Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕන දේකට ඔරොත්තු දෙන, ඔෆිස් වැඩ වලට ම හරි යන AsusPro ලැප්ටොප්

කෙ‍ාවිඩ්-19 වසංගතයත් සමග සෑම ව්‍යාපාරයක්ම තම සේවකයන්ට නිවසේ සිට රැකියා කිරීමේ පහසුකම් සැලසූවා. එසේම ඒ සඳහා ලැප්ටොප් සහ අන්තර්ජාල පහසුකම් සපයන්නටත් බොහෝ ආයතන කටයුතු කළා. එසේ ලැප්ටොප් ලබා දීමේදී සාමාන්‍ය ලැප්ටොප් ලබාදීම එතරම් හොඳ අදහසක් නොවෙයි. ව්‍යාපාරික ගොනුවල ආරක්ෂාව, උපාංගවල ඔරොත්තු දීමේ හැකියාව, IT සහායක් නොමැතිව නඩත්තු කරගත හැකිවීම වගේ දේවල් රැසක් එහිදී සැලකිල්ලට ගත යුතු වෙනවා.

මේ හැම දේටම විසඳුමක් වන්නේ AsusPro ලැප්ටොප් Series එකයි. ඔබ සතුව ව්‍යාපාරයක් තිබෙනවා නම් සේවකටයන්ට ලබාදීමට හෝ, ඔබ රැකියා කටයුතු සඳහා ලැප්ටොප් එකක් තෝරාගන්නවා නම් ඊට හොඳම විකල්පය මෙය වන්නේ ඇයිදැයි අපි සොයා බලමු.

ඉදිරිපස සහ පසුපස පෙනුම

AsusPro P3540F ලැප්ටොප් එකේ තියෙන විශේෂත්වයක් තමයි එය Military Grade පරීක්ෂාවන්ට ලක් කර තිබීම. ඇමරිකාවේ MIL-STD 810G යන සම්මතයට අනුව AsusPro ලැප්ටොප් සකසන නිසා බිම වැටීමක්, කිසිවක ගැටීමක්, දියර හැලීමක් පමණක් නොව අධික උෂ්ණත්ව, අධික උස (altitude) සහ ආර්ද්‍රතාවයන්ට ද ඔරොත්තු දෙන බවට සහතික වෙනවා.

අංශක 180ක් භ්‍රමණය කළ හැකි තිරය

සෙල්සියස් අංශක 43ක උෂ්ණත්වයකට දවස් 3ක් ඔරොත්තු දෙමින් ක්‍රියා කළ හැකි මේ ලැප්ටොප් සෙල්සියස් අංශක 63ක් තරම් අධික උෂ්ණත්වයක දවස් 7ක් ගබඩා කර තැබුවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. එනිසා ශ්‍රී ලංකාවේ පරිසරයටත්, ඕනෑම රැකියාවකටත් ගැලපෙන්න බය නැතුව Asus Pro ලැප්ටොප් එකක් තෝරා ගන්න පුළුවන්.

මෙහි බර 1.7kg ක් නිසා ගෙන යාම පහසු යි. සුපැහැදිලි වර්ණ සහිත තිරයේ ප්‍රමාණය අඟල් 15 යි. තිරය අංශක 180ක් භ්‍රමණය කරන්න පුළුවන්. හානියකින් තොරව 50,000 වතාවක් එය ඇරීම සහ වැසීම කළ හැකි බවට පරීක්ෂා කර තිබෙනවා.

Numeric Keypad එක

ගණිතමය, වෙළඳ හෝ දත්ත සම්බන්ධ රැකියා වලට ගැලපෙන පරිදි Numeric Keypad එකක් ද මෙහි අඩංගු කර තිබෙනවා. Fingerprint Sensor එකක් සහ Windows Hello විශේෂාංග ඇති නිසා ආරක්ෂාව අතින් ද පහසුකම් සලසා තිබෙනවා. Intel® Core™ i5 8265U ප්‍රොසෙසරය, සහ 8GB RAM එක ග්‍රැෆික් කටයුතු හැර වෙනත් ඕනෑම කාර්යාල කටයුත්තකට හොඳින්ම ප්‍රමාණවත්. අවශ්‍යතාව අනුව, මෙය i7 8565U ප්‍රොසෙසරයක් සහ 20GB උපරිම RAM ධාරිතාවකින් ද ලබා ගත හැකියි.

Fingerprint Sensor එක

මේ දිනවල නිවසේ සිටම Online meeting වලට සහභාගී වීමේදී හොඳ කැමරාවක් තිබීමත් වැදගත්. AsusPro ලැප්ටොප් සතු HD 720p CMOS කැමරාව නිසා පැහැදිලි දර්ශන සහිතව රැස්වීම් සමග සම්බන්ධ වෙන්න අවස්ථාව තිබෙනවා. Webcam එක ආවරණය කළ හැකි පියනක් ද තිබෙන නිසා පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නටත් හැකි යි.

කැමරාව ආවරණය කළ හැකියි

ආරක්ෂාව අතින් ගත් කල, මෙහි අනෙක් ලැප්ටොප්වලට වඩා ඇති විශේෂත්වයක් වන්නේ TPM 2.0 security chip එකයි. එය පාස්වර්ඩ් ඇතුළු සංවේදී දත්ත ආරක්ෂිතව ගබඩා කරගන්නා අතර, පරිගණකය boot වෙන්නට ප්‍රථම කිසියම් ආරක්ෂණ ගැටළුවක් හැඟුණහොත් වහාම පිවිසුම් සීමා කරන්නටත් කටයුතු කරනවා. මේ නිසා සංවේදී ව්‍යාපාරික දත්ත වෙනත් කෙනෙක්ගේ අතට ලැප්ටොප් එක හරහා යාම වළකිනවා.

LAN, VGA, සහ HDMI පෝට් මෙන්ම Card Reader එකක් ද මෙය සතුයි. Audio jack එකක්, Type-A USB 3.0 පෝට් 2ක්, Type-C USB 3.0 පෝට් 2ක් ද තිබෙන නිසා ඕනෑම උපාංගයක් සම්බන්ධ කරන්න පහසුවෙන්ම පුළුවන්.

Ports පිහිටා ඇති ආකාරය

බැටරිය පැය 12ක් දක්වා තිබෙනවා විතරක් නෙවෙයි, අවුරුදු 3ක් දක්වා බැටරියට Warrenty එකකුත් ලැබෙනවා. ඒ නිසා අනෙකුත් ලැප්ටොප්වල වගේ බැටරිය ගැන බය වෙන්න කිසිම හේතුවක් නැහැ.

නිවසේ සිට වැඩ කරද්දී ඇතිවන ගැටළුවක් තමයි මොනවාහරි Repair කරගන්න ඕන වුණොත් IT support ගන්න ක්‍රමයක් නැතිකම. ඒත් මේ Military Grade ලැප්ටොප්වලට පහසුවෙන් හානියක් නොවෙනවා වගේම Upgrade එකක් කරගන්නවා නම් ඇණ කිහිපයක් පමණක් ගලවා තමන්ටම සියලු දේ කරගත හැකි පරිදිත් සකසා තිබෙනවා. ඒ වගේම, MyASUS Tool නමැති මෘදුකාංගය දාගත්තාම පරිගණකයේ හැම දෙයක්ම ඉන් පාලනය/විශ්ලේෂණය කරන්නටත් හැකියාව ලැබෙනවා.

ව්‍යාපාරිකයන්ට වඩාත් ගැලපෙන සේ විශේෂිතව සකසා ඇති මේ ලැප්ටොප් එක සාමාන්‍ය ලැප්ටොප් එකක විශේෂාංග ද සමග අමතර ආරක්ෂාවක් ද ලබා දෙන නිසා ඔබේ ව්‍යාපාරයේ සේවක ප්‍රජාවගේ වැඩ පහසු කරන්නට විශ්වාසයෙන් යුතුව ලබා දෙන්නට හැකියාව තිබෙනවා.

මේ ලැප්ටොප් මිලදී ගත හැකි ඔබට ළඟම වෙළඳසල Asus ලංකා වෙබ් අඩවියෙන් දැකගත හැකියි.

Related Articles