Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Razerහි පරිගණක ක්‍රීඩා වලටම සැකසූ දුරකතනය

පරිගණක ක්‍රීඩා කරන්නට පරිගණකයක් වෙනුවට දුරකතනය භාවිතා කිරීම අද කාලේ ඉතාම සුලබ දෙයක්. ගෙදරට වෙලා වෙනම වෙලාව වෙන්කර ගෙන පරිගණකයෙන් ක්‍රීඩා කරනවාට වඩා ගමනක් යන අතරතුරදී වුණත් දුරකථන සාක්කුවෙන් එලියට අරගෙන ඇතිතරම් ක්‍රීඩා කරලා නැවතත් දමා ගන්නට පුළුවන්. නමුත් ඇති වී තිබෙන ගැටලුව නම්, පරිගණකය තරම් දුරකතනය ඉතා හොඳ ආකාරයේ පරිගණක ක්‍රීඩා කිරීම සඳහා හැකියාවන්ගෙන් මඳ වීම යි. අනෙක පරිගණකය, අපට අවශ්‍ය ඕනෑම ආකාරයේ දෘඪාංග යොදමින් සකසා ගැනීමේ හැකියාව ඇතත්, දුරකතනයකට එලෙස පසුකාලීනව විවිධ හාඩ්වෙයා එක් කිරීමේ හැකියාවක් නැහැ. වැඩතල පරිගණක වලින් ලැප්ටොප් වලට මාරු වීමේදී ද මේ ප්‍රශ්නයම පැන නැගුණා. ඒ අනුව මේ උදාවී තිබෙන්නේ ඔබේ අවශ්‍යතාවයන් ප්‍රථමයෙන්ම තීරණය කොට ඔබට අවශ්‍ය උපාංග මිලදී ගැනීමේ කාල වකවානුවකුයි. මෙය හරහා විවිධ ම පුළුල් පරාසයකින් යුත් මාදිලි වෙළඳපලට හඳුන්වා දෙමින් තමන්ගේ මඩිය තරකරගන්නට නිෂ්පාදකයන්ට අවස්ථාව ලැබෙනවා වගේම වැඩි තාක්ෂණික දැනුමකින් තොර වූ අයෙකුට වුවත් ඉතා පහසුවෙන් තමන්ට අවශ්‍ය උපාංග වෙළඳපොලෙන් තෝරා ගන්නට හැකියාව ලැබී තිබෙනවා.

මෙවන් තත්ත්වයක් යටතේ පරිගණක ක්‍රීඩා සඳහාම නිපදවන ලද දුරකතන වල අවශ්‍යතාවය පැන නැගී තිබූ අතර ඒ සඳහා විවිධ ආකාරයේ දුරකතන මාදිලි විවිධ නිෂ්පාදකයින් විසින් එළිදක්වනු ලැබුවා. මුල් කාලයේ නිපදවන ලද Sony Ericsson Xperia PLAY වැනි දුරකථන දැන් අවධානය යොමු කළේ දුරකතනයෙන් බාහිර පහසුකම් හරහා පරිගණක ක්‍රීඩා වලට අදාල controls ලබා දීම මිස හැකියාවන් වැඩි වර්ධනය කරන්නට නොවේ. කොහොමටත් එම කාලයට වඩා මේ වන විට පරිගණක ක්‍රීඩා වල තත්ත්වයද ඉහළ ගොස් ඇති නිසා ඒවාට අවශ්‍ය අවම හැකියාවන් ප්‍රමාණය ද ඉහළ ගොස් තිබෙනවා. එයට පිළිතුරක් තමයි බාහිරින් සාමාන්‍ය දුරකතනයක පෙනුමම තිබෙන, අභ්‍යන්තරික හැකියාවන්ගෙන් පරිපූර්ණ දුරකතනයක්. ගේමිං ලැප්ටොප්, මවුස්, කීබෝඩ් නිපදවන ආයතනයක් ලෙස නම් දරා සිටින Razer සමාගම, මෙවැනි නවමු දුරකතනයක් වෙළඳපොළට හඳුන්වාදීමට නියමිතයි.

අපූර්ව තිරයක්

pocket-lint.com

පරිගණක ක්‍රීඩාවකදී තත්පරයක වෙනසකදී පවා ඉතා විශාල අනර්ථයක් සිදු වන්නට පුළුවන්. මේ නිසා තිරය තුල සිදුවන සෑම දෙයක්ම කල්පනාකාරීව දැක ගැනීමට අවශ්‍ය වන අතර මේ සඳහා තිරයේ ඉතා හොඳ හැකියාවන්ගෙන් යුතු එකක් වීම බෙහෙවින් වැදගත් වෙනවා. ඕනෑම තිරයක ඇති රූප තත්පරයකට refresh වීමේ වාරගණන හර්ට්ස් (Hz) වලින් මනිනු ලබනවා. මෙහි වේගය මත තිරය මත දිස්වන දේවල් වල ස්වභාවය තීරණය වෙනවා. මෙහි හොඳ අත්දැකීමක් ලැබිය හැකි අවම මට්ටම ලෙස 60Hz දැක්විය හැකි අතර පරිගණක ක්‍රීඩා සඳහාම නිපදවනු ලබන පරිගණක තිර සඳහා 240Hz තරම් ඉහළ ගුණාත්මක බවකින් යුතු හැකියාවන් ලබාදී තිබෙනවා.

රේසර් දුරකතනය සඳහා යොදා ඇති අඟල් 5.72ක 1440×2560 තිර විභේදනයක් සහිත IGZO තිරයේ ද 120Hz තරම් මෙතෙක් කිසිදු ස්මාර්ට් දුරකතනයක තිබී නැති අති ඉහළ refesh rate එකක් තිබෙන නිසා පරිගණක ක්‍රීඩා සඳහා මෙන්ම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් ෆීඩ් එකේ ඉහළ පහළ යද්දී පවා වඩාත් හොඳ සුමට අත්දැකීමක් ලබා ගන්නට හැකියාව ලැබෙනවා. මෙම තිරයේ අර්ධ සන්නායක ලෙස භාවිතා කර ඇති ඉන්ඩියම් ගැලියම් සින්ක් ඔක්සයිඩ් යන සංයෝගයේ නම හරහා තමයි එයට IGZO යන නම ලබාදී ඇත්තේ. මෙහි සෑම පික්සලයකටම ට්‍රාන්සිස්ටරය බැගින් තිබෙනවා. මෙම සංයෝගය හරහා ඉතා වේගයෙන් ඉලෙක්ට්‍රෝන සන්නයනය වන නිසා ඉතා කුඩා ට්‍රාන්සිස්ටර යෙදීමට හැකිවී තිබෙන අතර දෙපස දාරය ද බෙහෙවින් අඩු කරලීමට හැකියාව ලැබෙනවා.

අභ්‍යන්තරික හැකියාවන්

techspot.com

අනුපමේය හැකියාවන්ගෙන් රේසර් දුරකතනයට පණ පොවන Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරය, 64GB අභ්‍යන්තර ධාරිතාව, සහ ගිගාබයිට් 8ක රැම් එක VR සහ AR පරිගණක ක්‍රීඩා සඳහා ද සූදානම් කරවමින් මේ දුරකතනය අනෙකුත් දුරකතනවල හැකියාවට මහත් ඔබ්බෙන් තබන්නට සමර්ථ වෙනවා. දුරකතනයේ ඉදිරිපස මුහුණතෙහි ඇති ස්පීකර Dolby Atmos තාක්ෂණයෙන් බලගන්වා තිබෙනවා.

rackcdn.com

පසුපස ද්විත්ව 12 MP කැමරා සහ 8MP ඉදිරිපස කැමරාව, පැත්තෙන් ඇඟිලි සලකුණු සංවේදකය, 2TB තරම් ඉහළ මතකපතක් වුව දැමිය හැකි microSD ස්ලොට් එක, 4000mAh බැටරිය සහ Qualcomm QuickCharge 4.0+ වේගවත් ආරෝපණ හැකියාව එහි හැකියාවන් තවත් ඉහළ දමනවා. වරක් ආරෝපණය කිරීමෙන් පසු මෙය පැය 12.5ක වීඩියෝ නැරඹීමකට, පැය 63.5ක ශ්‍රව්‍ය ධාවනයකට හෝ Hearthstone පරිගණක ක්‍රීඩාව පැය හතක් ක්‍රීඩා කරන්නට සවිබලය තිබෙනවා.

අඩුපාඩු නැත්තෙත් නැහැ

pocket-lint.com

මෙය සතුව USB Type-C ආකාරයේ නවතම ජැක් එකක් යොදා ඇති නමුත් 3.5mm හෙඩ්සෙට් ජැක් එකක් නැති නිසා ආරෝපණය කරන අතරතුර ගීත ශ්‍රවණය කරන්නට නම් ඇඩැප්ටරයක් ද එල්ලා ගන්නට වෙනවා. මෙය ක්‍රීඩාවන් සඳහා මූලික වශයෙන් භාවිත විය හැකි නිසා එක් පසෙකට මඳක් හෝ බරක් එක්වීම ක්‍රීඩාමය අත්දැකීමට බාධාවන් එල්ල කළ හැකියි. එසේම මෙහි රැහැන් රහිත ආරෝපණය කිරීම නොමැති නිසා අනිවාර්යයෙන්ම USB පෝට් එකම භාවිත කරන්නට සිදු වෙනවා. බිම වැටීමක් සිදු නොවූවත් මෙහි දාරවල ආලේපිත තීන්ත ඉතා පහසුවෙන් ගැලවී යන නිසා ඒවායේ නිමැවුම මෙයට වඩා හොඳින් සකසා තිබුණා නම් යහපත් බවයි මෙය භාවිත කළ විචාරකයන් පවසන්නේ. ඔවුන්ගේ දුරකතනයේ සතියක් ඉක්මවන්නටත් පෙර දාරයේ ආලේපනය ඉවත්ව තිබුණා. එසේම රේසර් දුරකථනය 8mmක මහතකින් යුක්තවීම නිසා අලංකාරවත් පෙනුමකට හිමිකම් නොකියන අතර අතේ තබාගෙන සිටීමේදී ද අපහසුතා ඇතිවිය හැකියි.

මෙම දුරකතනය නොවැම්බර් 17 වන දා වෙළඳපොළට එළි දැක්වීමට නියමිතයි.

මූලාශ්‍ර: pocket-lint.com, gsmarena.com

කවරයේ ඡායාරූපය: amazonaws.com

Related Articles