Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පෙන් ඩ්‍රයිව් බඳු පරිගණක: Stick PC මිල දී ගන්නා හැටි සහ 2018 හොඳම ඒවා

පරිගණක කෙතරම් කුඩා වෙමින් පවතිනවා ද යත් 2013, 2014 වර්ෂවල සිටම තනි පුවරුවක් පමණක් ඇති Pen drive එකකට සමාන පෙනුමැති HDMI පෝට් එකක් සහිත උපාංග දකින්නට ලැබුණා. Stick PC යනු මොනවා ද? එයින් එකක් මිල දී ගනිද්දී සැලකිලිමත් විය යුතු දේවල් සහ දැනට වෙළඳපොළ තත්ත්වය මේ ලිපියෙන් ආවරණය කෙරෙනවා.

Stick PC ගැන බිඳක්

techhive.com

පරිගණකයක මූලික අංග විධියට මොනිටරය, පද්ධති ඒකකය (System Unit) මූලික කොටස් විධියට කට පාඩම් කළාට මොනිටරයක් නොමැතිව ජංගම පරිගණකයක් වශයෙනුයි Stick PC සංකල්පය තාක්ෂණ ලෝකයේ දොරගුළු හරින්නේ. මඳක් විශාල පෙන් ඩ්‍රයිව් එකක් ලෙස ටීවී එකට හෝ මොනිටරයකට HDMI පෝට් එකට (HDMI කේබලයක් නොමැතිවම) සම්බන්ධ කළ හැකි උපාංගයක් වන මෙහි CPU, RAM, USB port, LAN, Wi-Fi, Bluetooth ආදී වූ, පරිගණකයක අපිට අවශ්‍ය මූලික උපාංග සියල්ලම එහි ඇතුළත් වෙනවා.

මේවා ප්‍රමාණයෙන් ඉතා කුඩා නිසා ගෙන යාමේ පහසුව, අඩු මිලකට පරිගණක භාවිතයට ඉඩ සැලසීම, පෙන් ඩ්‍රයිව් එකක් වෙනුවට තමාට සුපුරුදු මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත හා තමන්ගේ ගොනු සහ මෘදුකාංග ද ස්ථාපිත උපාංගයක් වශයෙන් ඕනෑම තැනක ගෙන ගොස් පාවිච්චි කරන්නට හැකි වීම විශේෂත්වයක්.

ඇතැම්වායේ ෆෑන් එකක් ද තිබෙනවා (ytimg.com)

වින්ඩෝස් ස්ථාපිත සහ ලිනක්ස් ස්ථාපිත වශයෙන් Stick PC වර්ග දෙකක් තිබෙනවා. පරණ රූපවාහිනිය Smart කරන්නේ කොහොමද? ලිපියෙන් අපි කථා කළ Chromecast, Fire TV උපාංගත් Stick PC ලෙසයි හැඳින්වෙන්නේ. නමුත් ඒවාට වැඩි හැකියාවක් නැහැ. සරලව කිව්වොත්, Stick PC එකක් කියන්නේ netbook පරිගණකයක තිරය ඉවත් කර කුඩා ප්‍රමාණ කළාක් වගේ යි. සාමාන්‍ය වෙබ් ගවේෂණ, ලිපි සැකසුම්, මූලික මට්ටමේ ගේම් ආදී සරල දේට මේවා පාවිච්චි කරන්න පුළුවන්. Bluetooth/WiFi සහිත එකක් නම් Mouse, Keyboard වෙනුවට ඇප්ස් හරහා ස්මාර්ට් ෆෝන් එක යොදාගත හැකියි.

Stick PC එකක් ගනිද්දී සැලකිලිමත් විය යුතු දේවල්

අඩු මිල, ආවරණයක් නැතිව එන Raspberry Pi උපාංගයක් (itpro.co.uk)

ලංකාවෙ අපි භාණ්ඩයක් මිලදී ගනිද්දි මුලින්ම බලන්නේ අපේ අවශ්‍යතාවයවත් ගුණාත්මක බව වත් නෙවෙයි, භාණ්ඩයේ මිල යි. ඒ නිසා ඒකෙන්ම පටන් ගමු. Intel සමාගමේ නිෂ්පාදිත Compute Stick වෙළඳනාමය ඇති Stick PC එකක් සාමාන්‍යයෙන් රුපියල් විසිදහසකට පමණ අන්තර්ජාල වෙළඳපොළෙන් සොයා ගන්නට පුළුවන්. අත්හදා බැලීමකට, කුඩා program එකක් run කරන්නට වගේ සුළු දේකට නම් රුපියල් 6000කට විතර ආවරණයක් ද සහිත Quad core 64bit වන 1GB RAM සහිත Raspberry Pi එකක් ගන්න පුළුවන්.

ඉන්පසු තමන් ප්‍රිය කරන මෙහෙයුම් පද්ධතිය ගැන සැලකිලිමත් විය යුතුයි. Raspberry Pi එකක බොහෝ විට ධාවනය කරන්නට සිදුවන්නේ සැහැල්ලු මෙහෙයුම් පද්ධතියක් වන ලිනක්ස් මත පදනම් වූ බෙදාහැරුමකුයි (distro එකක්). Debian මත ගොඩනැගූ Raspbian තමයි එහි නිල මෙහෙයුම් පද්ධතිය වන්නේ. Intel, Asus වැනි සමාගම් නිපදවන ඒවායේ වින්ඩෝස් අඩංගු වෙනවා. එවිට වින්ඩෝස් බලපත්‍රයටත් මුදලක් එකතු වෙනවා.

රූපවාහිනියකට Stick PC එකක් HDMI හරහා සබඳා ඇති ආකාරය (telepresenceoptions.com)

ප්‍රමාණයේ කුඩා බව නිසාම මේවායේ එන්නේ Onboard graphics තමයි. එනිසා හොඳ ප්‍රොසෙසරයක් නම් ලබාගත හැකි ග්‍රැෆික් සහාය මඳක් වැඩියි. Intel ඇතුළු අන් සමාගම්වල Atom ප්‍රොසෙසරයත්, Raspberry Pi හි Broadcom ප්‍රොසෙසරයත් බහුලව දකින්නට ලැබෙනවා. Atom ප්‍රොසෙසර්වල Intel HD වැනි ග්‍රැෆික් හැකියාවන් ඇති නිසා එය වැඩි බලයක් ලබා දෙනවා. එසේම, අවම වශයෙන් 1GHz පමණවත් වූ ප්‍රොසෙසරයක් නම් හොඳයි. RAM එකත් වැඩිවන තරමට හොඳ බව අමුතුවෙන් කිව යුතු නැහැ.

පහසුකම් සැලකීමේදී SD card ඇතුළත් කළ හැකි බව, USB port ප්‍රමාණය, WiFi හා Bluetooth තීබීම, අවශ්‍යතාව අනුව LAN පෝට් එකක්, උපාංගයේ විශාලත්වය ආදී දේවල් ලැයිස්තුගත කළ හැකියි.

2018 වසරේ හොඳම Stick PC

Stick PC අතුරින් 2018 වර්ෂය වන විට (මිල නොසලකා) ඉදිරියෙන්ම සිටින ඒවා කිහිපයකුයි මේ.

Intel Compute Stick CS525

digitaltrends.com

Intel Core M ප්‍රොසෙසරයක් අඩංගු කර ඇති මෙහි 4GB RAM එකක් තිබෙනවා. සාමාන්‍ය හාඩ් (HDD) වලට වඩා වැඩි වේගයක් ඇති eMMC තාක්ෂණයේ 64GB අභ්‍යන්තර ධාරිතාවක් මෙහි අඩංගු වන අතර Wi-Fi, Bluetooth, 4K HDMI ප්‍රතිදානයක්, USB 3.0 සහිත port 3ක් ද තිබෙන නිසා උපරිම හැකියාවක් ලබා ගත හැකියි. මාදිලි තුනකින් යුත් මෙහි එකක (STK2m3W64CC මාදිලියේ) Windows 10 ස්ථාපිත යි.

Azulle A-1063

amazon.com

1.44 GHz වේගයක් ඇති Intel Atom Z8300 ප්‍රොසෙසරයක් සහ Intel HD Graphics මෙහි අඩංගුයි. මාදිලි තුනකින් ඇති මෙය 2GB RAM එකක් සහිත අභ්‍යන්තර ධාරිතාව 32GB එකක්, 4GB RAM – 32GB සහ 4GB – 64GB ලෙස ලබා ගන්නට පුළුවන්. ඒවායේ USB 2.0 port එකක්, USB 3.0 port එකක් හා dual band WiFi, Bluetooth 2.4 තිබෙනවා. මෙහි 2GB මාදිලිය ඇමසන්හි රුපියල් විසි පන්දහසකට පමණ නම් කර තිබෙනවා.

Intel CS125

aolcdn.com

Quad-Core Intel Atom x5-Z8300 ප්‍රොසෙසරයක් සතු CS125 සතුව 2GB RAM එකක් සහ 32GB අභ්‍යන්තර ධාරිතාවක් තිබෙනවා. එහි Wi-Fi, Bluetooth, HDMI, USB 2.0 සහ USB 3.0 පෝට් එක බැගින් අඩංගුයි. මාදිලි හතරක් ඇති මෙහි දෙකක වින්ඩෝස් 10 ස්ථාපිතව ඇති අතර Atom Z3735F ප්‍රොසෙසරයක්, 1GB RAM සහ 8GB ධාරිතාවක් ඇති අඩු මිල මාදිලියක් උබුන්ටු ස්ථාපිතව ලබා ගන්නටත් පුළුවන්.

Asus VivoStick PC (TS10)

amazon.com

Asus සමාගමේ Stick PC එකෙහි ද Intel Atom x5 ප්‍රොසෙසරයක් තිබෙනවා. Windows 10 Home වෙළුම ස්ථාපිතව ලැබෙන මෙහි Intel HD Graphics, 2 GB RAM, 32GB eMMC ධාරිතාවක් මෙන්ම HDMI, WiFi, Bluetooth v4.1, විදුලිය ලබා ගැනීමට Micro USB එකක්, USB 3.0 සහ USB 2.0 පෝට් එක බැගින් හා Audio Jack එකක් අඩංගු යි.

Intel CS325

ytimg.com

Intel Core M ප්‍රොසෙසරයක් අඩංගු CS325 සතුව 4GB රැම් එකක් සහ 64GB ධාරිතාවක් තිබෙනවා. Wi-Fi, Bluetooth, 4K HDMI, USB 3.0 පෝට් 3ක් මෙය සතුයි. ඉහළම මාදිලියේ m5-6Y57 ප්‍රොසෙසරයකුත්, අනෙක් දෙකෙහි m3-6Y30 ප්‍රොසෙසරයකුත් තිබෙන අතර එකක (STK2M3W64CC මාදිලියේ) වින්ඩෝස් 10 ස්ථාපිත යි.

කවරයේ ඡායාරූපය: windowscentral.com

Related Articles