ලදී. ඔහු විසින් ඉදිරිපත් කළ තුන් වන නියමය නම් ”සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇත” යන්නයි. එම නියමය සනාථ කරමින්  එන්ජිමට ඉදිරිපසින් ඇති තලබඹරය ( මගින් අවට වායුගෝලීය වාතය එන්ජිම තුළට ඇදගනු ලබයි. ඉන් අනතුරුව ප්‍රාථමික  පීඩකය (Low Pressure Compressor)  හරහා ගමන් කර ද්විතීයික පීඩකය (High Pressure Compressor) හරහා ද ගමන් කිරීම මගින් තව දුරටත් අධි පීඩනයකට භාජනය වෙයි.

ඉන් අනතුරුව දහන කුටිරය තුළ දී  ඉන්ධන සමග එක් වීම නිසා තවදුරටත් අධි පිඩනයට පත් වූ වාතය නැවතත් පිළිවෙලින් ප්‍රාථමික, ද්විතීයික පීඩක හරහා ගමන් කර අධි පීඩනය යටතේ පිටාර දොරටුව හරහා නැවත වායු ගෝලයට එක්වෙයි. එලෙස රෝල්ස්රොයිස් සමාගම විසින් නිපදවා ඇති ”TRENT 900” එන්ජිම මගින් ඇතිකරන තෙරපුම 84,000 LBFපමණ වෙයි. එලෙස එන්ජිම මගින් ඇතිකරන තෙරපුමට ප්‍රති විරුද්ධව ලැබෙන බලය මගින් මෙවැනි එන්ජින් 4 කින් සමන්විත ටොන් 560 පමණ උපරිම බරකින් යුතු A380 ගුවන් යානය දල වශයෙන් පැයට කිලෝමීටර 280 පමණ වේගයකින්  උඩු ගුවනට ගෙනයයි.  එලෙසම ජෙට් එන්ජිම  බ්‍රෙටන් චක්‍රය නම්  මූලධර්මය මත ක්‍රියාකරන එන්ජිමක් ලෙසද අර්ථ දක්වයි. බ්‍රෙටන් චක්‍රය යනු විවෘත පද්ධතියක ක්‍රියාකරන නියත පීඩන චක්‍රයකි. ඇමෙරිකානු ඉංජිනේරුවරයෙකු වූ ජෝජ් බ්‍රේටන්ට් (1830 – 1892) මෙම මුලධර්මය ඉදිරිපත් කරන ලදී. එමගින් ජෙට් එන්ජිම තුළින් ගමන් කරන තරල ධාරාවෙහි ස්වභාවය විශ්ලේෂණය කරයි.

Airbus A320-232  වර්ගයේ ගුවන් යානා එන්ජිමක් – Pinterest

ගුවන් යානා වල රෝද

ප්‍රධාන වශයෙන්ම ගුවන් යානයක් ගුවන් ගත කිරීමේදී හා ගුවන් යානයක් පොළොවට පතිත කිරීමේදී මෙම කොටස විශේෂයෙන් වැදගත් වේ. මෙම landing gear ප්‍රධාන වශයෙන් එය නිර්මාණය කර ඇති ආකාරය අනුව වර්ග තුනකින් දැක්විය හැකි වනවා.

1.Tailwheel ආකාරයේ  ගුවන් යානා රෝද

මෙය සම්ප්‍රදායික එසේ නොමැති නම් පැරණිතම ක්‍රමය ලෙස හඳුන්වා දිය හැකි අතර ගුවන් යානයේ ගුරුත්ව කේන්ද්‍රයට ඉදිරියෙන් ප්‍රධාන රෝද දෙක පිහිටා ඇති අතර අනෙක් රෝදය යානයේ පිටුපස පිහිටා ඇත.

2. Tandem ආකාරයේ ගුවන් යානා රෝද

ගුවන් යානා කිහිපයක මේ ක්‍රමය අඩංගු වනවා. නමින් ම ගම්‍ය වෙන ආකාරයට මේ ආකාරයේ Landing Gear වල ඇත්තේ ප්‍රධාන ගියරය හා පසුපස ගියරය පමණක් වන අතර එය දිග අතට අක්ෂ ගත වන ලෙස හෙවත් අන්වයාම අක්ෂයේ ස්ථාන ගත කර තිබෙනවා. මෙය බොහෝ විට යුද්ධ ගුවන් යානා වල දක්නට ලැබෙනවා.

3. Tricycle ආකාරයේ ගුවන් යානා රෝද

ප්‍රධාන වශයෙන් මෙම ක්‍රමය පොදු ක්‍රමය ලෙස සලකනු ලබන අතර මෙයට ප්‍රධාන ගියරය හා ඉදිරිපසින් ඇති ගියරයක් අන්තර්ගත වෙනවා.

මෙයට අමතරව පහත ආකාරවලටද මෙම landing gear වර්ග කරනු ලබනවා.

Fixed සහ Retractable ආකාරයේ ගුවන් යානා රෝද

කම්පන වාරක (Shock absorbing) සහ කම්පන අවාරක (Non Shock absorbing) ආකාරයේ ගුවන් යානා රෝද වශයෙනි. මීට අමතරව තවත් වර්ගීකරණයන් රැසකට මෙම landing gear වර්ග කිරීමේ හැකියාවක් පවතිනවා.

A 380  වර්ගයේ ගුවන් යානාවක landing gear එකක් -.wolfgang-schlegel.eu

පියාපත්

තටු මගින් පියාසැරීමේදී එසවීම සහ සුළංධාරා පාලනය කිරීම සිදු වෙනවා. තටු නිර්මාණය කිරීම ගුවන් තාක්ෂණයේදී ඉතාම තීරණාත්මක සාධකයක්. තටු නිර්මාණය කෙරෙන්නේ  ඉදිරිපස මුහුණතේ ප්‍රතිරෝධය අඩුවීම, මධ්‍යයෙන් එසවීම සහ පසුපස මුහුණතෙන් වායුධාරා පාලනය වීම සිදු වන පරිදියි. එසේම යානය පාවී යන විට (උදාහරණයක් ලෙස ඇන්ජිමේ බලයක් නොයෙදෙමින්) තටු මගින් යානය පහතට බෑමේ වේගය අඩු වැඩි කිරීමේ හැකියාවද මෙමගින් ගුවන් නියමුවාට ලබා දෙනවා. තවද ඔබ බොහෝ විට නොදන්නවා වූවාට ඉන්ධන ටැංකි බොහොමයක් යානා වල ස්ථාන ගත කර ඇත්තේ මෙම පියාපත් වලයි.

A380 වර්ගයේ ගුවන් යානාවක පියාපතක් – i.ytimg.com

පාර්ශවික සමබරතා පාලකය

ගුවන් යානාවේ පියාපත් පිටුපස සම්බන්ධ කර ඇති පාර්ශවික සමබරතාව පාලනය කිරීම සඳහා යොදා ඇති පියාපත් යුගලය අයිලරන් (Aileron) නමින් හැදින්වේ. මෙය මඟින් අසමමිතික නැග්ම සහ බැස්ම පාලනය කිරීම මඟින් යානාවේ දිශානතිය පියාසැරියේදි සීරුමාරු කිරීම සිදුකරයි. මෙම පාර්ශවික සමබරතා තටු ගුවන් යා⁣නාවේ පියාසර තටු පිටුපසට සවි කර ඇත. මෙම තටු අසමමිතික ලෙස ක්‍රියාකරවිය හැක. වම් තටුව පහත් කරන විට දකුණ උස් කිරීම මෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ චලනයද සිදු කළ හැකිය. එමඟින් යානාවෙ දිශාව දකුණට හෝ වමට මාරු කිරීම හෝ වෙනස් කිරීම සිදු කරයි.

A380 වර්ගයේ ගුවන් යානාවක Aileron එකක් -i.stack.imgur.com

ගුවන් යානයක වලිගය හෙවත් පිටුපස පියාපත

ගුවන් යානයක පිටුපස පියාපත empennage, stabilizer වැනි නම් වලින් ද හඳුන්වනු ලබනවා. Stabilizer හෙවත් ස්ථායිකාරකය ලෙස හැඳින්වීම සිදු වුවත් මෙය හුදෙක් ගුවන්යානය සමබර කිරීම පමණක් නොව ගුවන් යානයේ පාලනය කිරීමට ද යොදා ගනු ලබනවා.සාමාන්‍යයෙන් ගුවන් යානයක විවිධ හැඩයන්ගෙන් යුතු පිටුපස පියාපත් භාවිතා වන අතර ඒවා ගුවන් යානා වල කාර්ය මත වෙනස් වෙනවා.T-tail, cruciform-tail, dual-tail, triple-tail, V-tail, inverted V-tail, inverted Y-tail, twin-tail, boom-tail, high boom-tail, and multiple-plane tail යනු එවැනි ඒවායින් කිහිපයකි.

ගුවන් යානයේ පිටුපස තටු වර්ග – what-when-how.com

ගුවන් යානා ලෝහ වලින් නිපදවත් ගුවන් යානා වලට අකුණු අනතුරු සිදුවන්නේ නෑ.මෙතැනින් ඔබට අප එය එසේ සිදුවන්නේ කෙසේද යන්න ගෙන මීට කලින් වතාවක කළ වීඩියෝවෙන් නැරඹිය හැකි අතර ඊට අමතර ව ඔබ දන්නා තවත් ගුවන් යානයේ මෙවැනි කොටස් ගැන තොරතුරු අපත් සමඟ බෙදා ගන්න අමතක කරන්න එපා.

කවරයේ ඡායාරූපය: fly-news.es

Related Articles