Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රාත්‍රී අහස ආක්‍රමණය කරන SpaceX Starlink චන්ද්‍රිකා

ලෝකයට ම අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් ලබාදීමෙන් අරමුණෙන් Elon Musk 2018 වසරේදී Starlink වැඩසටහන ආරම්භ කළා. පසුගිය ජනවාරි 19 වැනිදා වන විට එම ව්‍යාපෘතිය යටතේ චන්ද්‍රිකා 2000ක් ගුවන් ගත කර තිබුණා. දැනට සිටින ධනවත් ම මිනිසා බවට පසුගිය කාලයේ පත් වූ ඊලෝන් මස්ක්, Time සඟරාව 2021 වසරේ මිනිසා ලෙස ද පසුගිය දා නම් කළා. කොහොම වුණත් Elon ගේ මේ චන්ද්‍රිකා ව්‍යාපෘතිය අනාගත පාරිසරික ගැටලු රැසකට අත වනන්නක් බවට විද්‍යාඥයන් දැන් අනතුරු අඟවනවා. නුදුරු අනාගත‍යේ දී ම කාලගුණ විපර්යාසවලට පවා මේ චන්ද්‍රිකා හේතුවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. ඒවිතරක් නෙමෙයි තවත් ගැටලු ගණනාවකට ම නුදුරු අනාගතයේදී මේ චන්ද්‍රිකා නිසා අපට මුහුණ දෙන්න වේවි කියලා විවිධ විද්වතුන්ගෙන් මත පළ වෙනවා .

Tiangong space station එකේ Starlink චන්ද්‍රිකා, අවස්ථා දෙකක ම ගැටීමට ඉතා අසන්න තත්වයකට පැමිණීම නිසාම මේ ව්‍යාපෘතිය වෙත චීනය දෙසිනුත් එතරම් යහපත් ප්‍රතිචාරයක් නම් ලැබෙන්නේ නැහැ. ආරක්ෂක හේතූන් මත, චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වහාම මේ සිදුවීම වලක්වා ගැනීම සඳහා ඒ සතු ව ඇති ගැටීම් වලක්වාලීමේ පද්ධතියක් ක්‍රියාත්මක කළ බව ඔවුන් එක්සත් ජාතීන් ගේ සංවිධානය වෙත මේ සිදුවීම පිළිබඳ ව පැහැදිලි කරමින් ඉදිරිපත් කළ ලිපියක සඳහන් වෙනවා.අභ්‍යවකාශයේ දී මෙලෙස ඇතිවිය හැකි ගැටීම් පිළිබඳ ව අනෙක් අභ්‍යවකාශ හා ඒ ආශ්‍රිත පර්යේෂණ සිදු කරන සමාගම් කිහිපයක් ප්‍රකාශ නිකුත් කර තිබුණා.

2021 අගෝස්තු මාසයේ දී, ප්‍රමුඛ අභ්‍යවකාශ සුන්බුන් විශේෂඥයෙක් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ අභ්‍යවකාශයේ යානා දෙකක් අතර සිදු වන ගැටීම් ආසන්න අවස්ථාවලින් 50% ක පමණ Starlink චන්ද්‍රිකා වගකිව යුතු බව යි.

තාරකා විද්‍යාඥන් බොහොමයකට දැනටමත් මේ SpaceX ආයතනයේ චන්ද්‍රිකා හිසරදයක් වෙමින් පවතින බව ඔවුන් සඳහන් කරනවා. තවමත් Starlink චන්ද්‍රිකා ඉලක්ක ගත ප්‍රමාණය ම අභ්‍යවකාශය ගත කිරීම සිදු ව අවසන් නැතත් දැනට ම අභ්‍යවකාශය සහ අභ්‍යවකාශ වස්තූන් නිරීක්ෂණයේ දී මේ චන්ද්‍රිකා අදාළ නිරීක්ෂණ ඡායාරූප සටහන් වීම දැනටත් සුලබ ව සිදු වෙන බව ඔවුන් පෙන්වා දෙනවා. Starlink satellites සම්පුර්ණ චන්ද්‍රිකා ප්‍රමාණය ම ගුවන් ගත කිරීමෙන් පසුව ඔවුන් නිරීක්ෂණයට ලබා ගන්නා සාම ඡායාරූපයක ම පාහේ මේ චන්ද්‍රිකා සටහන් වනු ඇති බව ඔවුන් සැක පළ කරනවා.

 2021 වසරේ මිනිසා Elon Musk – thenextweb.com

 

කාලගුණික හා දේශගුණික ගැටලු

Starlink දැනටමත් සැලකිය යුතු මට්මක ආලෝක දූෂණ තත්වයක් නිර්මාණය කර තිබෙන අතර ම මෙම චන්ද්‍රිකා මගින් අභ්‍යවකාශ අපද්‍රව්‍ය සහ රසායනික ද්‍රව්‍ය වායුගෝලයට එක් කරනු ඇතැයි ද විද්වතුන් බිය පළ කරනවා. mega constellationsවලට ඉහළ වායුගෝලයේ රසායනික තත්වයන්ට බලපෑම් ඇති කිරීමේ හැකියාව, මියගිය එසේ නැති නම් අතහැර දැමු චන්ද්‍රිකා ඔස්සේ දහනය වූ ඇලුමිනියම් වායු ගෝලයට එක් වීම වැනි ගැටලු රාශියකට අපිට නුදුරු අනාගතයේ දී මුහුණ දීමට සිදුවන බව ඔවුන් සඳහන් කරනවා. මෙලෙස මත පළ කරන විද්‍යාඥයන්ට අනුව මේ ගැටලු නුදුරු කාලයේ දී ම ඕසෝන් ස්තරයට පවා මෙතෙක් හඳුනා නොගත් ගැටලු මතුකරලීමට හැකියාවක් ඇති බවයි.

රාත්‍රී අහස ආක්‍රමණය කරන SpaceX

දැනටමත් උඩුගුවනේ දකින්නට ලැබෙන චන්ද්‍රිකාවලින් භාගයකට වඩා අයිති වෙන්නේ SpaceX සමාගමට යි. මෙම උපාංගවල ඉහළ පරාවර්තකතාව කෘත්‍රිම ආලෝකයෙන් අහස පුරවාලීම නුදුරේදී ම සිදුවෙන බව දැන් පැහැදිලි බවයි විද්‍යාඥයන් පවසන්නේ.

කැනේඩියානු තාරකා භෞතික විද්‍යාඥයන් කණ්ඩායමක ගණනය කිරීම්වලට අනුව නොබෝ දිනකින් ම රාත්‍රී අහසේ දිස්වන ආලෝක ප්‍රභව 15 න් එකක් චන්ද්‍රිකාවක්.

SpaceX ආයතනය චන්ද්‍රිකා පරාවර්තනය අඩු කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් තාරකා විද්‍යාඥයන් පවසන්නේ තවමත් ඒවා දීප්තිමත් ව දී දිස්වන බව යි.

මේ විද්වතුන්ට සහ රාත්‍රී අහස නිරීක්ෂණය කරන බොහොමයක් සාමාන්‍ය ජනතාවට අනුව නුදුරේ දී ම රාත්‍රී අහස මෙවැනි චන්ද්‍රිකාවලින් පිරි යනු ඇති අතර තව දුරටත් අහස නිරීක්ෂණය කිරීම විශාල ගැටලු සහගත තත්වයක් බවට පත්වෙනු ඇති බව යි.

 චන්ද්‍රිකා රැගෙන යන SpaceX Falcon 9 rocket – scientificamerican.com

 

තාරකා විද්‍යාඥයන් බිය පළ කරන්නේ ඉහත සඳහන් කළ ලෙසින් අහසේ දර්ශනය ගැටලුකාරී කිරීමෙන් මේ අර්බුදය නොනැවතී පෘතුවිය ආසන්නයේ ඇති ග්‍රාහක වැනි දේ දැකීමටත් මේ චන්ද්‍රික බාධා කරනු ඇති බව යි. ඔවුන්ට අනුව චන්ද්‍රිකා ඔස්සේ පරාවර්තනය වෙන ආලෝකය නිසා පෘතුවියේ සිට විශාල දුරේක්ෂ මඟින් සිදු කරනා නිරීක්ෂණ බොහොමයකට ගැටලුකාරී තත්වයන් ඇති විය හැකි බව යි. ඒ ග්‍රහ වස්තුවල සිට පැමිණෙන ආලෝකය පෘතුවියේ දුරේක්ෂවලට පැහැදිලි ව ග්‍රහණය කර ගැනීමට නොහැකිව යාම නිස යි.

සිදු කළ නව අධ්‍යයනයකට අනුව, ග්‍රාහක හඳුනා ගැනීම සඳහා භාවිත කරන Zwicky Transient Facility (ZTF) ග්‍රහණය කර ගත් පින්තූරවලින් පහෙන් පංගුවක මෙම චන්ද්‍රිකා දීප්තිය දැකගන්නට ලැබෙනවා. SpaceX චන්ද්‍රිකා සංඛ්‍යාව වැඩි වන විට මෙම බාධාව වැඩි වනු ඇත. තවමත් මේ SpaceX චන්ද්‍රිකා සියල්ල ම ගුවන් ගත කර අවසන් නොමැති අවස්ථාවක මෙතරම් ගැටලු ඇතිවේ නම් ඒ ඉලක්කය සම්පුර්ණ කළ පසු කුමක් සිදුවේ ද යන්න විද්‍යාඥයන් මත පළ කරනවා. කොහොම නමුත් මේ කාරණා පිළිබඳ ව නම් SpaceX ආයතනය නිල වශයෙන් සෘජු ප්‍රතිචාරයක් දක්වා නැහැ.

එලොන් අඟහරු ග්‍රහයා ජනාවාස කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්නා කාලයක ඔහු අභ්‍යවකාශයේ කරනා ව්‍යාපෘති පෘථිවියේ ගැටලු මවාවී ද? යන්න අවසන ඉතිරි වන ගැටලුව යි.

මේ හා සබැඳි තවත් ලිපි පහතින් කියවන්න.

ඊලෝන් මස්ක්: 2021 වසරේ මිනිසා

මිනිස් හැඩ ඇති රොබෝවරයා Elon Musk ගේ Tesla Bot

මොළය කෙළින්ම පරිගණකය වෙත සම්බන්ධ කරන Neuralink

ඊලෝන් මස්ක් දිනක ලෝකයම අල්වා ගනු ඇති ද?

මොළය වෙත දැනුම කෘත්‍රීමව Upload කිරීම

ඔට්ටුවකින් දිනන්න Tesla හදපු ලොව ලොකුම Lithium-Ion බැටරිය

ඊලොන් මස්ක් තම Tesla සහ SpaceX ෆේස්බුක් පිටු මකා දමයි

කවරයේ ඡායාරූපය- පෘථිවිය වටා අභ්‍යවකාශයේ දකින්නට ලැබෙන චන්ද්‍රිකා -The-sun.com

මූලාශ්‍ර :
Spacenews.com
Dailymail.co.uk
Skyandtelescope.org
Thenextweb.com
The-sun.com
Space.com
Bbc.com
Iopscience.iop.org

Related Articles