Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2022 දී සිදුවීමට නියමිත අභ්‍යාවකාශ පෙරැළි

2021 වසර කියන්නෙ අභ්‍යාවකාශ තරණයේ පෙරළිකාරී වසරක්. අඟහරු වෙත ගොඩ බැස්ස වූ රෝවර් යානා සහ එක් රෝවරයක් සඳහා භාවිත කළ අපුර්ව හෙලිකොප්ටර් තාක්ෂණය, අභ්‍යාවකාශ ගමනට අලුතින් එකතු වුණු ලෝකයේ ප්‍රකට බිලියනපතියන් සහ නව අභ්‍යාවකාශ පර්යේෂණ ආයතන, අභ්‍යාවකාශයේ තම ආධිපත්‍යය පතුරවන්න චීනය නිර්මාණය කරන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය, අනාගතයේ විශාල උල්කාවලින් පෘථිවිය රැකගන්න නාසා ආයතන අරඹන “Crash Into Asteroid, Defend Planet Earth” වගේ බොහෝ සිදුවීම් නිසා 2021 වසර නොසෑහෙන්නට අභ්‍යාවකාශ  පුවත් මැවූ අවුරුද්දක්.

 මේ එළඹුණු 2022 කියන්නෙත් ඊට නොදෙවෙනි ආකාරයෙන් ගෙවෙන වසරක් බවට දැනට ම කියන්න අපිට පුළුවන්. මේ ලිපිය හරහා අපි ඔබට ගෙන එන්නෙ 2022 වසරේ නුදුරු දිනවල දී අභ්‍යාවකාශයේ සිදුවීමට නියමිත අපුර්ව ක්‍රියාවලි ගණනාවක් ගැන යි.

 SpaceX Starship prototype – wccftech.com 

 

අභ්‍යාවකාශය ජයගන්නට නියමිත කුළුඳුල්  දැවැන්තයෝ

මේ වසරේ දී තම මංගල අභ්‍යාවකාශ ගමනට පිටත්වෙන යානා දෙකක් පිළිබඳ ව දැනට අපට දැනගන්නට ලැබෙනවා. NASA Space Launch System එක සහ SpaceX Starship එක තමයි මේ නව යානා වෙන්නෙ. 

NASA Space Launch System එක එහෙම නැත්නම් N.S.L එක තමයි නාසා ආයතනයේ පළමුවෙනි interplanetary launch vehicle එක බවට පත් වෙන්නෙ. දැනටමත් මේ යානය වෙනුවෙන් නාසා ආයතනයට විශාල පිරිවැයක් දරන්නට සිදුවෙලා අවසන්. ඇස්තමේන්තු ගත කළ මුදලට වඩා ඩොලර් බිලියන ගණනක් වැඩිපුර වැය කරන්නත් මෙය අවසන් කිරීමට බලාපොරොත්තු වූ කාලයේ එය නිමා කර ගැනීමට නොහැකීවීම වැනි ගැටලු රැසකුත් ඒ අතර වෙනවා. 

අමෙරිකානු ඩොලර් බිලියන දෙකක පිරිවැයක්

ඒ වගේම මේ යානය දියත් කරන සෑම වාරයක ම පාහේ අමෙරිකානු ඩොලර් බිලියන දෙකක පමණ පිරිවැයක් දරන්න ඔවුන්ට සිදුවෙන බවත් ඇස්තමේන්තු ගත කර තිබෙනවා. මෙහි පළමු පරීක්ෂණ මෙහෙයුම ලෙස Artemis නම් කැප්සියුලයක් සඳ වටා ගෙනයාමේ රාජකාරිය වෙත පැවරෙනවා. මේ මෙහෙයුම සිදුවෙන්නෙ නියමුවන් රහිත ව යි. Artemis 1 ලෙසින් නම් වන පළමු මෙහෙයුම එළඹෙන මාර්තු සහ අප්‍රේල් අතරතුර සිදු කිරීමට නාසා ආයතනය බලාපොරොත්තු වෙනවා.

Spacex ආයතනයේ අඟහරු වෙත මිනිසුන් ගෙන යාමේ කිරීමේ මූලික අදියර ලෙස මෙය හැඳින්වීම වරදක් නැහැ. ලෝකයේ දැනට සිටින ධනවත් ම මිනිසා වෙන Elon Musk ගේ දැක්ම අනුවයි මෙය ගොඩ නැගෙන්නෙ. Starship තවත් යානයකින් සඳ මතුපිටට NASA ආයතනයේ අභ්‍යාවකාශගාමීන් ගෙන යාමේ මෙහෙයමකුත් නුදුරු දිනයකදී ම ඇරඹීමට නියමිත යි. Starship යානයේ මූලික අදියරේ පරීක්ෂණ යානා ගණනාවක් අසාර්ථක වුණේ විශාල මුදලක් අළු බවට පත් කරමිනුයි. කොහොම නමුත් පසුගිය වසරේ දී එය සාර්ථක ව ගොඩ බැස්සවීමක් සිදු කළා.

සඳ අමුත්තන්ගෙන් පිරී යන කාලයක්

2021 කියන්නෙ අඟහරු වෙත මිනිසුන් ගෙන යන්න පිඹුරුපත් සකස් කළ වසර වුණාට 2022 කියන්නෙ පාළු හඳ මත අමුත්තන්ගෙන් ගෙන් නොඅඩුව පිරී යාම් ඒම් සිදුවීමට නියමිත වසරක්. දැනටමත් විවිධ රජයන් සහ පෞද්ගලික අභ්‍යාවකාශ ආයතන සඳ චාරිකා 9කට අධික ප්‍රමාණයක් මේ වසරේ දී සිදු කිරීමට නියමිත යි. මේවායින් සමහරක් සඳමත ගොඩ බැසීම් සිදුවෙන අතර තවත් සමහරක් සඳ වටා ගමන් කිරීමට නියමිත යි. ඒවායෙන් මෙහෙයුම් 5ක් වෙත ම සිදු කරන්න ආයතනය සෘජුව හෝ වක්‍රව දායකත්වය ලබා දෙනවා. 

ඒ අතරට අනාගතයේ සඳ ආශ්‍රිත ව බිහිවීමට නියමිත යුරෝපා අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් වෙත භාවිත කිරීම සහ සඳේ කක්ෂය අධ්‍යනය කිරීම වෙනුවෙන් ” CAPSTONE” නම් miniature satellite එකකුත් ඇතුළත්. එය අභ්‍යාවකාශ ගතවෙන්නෙ නවසීලන්තයේ සිට යි. NASA ආයතනයේ Commercial Lunar Payload Services program එක යටතේ තවත් පෞද්ගලික ආයතනය කිහිපයක් ම චන්ද්‍ර චාරිකා වෙත එක්වීමටත් නියමිත යි. 

 රුසියාවේ Luna-25 lunar lander  – Getty Images

 

ඊට අමතර ව සඳ ගමන්වල නිරතවීමට නියමිත රටවල් අතරට අපේ අසල්වැසි ඉන්දියාවත් ඇතුළත්. ඔවුන් 2019 වසරේ සිදු කිරීමට උත්සහ කළ සඳ ගොඩ බැසීම අසාර්ථක වුණා. මේ වසරේදි ඔවුන් එය සිදු කිරීමට අපේක්ෂා කරනවා. ඊට අමතරව රුසියාවෙනුත් පළමු වරට සඳ වෙත යානයක් යැවීමේ සුදානමක් පවතිනවා. ජපාන සමාගමක් වන iSpace එක්සත් අරාබි එමීර් රාජයේ රෝවරයක් සඳ මතට යැවීමේ මෙහෙයුමකුත් මේ වසරේ සිදු වෙනවා. SpaceX හා එ ක්ව දකුණු කොරියා සමාගමකුත් එවැනි මෙහෙයුමක් ලබන අගෝස්තුවේදී සිදු කිරීමට සුදානම් වෙනවා.

චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 

අභ්‍යාවකාශය හා ඒ ආශ්‍රිත මෙහෙයුම්වල දී  චීනය බොහෝවිට ඔවුන් බලාපොරොත්තු වුණු කාල සීමාවේදි අදාළ ඉලක්ක සපුරා ගන්නට සමත් වුණා. Tiangong space station එකත් ඒවගේ තවත් ඉලක්කයක්. පෘථිවි කක්ෂය වටා ඉදි වන මේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් මේ වසරේ අවසන් කරගන්නටයි ඔවුන්ගේ අරමුණ. 

2021 වසරේ දී චීනය ඔවුන්ගේ Tianhe space module එක පෘථිවි කක්ෂයේ පහළ මට්ටමේ රැඳවූවා. එහි රැඳී සිටින්නට විශේෂ ගගනගාමින්ගෙන් සැදුණු කණ්ඩායම් දෙකක් ඒ සමඟ ම අභ්‍යාවකාශ ගත කළා. මෙයින් දෙවැනි කණ්ඩායම මේ වසරේ දී පෘථිවිය වෙත නැවත  පැමිණීමට නියමිත යි. බොහෝවිට  වසරේ මැද වන විට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ තවත් මොඩියුලයක් ඒවෙත යවන්නට ඔවුන් බලාපොරොත්තු වෙනවා. වසර අවසාන වීමට පෙර මේ මධ්‍යස්ථානයේ තුන්වන කොටස Mentigan lab එක ස්ථානගත කීරීම සිදුවීමට නියමිත යි. ඒසමඟ ම එහි වැඩකටයුතු අවසන් කිරීම තමයි චීනයේ අරමුණ. 

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයෙ ඉදිකිරීම් කරන Wang Yaping නම් ගගනගාමියා- Apnews.com

දෙවැනි සහ තුන්වන අදියර දෙකේම අදාළ කොටස් අභ්‍යාවකාශය වෙත යැවීමට චීනයේ විශාලත ම රොකට්ටුව Long March 5B  භාවිත කළ හැකි බවයි දැනගන්නට ලැබෙන්නෙ. පසුගිය වසරේ මැයි මාසයේ සිදු කළ ගොඩ බැස්සවීමක දී පාලනයෙන් ගිලිහී යම් මට්ටමකට හානියක් එයට සිදුවුණා. චීනය මේ වසරේ දී  ඒ ගැටලු විසඳා නොගත්තා නම් සිදුවීමට නියමිත අභ්‍යාවකාශ ගමන්වලින් විශාල පාඩුවක් චීනයට උරුම කරවන්නත්, වසර ගණනාවකට චීනයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථාන සිහිනය පසුපසට ඇද දමන්නටත් සමත් වේවි.

කවරයේ ඡායාරූපය- NASA Space Launch System - Nasa.gov 

මූලාශ්‍ර:

Nytimes.com

Reuters.com

Apnews.com

Nasa.gov 

Related Articles