Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Laptop ලෝකයේ නවතම පෙරළිකාරයා: ZenBook Pro Duo

කාලයෙන් කාලයට තාක්ෂණික ලෝකයේ සිදුවන විවිධ නව්‍යකරණයන් පෙරළියන් අපට දැකගන්න ලැබෙනවා. මේ කියන්න යන්නේ තාක්ෂණික ලෝකය තුල විශාල පියවරක් තබමින් විශාල කතාබහක් ඇති කරන්න සමත් වූ උපාංග කිහිපයක් පිළිබඳවයි. මේ උපාංග නිෂ්පාදනය කරන්නේ ලොව සුප්‍රකට සමාගමක් වූ Asus සමාගමයි. තාක්ෂණික ලෝකය වෙත නිරන්තරයෙන් නව්‍යතාවයන්ගෙන් පිරි උපාංග හඳුන්වාදෙන සමාගමක් ලෙස ලෝකය තුල සුප්‍රකට මේ සමාගමේ නවතම Laptop මාදිලි පිළිබඳවයි මේ ලිපිය ඔස්සේ කතාබහ කෙරෙන්නේ.

පරිගණකය අද වෙද්දී මිනිසාගේ දෛනික දින චරියාවට නැතිවම බැරි උපාංගයක් බවට පත්වෙලා අවසානයි. Desktop, Laptop, Palmtop, Super Computers වගේ විවිධ කාර්යන් වෙත කාර්ය විශේෂීකරණය වූ පරිගණක කාණ්ඩයන් ගණනාවක් අද වෙද්දී දැක ගන්න පුළුවන්. වර්ෂ 1981 දී පමණ අතේ ගෙනයා හැකි පරිගණක වෙත මොනිටරයක් එකතු වුණා අද මේ පවතින මට්ටමට ලැප්ටොප් පරිණාමනය වෙන්නේ ඊටත් වසර ගණනාවකට පසුවයි.

2018 වසරේ මෙලෙස සිදුවූ ලැප්ටොප් පරිණාමයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන්න Asus සමාගමට හැකි වුණා. ඒ ඔවුන්ගේ ZenBook Pro UX580 මාදිලියේ ලැප්ටොප් වෙත ප්‍රධාන 4K LCD Display එකට අමතරව තවත් අඟල් 5.5 FHD display එකක් ඇතුලත් කිරීම සමගයි. මෙය සාමාන්‍ය laptop පරිගණකයක කාර්යභාරයට අමතරව මේ “ScreenPad” එක පරිශීලකයාට මුලික බහුකාර්ය ක්‍රියාවලීන් (multitasking) වගේම විවිධ මෘදුකාංග හසුරවන්නත් පහසුකම ලබාදුන්නා. ඊට අමතරව තවත් අපුර්ව විශේෂාංග ගණනාවකින් සපිරි මේ laptop එක ලොව පුරා පරිශීලකයන් අතර අතිශය ජනප්‍රිය වුණා. කොහොම වුනත් ඒ “ScreenPad” එක ප්‍රමාණයෙන් තරමක් කුඩා නිසා සිදු කළ හැකි ක්‍රියාවලි යම් තරමක් දුරට සීමා වුණා.

Laptop ලොවේ පෙරළිකාරයා ZenBook Pro Duo 

නව්‍යතාවයන්ගෙන් සපිරි ZenBook Pro Duo 

2019 වසරේ ඒ කියන්නේ පසුගිය වසරේ අවසාන භාගයේදී Asus සමාගම තවත් නව්‍යතාවයන් ගෙන් සපිරි laptop පරිගණක මාදිලි කිහිපයක් එළිදක්වන්න සුදානම් වෙන බවට තාක්ෂණික ලෝකයේ කතා බහක් පැතිර ගියා. ඔවුන් මේ  සුදානම් වෙන්නේ කුමන ආකාරයක පෙරළියක් සිදු කරන්නදැයි තාක්ෂණික ලෝකයම පසු වුයේ ඉතාම කුතුහලයකින්. සමස්ත තාක්ෂණික ලෝකයම පුදුමයට පත් කරමින් ZenBook Pro Duo (UX581) ඔවුන් එළිදක්වන්න කටයුතු කරනවා. අඟල් 15.6ක 4K OLED touchscreen එකක් එහි ප්‍රධාන display එක ලෙස ඇතුලත් වෙනවා. ඊට අමතරව, අපූරු අඟල් 14ක 4K  “ScreenPad Plus” එකකින් එය සමන්විතයි.  පසුගිය දශක කිහිපය තුළ ලැප්ටොප් වෙත සිදුවූ අපූර්වතම නව්‍යකරණය ලෙස ඔවුන් මෙය සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවන බව සඳහන් කරන්නම ඕනේ. ඩෙස්ක්ටොප් පරිගණක භාවිතා කරද්දී බොහෝ විට විවිධ වෘතිකයින් තවත් Monitor එකක් Secondary Display ලෙස භාවිත කිරීම සුලබව සිදුවෙනවා. නමුත් මේ නව ZenBook Pro Duo පරිගණකයේ “ScreenPad Plus” හරහා එවැනි Secondary Display එකක් භාවිත කිරීමේ අවශ්‍යතාව සාර්ථකව සපිරෙනවා. 

මේ විශේෂ ScreenPad Plus එක Adobe Premiere Pro, Photoshop, 3D නිර්මාණ මෘදුකාංග භාවිත කරන්නත් වෙත වගේම මෘදුකාංග නිර්මාණ ශිල්පීන්ටත් අතිශයන්ම යෝග්‍ය ලෙස නිර්මාණය වෙලා තිබෙනවා. ඊට අමතරව, තවත් අමතර display එකක අවශ්‍යතාවය සහිත ඕනෑම කෙනෙකුට මේ ඔස්සේ වැඩ කටයුතු සිදු කරගන්න හැකියාව තිබෙනවා. 

මෙහි ප්‍රධාන Display එක ඉතාම අනර්ඝව නිර්මාණය කරන්න Asus සමාගම සමත් වෙලා තියෙනවා. ඒවගේම අඟල් 15.6ක් වූ මේ තිරය අතිශය නිරවද්‍යව DCI-P3 වර්ණ පරාසයන් දර්ශනය කරන බවට Pantone සහතිකය ලබා තිබෙනවා වගේම, VESA DisplayHDR හි True Black 500 සහතික කිරීමකුත් සහිතයි. මේ OLED display එක අංශක 178ක පුළුල්  view angle එකක් සහිතයි. ඒ නිසාවෙන් මෙය සතුව 100,000: 1 ක ඉතා හොඳ contrast පරාසයක් තිබෙනවා.මෙහි දෙවන තිරය එහෙම නැති නම් ScreenPad Plus එක 4K UHD IPS LCD display එකක්. Apps කිහිපයක එකවර වැඩ කිරීමට පහසුකම මේ හරහා ඔබට ලැබෙනවා. ඒවගේම ඇසට සහ ප්‍රධාන තිරයේ දර්ශනය වෙන දෙයට බාධා නොවන ලෙස Matte look එකක් ඒ වෙත ලබා දෙන්න Asus සමාගම කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව මේ display දෙක සමගම වැඩ කරන්න මේ පරිගණකයටම ආවේණික විශේෂ මෘදුකාංග ගණනාවක් මෙහි අන්තර්ගත වෙනවා.  

මේ ZenBook Pro Duo (UX581) laptop පරිගණකය බල ගැන්වෙන්නේ දැනට පවතින බලවත්ම සකසනයක් වන 9th Generation, 8-Core Intel Core i9-9980K processor එකකින්. වගේම නවතම Nvidia GeForce RTX 2060 graphics සහ 6GB ධාරිතාවක් සහිත GDDR6 SDRAM එකකිනුත් සමන්විතයි. ඊට අමතරව, මෙයට 2666MHz වේගයක් සහිත 32GB RAM එකකුත් තිබෙනවා. මේ පරිගණකය වෙත 1TB PCIe 3.0 x4 SSD එකක් අන්තර්ගත වෙනවා. එහි උපරිම දත්ත හුවමාරු වේගය තත්පරයට 3.2GBක් බවයි සඳහන් වෙන්නේ. ඊට අමතරව මේ වෙත Wi-Fi 6, Bluetooth 5.0 වැනි අති නවීනතම සන්නිවේදන ක්‍රමවේදයන් අන්තර්ගත වෙනවා. 

Heat වෙනවද?

පරිගණකයක්, විශේෂයෙන් laptop පරිගණකයක් විශේෂිත ක්‍රියාවලි වෙනුවෙන් තෝරාගැනීමේදී බොහෝ දෙනෙක් එහි උෂ්ණත්ව පාලන පද්ධතිය ගැන බොහෝ සැලකිලිමත් වෙනවා. විශේෂයෙන් 4K සහිත Display දෙකක් වගේම ඉතාම බලවත් සැකසුම් පද්ධතියක් ක්‍රියාත්මක වෙන නිසාම මෙය උණුසුම් වීම පිළිබඳව ඔබට ගැටළුවක් ඇති. නමුත් ඒ වෙත විශේෂ අවධානයක් යොදන්න සමාගම කටයුතු කරලා තිබෙනවා. “Cool-Air express system” නම් විශේෂිත සිසිලන පද්ධතියක් මේ වෙත ඇතුලත් කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ වෙත CPU සහ GPU ආවරණය වන පරිදි විශේෂිත heat pipes 4ක් සහ 12V Cooling Fans දෙකක් ඇතුලත්.  ඒවගේම ඔබ පරිගණකයේ තරමක් විශාල කටයුත්තක් සිදු කරනවා නම් ඒ වෙනුවෙන්ම සැකසුනු Turbo Cooling ක්‍රමයක්ද තිබෙනවා. ඔබට එය ඒ වෙනුවෙන්ම වෙන්වුණු බොත්තමකින් (Turbo Fan hotkey) ක්‍රියාත්මක කරවන්න හැකියාව තිබෙනවා. 

Cool-Air express system එක සහ Turbo Fan hotkey

තවත් සුවිශේෂී වෙන්නට හේතු

Multi-function touchpad – මේ නව පරිගණකය තවත් සුවිශේෂී වන්නට හේතු ගණනාවක් තිබෙනවා.   ඒ අතරට multi-function touchpad එක ඇතුලත් නොකරම බැහැ. Laptop එකක අත්‍යවශ්‍යම Touchpad එක ලෙස වගේම numeric KeyPad එක ලෙසත් ක්‍රියාත්මක විය හැකි ලෙස නිමවා ඇති multi-function touchpad එක LED පැනලයක් මගින් ආලෝකමත් වෙනවා. අවශ්‍ය විට ආලෝකය අඩු වැඩි කිරීමේ සිට තවත් විශේෂාංග රාශියක් මේ තුල ඇතුලත් වෙනවා. 

Audio System – මෙහි ඇති තවත් සුවිශේෂීත්වයක් වෙන්නේ සුපැහැදිලි ලෙස ශබ්දයන්ට හා සංගීතයට සවන්දිය හැකි ලෙස නිමවා ඇති විශිෂ්ට ගණයේ Audio System එකයි. Harmon Kardon Certification එක සහිතවයි මේ Audio System එක ක්‍රියාත්මක වෙන්නේ. 

Alexa Light Bar – Alexa කෘත්‍රීම බුද්ධි සහයකයා (virtual assistant) වෙත සංවේදී ආලෝක පද්ධතියක් ඔබට මේ පරිගණකයේ යට කොටසෙහි දැකගන්නට පුළුවන්.  ඔබ Alexa භාවිතා කරනවා නම් මේ සමග ඔබට අපූර්ව අත්දැකීමක් ඔබට ලබා ගන්නට හැකියාව තිබෙනවා. 

IR Camera සමග Windows Hello Login – අඳුරේ වුවත් ඔබේ මුහුණ හඳුනා ගනිමින් (facial recognition) Log වීමට ඉඩ සලසන නවතම HD IR camera පද්ධතියක් මෙහි ඇතුලත් වෙනවා. Windows Hello තාක්ෂණය සමග මේ පද්ධතිය ක්‍රියාත්මක වීම සිදු වෙනවා. 

විශේෂ වන්නට හේතු 

නිමාව 

ඉතාම උසස් තත්වයේ නිමාවක් සහිත මේ ලැප්ටොප්ය එතරම් සැහැල්ලු එකක් නම් නොවන බව කියන්න ඕනේ. කිලෝග්‍රෑම් 2.5 ක පමණ බරකින් යුතු මේ පරිගණකය “desktop replacement” එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. අනෙක් ZenBook පරිගණකවල මෙන්ම මෙහිත් බාහිර සහ අභ්‍යන්තර සැකැස්ම ලෝහ බහුලව යොදාගෙන තමයි නිර්මාණය වෙන්නේ. නමුත් මෙහි අනෙක් ZenBook වලින් විශේෂ බාහිර අනන්‍ය සංකේතයක් ලෙස Asus සලකුණ මධ්‍යගතව පවතින්නේ නම් නැහැ. එනිසාවෙන් මෙය අනෙක් ZenBook අතරින් ඉතා ඉක්මනින් හඳුනාගන්නට පුළුවන්.  ඒවගේම මෙයට නවතම Celestial Blue වර්ණයත් ඇතුලත් කර තිබීම මගින් මෙය දැකුම්කළු නිමාවක් දෙන්න නිර්මාණකරුවන්ට හැකිවෙලා තිබෙනවා. 

මේ ZenBook Pro Duo UX581 මාදිලියට අමතරව ZenBook Pro Duo UX481 මාදිලියකුත් තිබෙනවා. එය බල ගැන්වෙන්නේ 10th-Gen Intel Core i7 හෝ i5 Processor එකක් මගිනුයි. මේ පිළිබඳ සංසන්දනයන් පහත වගුවෙන් දැකගන්න ඔබට පුළුවන්.

ZenBook Pro Duo UX581 සහ ZenBook Pro Duo UX481 මාදිලි අතර වෙනස්කම් 

ගැටළු?

මේ ලිපිය ලියද්දි මේ උපාංගය භාවිත කරන්නත් අපිට අවස්තාව ලැබුණා. අපිට ගැටළු නම් හමු නොවුනු තරම්. කොහොම වුනත් මේ වෙනුවෙන් යෝජනා කිහිපයක් ඇතුලත් කරන්න අපි හිතුවා. 

  • ScreenPad Plus එක තරමක් දිග වුණානම් භාවිතයට තරමක් වැඩි පහසුවක් ලැබේවි කියලා අපිට හිතුණා.
  • මේ කාණ්ඩයේ අනෙක් ලැප්ටොප් සමග ගත විට ප්‍රමාණය අතින් වගේම බරිනුත් තරමක් වැඩියි. කොහොම වුණත් මේ උපාංගයේ අරමුණ desktop replacement laptop එකක් වීම නිසාවෙන් එය නම් එතරම් ගැටළුවක් නෙමෙයි.
  • යතුරු පුවරුව තිබෙන ස්ථානය තරමක් නුහුරු බව නිසා ඒ වෙනුවෙන්ම හුරුවෙන්නත් අපිට සිදුවුණා. හැබැයි ඔබ මේ laptop එක මිලදී ගන්නවා නම් ඒ හුරුවීම අතිශය වැදගත් වේවි.

Asus Zenbook 13/14/15  

Asus සමාගමේ Asus Zenbook 13/14/15  මාදිලි එම කාණ්ඩයේ තිබෙන අනෙක් laptop සමග සංසන්දනය කරද්දී ඉතාම අනර්ඝ උපාංගයන් බව කියන්නම ඕනේ. ඵලදායිතාව අතින් ගත්තත් උපරිම තලයක තිබෙන උපාංග ලෙස  ZenBook 13 (UX333), ZenBook 14 (UX433) සහ  ZenBook 15 (UX533) හඳුන්වන්න පුළුවන්. Windows Hello සමගින් Facial recognition පහසුකමත් මේ පරිගණක වෙත ඇතුලත් වෙනවා. මේ උපාංග තුනෙන් ම විශේෂ ScreenPad එකක නවමු අත්දැකීම විඳගන්න ඔබට හැකියාව තිබෙනවා. ඉතාම හොඳ තත්වයේ නිමාවක් සහිතවයි මේ උපාංග නිර්මාණය වී තිබෙන්නේ. 

 

Related Articles