Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තුනී සහ සැහැල්ලු ලැප්ටොප් – 2019

දැනට වෙළඳපොළ දකින්නට ඇති සැහැල්ලුම ලැප්ටොප් කිහිපයක් අප තෝරාගත්තා. මේවා බරින් අඩු සහ ගෙන යාමට පහසු නිසා නිතර ගමන් බිමන් යන කෙනෙක්ට වඩාත් උචිත ඒවා වෙනවා. මේවායේ Dedicated graphics නැහැ. මිල රු. ලක්ෂය සහ ඉන් එපිට වෙනවා. එනිසා ලැප්ටොප් එකේ පෙනුමට සහ දිගු කාලයක් උකුල මත තියාගෙන සිටිය හැකි තරම් බරින් අඩු එකක් හොයන ඔබට මේ ලැයිස්තුව වැදගත් වේවි. 2019 වන විට ඇති හොඳම ඒවා මෙහි තෝරාගත් නිසා 2018 අග භාගයේ බොහොමයක් ඊට අඩංගු වුණා.

Dell XPS 13

බැටරි ප්‍රමාණය බැලීමට LED පේළියක් වම්පස තිබෙනවා (aolcdn.com)

සංයුක්ත සැකැස්මකින් සහ රෝස රත්‍රං සහ සුදු මුසු කරගත් වර්ණ වලින් සකසා ඇති මෙය 4K තිරයක් ගෙන එනවා. තිර‍යේ දාර ඉතා සිහින්ව සකසා ඇති අතර ඉහළ මිල මාදිලිවල එය ස්පර්ශ තිරයක් බවට පත් වෙනවා. Thunderbolt 3 පෝට් 2ක් සහ USB-C පෝට් එකක් පමණක් ගෙන එන මෙහි HDMI හෝ USB Type-A පෝට් යොදා නැති නමුත් USB-C පෝට් එකට සබඳා USB-A ලබා ගතග හැකි ඩොන්ගල් එකක් ලැබෙනවා.

බැටරි බල ප්‍රමාණය බලාගැනීමට විදුලි බුබුළු 5ක්, MicroSD card slot එකක් අඩංගු කර තිබෙනවා. Power button එක මත Fingerprint scanner එකක් අඩංගු කර තිබෙනවා. Core i7-8565U ප්‍රොසෙසරයක් සමග Intel UHD 620 ග්‍රැෆික් පහසුකම් මෙහි අඩංගු වන අතර 512GB හෝ 1TB SSD සහිත මාදිලිවලින් ද යුතු යි. බර කිලෝ ග්‍රෑම් 1.2ක් වෙනවා. අන්තර්ජාල වෙළඳපොළෙහි මෙහි මිල $900 හෙවත් රු. 158,500 පමණ වෙනවා.

Lenovo Yoga C930

තිරය අංශක 360ක් කැරකැවිය හැකියි (laptoping.com)

අංශක 360ක් දක්වා තිරය සහිත පියන කරකවා ටැබ්ලට් එකක් කරගන්නට හැකි මෙය සමග Stylus එකක් ලැබෙනවා. තිරය අඟල් 13.9 යි. 720p කැමරාව වැසිය හැකි පියනක් තිබෙනවා. ඇතැම් මාදිලිවල IR සංවේදකයක් අඩංගු කර ඇති අතර ඉන් Facial recognition (මුහුණ මඟින් අගුළු හැරීම) කළ හැකියි. Thunderbolt 3 වෙත සහාය දක්වන USB Type-C පෝට් දෙකක්, USB 3.1 පෝට් එකක් සහ Headphone jack එකක් තිබෙනවා.

Intel Core i7-8550U ප්‍රොසෙසරයක්, 8GB සිට 12GB දක්වා RAM එකක්, 256GB සිට 2TB දක්වා PCI Express SSD ධාරිතාවන්ගෙන් යුත් මාදිලිවලින් මෙය ලබා ගත හැකියි. Intel UHD 620 ග්‍රැෆික්ස් අඩංගුව තිබෙනවා. බරින් කිලෝ ග්‍රෑම් 1.4ක් වනවා. අන්තර්ජාල මිල $1150 හෙවත් රු. ලක්ෂ 2 ඉක්මවනවා.

LG gram 15

කැමරාව තිරයේ පහළ දාරයේ තිබීම අවාසිදායකයි (techhive.com)

කිලෝ ග්‍රෑම් 1ක් තරම් බරකින් යුතුව අඟල් 15.6ක තිරයක් සමග එන මේ Notebook එක නැනෝ-කාබන් මැග්නීසියම් වලින් සකසා තිබෙනවා. කීබෝඩ් එකේ backlight එකක් තිබෙන අතර එහි දීප්තිය මට්ටම් දෙකකට වෙනස් කරන්නට පුළුවන්. කීබෝඩ් එකේම දකුණු පස ඉහළ ඇති Power button එක මත Fingerprint scanner එකක් තිබෙනවා. තිරය Full HD වන අතර ස්පර්ශ තිරයක් වෙනවා.

Intel Core i7-8550U ප්‍රොසෙසරයක්, 16GB RAM ධාරිතාවක් සහ 1TB SSD එකක් මෙහි අඩංගු වෙනවා. බැටරිය වොට්-පැය 72 යි. USB 3.0 Type-A සහ Thunderbolt 3 වෙත සහාය දක්වන USB-C පෝට් සහ HDMI පෝට් එක බැගින් මෙහි අඩංගු වෙනවා. මේ හා ලැබෙන USB-C-to-Ethernet ඇඩැප්ටරය නිසා වයරයක් හරහා අන්තර්ජාල සබඳතාව ලබාගන්නටත් පුළුවන්. ඇමසන් හි මිල $996.99 හෙවත් රු. 1,75,000 පමණ අගයක් දක්වා තිබෙනවා.

Acer Swift 15

Dolby Audio ශබ්ද හැකියාවන්ගෙන් යුතුයි (oktawave.com)

අඟල් 15.6ක තිරයක් ගෙන එන මෙහි පැය 10කට වඩා වැඩි බැටරි ආයු කාලයක් තිබෙනවා. Intel UHD 620 ග්‍රැෆික් පහසුකමින් යුත් අතර, Full HD ස්පර්ශ තිරයක් අඩංගු යි. Intel Core i5-8265U ප්‍රොසෙසරයක් 8GB RAM එකක් සහ 256GB SSD ධාරිතාවක් සහිත යි. අවශ්‍ය නම් එය 16GB RAM සහ 512GB SSD දක්වා වැඩිකර ගත හැකියි. කීබෝඩ් එකට Backlight එකක් තිබෙන නිසා අඳුරේ දී භාවිතයට පහසු යි. කීබෝඩ් එකට පහළින් Fingerprint scanner එකක් තිබෙනවා.

USB 3.1 Type-C port එකක්, USB 3.0 Type-A ports දෙකක්, HDMI port එකක් සහ audio jack එකක් මෙහි අන්තර්ගත කර තිබෙනවා. 720p වෙබ් කැම් එක, ‍බැටරි ආයු කාලය මෙහි වාසි බවට පත්වන අතර මේ මිල පරාසයේ අනෙක්වා සමග සසඳද්දී Thunderbolt 3 පෝට් එකක් සහ SD card reader එකක් නොමැති බව දැකිය හැකියි. මිල $1000 හෙවත් රු. 176,000 පමණ වෙනවා.

Apple Macbook Air 2018

Mac OS ධාවනය වන නිසා Windows අවශ්‍යතාවන්ට නොගැලපෙයි (consumentenbond.nl)

තිර ප්‍රමාණය අඟල් 13ක් නමුත් ඇපල් Macbook සතු විශේෂාංගයක් වන Retina display එක නිසා තීව්‍ර වර්ණ අත්දැකීමක් ලැබෙනවා. ඉතා තුනී නිමාවක් ඇති මෙහි Touch bar එකක් සහ Fingerprint reader එකක් ද අන්තර්ගත යි. 3.5mm headphone jack එකක් සහ USB Type-C පෝට් 2ක් පමණක් මෙහි අඩංගු වෙනවා. Force Touch trackpad එකක් ඇති අතර පැය 12ක බැටරි ආයු කාලයකින් ද යුතු යි.

16GB දක්වා වූ RAM අගයකින්, 1.5TB දක්වා වූ SSD එකකින් ලබා ගත හැකි මෙහි ඇත්තේ Intel Core i5 ප්‍රොසෙසරයක්. බර කිලෝ ග්‍රෑම් 1.2 යි. ඇපල් නිල වෙබ් අඩවියේ මිල සඳහන් කර ඇත්තේ $1199 හෙවත් රු. 2,10,000 පමණ මිලකට යි.

Asus ZenBook S

දිගහැරි විට කීබෝඩ් එක එසැවෙනවා (notebookcheck.net)

කිලෝ ග්‍රෑමයක බරකින් යුතු මෙහි අඟල් 13.3ක තිරයක් තිබෙනවා. ස්පර්ශ තිරයක් වන එය 4K resolution එකකින් සතු වීම විශේෂත්වයක්. 1.8GHz Core i7-8550U ප්‍රොසෙසරයක්, 16GB RAM ධාරිතාවක් සහ 512GB PCI Express SSD එකක් මෙහි අඩංගු කර තිබෙන අතර ග්‍රැෆික් සඳහා ඇත්තේ ප්‍රොසෙසරයෙන්ම ලැබෙන Intel UHD 620 පහසුකම යි.

මෙහි පියන දිගහරිද්දී කීබෝඩ් එක ඉහළට එසැවී අංශක 5.5ක ආනත හැඩයක් ගැනීම වෙනත් ලැප්ටොප්වල වැඩිපුර දකින්නට නැති විශේෂාංගයක්. Asus සමාගම එය ErgoLift hinge ලෙස හඳුන්වනවා. ආරෝපණය කිරීමට USB Type-C පෝට් එකක්, Thunderbolt 3 ports දෙකක් හා audio jack එකක් මෙහි අඩංගු යි. Type-C-to-HDMI ඩොන්ගල් එකක් ලැබෙන නමුත් microSD card slot එකක් නැහැ. මිල $1538 හෙවත් රු. 2,70,000 පමණ වෙනවා.

කවරය: ignimgs.com

Related Articles