Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 බලගන්වන Snapdragon 8 වැනි පරම්පරාව

Qualcomm සමාගම තම වාර්ෂික Snapdragon Tech Summit එකේදී ඔවුන්ගේ නවත ම Snapdragon 8 Gen 1 පිළිබඳ ව නිල වශයෙන් නිවේදනය කළා. මේ නවත ම chip එක එළඹෙන 2022 වසරේ බලවත් ම Flagship දුරකථන බලගන්වනු ඇති. පසුගිය වසරේ (2021) ඔවුන් එළිදැක්වූ Snapdragon 888 chip එක අතිශය සාර්ථකත්වයට පත්වුණා.

මේ වසරේ දී ඔවුන්ගේ සුපුරුදු අංක ත්‍රිත්වයකින් යුතු chip නාමය වෙනස් කිරීමට සමාගම තීරණය කර තිබෙනවා.  ඒ අනුවයි Snapdragon 889 වෙනුවට Snapdragon 8 Gen 1 හඳුන්වා දෙන්නේ. මින් ඉදිරියට මේ ලෙසින් දිගින් දිගට ම තම chip නාම පවත්වාගෙන යන අතර වඩාත් බලවත් සහ නව්‍යකරණය වූ තාක්ෂණයන්ගෙන් යුතුව නව chip මාදිලි මේ නාමකරණය යටතේ හඳුන්වාදීමට Qualcomm සමාගම තීරණය කර තිබෙනවා.

සාම වසරක ම වගේ Qualcomm සමාගම better performance, camera technology, AI capabilities, security, සහ 5G වඩාත් හොඳින් මේ චිපය සමඟ ක්‍රියා කරාවි කියන පොරොන්දුව ඔවුන්ගේ Tech Summit එකේ දී ලබා දුන්නා. මුලින් ම මේ නව 8 වැනි පරම්පරාව ගැන පසුගිය සතියක ඔවුන් යම් ඇඟවීමක් සිදු කළා.

එදා ඉඳන් තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනා මඟ බලා සිටියේ Qualcomm සමාගම ජංගම දුරකථනවලට එළඹෙන වසරේ ලබාදෙන්නට බලාපොරොත්තු වන හැකියා මොනවාද කියන එකයි.  කවුරු කොහොම කිව්වත් Qualcomm චිපය සමඟ තමයි අනෙක් ප්‍රධාන chip නිපදවන සමාගම් බොහොමයක් තමන්ගේ chip සසඳන්නේ, ඉතින් මේ  Snapdragon 8 Gen 1 චිපය 2022 එපිට නව ජංගම දුරකථන යුගයකට පාර කපාවි.

කියන තරම් බලවත් ද?

තාක්ෂණික ලෝකය බලාපොරොත්තු වුණා වගේ ම Armv9 architecture එකෙන් තමයි මේ නව Qualcomm චිපය නිපදවෙන්නේ. මේ Qualcomm සමාගම Armv9 architecture එක භාවිතයෙන් නිපදවන පළමු චිපය ද වෙනවා. තවත් විස්තර කළොත් eight-core Kryo CPU එක එක  prime core එකක් Cortex-X2 හා 3.0GHz ලෙසත් තවත් performance cores තුනක්  Cortex-A710 හා 2.5GHz ලෙසත් එහි ඇතුළත් වෙනවා. පසුගිය SD 888 සතුව තිබු 5nm process වෙනුවට මේ නව චිපය සතුව තිබෙන්නේ 4nm process. 

 ජංගම දුරකථන ලොවේ නව පෙරැළිය- Qualcomm.com 

 

කොහොම වුණත් මේ නව චිපය සමඟ Qualcomm සමාගම අලුත් පොරොන්දු ගණනාවක් ලබා දී තිබෙනවා. පසුගිය වසරේ එළිදැක්වුණු SD 888වලට වඩා 20% ක් බලවත් ව ක්‍රියාකරන බව සහ 30% බැටරි ධාරිතාව අඩුවෙන් භාවිත කරන බව තමයි ඒ පොරොන්දු. කොහොම වුනණත් මේ හා එළිදැක්වෙන දුරකථන සමඟ මේ පොරොන්දු වෙන performanceවල ඇත්ත නැත්ත නුදුරු අනාගතයේදී ම අපිට දැනගන්නට පුළුවන් වේවි. 

graphics rendering

මේ සමඟ එන නව Adreno GPU එක SD 888වලට සාපේක්ෂව 30% වඩා වේගවත් graphics rendering ලබාදෙන බවත් පසුගිය චිපයට වඩා 25% මේ හරහාත් බලය ඉතුරු කර දෙන බවත් සමාගම සඳහන් කළා. ඊට අමතර ව ඔබේ දුරකතනයේ Games run විය යුතු ආකාරය වෙනස් ම මට්ටමකට රැගෙන යමින්  fine-tuning ක්‍රියාවලිය සඳහා නව GPU control panel එකක් ද මේ සමඟ ම ලැබෙනවා. දුරකතනයෙන් Games ගහන බොහෝ දෙනකුට මේක සුබ ආරංචියක් බව කිව යුතුමයි. 

මේ නව Snapdragon 8 Gen 1 චිපය  Qualcomm සමාගමේ  Snapdragon X65 modem එක සමඟින් වඩාත් කාර්යක්ෂම සහ වේගවත් 5G සම්බන්ධතා සඳහා සහාය දක්වනවා. ඊට අමතර ව Wi-Fi 6 සහ Wifi 6E වගේ ම Bluetooth LE Audio සඳහාත් සහාය දක්වන පළමු Qualcomm චිපය බවටත් මෙය පත් වෙනවා.  සුපුරුදු පරිදි AptX Lossless wireless audio සඳහාත් මෙය සහාය දක්වාවි. 

 චිපයේ සැකැස්ම –  Qualcomm.com 

 

සුපුරුදු පරිදි ම හැම Flagship මට්ටමේ චිපයකට ම වගේ ම මේ චිපය වෙතත් Qualcomm  සමාගම වඩාත් බලවත් කැමරා හැසිරවීමේ හැකියාව ලබාදෙන්නට කටයුතු කර තිබෙනවා. මේ අනුව ලබන වසරේ නව චිපය සමඟ එළිදැක්වෙන ජංගම දුරකථනවල 8K Video recording පහසුකම අන්තර්ගත වේවි. මේ කැමරා හැකියාවන් වැඩි දියුණු කිරීම මේ වසරේ සිට සිදු වෙන්නේ Snapdragon Sight නම් වෙනම සන්නාමයක් යටතේ යි.

The triple ISP (image signal processor) තාක්ෂණය සමගින් බලගැන්වෙන මේ චිපය දුරකථන වෙත 8K සහාය HDR 10 Plus සමඟින් ලබාදේවි. මේ සමඟින් වඩාත් බලවත් වන කැමරා තාක්ෂණය 2022 වසරේ ජංගම දුරකථන කැමරා වෙනම මානයකට රැගන යනු ඇති බවයි බොහෝ දෙනකුගේ මතක වෙන්නේ. ඔබේ දුරකතනයේ දෘඩාංග වෙත හැකි නම් මේ චිපයේ උපරිම ප්‍රයෝජන ලබා ගන්න 18-bit RAW සමඟින් ඡායාරූප ලබා ගන්නත් මෙය ඔබට පහසුකම් සලසාවි. 

AI processing techniques

මේ නව චිපය සමඟින් ජංගම  දුරකථන කැමරා වෙත ආලෝකය අඩු තැන්වල ඡායාරූප ගැනීම සඳහා ඡායාරූප 30ක් පමණ එක් කර වඩාත් හොඳ ආලෝකය සහිත ඡායාරූපයක් නිර්මාණය කරගන්න පහසුකම ලබාදෙනවා. ඊට අමතරව වඩාත් පලදායී AI processing techniques මේ චිපය සතු වන අතරම වැඩි දියුණු වූ auto-exposure ක්‍රමවේද සහ auto-face detection technology එක වගේම 4K video සඳහා portrait effects ලබා දෙන්න පුළුවන් dedicated bokeh engine එකකුත් එයට ඇතුළත්. ඒ විතරක් ම නෙමෙයි වඩාත් බලවත් ultrawide engine එකක් ද මේ සමගින් එයට ඇතුළත් වෙනවා. මේ චිපය අන්තර්ගත කැමරාවකින් ලබාගන්නා ultrawide ඡායාරූප අනෙක් ඒවා සමගින් සසඳද්දී විශාල වෙනසක් දකින්නට හැකිවෙන බව තමයි සමාගම සඳහන් කරන්නේ. 

මේ වෙද්දීත් මේ නව Snapdragon 8 Gen 1 සමගින් එළිදැක්වෙන ජංගම දුරකථන ගණනාවක් පිළිබඳව කරුණු අනාවරණය වී අවසන්. ඒ අතරට Xiaomi 12, Realme GT 2 Pro, නව  Moto Edge-series phone එක වගේම Oppo සමාගමේ  Find X3 Pro දුරකතනයේ අනුප්‍රාප්තික දුරකතනයත් ඇතුළත්. 

කවරයේ ජායාරූපය- නවත ම Snapdragon 8 Gen 1 - Qualcomm.com 

මූලාශ්‍ර:

Qualcomm.com 

Theverge.com 

Indianexpress.com

Related Articles