Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Samsungහි ෆ්ලිප් කළ හැකි W2018 දුරකතනය

සැම්සන්ග් සමාගම ස්මාර්ට් දුරකතන කලාවේ ඇන්ඩ්‍රොයිඩ් මාදිලියෙන් ඉදිරියෙන් ම ඉන්න සමාගමක්. මේ කාලය ‘ස්මාර්ට් දුරකතන යුගය’ හෙවත් බොත්තම් අවම ආකාරයේ මුහුණත පුරාම තිරය තිබෙන ආකාරයේ දුරකතන කියලා අර්ථ දක්වන්න අපි කැමති වුණත්, තවමත් පරණ කීපෑඩ් දුරකතනවලට පෙම් බඳින පිරිසක් ඉන්නවා. නිෂ්පාදන සමාගමක් වුණාම ඒ හැම කෙනෙක්ගේ ම සිත් සනහන එක සහ ඒ අයත් තමන්ගේම පාරිභෝගිකයන් බවට පත් කර ගැනීමට ව්‍යාපාරික ලෝකය තුළ අගනා උපක්‍රම යොදා ගැනෙනවා.

එහි තවත් උදාහරණයක් වශයෙන් පසුගිය දෙසැම්බර් පළමුවැනි සිකුරාදා සැම්සන්ග් විසින් ඔවුන්ගේ නවතම Flip දුරකතනය හඳුන්වා දුන්නා.

ගිය අවුරුද්දේ W2017

digit.in

ස්පර්ශක තිර සහිත ෆ්ලිප් ෆෝන් හැදිල්ල සැම්සන්ග් සමාගමට අලුත් දෙයක් නොවෙයි. පසුගිය අවුරුද්දේ එළි දැක්වූ අඟල් 4.2ක පික්සල් 1920×1080 තිර විභේදනයක් ඇති තිර දෙකකින් (ඉන් එකක් Super AMOLED තිරයක්) සමන්විත දුරකතනය 4GB RAM එකක් සහ 64GBක අභ්‍යන්තර ධාරිතාවයකින් යුතු වූවා. Galaxy S7 දුරකතනයේ ද භාවිතා වූ Snapdragon 820 ප්‍රොසෙසරයම යොදා තිබූ මෙය, හකුළා තැබූ විට බොහෝ දුරට එම දුරකතනයේ විලාසයම ගත්තේ පසුපස ඇඟිලි සලකුණු ස්පර්ශකය ද තිබූ නිසායි. දිග හැරීමෙන් පසු යට කොටසෙහි අංක මත පදනම්වූ යතුරු පුවරුව, සහ ඉපැරණි දුරකතනවල ආකාරයේම බොත්තම් වලින් සමන්විත වූයේ ඉදිරිපස 5MP සහ පසුපස 12MP කැමරාවලට ද හිමිකම් කියමින්.

W2018 චීනයට

xda-developers

සැම්සන්ග්හි ෆ්ලිප් ෆෝන් කලාවට වසර 10ක් සහ චීන වෙළඳපොළට අවතීර්ණ වී විසිපස් වසරක් ගතවන අවස්ථාවේ දී චීන වෙළඳපොළට ඉදිරිපත් කරන ලද W2018 දුරකතනය ටච් ස්ක්‍රීන් එකක් අවශ්‍ය නමුත් ඉස්සර වගේම අහක බලාගෙන SMS ගහන හැකියාවෙන් යුතු අයට කියාපු දුරකතනයක්. China Telecomහි “Heart Of The World” නමැති පුණ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් ම මෙය සකසා තිබෙනවා. ලෝහ සහ වීදුරු වලින් නිමවා ඇති මෙය සවි ශක්තිය අතින් ද ඉතා ඉහළ ස්ථානයක සිටින අතර 132.2 x 63.2mm පරිමාවක් සහ ග්‍රෑම් 247ක බරකින් යුතු වෙනවා. ඒ කියන්නේ 155g වූ Galaxy S8 සහ 195g වූ Galaxy Note 8 දුරකතනවලටත් වඩා බරින් වැඩියි.

xda-developers

මෙම දුරකතනය වසා ඇති අවස්ථාවේ දී පෙනෙන්නේ සාමාන්‍ය ස්මාර්ට් දුරකතනයක් වශයෙන් ම වන අතර ඒ ආකාරයෙන් ම භාවිත කිරීමේ හැකියාව ද තිබෙනවා. මෙය ෆ්ලිප් කිරීමෙන් පසු එම ඉදිරිපසට තිබූ තිරය පසුපසට ගොස්, යට කොටසේ ඉලක්කම් සහිත බොත්තම් ද සහිතව තවත් තිරයක් ඉහළට ලැබෙනවා. එනම්, දුරකතනයේ ඉහළ කොටස දෙපසෙහි ම තිරයන් දෙකක් තිබෙනවා. යට කොටසේ බොත්තම් සහ එහි පසුපස කැමරාව, ඇඟිලි සලකුණු සංවේදකය ආදී සැම්සන්ග් ස්මාර්ට් දුරකතනයක් පසුපස දැකිය හැකි දේ තිබෙනවා.

විශේෂාංග

xda-developers

මුහුණත පුරා තිරය සහිත දුරකතන කලාව හා පුරා පැමිණි නිසා ෆ්ලිප් දුරකතන වලටත් එවන් කාලයක් එළැඹෙන්නට ලබන වසර තෙක් යනු ඇතැයි අපේක්ෂා කරන්නට පුළුවන්. මන්ද, මෙම දුරකතනයේ ද ඔවුන් අඩංගු කර තිබෙන්නේ පසුගිය වසරේ තිබූ ප්‍රමාණයේම තිරයන් දෙකකුයි. ඒ, අඟල් 4.2 Full HD ඉදිරිපස තිරය සහ විවෘත කළ විට තිබෙන FHD AMOLED තිරය යි. නමුත් නවක සැම්සන්ග් දුරකතන පරම්පරව රජයන Snapdragon 835 ප්‍රොසෙසරයට 6GB රැම් ධාරිතාව ඉහළ සවිබලයක් එයට ලබා දෙනවා.

මෙවර යොදා තිබෙන්නේ ද පෙර වසරේම භාවිත වූ 2300mAhක බැටරි ධාරිතාවම වන නමුත්, ආරෝපක ජැක් එක microUSB සිට නවතම USB type-C ආකාරයේ එකකට මාරු කොට තිබෙනවා. දත්ත ගබඩා කිරීම සඳහා ද අභ්‍යන්තර ධාරිතාවන් 64GB සහ ඉතා විශාල අගයක 256GB වන මාදිලි දෙකක් වශයෙන් ලබා ගන්නට පුළුවන්. ද්විත්ව සිම් පහසුකම මෙන්ම ෆ්ලිප් ෆෝන් පරම්පරාවට මුල් වරට Bixby සහායකයා හඳුන්වාදීම පමණක් නොව ඒ වෙනුවෙන් ම විශේෂිත බොත්තමක් අඩංගු කිරීම මෙම දුරකතනයේ දක්නට ලැබෙනවා.

xda-developers

දුරකතනයේ අගුළු හැරීම සඳහා ඇසේ තාරා මණ්ඩල පරිලෝකන (Iris Scanning) හැකියාව මෙහි අඩංගු කර තිබෙන අතර ඒ සඳහා දුරකතනය ෆ්ලිප් කිරීමෙන් අනතුරුව දෑස ඉදිරිපස කැමරාවට යොමු කළ යුතුයි. තවමත් ඇන්ඩ්‍රොයිඩ් 7.1.1 Nougat වෙළුම ධාවනය වුවද ලබන වසරේදී එයට 8.0 Oreo ලැබීමට නියමිතයි.

ලොව වේගවත්ම දුරකතන කැමරා විවරය

කැමරා සංවේදකය සඳහා ආලෝක තත්ත්ව පාලනය කරනු ලබන විවරය (apperature) අඩු-වැඩි වීමේ වේගය ඡායාරූප ගැනීමේදී බෙහෙවින් වැදගත් වන සාධකයක්. මීට පෙර ලොව වේගවත්ම apperature එක සහිත ස්මාර්ට් දුරකතනයට හිමි වාර්තාවට හිමිකම් කී f/1.6 ලෙන්ස් එකක් සහිත LG V30 පරදවමින් W2018 දුරකතනය එම ස්ථානයට පත්ව තිබෙනවා. ඒ අනුව එය හුදෙක් 12MP කැමරාවක් ම නොව, ආලෝක තත්ත්වයට අනුකූලව f/1.5 සිට f/2.4 දක්වා ඉතාමත් වේගයෙන් මාරු විය හැකි එකක්. එමගින් ඡායාරූපයේ දීප්තිය මෙන්ම ගැඹුර හොඳින් සකසමින් ඡායාරූපකරණයේ නිරත වීමේ හැකියාව තිබෙනවා.

Nokia සමාගමේ N86 MP දුරකතනයෙන් පසු ප්‍රථම වරට මෙවන් විචල්‍ය විවරයක් අඩංගු කරන ලද ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකතනය බවට පත්වන මෙය සැම්සන්ග් සමාගම වැඩි වශයෙන් හුවා දක්වන එකක් බවට පත්වූයේ නැතත් එය ඉදිරියේදී අන්තර්ජාතික වෙළඳපොළට පැමිණෙන දුරකතනවල දැකගැනීමේ අපේක්ෂාවක් ඇති කර ගත හැකියි.

කවරයේ ඡායාරූපය: twimg.com

Related Articles