Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Storage Management ටෙක් හැක්ස් සහ ටෙක් ටිප්ස්

පරිගණකය වගේ ජංගම දුරකථනයත් නිතර දෙවේලේ භාවිත කරන ඔබටත් මටත් අපේ සමහර වැඩ කරගන්න පොඩි පොඩි ලෙහෙසි ක්‍රම එහෙම නැති නම් හැක්ස් වගේ දේවල් හොයා ගන්න එකෙන් අදාළ වැඩේට යන වෙලාව සෑහෙන්න ඉතුරු කරගන්න හැකියාව ලැබෙනවා. විශේෂයෙන් ම පැය 24න් වැඩි වෙලාවක් තාක්ෂණික උපාංග එක්ක ගෙවන බොහෝ දෙනකුට මේ ලිපිය බොහෝම වටීවි. මේ කියන්න යන්නේ එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරගන්න උදව් වෙන ටෙක් හැක්ස් එහෙම නැත්නම් ටෙක් ටිප්ස් කිහිපයක් ගැනයි.  

Hard එක Full වෙලා රතු වෙලා ද?

පරිගණකයක වුණත් දුරකතනයක වුණත් අපි නිතර නිතර දත්ත ගබඩා කරද්දී ඒවායේ hard disk එහෙම නැති නම් available space එක නැති නම් ඔබේ උපාංගය slow වීම් වගේ දේවල් වෙන්නත් ඔබට අවශ්‍ය දේවල් ගබඩා කරගන්නත් බැරි වෙනවා. වෙනත් බාහිර දත්ත ගබඩා උපාංගයක් (External Hard/Memory Card) වගේ දේවල් භාවිත නොකර මුලින් ම මේ පියවර අත්හදා බලන්න ඔබට පුළුවන්.  

 Disk Cleanup Option එක – chanukanadun.com  

ඉස්සෙලා ම ඔබ බලන්න ඕනේ ඔබේ Recycle Bin එක Empty කරලාද කියන එක. අපි බොහෝ වෙලාවට Delete කරන දේවල් කෙළින් ම Permanent Del කරන්නේ නැහැ. ඒවා අපි ඉවත් නොකලොත් අපි Recycle Bin එකට ලබා දීල තියෙන ඉඩ පිරෙනකම් ම වගේ ඒ දත්ත එකේ රැඳී තියෙනවා. මේක දැන් බොහොමයක් ජංගම දුරකථන වලටත් අදාළයි.

My Computer / This Pc එකට ගිහින් එකේ පෙන්වන Hard Disk Partition දෙකෙන් එකක් තෝරන්න. ඊට පස්සේ එහි Property වෙත යන්න. ගිහින් එහි තිබෙන Disk Cleanup Option එක වෙත යන්න. එක Select කර scan කරන්න. ඉන් අනතුරුව අවශ්‍ය නොවන cache files වැනි දෑ select කර මකා දමන්න ඔබට පුළුවන්. මේ හරහාත් ඔබේ පරිගණකයේ ඉඩ බොහෝ සෙයින් රැක ගන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් මං නම් මේ ක්‍රමවේදය භාවිත කරද්දී එහා පැත්තේ tab එකට ගිහින් Error Checking එකකුත් කරගන්න අමතක කරන්නේ නැහැ. ඒ හරහා ඔබේ දෘඩ තැටියේ කුමක් හෝ ගැටලුවක් ඇති නම් ඒ ගැන දැනගන්න ඔබට පුළුවන්.  මේ විදිහට ඔබ ඔබේ තිබෙන Hard Disk Partition හැම එකේම මේ scans කරලා අනවශ්‍ය ඒ මකා දමන්න.  තවත් කැමති නම් Disk Defragment එකකුත් කරගන්න ඔබට පුළුවන්.

 Error Checking එක – chanukanadun.com

 

අවශ්‍ය නැති apps, software මකා දමන්න.  ඔබ භාවිත කරන්නේ windows 10 සහිත පරිගණකයක් නම් එහි apps වැනි දෑ සුලබ ව දකින්න පුළුවන්, එත් ඒවා බොහෝ දෙනෙක් භාවිත කරන්නේ නම් නැහැ. මෙයින් ඔබේ පරිගණකයේ යම් ඉඩක් ගන්නවා සේම ඔබේ පරිගණකයේ ක්‍රියාකාරිත්වයක් මන්දගාමී කරවනවා.  Windows key එක ඔබා add or remove programs යන්න search කර ඒ වෙත යන්න. ඒ හරහා ඔබේ පරිගණකයේ install කර ඇති සියලුම දේ බලාගන්න ඔබට පුළුවන්. ඒවගේම ඒවාට ගන්නා ඉඩ ප්‍රමාණයත් දැක බලාගන්න සහ අනවශ්‍ය දේ ඉවත් කරන්න ඔබට පුළුවන්.

හොඳ ම තුන්වන පාර්ශවයේ මෘදුකාංග 

Ninite.com වෙබ් අඩවියට යන්න ගිහින් නොමිලයේ ලබාදෙන  windirstat කියන මෘදුකාංගය install කරගන්න. එය run කර එයට ඔබේ දෘඩ තැටි scan කරන්න අවස්ථාව දෙන්න. ඒ හරහා ඔබට ඔබේ පරිගණයේ ඇති ඉඩ වැඩියෙන් ගන්නා සියලු ම files සහ සියලු විස්තර ලබා ගන්නත් එතනින් අවශ්‍ය නම් ඒවා මකා දමන්න, වෙනත් partition එකකට මාරු කරන්න වගේම ඔබේ පරිගණකය clean කරගන්නත් අවස්ථාව තියෙනවා. 

 windirstat scan එකට පෙර සහ ඉන්  අනතුරු ව ඔබට පෙනෙන ආකාරය – chanukanadun.com

Ccleaner වගේ මෘදුකාංගයක් භාවිත  කරන්නත් ඔබට පුළුවන්. වඩාත් advance ක්‍රමවේද භාවිත කරමින් මේ හරහාත් ඔබේ පරිගණකය clean කරගන්න ඔබට පුළුවන්. නමුත් කියන්න ඕනේ මේකේ භාවිත වන සමහර cleaning ක්‍රමවේද සාමාන්‍ය පරිශීලකයකුට තරමක් සංකීර්ණ වෙන්නත් නොදැන කරන සමහර cleaning task (registry cleaning වැනි ) නිසා ඔබේ පරිගණකයට හානි වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. ඒවගේම ඔබ Browser cache, cockies වගේ දේවල් මකා දමද්දී එයින් ඔබේ වෙබ් බ්‍රව්සරයේ ක්‍රියාකාරීත්වයට බාධා පැමිණෙන්න පුළුවන්.  සහ ඔබ එයට passwords වැනිදේ ඇතුළත් කර තබනවා නම් ඒවා google වැනි සේවාවක් සමඟ sync වී නොතිබුනොත් ඒ සියල්ල මැකී යන්නත් ඉඩ තිබෙනවා. එනිසා මෙවැනි තුන්වන පාර්ශවීය මෘදුකාංග භාවිතයේ දී බොහොම සැලකිලිමත් වෙන්න. 

 ජංගම දුරකථනවල ඉඩ?

ඔබේ පරිගණකයේ වගේම ඔබේ දුරකතනයෙත් යම් යම් ක්‍රියාවලීන් සිදු වෙද්දී cache ෆයිල්ස් වැනි දේ නිර්මාණය වීම අතිශය සාමාන්‍ය දෙයක්. පරිගණකයේ තරම් අපි බොහෝ දෙනෙක් දුරකතනයේ මේ cleaning ක්‍රියාවලිය ගැන එතරම් උනන්දුවක් දක්වනෙන් නැහැ. 

ඔබේ ජංගම දුරකතනයේ මේ cleaning ක්‍රමවේද සඳහා බොහෝ විට ද්‍රරකතනය තුළින් ම ඔබට පහසුකම් සපයනවා. ඔබේ File Manager app එක ඇතුළට ගියහම ඔබට මේ cleaning පහසුකම දැකබලා ගන්න පුළුවන්.  මේ හරහා ඔබ සතු ව තිබෙන භාවිතයට නොගන්නා apk files ඇතුළු බොහෝ දේ මකා දමන්න ඔබට පුළුවන්. ඒවගේම වැඩි ම ඉඩක් ගන්නේ කුමන files සඳහාද? එක වගේ ෆයිල්ස් එසේ නොමැති නම් duplicate files තිබේ ද? වගේ බොහෝ දේ මේ හරාඅ ඔබට පෙන්වනවා. අවශ්‍ය නැති සියලු දේ මකා දමන්න ඔබට මෙතැනදීම පුළුවන්.

 ජංගම දුරකතනයේ Cleaning පහසුකම – chanukanadun.com 

 

ඔබේ File manager හි ඒ පහසුකම නැත නම් ඔබට පුළුවන් Xiaomi Fileexplorer, Google Files, වැනි නොමිලයේ ලබාදෙන app එකක් වෙත මාරු වෙන්න. මේ හරහා ඔබට Cleaning පහසුකම ඇතුළු පහසුකම් ගණනාවක් අත් විඳින්න පුළුවන්.  

පරිගණකයේ වගේ ම ඔබට මේ වෙනුවෙනුත් තුන්වන පාර්ශවයේ apps භාවිත කරන්න පුළුවන්. Cc Cleaner mobile app එක ඔබට භාවිත කරන්න පුළුවන් මේ වෙනුවෙන්.  ඉතාම ලෙහෙසියෙන් නොමිලයේ ලබාදෙන සංස්කරණය භාවිත කරලා වුණත් ඔබේ දුරකථනය clean කරගන්න මේ හරහා ඔබට පුළුවන්. 

භාවිතයට නොගන්නා apps මකා දමන්න. බොහෝ විට අපි යම් විශේෂිත කාර්යක් කරගන්න පමණක් app එකක් දාගන්න වෙලාවල් තියෙනවා. බොහෝ වෙලාවට අපි ඒවා නැවත ඉවත් කරන්න එතරම් ම සැලකිලිමත් වෙන්නේ නම් නැහැ. විනාඩි 10ක් ඔබේ කාලය අරගෙන ඒ apps මකා දමන්න. තවත් ඔබ කැමති නම් භාවිත නොකරන system appsවල updates uninstall කරලා disable කර දමන්නත් ඔබට පුළුවන්. 

* දුරකතනයේ හෝ පරිගණකයේ ඉඩ නොමැති වීම වෛරස ක්‍රියාකාරීත්වයක් නිසා සිදුවූ දෙයක් වෙන්නටත් පුළුවන්. එනිසා ඔබේ පරිගණකයේ සහ දුරකතනයේ මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කර තබා ගන්න ලෙසත් අවශ්‍ය නම් තෙවැන පාර්ශවීය ආරක්ෂණ මෘදුකාංගයක් භාවිත කරන්නත් අපි ඔබට මතක් කරනවා.  

කවරයේ ඡායාරූපය: www.pandasecurity.com

මූලාශ්‍ර:

Ninite.com
Play.google.com
Ccleaner.com

Related Articles