Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iPhone X දුරකථනයට වඩාත් සමාන ඇන්ඩ්‍රොයිඩ් දුරකථන 5ක්

ප්‍රධාන දුරකථන සමාගම් ලොවට නවමු ආකාරයේ තාක්ෂණික විලාසිතාවන් හඳුන්වාදෙන්නට උත්සාහ කළත්, ඒවා ලබා ගන්නට මුදල් නැති තෙවන ලෝකය වෙනුවෙන් රොබින් හුඩ් චරිතය රඟපාන තවත් දෙවන පෙළ සමාගම් රැසක් සිටිනවා. 2018 ලෝක මොබයිල් සමුළුවේදීත් ඉහළ පෙළේ සමාගම් ඉදිරියේම සිය අනුකරණ දුරකථන ඉදිරිපත් කරන්නට ඔවුන් පසුබට වුණේ නැහැ. මේ ගෙන එන්නේ ඒ අතර වූ, Apple iPhone X දුරකථනයට වඩාත් සමාන අඩු මිල ඇන්ඩ්‍රොයිඩ් දුරකථන කිහිපයක්.

Leagoo S9

vox-cdn.com

iPhone Xහි මෙන් තිරය ඉහළ නැවුම් දාරයක් ඇති ලොව ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය ලෙස තම නව දුරකථනය හඳුන්වාදෙන චීනයේ Leagoo සමාගම එය S9 ලෙස නම් කොට තිබෙනවා. අඟල් 5.85ක “HD+” IPS තිරයක්, සෝනි සමාගමේ නිෂ්පාදිත 13MP සහ 2MP පසුපස ද්විත්ව කැමරා, 1.5Ghz 8-core චිප්සෙට් එකක් සහ 4GB RAM ධාරිතාවක් ඇති මෙම දුරකථනයේ 3300mAh බැටරියක් තිබෙනවා.

තත්පර 0.1ක දී අගුළු හැරිය හැකි, මුහුණු සලකුණු හඳුනාගැනීමේ හැකියාවෙන් යුත් මේ දුරකථනයේ ඇඟිලි සලකුණු සංවේදකයක් ද පසුපස තිබෙනවා.

Noa N10

ytimg.com

ක්‍රෝෂියානු සමාගමක් වන Hangar18 විසින් හඳුන්වාදෙන Noa N10 ස්මාර්ට් දුරකථනය, අඟල් 5.8ක් වූ iPhone X දුරකථනය ද අභිබවමින් අඟල් 6.2ක තිරයක් සහිතව කරළියට පිවිසෙනවා.දුරකථන මුහුණතේ වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන මෙම තිරය ද iPhone X දුරකථනයේ මෙන්ම full high-definition වන අතර එහි ඉහළ කවාකාර කොටසකුත් තිබෙනවා. පසුපස ද්විත්ව කැමරා ඇති මෙහි හොඳ ඡායාරූප ගුණාත්මකභාවයක් ඇති අතර මුහුණු සලකුණු හඳුනාගැනීමේ හැකියාවෙන් ද යුතුයි. පුදුමය නම්, Apple සමාගම විසින්  ඔවුන්ගේ හැකියාව නම් කළ FaceID යන්න මොවුන් ද “Face ID” ලෙස ඔවුන්ගේ දුරකථනයට යොදා තිබීමයි. ඇන්ඩ්‍රොයිඩ් ධාවනය වන මෙම Noa N10 දුරකථනය වසරාවසානයේ දී වෙළඳපොළට හඳුන්වාදීමට නියමිතයි.

Blackview A30

gizchina.it

iPhone X ආකාරයේම දුරකථනයක් හඳුන්වාදෙන්නට Shenzhen Doke Electronics Co. ආයතනය බලාපොරොත්තු වෙනවා. තවමත් නිෂ්පාදනය අරඹා නැති මෙය මේ වසර අග භාගය වෙනුවෙන් වෙන්කොට තිබෙනවා.

MWC 2018 වෙත මෙය ගෙන එද්දීත් ඔවුන්ට පෙන්වීම සඳහා ක්‍රියාත්මක ආකෘතියක් තිබී නැහැ. ඒ නිසා එම දුරකථනය මතුපිට iPhoneහි home screen එක මුද්‍රණය කොට අලවා තිබුණා. අඩු බල දුරකථනවල පවා ධාවනය වන Android Go මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වීමට නියමිත මෙය $40 හෙවත් රුපියල් හත් දහසකට පමණ වෙළඳපොළට හඳුන්වාදෙන්නට නියමිතයි.

Doogee V5

චීනයේ Doogee කියන්නේ ඇපල් සමාගම අනුකරණය කරමින් තම දුරකථනය හැඩගන්වා ගත් තවත් සමාගමක්. ඔවුන්ගේ නවතම V5 දුරකථනය අඟල් 6.2ක තිරයක් ගෙන එන්නේ ඉහළ නැවුම් දාරයක් ද සමඟයි.අනුකරණය කෙසේ වුවත් Doogee සමාගමට ඔවුන්ගේ V5 දුරකථන තිරය තුළම ඇඟිලි සලකුණු සංවේදකය ඇතුලත් කරන්නට හැකියාව ලැබී තිබෙනවා. මේ නිසා එයට වෙනම ස්ථානයක යොදන්නට යන ඉඩකඩ ඉතිරිව ඇති අතර වැඩි තිර ප්‍රමාණයක් ලබන්නට එය හේතුවී තිබෙනවා. රැහැන් රහිත ආරෝපණ හැකියාවෙන් ද මේ දුරකථනය වර්තමාන දුරකථනයක් සතු සියළු හැකියාවන්ගෙන් යුතු එකක් බවට පත් වෙනවා. සමාගම තවමත් මෙයට මිලක් නියම කොට නැහැ.

Wiko View 2 Pro

techtoyreviews.com

මුහුණත iPhone X ලෙසම මේ දුරකථනය නොපෙනෙන්නේ එහි ඉහළ නැමුම iPhone X දුරකථනයට වඩා දිගින් අඩුවීම නිසායි. එම කොටස නම් බොහෝ දුරට Essential Phoneහි වගේම යි. මේ වසරේ පළමු කාර්තුවේ නිකුත් වීමට අපේක්ෂිත මෙම View 2 Pro දුරකථනය සතුව අඟල් 6ක IPS LCD තිරයක් තිබෙනවා.

නවතම Android 8.0 (Oreo) ධාවනය වන මෙහි Qualcomm Snapdragon 450 චිප්සෙට් එකක් සහ Adreno 506 GPU එකක්ද තිබෙනවා. අභ්‍යන්තර ධාරිතාව 64 GB සහ 4 GB වූ RAM අගය දුරකථනයට හොඳ අගයක් ලබා දෙන්නේ එය සතු 16 MP ද්විත්ව පසුපස කැමරාවන් සමගයි. එහි ඉදිරිපස කැමරාවත් මෙගා පික්සල් 16කින් යුතුයි. USB On-The-Go හැකියාවද ඇති මෙයට හයිබ්‍රිඩ් සිම් දෙකක් දැමිය හැකියි.

කවරයේ ඡායාරූපය: techadvisor.co.uk

Related Articles