Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වර්ෂයේ හොඳම ගැජට් 10ක්

දන්නෙම නැතුව අවුරුද්දක් ගෙවිලා ගියාට තාක්ෂණික උපාංග අපව අවුරුද්ද පුරාම වසාගත්තේ තරගෙට වගේ. මේ අවුරුද්දේ අපිට දකින්න ලැබුණු අලුත් දේවල් අතරේ Notch එකක් තිබෙන, මුහුණත වැඩි ප්‍රමාණයෙන් තිරයෙන් ආවරණය වුණු smartphone, AI කටයුතු ස්වාධීනව කරන්නට පුළුවන් NPU එකක් ඇති ප්‍රොසෙසර් ප්‍රධාන තැනක් ගත්තා. ඒ විතරක් නෙවෙයි, සැම්සන්ග් සමාගම නැවිය හැකි තිරයක් සහිත ෆෝන් එකකුත් ලබන වසරේ ගෙන එන බවට ඉඟි පළ කළා. ඒ හැමදේම අතරේ අපිට දකින්නට ලැබුණු විවිධ ක්ෂේත්‍රවල හොඳම ගැජට් 10කුයි මේ ගෙන එන්නේ.

දුරකතනවලින් Samsung Galaxy S9 Plus

මිලට සාපේක්ෂව හැකියාවෙන් ඉදිරයෙන් සිටි S9+ (expertreviews.co.uk)

තිර ප්‍රමාණය අඟල් 6.2කින් යුත් S9 දුරකතනය Snapdragon 845 ඇමරිකාවටත්, Exynos 9810 ප්‍රොසෙසරය ලොව අනෙකුත් රටවලටත් යොදමින් නිපදවනු ලැබුවා. Android 8 ධාවනය වන එය 1440 x 2960 තිර විභේදනයක්, 6GB රැම් එකක්, 64GB හෝ 128GB අභ්‍යන්තර ධාරිතාවන් සහ 3,500mAh බැටරියකට හිමිකම් කිව්වා. එහි පසුපස කැමරා දෙක 12MP ද ඉදිරිපස කැමරාව 8MP ද වුණා. මනා සිත්ගන්නාසුළු නිමාවකින් යුතු වූ එය දුරකතනය දෙපසින් වැඩි ප්‍රමාණයක්ම තිරයට වෙන් කරදුන්නේ මිල අනුව අනෙක් දුරකතන මාදිලිවලට සාපේක්ෂව වැඩි නූතන පහසුකම් රැසක් ගෙන එමින්.

Samsung S9 දුරකතනවල තිබූ විශේෂේතවයක් නම්, අඩු ආලෝක මට්ටමක දී වුවත් හොඳ ඡායාරූප ගැනීමට හැකි වීම යි. f/1.5 අගයක උපරිම aperture එකක් ඇති එහි කැමරාවන් මේ වසරේ බිහි වූ ඉහළ පෙළ දුරකතනවලින් හොඳම කැමරාව සහිත දුරකතනය වූවා.

ටැබ් පරිගණකවලින් iPad 9.7

Apple pencil සමග තවත් සවිබල ගැන්වෙයි (mobilesyrup.com)

මේ වසරේ දකින්නට ලැබුණු ටැබ්ලට් අතුරින් ඇපල් සමාගම ඉදිරියට එන්නට සමත් වුණේ Apple pencil සමග වැඩි හැකියාවන් ප්‍රමාණයක් එක් කර ගැනීමත් සමග යි. එය LED-backlit Multi-Touch IPS තිරයක්, 2048×1536 තිර විභේදනයක්, 264 ppi අගයක් මෙන්ම ඇඟිලි සලකුණු නොපිහිටන ආලේපයකින් ද යුතු යි. පසුපස 8MP කැමරාවක් ඇති අතර Hybrid IR ෆිල්ටරයක්, පසුපස දීප්තියක්, ශරීර සහ මුහුණු හඳුනාගැනීමේ හැකියාවක්, ƒ/2.4 විවරයක්, 1080p HD වීඩියෝ සහ 120 fps Slo‑mo වීඩියෝ ගැනීමේ හැකියාව තිබෙනවා. 469gක බරින් යුතු මෙය A10 Fusion ප්‍රොසෙසරයෙන් බල ගැන්වුණා.

ලැප්ටොප්වලට නව මානයක් ගෙන ආ Huawei MateBook X Pro

මැක්බුක් පරදන Huawei Matebook X Pro (stuff.tv)

Huawei සමාගමේ මේ වසරේ ලැප්ටොප් එක ලොව හැම කෙනෙක්ගේම සිත්ගත් එකක් බවට පත්වුණා. අභ්‍යන්තර සවි බලයෙන් සහ හොඳ පෙනුමකින් යුතු වූ එය මාදිලි දෙකකින් වෙළඳපොළට නිකුත් වුණා. 8th Gen Intel Core i5 සහිත මාදිලියේ Intel UHD Graphics 620 ග්‍රැෆික් ප්‍රොසෙසරයක්, 8GB රැම් එකක් සහ 256GB SSD එකක් අඩංගු වුණා. Core i7 මාදිලියේ Nvidia GeForce MX150 2GB GDDR5 ග්‍රැෆික් ප්‍රොසෙසරයක්, 16GBක රැම් අගයක් හා 512GB SSD එකක් අඩංගු වුණා. තිරය අඟල් 13.9ක් සහ 3K (3,000 x 2,080) resolution එකකින් සමන්විත යි.

එහි තිබූ විශේෂත්වයක් වූයේ තිරය 91%ක් තරම් වැඩි ප්‍රමාණයක විහිදී යාම යි. එය touch screen එකක් වගේම, ඇඟිලි සලකුණු වලට ප්‍රතිරෝධී යි. කීබෝඩ් එක Backlit සහ ජලයට ඔරොත්තු දීම, Power button එක මතම ඇඟිලි සලකුණු සංවේදකය පිහිටා තිබීම එයට තවත් වටිනාකමක් එක් කරනවා. ඔබට මේ ගැන අපේ MateBook X Pro ලිපියෙන් කියවන්න පුළුවන්.

සුවිසල් තිර ආවරණය කළ PS4 Pro

PS4 Pro අසුරණය (amazon.in)

Sony සමාගම 4K TV තිබෙන අයට ද උපරිම අත්දැකීමක් ලබා ගත හැකි පරිදි මේ වසරේ දී හඳුන්වා දුන් PS4 Pro, 4.20 TFLOPS GPU එකක් සහ AMD Radeon මත පදනම් වුණු graphics engine එකක්, GDDR5 8GB සහ DDR3 1 GB රැම් අගයක්, USB 3.1, HDMI 2.0a, Ethernet, Bluetooth 4.0 සතු වූවා සේම උපරිම Controllers ගණන 4ක් දක්වා සහාය දැක්වූවා. තිර විභේදනය 3840 × 2160 සහ අභ්‍යන්තර ධාරිතාව එහි 1TB වූවා.

රූපවාහිනී නව්‍යකරණය කළ Samsung Q9FN QLED TV

එය හුදෙක් බිත්තියේ එල්වූ ඡායාරූපයක් වගේයි (h-m-entertainment.com)

සැම්සන්ග් සමාගමේ QLED තාක්ෂණය 2018 වසරේ තිරයන්ට නව මුහුණුවරක් ගෙන ආවා. හොඳ දීප්තියකින් මෙන්ම වඩාත් ඉහළ වර්ණයන්ගෙන් යුතු වූ එය පෙර වසරේ නිෂ්පාදනවල තිබූ contrast ගැටළු විසඳාලූවා. ඒ, QLED ක්වන්ටම් Dots හරහා යි. Q9FN රූපවාහිනිය සතු HDR10+ සහ Q HDR EliteMax තාක්ෂණයන් නිසා වැඩි පරාසයක නොවෙනස් දර්ශනයන් එයට ලැබී තිබෙනවා. අඟල් 55, 65, සහ 75ක තිරයක්, ඉහළ ගුණාත්මක බවකින් යුක්ත ශබ්ද මාධූර්යයක් මේ හරහා ලැබෙනවා.

බිත්තියට සවි කිරීමේ දී Wall mount එක සඳහා ඉඩ වැය නොවන නිසා එය ඡායාරූපයක් මෙන් සවිවනවා. නිවසේ එල්ලූ ඡායාරූපයක් මෙන් Ambient mode එක හරහා එය ක්‍රියාත්මකව තබවන්නට පුළුවන් නිසා Off කර ඇති විට, සම්ප්‍රදායික ටීවී එකක් මෙන් එය කළු පැහැති කොටුවකින් බිත්තිය අරක් ගන්නේ නැහැ.

පැළඳුම් අතරින් ඉදිරියෙන් සිටි Fitbit Versa

Smart Watch එකක විශේෂාංග ද සහිතයි (wired.com)

අතේ පැළඳි විට අඩු බරක් දැනෙන Fitbit Versa ෆිට්නස් ට්‍රැකර් එකට මීටර් 50ක් තරම් වතුර යට තිබුණත් කිසිම ගැටළුවක් නැහැ. එය ශාරීරික යෝග්‍යතාවයෙන් නොනැවතී Smart Watch එකක ඇති විශේෂාංග ද ගෙන එන අතර iOS සහ Android දුරකතන සමග හොඳින් ක්‍රියා කරනවා. ඩොලර් 199 වැනි මුදලකට ලබා ගත හැකි එයට හෘද ස්පන්දනය මැනීමටත් පුළුවන්. දුරකතනයට එන notifications එය හරහා බලාගත හැකි නිසා දුරකතන ඇමතුම් හෝ මැසේජ් මෙන්ම ෆේස්බුක් notifications ද අතහැරෙන්නේ නැහැ. වෙනත් Fitness band වලට සාපේක්ෂව ඇති ඇති සැහැල්ලු බව හා ප්‍රමාණයෙන් වැඩි තිරය එහි මිලට වඩා වැඩි වටිනාකමක් ගෙන එනවා.

ඡායාරූප කලාවේ ඕනෑ එකකට ඔට්ටු Nikon D850

Nikon D850 කැමරාව (bhphotovideo.com)

Full-frame CMOS සංවේදකයකින් ආ මේ වසරේ Nikon කැමරාව මෙගා පික්සල් 45.4ක අගයක් ගෙන ආවා. Nikon F mount කාචයක්, ඇති එහි අඟල් 3.2ක හැරවිය හැකි touchscreen එකක් තිබුණා. 7fps අගයක්, 4K වීඩියෝ පටිගත කිරීම් සමග එය ආරම්භක මට්ටමේ කෙනෙක්ට වඩා පළපුරුදු කෙනෙක්ට වඩාත් සුදුසු කැමරාවක් බවට පත්වුණා. දැනට දකින්නට ඇති හැම පැත්තකින්ම ඉදිරියෙන් සිටින කැමරාවක් සේ සැලකිය හැකි මෙය ඉතාම හොඳ ගුණාත්මක බවකින් යුතු ඡායාරූප ගෙන එනවා. Wildlife, landscape, සහ portraits සඳහා එය වඩාත් උචිත යි.

ස්මාර්ට් ඔරලෝසු රජු Apple Watch 4

සුපැහැදිලි තිරයක් (9to5mac.com)

ඇපල් සමාගමේ නවතම Apple Watch 4 උපාංගය 2018 වසරේ ඉදිරිපෙළ අසුන හිමිකරගත්තා. S4 64-bit dual-core ප්‍රොසෙසරයක් අඩංගු වූ එය GPS සහ දුරකතන සබඳතාවන් ද දුරකතනයක සහභාගීත්වයෙන් තොරව ස්වාධීනව කළ හැකි ආකාරයේ මාදිලියකින් යුතු වූවා. පැය 18ක් දක්වා ආයු කාලයක් ඇති Li-ion බැටරියක්, ගිගාබයිට් 16ක අභ්‍යන්තර ධාරිතාවක් මෙන්ම විද්‍යුත් හා ප්‍රකාශ හෘද ස්පන්දන මාන දෙකකට එය හිමිකම් කීවා. මීටර 50ක් දක්වා ජලය කාන්දු නොවන නිසා පූල් එකක හෝ මුහුදේ නාන අතරතුරේ එය පැළැඳුවාට කිසිම ගැටළුවක් නැහැ.

VR ලොව ජයගත් HTC Vive

Controllers ද සහිත සම්පූර්ණ උපාංගය (wired.com)

VR රැල්ලෙහි නවමු මානයක් ගෙන ආ මෙහි ඉහළ resolution එකක් තිබීම විශේෂත්වයක් වුණා.1080p ප්‍රමාණයේ දැක්මක් හෙවත් අඩි 13 x 13 කාමරයක අපව තනි කරමින් VR game රසවිඳින්නට එය අවස්ථාව සලසා දෙනවා. වින්ඩෝස් සඳහා සහාය දැක්වීම, දිගු කාලයක් පැළඳ සිටීමේ දී හිසට දැනෙන අපහසුතාවන් අවම කර තිබීම, අංශක 110ක දර්ශන පරාසය, පහසුවෙන් පාවිච්චි කළ හැකි Controllers මෙහි විශේෂාංග බවට පත්වුණා.

හොඳට සින්දු අහන්න Sennheiser Momentum Wireless

වර්ණ දෙකකින් (timeincuk.net)

පරිගණකයෙන් මිදී වෙනත් වැඩක් කරන අතරතුරේ තමන් කැමතිම සින්දු අහන්නට නම් රැහැන් රහිත හෙඩ්සෙට් එකක් අවශ්‍ය වෙනවා. මේ වසරේ හෙඩ්සෙට් අතරින් ඉදිරියෙන්ම සිටි Sennheiser Momentum හෙඩ්සෙට් එක නිතර ගමන් බිමන් යන කෙනෙක්ට වුවත් අඩු ඉඩකඩකින් දාගත හැකි පරිදි හකුළුවා ගන්නට හැකි වන සේ සකසා තිබුණේ නැමුම් ස්ථානවල ශක්තිමත් බව ද සමග යි. 16-22,000Hz පරාසයේ ශබ්ද ආවරණය කළ හැකි එහි පැය 25කටත් වැඩි බැටරි ධාරිතාවක් තිබෙනවා. අඩි 30ක් පමණ දුර රැහැන් රහිතව සබැඳෙන්නට එයට හැකියි.

මේ ලැයිස්තුව බැලුවාම මතක් වෙන එක දෙයක් තියෙනවා. මේවා කොහෙදෝයි ලංකාවේ?? අපි වෙනත් රටවල අන්තර්ජාල වෙළඳපොළ අඩවිවල අපේ සිත්ගත් දේවල් ගොඩක් දැක්කත් ඒවා ගන්න ක්‍රමයක් නැහැ. මොකද ඒ බොහොමයක් ලංකාවට එවන්නේ නැති නිසා. අන්න ඒකට විසඳුමක් eparcel.lk වෙබ් අඩවිය ගෙන එනවා. ඔවුන් ඔබට අවශ්‍ය භාණ්ඩය කිව්වාම දින දෙකකින්ම එය ඔබ කී වෙබ් අඩවියෙන් මිල දී ගෙන ආරක්ෂිතවම ගෙදරට ගෙනැවිත් දෙනවා. ඔබට credit card නැතත්, අදාල වෙබ් අඩවියේ කාඩ්පත් ගෙවීම් නැතත්, FITS Eparcel සේවාව ඔබ වෙනුවෙන් ඒ කටයුතු කරදෙනවා.

මිල ගණන් සහ වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් 0770261351 අංකයෙන් Whatsapp හරහා විමසිය හැකියි.

ඉහත සේවාවන් වලංගු වන්නේ ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සිංගප්පූරුව, හා චීනය යන රටවලින් මිලට ගත හැකි භාණ්ඩ සඳහා පමණි.

කවරය: geekinsider.com

Related Articles