Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Razor සමාගමේ නවතම ගේමිං දුරකතනය: Razor Phone 2

ගේමිං උපාංග නිෂ්පාදනයට නම් දරන Razor සමාගම තම නව දුරකතනය වන Razor Phone 2 නිපදවා තිබෙනවා. ඔවුන් පෙර සැකසූ Phone 1 දුරකතනයට වඩා මෙහි මොනවගේ වෙනස්කම් කරලා ඇති ද? මේ ඒ ගැන සොයා බලන්නට වෙලාව යි.

බාහිර සැකැස්ම

පසෙකින් ඇති ඇඟිලි සලකුණු සංවේදකය (vox-cdn.com)

ඉදිරිපස මුහුණත මීට වසර තුනකට පමණ පෙර එළිදැක්වුණු දුරකතනයක මෙන් දැවැන්ත තිරයන් දෙකක් ඉහළින් හා පහළින් ඇති Razor Phone 2 උපාංගය විලාසිතාව වෙනුවෙන් සැකසූ සාම්ප්‍රදායික “දුරකතනයක්” නොව, ඉන් එහා වෙනත්ම මඟක යන “උපාංගයක්” බව ඉඟි කරනවා. තීරයන් දෙකම සම්පූර්ණයෙන්ම ස්පීකරයක් වන අතර ඉහළ කොටසේ කැමරා සහ සංවේදක විවර දෙකක් ඉතා විශාලව තිබෙනවා. ඉතිරි මැද කොටස Corning Gorilla Glass 5 වීදුරු ආරක්ෂණයෙන් යුතු නමුත් ඒ සම්පූර්ණ කොටසෙහිම තිරය විහිදෙන්නේ නැහැ.

දුරකතනයේ දකුණු පස දාරයේ Power බොත්තමත්, ඒ මතින්ම යෙදූ ඇඟිලි සලකුණු සංවේදකයත් තිබෙනවා. සාමාන්‍යයෙන් දුරකතන දාරයක ඇඟිලි සලකුණ තැබීම අපහසු යි. දැනට ඇති සෑම දුරකතනයක්ම පාහේ ඉතා තුනී නිසා ඇඟිල්ලේ වැඩි කොටසක් පරීක්ෂා කරන්නට ඒවාට නොහැකියි. නමුත් මෙහි 8.5mm තරම් ඝනකමක් ඇති නිසා ඒ ගැටළුව පහව යනවා. අනෙක් අතට, කොටු හැඩය සහ වැඩි ඝනකම සමග එය කළු පැහැති ගඩොලක් බඳු වෙනවා. වම් පස දාරයේ රවුම් ශබ්ද පාලක බොත්තම් දෙකක් වෙන වෙනම ඇති අතර ඊට ඉහළින් සිම්පතක් සහ මතකපතක් සහිත tray එක ඇතුළු වන තනි කවුළුවක් තිබෙනවා. දුරකතනයේ යට දාරයේ මැදින් USB-C පෝට් එකක් පමණක් තිබෙනවා. ඔව්, 3.5mm jack එක මෙහි ඇතුලත් කර නැහැ! ඒ සඳහා ඇඩැප්ටරයක් දුරකතනය සමගම ලැබෙනවා. ඒ ආසන්නයේ Designed by Razor, California ලෙස සඳහන් කර තිබෙනවා.

ලෝගෝවේ ආලෝක වර්ණය වෙනස් වෙනවා (pcmag.com)

දුරකතනය පසුපස ඉහළට ආසන්නයෙන් තිරස්ව කැමරා දෙක මැදින් ෆ්ලෑෂරය සහිත කොටස ඉදිරියට නෙරාවිත් තිබෙනවා. ඊට පහළින් Razor සමාගමේ ආවේණික ආලෝක වර්ණ ගැන්වීම් ගෙන එන Razor ලෝගෝව තිබෙනවා. මෙය අලංකාරය සඳහා පමණක් නොව Notifications පෙන්වීම සඳහා ඇප් වලට වෙන් වෙන් වශයෙන් අප විසින් ලබාදෙන වර්ණයක් දැල්වීමට සඳහා පාවිච්චි කළ හැකියි.‍ පසුපස දිලිසෙන (Mirror back) සහ රළු කරන ලද Rugged satin නමැති මාදිලි දෙකකින් මෙය එළි දක්වා තිබෙනවා

තිරය

Gaming වලට ගැලපෙන 120Hz තිරයක් (notebookcheck.com)

පැරණි දුරකතනයක මෙන් වීදුරුව කොටස වටා ද කළු පැහැති දාරයකින් යුත් අඟල් 5.7ක තිර විභේදනය 1440 x 2560 වූ LCD තිරයක් මෙය සතු යි. එහි IGZO හෙවත් ඉන්ඩියම්, ගැලියම්, සින්ක් සහ ඔක්සිජන් (ඔක්සයිඩ් ආකාරයෙන්) මූලද්‍රව්‍යයන්ගෙන් තැනූ ට්‍රාන්සිස්ටර් වලින් යුතු සැකැස්මක් තිබෙනවා. ඒ හරහා 580 nits අගයක දීප්තිමත් බවක් (පෙර දුරකතනයට වඩා 50%ක වැඩි වීමක්) සහ පුළුල් වර්ණ පරාසයක් තිරයට ලැබෙනවා. විශේෂම දේ, 120Hz අගයක refresh rate එකක් තිබීමයි. මේ නිසා UltraMotion තාක්ෂණය ද සමග සාමාන්‍ය දුරකතන තිරයකට වඩා සුමට දසුන් ලැබෙනවා.

මොබයිල් ගේම් සඳහා උපරිම තිර සහාය ලැබීම මෙහි විශේෂත්වයක්. මෙම refresh rate එක සඳහා ඇප්වලින් සහාය දැක්වීම ද අවශ්‍ය වෙනවා. Razer සමාගම විසින් ලබාදෙන Cortex නමැති App එක එවැනි ගේම් සොයාගැනීමටත්, Clock speed වෙනස් කරගන්නටත් සහාය වෙනවා. PUBG වැනි ගේම් එකක් සඳහා වැඩි frame rate එකක් ලබා ගන්නට නම් Resolution එක 1080p හෝ 720p තරම් අඩු කර ගත යුතු වෙනවා.

කැමරා

අඳුරේ ගන්නා ඡායාරූප ගැටළු සහිතයි (soyacincau.com)

ගේමිං දුරකතනයක් නමුත් හොඳ කැමරා යොදන්නට Razor සමාගම අමතක කර නැහැ. පසුපස කැමරා දෙකම 12MP වන අතර ප්‍රධාන කැමරාව සෙලවීම් වලට එරෙහිව ක්‍රියාකරන OIS තාක්ෂණයෙන් යුත් 1.75ක aperature එකක් සහිත Wide angle කැමරාවක්. අනෙක, f/2.6වූ telephoto lens එකක්. එමඟින් දෙගුණයක optical zoom කරන්නට පුළුවන්. අඳුරු අවස්ථාවල දී ඡායාරූප පැහැදිලි නොවීම සහ කැමරා app එක open වීමට කල් ගත වීම හැරුණු විට 4K ප්‍රමාණයේ වීඩියෝ ගැනීමේ හැකියාවෙන් ද සමන්විත යි.

ඉදිරිපස කැමරාව මෙගා පික්සල් 8ක f/2.0 කැමරාවක්. එය FHD හෙවත් 1080p video ගැනීමට සමත් වෙනවා.

අනෙකුත් විශේෂාංග

ඉදිරියට ඇති ස්පීකර් නිසා හොඳ ශබ්ද ප්‍රතිදානයක් තිබෙනවා (sagmart.com)

Clock speed එක 2.8GHzක් බවට පත් කළ Qualcomm Snapdragon 845 ප්‍රොසෙසරයක් සහ 8 GB RAM එකකින් හා Adreno 630 GPU එකක් මෙය සතු යි. දැනට Android 8.1 Oreo ධාවනය කරන Razor Phone 2 දුරකතනයට Android Pie ලැබීමට නියමිත යි. Vapor Chamber Cooling හෙවත් දුරකතනය පුරා පැතිරුණු තාප සන්නායකයක් භාවිතයෙන් උෂ්ණත්ව සමනය කරන නිසා තනි ප්‍රදේශයක් පමණක් රත්වීමේ ගැටළුව මඟ හැරී වැඩි කාලයක් රත් නොවී පාවිච්චි කරන්නට හැකි වෙනවා. වයිෆයි a/b/g/n/ac තාක්ෂණයන්ට සහ 2.4GHz හා 5GHz ආකාර දෙකටම සහාය දක්වන අතර Bluetooth 5.0 සහ NFC අඩංගුයි. ඇප් ඩ්‍රෝවරය ලෙස ඇත්තේ Nova Launcher Prime යෙදුම යි.

Dolby 5.1 Atmos මෘදුකාංගයෙන් හා ඉදිරිපසට යොමු වුණු ස්පීකර නිසා වෙනත් දුරකතනවල මෙන් දෙපසට ශබ්දය යොමු නොවී ඍජු, සුමට ශබ්ද අත්දැකීමක් ලැබෙන්නේ වැඩි bass ප්‍රමාණයක් ද සමග යි. ඇඩැප්ටරය හරහා ඉයර්ෆෝන් සබඳාගත් විට 24-bit ශබ්ද මාධූර්යයක් අත්විඳින්නට පුළුවන්. අභ්‍යන්තර ධාරිතාව 64GB වූ තනි මාදිලියකින් එන මෙම දුරකතනය Memory card සඳහා ද සහාය දක්වන නිසා 512 GB දක්වා එය වැඩිකරගත හැකියි.

රැහැන් රහිත ආරෝපකය සතු ආලෝක රටා (vox-cdn.com)

IP67 අගයක් දරමින් දූවිලි වලට මෙන්ම ජලය තුළ මීටරයක් ගැඹුරෙහි විනාඩි 30ක් තරම් උපරිම කාලයකට ප්‍රතිරෝධීත්වයක් මෙය සතුයි. වයිෆයි හරහා 120Hz rate එකකින්, උපරිම Brightness සහිතව පැය 4ක් පමණ ධාවනය වන අතර තිරය 60Hz බවට පත් කළ විට ද පැය 4ක් පමණයි ලැබෙන්නේ. නමුත්, Quick Charge 4+ තාක්ෂණය සමග වේගවත් ආරෝපණ හැකියාවක් මෙන්ම රැහැන් රහිතව වුවත් වේගවත්ව ආරෝපණය කරන්නටත් හැකිවීම පෙර දුරකතනයට වඩා හැකියාවන් Razor සමාගම තම නව නිෂ්පාදනයට ගෙනැවිත් තිබෙනවා.

කවරය: 91mobiles.com

Related Articles