Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අන්ධකාරයට එරෙහි අවසන් බලාපොරොත්තුව : Superman 

ලෝකයේ ඕනෑම කෙනකුට සියලු දේ අහිමි වන තැන දී ඉතිරිවෙන්නේ බලාපොරොත්තුව විතර යි. සරල ව ම Superman කියන්නේ බලාපොරොත්තුවේ සංකේතයට. Krypton කියන්නේ තාක්ෂණයේ හිණිපෙත්තට ම ගිහින් එයින් ම විනාශය කරා ගිය ග්‍රහලෝකයක්. Kal-El කියන්නේ ලෝකයේ විනාශයට පෙර එයින් දිවි ගලවා ගන්නට  වාසනාවන්ත වන අවසාන ක්‍රිප්ටෝනියන්වරුන්ගෙන් කෙනෙක්. Jor-El සහ Lara Lor-Van තමන්ගේ එකම දරුවා යානයකට නංවා වෙනත් ග්‍රහලෝකයකට යවන්නේ විනාශයෙන් ඔහු ගලවා ගන්නා අරමුණින් ම විතරක් නෙමෙයි.

Kryptonවලට බැරි වුණත් දවසක Kal-El ඔහු පිටත් කරන අලුත් ලෝකයට බලාපොරොත්තුවේ සංකේතයක් වේවි, ඒ ලෝකයටත් මෙවැනි විනාශයක් වෙන්න ඉඩ නොදේවී කියන අරමුණින්. පුංචි Kal-El ඉන්න යානය එන්නේ පෘතුවියට. Jonathan හා  Martha Kent ගේ ආදරය යටතේ Clark Joseph Kent බවට පත්වන ඔහු පෘතුවියට පතිත වන කහ සුර්යයාගේ බලපෑම නිසාම විශාල ශක්තියකින් හෙබි පුද්ගලයකු බවට පත්වෙනවා. ඔහුගේ පපුවේ දකින්නට ලැබෙන “S” අකුරට සමාන සංකේතය නිසා ම ඔහුට සුපර්මෑන් ලෙස නම් යෙදෙනවා. මේ ලිපියෙන් අද අපි කතා කරන්නේ කොමික් ලෝකයට වගේ ම සැබෑ ලෝකයටත් බලාපොරොත්තුවේ සංකේතය බවට පත්වූ “Man of Steel” ගැන යි.

Jerry Siegel සහ Joe Shuster – wikipedia.org

 

අධිමානසික බලයක් සහිත උන්මන්තකයා සුපර්මෑන්?

කොමික්වල සුපර්මෑන් ගේ මව්පියන් El පවුල වුණත් සැබෑවට ම සුපර්මෑන් නිර්මාතෘවරුන් වෙන්නේ Jerry Siegel සහ Joe Shuster යන තරුණ කොලු ගැටයන් දෙදෙනා යි. ඔවුන් දෙදෙනා ම යුදෙව් සරණාගතයන්. Jerry එවකට පාසල් පුවත්පතට ලියන්නට උත්සුක වුණු කෙනෙක්. Joe කියන්නේ Jerry ගේ ලිවීම්වලට සිතුවම් වලින් පණ දුන්න කෙනා. මේ දෙදෙනා අතරේ මතු වෙන්නේ හරිම අපුර්ව  මිතුදමක්. 

 ඔවුන් සුපර්මෑන් මුල දී නිර්මාණය කරන්නේ අධිමානසික බලයක් සහිත නපුරු පුද්ගලයකු ලෙසින්. “The Reign of Superman”, විද්‍යා ප්‍රබන්ධ සඟරාවක් ඇතුළේ බිහි වෙන්නේ එහෙමයි. පළමු කතාව පළවෙනවාත්  එක්කම මේ තරුණ කොලු ගැටවුන් දෙන්නා මේ සංකල්පය ගැන ටිකක් ගැඹුරින් හිතන්නට තීරණය කරනවා. එහෙම නොකළා නම් අද මේ ලිපිය ලියවෙන්නේ මිනිස් සංහතියේ අවසන් බලාපොරොත්තුව ගැන නම් නෙමෙ යි.

සුපිරි මිනිසා ගේ නව සංකල්පය

නිදි නැති රැයවල් ගණනාවක් පසු වුණා. ඔවුන් දිගින් දිගට ම මේ සුපිරි මිනිසා ගේ නව සංකල්පය වෙනුවෙන් වෙහෙසුණා. අධිමානසික බලයක් සහිත දුෂ්ටයකුට වඩා විශාල ශක්තියක් සහිත සුපිරි මිනිසකු ඔවුන් අතින් බිහි වෙන්නේ එහෙම යි. මේ චරිතය නිර්මාණය කරද්දී සුපර්මෑන් තමන් වගේ ම නන්නාඳුනන ලෝකයකට ඇවිල්ලා තමන් ලෝකයා කොහොම පිළි ගනීවිද කියා බියෙන් ඉන්න කෙනකු බවට ඔවුන් පත් කළා. ඔවුන්ට, අමෙරිකාවේ ජීවත් වන යුදෙව්වන්ට එවකට ජීවිතය දැනුණේ එහෙම යි.

1935 වසර වෙනතුරු ම මේ සුපිරි වීරයා පිළිගන්න මේ ලෝකය, ඒ කියන්නේ පෘථිවිවාසීන් සුදානම්ව සිටියේ නම් නැහැ. සෑම පුවත්පතක් ම සඟරාවක් ම වගේ මේ චරිතය සහිත කොමික්ස් පළ කිරීම ප්‍රතික්ෂේප කළා. නමුත් අවසානයේ National Comics Publications ඔවුන්ට බලාපොරොතු ගෙන ආවා. පසු කාලයක අපි හොඳින් දන්නා DC Comics මේ සමාගමේ අනුප්‍රාප්තිකයෙක්. Action Comics #1 1938 දී එළි දකින්නේ වර්ණවත් සුපර්මෑන් කවරයකුත් එක්කයි.

 Action Comics #1 – supermanhomepage.com

 

මුල් කාලයේ දැන් තරම් බලයක් සුපර් මෑන් සතු ව තිබුණේ නැහැ. පියාඹන්නත් හැකියාව තිබුණේ නැහැ. හැබැයි සුපර් මෑන් මේ විදිහට ආරම්භ කරන්නේ ලෝකය පුරා ලොකු කුඩා රසිකයන් පිනවන සුපිරි වීරයන්ගේ වංශකතාව බව කිසිම කෙනෙක් නොහිතන්නට ඇති. ඉතාම කෙටි කාලයකින් අමෙරිකානුවන් මිලියන 20කට අධික පිරිසක් සුපර් මෑන් වටා එක රොක් වෙන්නට පටන් ගත්තා. මුලින් කොමික් පොතකට සීමා වුණත් ඉන් අනතුරු ව ප්‍රධාන පුවත්පතක කාටුනයක් බවට පත්වෙන්නත් සුපර්මෑන් සමත් වුණා. 

DC සමාගම සුපර් මෑන් ගේ අද්විතීය බලය තේරුම් ගත්තා.  ඒ ගිම්හාන කාලයේ ම සුපර් මෑන්ට ම වෙන් වුණු කොමික් පොතක් නිකුත් කරන්න ඔවුන් තීරණය කළා. මේක ඉතාම නිර්භීත පියවරක් වගේ ම තරමක් අවදානම් පියවරක් වුණා. සුපර් මෑන් කොමික් පොත විකිණුනේ නැති නම් අද වෙද්දී ලෝකයේ හොඳ ම සුපිරි වීරයෙක් කාලයේ වැලිතලාවෙන් වැළලිලා යන්නට ඉඩ තිබුණා.

සුපිරිවීරයාගේ රේඩියෝ කතාව

New York World’s Fair එකේ දී, Thanksgiving Day Parade එකේදී වගේ හැම තැනකදී ම මේ සුපිරි වීරයා දැක ගන්නට පුළුවන් වුණා. මේ කාලය අමෙරිකාවට එතරම් යහපත් කාලයක් නොවුණත් ඒ අපහසු කාලයේ  අමෙරිකා දේශයට බලාපොරොත්තුවේ සංකේතයක් වෙන්නට සුපර් මෑන් සමත් වුණා. “Look! Up in the sky! It’s a bird! It’s a plane! It’s Superman! ” මේ කියුම ඔයාල අහලා ඇතිනේ. මේක මුල් ම වරට සඳහන් වෙන්නේ මේ සුපිරිවීරයාගේ කතාව 1940 දී රේඩියෝ කතාවක් ලෙසින් විකාශය වෙන්නට පටන් ගන්නවා එක්ක.

මේ වටා මිලියන ගණනක් ශ්‍රාවකයන් එකතු වුණු බව ඒ කාලේ ඇස්තමේන්තු ගත කර තිබුණා. මේ රේඩියෝ කතාවේ දී තමයි සුපර් මෑන්ට මුලින් ම පියාඹන්න හැකි වෙන විදිහට ඒ රේඩියෝ පිටපත ලියපු රචකයන් කතාව වෙනස් කරන්නේ. පස්සේ කලෙක DC ආයතනයත් සුපර් මෑන්ට පියාඹන්නට හැකියාව ලබා දෙනවා. ‘Up, up, and away’ කියන වාක්‍යයත් එක්ක තමයි මේ සුපිරි වීරයා රේඩියෝ නාට්‍යවල දී පියාඹන බව ශ්‍රාවකයන්ට අඟවන්නේ.

 සුපර් මෑන් රේඩියෝ කතාවේ හඬ නළුවෝ – townsquare.media

 

සුපිරි වීරයෙක් විදිහට සුපර්මෑන් අතිශය සාර්ථක වුණා. ඒ හා සමාන ව ම සාර්ථක වුණු මිනිසුන් තදින් වැලඳ ගත්ත තවත් එක දෙයක් තිබුණා.ඒතමයි සුපර් මෑන් ගේ දෙවැනි අනන්‍යතාව වන “ක්ලාර්ක් කෙන්ට්”. ක්ලාර්ක් කියන්නේ සාමාන්‍ය ගොවි පවුලක හැදුණු තරුණයෙක්. හැම වෙලේ ම ඇත්ත වෙනුවෙන් පෙනී ඉන්න ජනතාවාදී පුත්පත් වාර්තා කරුවෙක්. මේ අනන්‍යතාව සහිත සුපර් මෑන් එක්ක ලෝකයේ ඕනෑ ම කෙනෙක් සුපිරි බලයක් සහිත සුපිරි වීරයෙක් වෙන්න පුළුවන් කියන එක මිනිස්සුන්ට දැනෙන්න පටන් ගත්තා. සුපර් මෑන් චරිතයට අද තියෙන තැනට එන්නට තවත් බොහොමයක් හැල හැප්පීම්වලට, කඩා වැටීම්වලට මුහුණ දෙන්නට සිදු වුණා. 

රචක සටහන

දන්නවාද සුපර්මෑන් චරිතය හා මුහුවෙන අයට ශාපයකට ලක් වෙන්න වෙන බවට මතයක් පවතිනවා කියලා. ඒ කාරනා ඇතුළු සුපර් මෑන්ගේ ඊළඟ යුගයන් ගැන තොරතුරු ඉදිරියේ දී ඔබට අරගෙන එන්නට අප බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කවරයේ ඡායාරූපය- සුපර්මෑන් චරිතය - nbcnews.com

මූලාශ්‍ර:

nbcnews.com

wikipedia.org

britannica.com

dccomics.com

history.com

Related Articles