Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩ පහසු කරන ඔබ නොදන්නා වෙබ් අඩවි 

අද වෙද්දී අපි හැමෝගෙ ම දවසේ වැඩි කාලයක් ගෙවෙන්නේ අන්තර්ජාලයත් එක්ක. මේ අන්තර්ජාලයෙන් ම වැඩ පහසු කරගන්න විදිධ වෙබ් අඩවි බොහොමයක් අපට හොයා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපේ වෘත්තීයමය ජීවිතයට එගේම නැති නම් ඉගැනුම් කටයුතුවලට, විනෝදාස්වාදයට වගේම සමාජ ජාලවලත් කැපිලා පේන්න ඔබට උදව් වෙන වෙබ් අඩවි ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. 

1. Code කරන්නේ නැතුව ඔබේ ම App එකක් නොමිලේ හදමු ද? 

Phone එකේ වගේම පරිගණකය මගිනුත් භාවිත කරන්න පුළුවන් app එකක් තියෙනවා කියන්නේ ඔබේ ව්‍යාපාරයට වගේම පෞද්ගලික ජීවිතයට සහ වෘත්තීයමය ජීවිතයටත් තත්ත්වයක් එක් කරන දෙයක්.  ඒත් සාමාන්‍යයෙන් app එකක් develop කරන්න පරිගණක ක්‍රමලේඛනය එහෙම නැති නම් coding දැනගෙන ඉන්න එක අතිශය වැදගත් වෙනවා. ඒ වගේම එහෙම දැනුමක් නැති නම් එහෙම දැනුමක් තියෙන කෙනෙකු ගේ සහය ගන්න යම් මුදලක් වැය කරන්න වෙනවා. 

තාමත් මුල් අවධියේ තියෙන ව්‍යාපාරයකට හරි පෞද්ගලික profile එකක් වගේ නිර්මාණය කරන්න මුල් කාලයේ විශාල මුදලක් වැය කරන එක අපි බොහෝ දෙනකුට ටිකක් අමාරු දෙයක්. හැබැයි jotform.com වෙබ් අඩවියට ගියොත් ඔයාට කැමති විදිහට ලස්සන web based app එකක් නිර්මාණය කර ගන්න හරිම ලෙහෙසියෙන් පුළුවන්.  ඒකේ තියෙන Templates විශාල ප්‍රමාණයකින් ඔයා කැමති එකක් තෝරාගෙන කැමති කැමති විදහට re design කරලා පාවිච්චි කරන්න ඔයාට පුළුවන්.  මේක jotform.com නොමිලේ භාවිත කරනවාට අමතරව තවත් advance පහසුකම් ලබා ගන්න කැමති නම් premium සේවාව මුදල් ගෙවලා ගන්නත් ඔබට පුළුවන්. 

නොමිලේ app හදන්න මෙන්න website එක jotform.com – jotform.com

 

2.Online Photoshop ගැන දන්නවද? 

Adobe සමාගමේ අතිශය ජනප්‍රිය software එකක් තමයි Photoshop කියන්නේ. මේ මෘදුකාංගය මිලෙන් තරමක් අධික නිසා ම ගොඩ දෙනෙක් මේක භාවිත කරන්නේ crack කරලා. හැබැයි Crack කරලා මේ වගේ softwares භාවිත කරන එක නීති විරෝධී වගේම මේවා හරහා malwares, ransomwares වගේ ම virus එහෙමත් ඔයාගේ පරිගණකයට ඇතුළු වෙන්න ඉඩ තියනවා. මේ අවදානමෙන් ගැලවෙන්න වගේ ම Photoshop භාවිත කරන්න තරම් specs එහෙම නැති නම් hardware performance නැති පරිගණකයක් නම් තියෙන්නේ ඔයාට කරන්න පුළුවන් හොඳම දේ. යන්න photopea.com web එකට. ඔයාට සාමාන්‍ය Photoshopවල කරන්න පුළුවන් ගොඩාක් වැඩ මේ වෙබ් එකෙනුත් කරගන පුළුවන් වෙනවා. Psd වගේ ම තවත් බොහොමයක් graphics නිර්මාණයන් කරන්න අවශ්‍ය වෙන File මේ හරහා open කරගන්න ඔයාට පුළුවන්. මේ වෙබ් එකට අමතරව canva.com , pixlr.com වගේ වෙබ් අඩවිවලිනුත් වැඩ කරගන්න ඔයාට පුළුවන්. 

Photoshop වැඩ online කරගන්න – photopea.com 

 

3. බය නැතුව Social Media ඔක්කොම එකපාර handle කරන්න

සමාජ මාධ්‍ය  කිහිපයක් භාවිත කරන කෙනෙක් විදිහට ඒ හැම එකේම දිගට ම post දාන එක අනිවාර්යෙන් ම කරන්න ඕනේ දෙයක්. මොකද සමාජ ජාල බොහොමයක consistency කියන්නේ ගොඩක් වැදගත් දෙයක් නිසා. විශේෂයෙන් ඔයා Social Media influencer කෙනෙක් එහෙම නැති නම් Social Media Content Manager කෙනෙක් වගේ කෙනෙක් නම් මේ සේවාවන් දෙක ඔයාට ගොඩක් වටිනා බව අපේ විශ්වාසයයි. යන්න ifttt.com  / zapier.com වෙබ් අඩවි වෙත ගිහින් ඔබට නොමිලේ ම මේ සේවාවන් යම් යම් limitations යටතේ නොමිලේ ම භාවිත කරන්න පුළුවන්. 

4.Premium templates නොමිලේ ගන්නේ මෙහෙමයි 

Social Mediaවල ලස්සනට වෙනස් විදිහට post දාන්න එහෙම නැති නම් Content හදන්න කැමති නම් වගේම ඔය Professional Content Creator කෙනෙක් Graphic Designer කෙනෙක් වුණත් මේ වෙබ්සයිට් එක ඔයාට ගොඩාක් වැදගත් වෙයි. ඔයාට මේකෙන් ඔයාගේ Content වෙනම level එකක වටිනාකමක් එකතු කරගන්න උදව්වේවි.  යන්න crello.com website එකට මේකෙන් ඔයාට කැමති විදහට templates හොයාගන්න පුළුවන් හරිම ලේසියෙන්. ඒ වගේම ඔය හොයන්නේ Stock images නම් එහෙම නැති නම් high resolution stock videoනම් ඒ හැමදේම මේකෙන් ඔයාට අරගන්න පුළුවන් පුළුවන් වෙනවා. තවත් ලේසි වෙන්න ඔයාට අවශ්‍ය tutorials පවා මේ හරහා ලබාගන්න අවස්තාව තියෙනවා. 

Social Media වල ලස්සනට වෙනස් විදිහට post දාන්න – crello.com

 

5.Hype එකේ ලියන්න කැමති අයට 

අද වෙද්දී ගොඩක් විශ්වවිද්‍යාලවලදී, පාසල්වලදී  වගේම තවත් බොහෝ තැන්වලදී ඔයාලට විවිධ Essay වර්ග, විවිධ Assignment වර්ග එතකොට Social Media post වගේ ම විවිධාකාර Content ලියන්න වෙනවා. ඒ හැම වර්ගයකම Content  හරිම ලේසියෙන් ලියන්න ඔයාට පහසුකම් ;ලබාදෙන සේවාවක් ගැන තමයි මේ කියන්න යන්නේ. hyperwriteai.com තරමක් විශේෂ AI එකක් හරහා එහෙම නැති නම් කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් හරහා ඔබට ඉතාම පහසුවෙන් Content  ලියන්න සහාය දෙන වෙබ් සේවාවක්.

 ඔයා හදාගෙන යන Content එක අතර වාරයේ ලියන්න අමාරු තැනක් එහෙම නැති නම් ඊළඟට ලියන එක හිතාගන්න තරමක් අමාරු අවස්ථාවක් ආවොත් හරිම ලේසියෙන් hyperwriteai.com භාවිත කරලා ඊළඟට ලියන්න ඕනේ දේ ගැන අදහසක් ලබාගන්න ඔයාට පුළුවන් වෙනවා, ඒවගේම ඔයා ලියපු Content එක casual වැඩි වගේ නම් එහෙම නැති නම් formal වැඩී නම් හරිම ලේසියෙන්  hyperwriteai.com භාවිත කරලා ඔය ලියපු දේ කැමති විදිහකට convert කරගන්න suggestions ලබාගන්න ඔයාට පුළුවන්. විශේෂයෙන් ඔයා Adsense වගේ දෙයක් ඉලක්ක කරලා මේ වෙබ් කන්ටෙන්ට් ලියනවා නම් අනිවාර්යෙන් ම මේ වෙබ් අඩවිය ඔයාට ගොඩාක් වැදගත් වේවි.  

කවරයේ ඡායාරූපය- crello.com 

මූලාශ්‍ර:

Hyperwriteai.com 

Ifttt.com 

Zapier.com 

Crello.com 

photopea.com  

Related Articles