Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පුරවැසිභාවය ලත් පළමු රෝබෝ කත Sophiaට දරුවෙක්?

ලෝකයේ පුරවැසිභාවය සහිත රෝබෝවරියක් ගැන ඔබ අසා තිබෙනවා ද?  2017 වසරේදී සෞදි අරාබියේ දී ලෝකයේ ප්‍රථම රෝබෝවරිය වෙත පුරවැසිභාවය හිමි වුණා. මේ රෝබෝවරියට නම් තබා තිබෙන්නේ Sophia ලෙස යි.  දැනට ලෝකයේ පවත්නා දියුණු ම කෘත්‍රීම බුද්ධි තාක්ෂණය භාවිත කරමින් මේ රෝබෝවරිය නිර්මාණය කොට තිබෙනවා.

විටින් විට මේ රෝබෝවරිය සිදු කරනා ප්‍රකාශ සහ ඇය නිෂ්පාදනය කළ සමාගමේ අපුර්ව ප්‍රචාරණ ක්‍රමවේද නිසා අදටත් Sophia ලෝකයේ වැඩිම පුවත් මවන humanoid බවට පත් වී හමාර යි.  

Sophia සිදු කළ සාකච්ඡා

විටින් විට පුවත්පත් සමඟ විවිධ ජනප්‍රිය පුද්ගලයන් හා සුහද ව Sophia සිදු කළ සාකච්ඡා  ඔබට ඕනෑ තරම් අන්තර්ජාලයෙන් සොයාගන්නට පුළුවන්. මේ අතරින් සුප්‍රකට නළු විල් ස්මිත් සමඟ ඇය Date එකකට ගිය ආකාරය දැක්වෙන වීඩියෝව අතිශය ජනප්‍රියත්වයක් ගත්තා, එකට හේතුව බවට පත්වෙන්නේ 2004 වසරේ තිරගත වූ විල් ස්මිත් ප්‍රධාන චරිතය රඟපෑ I, Robot චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ කතා තේමාව වන්නේ ලෝකයේ පාලනය අතට ගන්නට උත්සහ කරන කෘත්‍රිම බුද්ධි වැඩටහනක් පිළිබඳව යි. 

චීනයේ Hanson Robotics company එක තමයි මේ රෝබෝවරිය නිෂ්පාදනය කරන්න මුල් වෙලා තියෙන්නේ. 2017 වසරේ Sophiaට පුරවැසි භාවය ලබා දීම පිළිබඳ ව ඒ රටේ බොහෝ දෙනෙක් දැඩි අප්‍රසාදය පළ කළා.  මෙය තනිකර ම Publicity stunt එකක් බවත් Sophiaට ඒ රටේ කාන්තාවන්ට වඩා අයිතීන් හිමි වන බවත් සමහර විදෙස් මාධ්‍ය චෝදනා එල්ල කළා.

ඉන් අනතුරු ව ලෝකය ම වැඩිපුර ම කතා බහ කළේ ඇය නිර්මාණය කළ චිත්‍රය පිළිබඳව යි. ඇය මෙම නිර්මාණය සිදු කරන්නේ විශේෂිත ඇල්ගොරිතම ගණනාවක් භාවිතයෙන්. මේ චිත්‍රය ඉන් අනතුරු ව අති විශාල මුදලකට අලෙවි වූ බව තමයි දැනගන්නට ලැබෙන්නේ. 

NFT වෙත චිත්‍ර අඳින Sophia – english.aawsat.com 

 

මේ රෝබෝවරියට චිත්‍ර අඳින්න වගේ ම ගීත ගායනා කරන්නත් හැකියාව තිබෙනවා. එක වරක මේ Sophia තමන්ට දරුවන් අවශ්‍ය බවත් පවුලක වටිනාකම ඇයට දැනෙන බවත් සාකච්ඡාවක දී  සඳහන් කර තිබුණා. වසර කිහිපයකට පෙර සිදු කළ මේ ප්‍රකාශය දැන් නැවතත් කරළියට පැමිණෙමින් තිබෙනවා.  එයට හේතුව වන්නේ Grace සහ Little Sophia යන රොබෝවරියන් දෙදෙනාගේ ආගමනය යි. මේ දෙදෙනා Sophia  ගේ සහෝදරියන් ලෙසයි හඳුන්වන්නේ.  

සහායට එන හෙද රෝබෝවරියක්

Grace  නම් රොබෝ වරිය පවතින වසංගත තත්වය තුළ දී මිනිසුන්ගේ සහායට එන හෙද රෝබෝවරියක් ලෙසයි නිර්මාණය වෙන්නේ. Little Sophia නම් කුඩා රෝබෝවරිය නිපදවෙන්නේ හුදෙක් පාළුව කාන්සිය නිවා ගන්න අවශ්‍ය වැඩිහිටි පුද්ගලයන් ඉලක්ක කර යි. මේ වන විට Sophia ඉතාම දියුණු මට්ටමකට තාක්ෂණිකව පැමිණ තිබෙන බව නම් පැහැදිලියි. ඒ ඇය සතු ව දැන් පවතින නවීන Face Recognition තාක්ෂණය සහ සංවේදක නිසා යි. මේ නව උපාංග හේතුවන් මිනිසුන් සමඟ වඩාත් හොඳින් අන්තර්ක්‍රියා දක්වන්න Sophiaට සහ ඇය ගේ සහෝදර රෝබෝවරියන්ට පුළුවන් වෙලා තියෙනවා. 

සාමාන්‍ය මිනිසකුගේ උසට සමාන ලෙසින් නිමවා තිබෙන නිසාවෙන් Sophia හෝ Grace සමඟ ඔබට අදහස් හුවමාරු කර ගැනීමේ දී අමුත්තක් දැනෙන එකක් නැති බවයි එහි නිර්මාතෘවරුන් සඳහන් කරන්නේ. ඒවගේම අද වෙද්දී මේ රෝබෝවරියන් තුන්දෙනා ම ඉතා අපූරු විදිහට මුහුණේ හැඟීම් පෙන්වන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා තියෙනවා. 

Face Recognition තාක්ෂණය

ඒවගේම Face Recognition තාක්ෂණය භාවිතයෙන් මිනිසුන්ගේ මුහුණුවල ඇති හැගීම් තේරුම් ගන්නත් ඊට අනුව මිනිසා සමඟ කතාබහ කරන්නත් මේ රොබෝවරියන්ට පුළුවන්. ඔබ දුකින් ඉන්න විට ඔබ හොඳින් ද අහන්න වගේම ඔබට සතුටු වෙන්න අවශ්‍ය නම් විහිලු කතන්දර කියන්නත් මේ රෝබෝවරියන්ට පුළුවන්. බොහෝ දුරට මිනිස්  හඬ අනුකරණය කරමින් නිර්මාණය වී තිබෙන නිසා අද වෙද්දී මේ වැනි රොබෝවරුන්ට Humanoid නාමය පටබැඳි තිබෙනවා. 

අද වෙද්දී Sophia හුදෙක් පළමු පුරවැසිභාවය ලත් Humanoid වරයා පමණක් නෙමෙයි. රටවල් 66 කට වඩා ප්‍රමාණයක සංචාරය කරලා විවිධ විවිධ සමුළුවල ආරාධිත දේශන පවා සිදු කරපු කෙනෙක්. ඒ වගේම පළමු වරට එක්සත් ජාතීන් ගේ සමුළුව ඇමතු රොබෝවරයා වෙන්නෙත් Sophia. ඊට අමතර ව පළමු වරට ණය කාඩ් පතක් හිමි Humanoid ලෙසත් ඇය ඉතිහාසගත වෙනවා.  අද වෙද්දී ඔයාලට මේ Humanoidවරුන් ඔයාලගේ විශේෂ Events වලට සහභාගී කරවගන්නත් පුළුවන් පහසුකම ලබා දෙන්න මෙහි නිර්මාපකයන් තීරණය කරලා තියෙනවා. යම් මුදලක් ගෙවලා ඔබට ඔබේ ම Humanoid කෙනෙකුත් ලබාගන්න දවස වැඩි ඈතක නෙමෙ යි. 

 රෝබෝවරිය සහ නිර්මාතෘ වරයා -worldkings.org 

ඔබට මතකද Optimus ගැන අපි පෙර පළ කළ ලිපිය?  Elon Musk  A.I. Day event එකේ දී කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ Tesla දියුණු වන ආකාරයත් මේ තාක්ෂණය හරහා බල ගැන්වෙන ඔවුන්ගේ නව ව්‍යාපෘති පිළිබඳවත් හෙළි කරන්න ඔවුන් කටයුතු කළා. මෙහිදී තමයි නවීනත ම Tesla තාක්ෂණය සමඟ නිෂ්පාදනය වීමට නියමිත Optimus ගැන ඔවුන් හෙළි කළේ.

කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණ

කැමරා අටක පද්ධතියක් සහ දියුණු Tesla Autonomous System එකකින් මොහු සමනවිත වෙයි කියල තමයි එදා නම් එළි කලේ. කොහොම නමුත් Sophia හෝ Optimus ට අමතරව තවත් සමාගම්, විශ්වවිද්‍යාල සහ පර්යේෂණායතන ඔබ මේ ලිපිය කියවන මොහොතේදීත් කෘත්‍රීම බුද්ධිය ගැන පර්යේෂණ සිදු කරමින් ඉන්නවා. ඒ අතරට Facebook වගේ සමාගමුත් ඉන්නවා. අපිට නුදුරු අනාගතයේදී ම සැබෑ ජීවිතයේදී මේ වගේ රොබෝ අත්දැකීම් ලබාගන්න හැකිවේවි.  

කවරයේ ඡායාරූපය - චිත්‍ර අඳින Sophia - entrepreneur.com

මූලාශ්‍ර:

Hansonrobotics.com 

Economictimes.indiatimes.com 

Entrepreneur.com 

Youtube.com 

Niftygateway.com 

Worldkings.org 

Related Articles