Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Pixel 4 Face Unlockහි ආරක්ෂණ අවදානමක්?

පසුගිය දිනෙක Google සමාගම ඔවුන්ගේ දෘඩාංග හඳුන්වාදීමේ අවස්ථාවේ දී නවතම උපාංගයන් ගණනාවක් හඳුන්වා දුන්නා. ඒ අතරට බොහෝ දෙනෙකු බලා සිටි Pixel 4 සහ Pixel 4 XL දුරකතනයන් දෙකත් ඇතළත් වුණා. බොහෝ දෙනෙක් පුදුමයට පත් වුනේ මේ දුරකථනය සතුව Fingerprint sensor එකක් නොමැති වීම නිසාවෙනුයි. 

විශාල sensors ප්‍රමාණයක් භාවිත කරමින් ඔවුන් වඩාත් ආරක්‍ෂිත face unlock තාක්ෂණයක් මේ දුරකතනයට ඇතුළත් කිරීම තාක්ෂණික ලෝකයේ කතාබහක් ඇති කරවන මාතෘකාවක් වුණා. විශේෂයෙන්ම Motion Sense පහසුකමක් මේ වෙත ඇතුළත් වන අතර, Pixel 4 ජංගම දුරකථනය අතට ගන්නා විට මේ Motion Sense හරහා Camera එක සහ Face unlock සඳහා වන අනෙකුත් sensors සූදානම් කරනු ලබනවා. 

Face ID setup කිරීම – Theverge.com

කොහොම නමුත් BBC හි වාර්තාකරුවෙකු වූ Chris Fox  සිදුකළ අනාවරණයක් සමගින් මේ ආරක්ෂණ ක්‍රමවේදයේ තිබෙන දුර්වලතාවයන් ගැන විශාල කතාබහක් ගොඩනැගුනා. මොහු සිදු කළ අනාවරණයෙන් පසුව හෙළි වුනේ පරිශීලකයා ඇස් වසාගෙන සිටිය ද දුරකථනය unlock කර ගැනීමට හැකියාව තිබෙන බව යි.  එම නිසා පරිශීලක දත්ත ආරක්ෂාව පිළිබඳව මතු වෙන්නේ විශාල ගැටළුවක්. උදාහරණයක් ලෙස දුරකතනයේ හිමිකරු නින්දේ සිටින විට දී වුවත් ඉතාම පහසුවෙන් දුරකථනය ඕනෑම අයෙකුට unlock කරගැනීමට හැකියාව මේ දුර්වලතාවය හරහා ලැබෙනවා. මේ පිළිබඳව google support page එකෙත් දැකගන්න පුළුවන්. ඔවුන්ට අනුව ඔබේ දුරකථනය ඕනෑම කෙනෙකුට ඔබේ මුහුණ වෙත ඇල්ලීමෙන් unlock කර ගැනීමට හැකියාව තිබෙනවා.එයින් ආරක්ෂා වීමට ඔබේ දුරකථනය ආරක්ෂිත ස්ථානයක, එනම් සාක්කුවක හෝ handbag එකක වැනි තැනක තබාගත යුතු වෙනවා. 

google support page මේ ගැන තිබෙන සටහන  

මෙය තරමක් හාස්‍යජනක සිදුවීමක් වෙන්නේ මෙතරම් දියුණු තාක්ෂණයක් හෝ sensors ගණනාවක්  භාවිත නොවුනත් Face unlock පහසුකම සහිත දුරකථන ගණනාවක් වෙත මෙවැනි ගැටළුවක් පැන නොනැගීම යි (Retinal scanner වැනි තාක්ෂණික ක්‍රමවේද ඒ වෙත භාවිත වීම ඊට ප්‍රධාන හේතුව යි). මේ තාක්ෂණයම භාවිතා කරන නව iPhopne මාදිලි  වෙතත් මෙවැනි ගැටළුවක් නොපැමිණීම මේ තත්ත්වය තවත් ප්‍රශ්නකාරී කරවනවා. iPhopne මාදිලි භාවිත කරන FaceID තාක්ෂණය ඔස්සේ දුරකථනය unlock වීමට නම් අදාළ පරිශීලකයා ගේ ඇස් විවරව තිබිය යුතුම යි. 

මෙවැනි දුර්වලතාවයක් තිබිය දී face unlock එක ප්‍රධාන unlock method එක බවට අපත් කර තිබීම, සහ එමඟින් බැංකු කටයුතු පවා approve කිරීමේ පහසුකම් ලබාදීම කොතරම් ආරක්ෂිත ද යන්න ගැටළු සහගත යි. මේ වෙද්දීත් Google සමාගම මේ වෙත විසඳුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. ඉදිරියේ දී Pixel 4 පරිශීලකයන්ට  “Require eyes to be open” යනුවෙන් සටහනක් ඔවුන්ගේ සෑම ෆේස් අන්ලොක් කිරීමක දීම දැකගන්නට ලැබේවි. නමුත් මේ software fix එක ලබන මාසය තෙක් ලබාදීමට ඔවුන්ට නොහැකි වනු ඇති බව යි දැනගන්නට ලැබෙන්නේ. එතෙක් පරිශීලක කැමැත්ත පරිදි Pin එකක් හෝ Pattern එකක් භාවිත කරන ලෙස ඔවුන් දැනුම් දෙනවා. 

On Screen Fingerprint තාක්ෂනය – theverge.com

 මේ මාසය තුළ ආරක්ෂණ ක්‍රමවේදයන් අසාර්ථකවීම් පිළිබඳව වාර්තා වූ තවත් දුරකථන මාදිලියක් ලෙස Samsung හඳුන්වන්න පුළුවන්. Samsung නවතම දුරකතනවල ආරක්ෂණ දුර්වලතාවයක් පසුගිය දිනෙක හඳුනාගනු ලැබුණා. On screen fingerprint sensor ඇතුලත් දුරකතන වෙත “gel cover”- tempered glass භාවිත කරන පරිශීලකයන්ගේ දුරකතන ඉතාම පහසුවෙන් ඕනෑම කෙනෙකුට finger print එක අසල swip කිරිමක් මඟින් unlock කිරීමේ හැකියාවක් පවතින බව thesun.co.uk වෙබ් අඩවිය අනාවරණය කළා. මේ ගැන අදහස් දක්වමින් Samsung සමාගම සඳහන් කර තිබුණේ ultrasonic fingerprint sensor එකට ඇඟිලි සලකුණු හඳුනාගැනීම සඳහා භාවිත කරන 3D patterns නිවැරදිව rednder කිරීමට gel cover එක නිසා නොහැකිවන බව යි. මේ සඳහා පිලියමක් ලෙස security update එකක් ඉතාම ඉක්මනින් ලබාදෙන බවත්, එතෙක් Galaxy S10, S10 Plus, and S10 5G වැනි දුරකථන භාවිත කරන පරිශීලකයන් “gel cover”- tempered glass ඉවත් කර නැවත fingerprint setup කරගන්නා ලෙස දැනුම් දෙනවා. 

මේ ගැටලුව On screen fingerprint තාක්ෂණය භාවිත වෙන අනෙක් දුරකතන වෙතත් බලපාන්න ඉඩ තිබෙනවා. මේ තාක්ෂණය ගැන වගේම, ඔබ පෞද්ගලිකව ඔබේ දුරකතනය unlock කරන්න භාවිත කරන ක්‍රමවේදයත්, ඊට විශේෂ හේතුවක් තිබේ නම එයත් පහළ comment section එකේ කියන්න අමතක කරන්න එපා. 

Cover-  androidpolice.com

මූලාශ්‍රයයන්: 

Theverge.com

Thenextweb.com 

Technews.lk 

Cnn.com 

Androidpolice.com 

Related Articles