Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඕනම TV එකක් Smart TV එකක් කරන හැටි දන්නවද?

‍ගෙදර තියෙන TV එක පරණ නිසා ඒවායේ පරිගණකයක් තබා අඩුම තරමේ ෆෝන් එකේ තියෙන තරම්වත් පහසුකම් නැහැ. දැන් අන්තර්ජාලය අපේ මූලික අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන නිසා ටීවී එකේ විශාල තිරයෙන් Apps දාගෙන TV, චිත්‍රපට බලන්න, ගේම් ගහන්න නම් Smart TV එකක් ගන්න වෙනවා. ඒත් ඒවා මිල අධිකයි වගේම තවමත් හොඳ Smart TV ලංකාවේ නැහැ. ඉතින් ඊට වඩා අඩු මිලකට වැඩි පහසුකම් ලබාගන්න පුළුවන් ක්‍රම ටිකකුයි මේ.

5. Chromecast

Chromecast උපාංගයක් (imgix.net)

කුඩා ප්‍රමාණයේ රවුමක් බඳු Chromecast උපාංගය Google සමාගමේ නිෂ්පාදනයක්. Android මෙහෙයුම් පද්ධතිය ධාවනය වන මෙය සාමාන්‍ය TV එකක් වෙත HDMI හරහා සම්බන්ධ කිරීමෙන් භාවිතයට ගන්න පුළුවන්. එයට බාහිර විදුලි සැපයුමක් ලබා දිය යුතු අතර, WiFi හරහා ක්‍රියාත්මක වෙනවා. ඔබට කේබල් සබඳතාවක් අවශ්‍යනම් ඇඩැප්ටරයක් වෙනම මිලදී ගන්නට සිදු වෙනවා.

මෙහි Netflix, YouTube, HBO, Hulu ඇතුළු ඕනෑම App එකක් Play Store එකෙන් ස්ථාපනය කරගත හැකියි. Chrome හරහා ඔබේ පරිගණක තිරයත්, YouTube වැනි Apps හරහා දුරකතනයත් Mirror කරන්නට හැකි නිසා කුඩා තිරයක් ඔබේ විශාල රූපවාහිනී තිරය මතින් පාවිච්චි කරන්නට හැකි වෙනවා. ඔබට 4K TV එකක් තිබෙනවා නම්, වඩාත් උචිත වන්නේ Chromecast Ultra උපාංගයයි. එය මඳක් මිලෙන් වැඩියි.

Chromecast තවමත් ලංකාවට නිල වශයෙන් හඳුන්වාදී නැහැ. මේ නිසා තෙවන පාර්ශවීය නිල නොලත් වෙළඳුන්ගෙන් ලබා ගන්නට සිදුවන නිසා එහි වගකීම ගැන විශ්වාසයක් තැබීමට හැකියාවක් නැහැ.

4. Apple tv

Apple tv උපාංගය දුරස්ථ පාලකය සමග (theverge.com)

ඔබ Apple රසිකයෙක් නම් ඔබ සතු iPhone හෝ iPad එක පුළුල් තිරයකට ගන්නට Apple tv එක අවස්ථාව දෙනවා. කුඩා ප්‍රමාණයේ පෙට්ටියක් බඳු මෙම උපාංගයට Remote එකක් ලැබෙනවා. එහි Touch පැනලයක් තිබෙන අතර Siri භාවිතයෙන් Voice commands දීමේ හැකියාව ද තිබෙනවා. Apple tv එක ක්‍රියාත්මක කරන්නට iCloud ගිණුමක් අවශ්‍ය වෙනවා. ඒ, App Store එක හරහා Apps ලබා ගැනීමට හා මිලදී ගැනීමටයි.

මෙය HDMI හරහා රූපවාහිනිය වෙත සම්බන්ධ වෙනවා. WiFi හරහා ඔබේ අනෙකුත් Apple උපාංග සමග ද සම්බන්ධ කරගන්නට පුළුවන්. Apple සමාගම සතු සුපුරුදු අපූර්ව සැලසුම්කරණයන් සමග බාහිර පෙනුම ඉතා හොඳින් මෙහි නිර්මාණය කර ඇති බැවින් ඔබේ අනෙකුත් ගෘහ භාණ්ඩ සමග මෙය කැපී පෙනෙනවා. 4K රූපවාහිනී සඳහා පූර්ණ අත්දැකීම ලබන්නට නම් Apple tv 4K උපාංගය වැඩි මිලකට ලබා ගත යුතු වෙනවා.

සුපුරුදු පරිදි Apple උපාංගවල මිල අහස උසට ඇති නිසා ඊටත් වඩා අඩු මිල උපාංග වෙළඳපොළ තිබියදී මෙය තෝරාගැනීමට විශේෂ හේතුවක් දකින්නට නැහැ. නිල වශයෙන් Apple tv ලංකාවට ලබා දී නොමැති අතර එහි රූපවාහිනී සේවාවන් ද අපේ රටේදී භාවිතා කරන්නට නොහැකියි.

3. Amazon FireTV

FireTV Stick එක සහ දුරස්ථ පාලකය (vox-cdn.com)

ඇමසන් සමාගමේ FireTV උපාංගය මාදිලි දෙකකින් වෙළඳපොළ තිබෙනවා. ඒ, Chromecast ආකාරයේ FireTV Stick එකක් සහ Apple tv වැනි කුඩා පෙට්ටියක් බඳු මාදිලියකුයි. Netflix, PBS, CBS, AMC, YouTube වැනි දෙන ලද Apps මෙහි භාවිතා කළ හැකියි. HDMI හරහා රූපවාහිනියට සම්බන්ධ කර, WiFi හරහා එම වීඩියෝ සේවාවන් අත්විඳින්නට පුළුවන්. මේ සමග ලැබෙන Remote එකේ Alexa හරහා Voice commands දීමේ හැකියාව තිබෙනවා. Miracast හරහා දුරකතනයේ තිරය TV එක තුළින් දකින්නට පුළුවන්.

මෙම උපාංගය ඇමරිකාව ඉලක්ක කොට සකසා ඇති නිසා වෙනත් රටවල්වලට ඉන් වැඩි ප්‍රයෝජනයක් ගන්නට නොහැකියි. නිල වශයෙන් ශ්‍රී ලංකාවට අලෙවි නොකරන නිසා බාහිරින් මිලදී ගන්නට සිදුවීම ගැටළුවක්.

2. Raspberry Pi

TV එකට සබඳා ඇති ආකාරය (imgur.com)

කුඩා ප්‍රමාණයේ පරිගණක විශේෂයක් වන Raspberry Pi හුදෙක් Circuit board එකක් වගේයි. ආවරණයක් අවශ්‍ය නම් Casing එකක් වෙනම මිලදී ගන්නට සිදු වෙනවා. සරල සහ සැහැල්ලු Linux මෙහෙයුම් පද්ධති හෝ නොමිලේ ලද හැකි Windows 10 IOT මෙහි ස්ථාපනය කරගන්නට පුළුවන්. HDMI හරහා TV එක පරිගණකයක් බවට පත් කර ගත හැකියි. මෙහි පාලනය සඳහා අවම වශයෙන් කීබෝඩ් එකක් සම්බන්ධ කරන්නට සිදුවන අතර මෘදුකාංග ස්ථාපනය කරගැනීමෙන් පසු WiFi හරහා ස්මාර්ට් දුරකතනයකින් හසුරුවන්නට පුළුවන්.

මෙය සකසා ගැනීමට සාපේක්ෂව ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. RAM සහ CPU ධාරිතාවන් ඉතා අවම නිසා ඉහළ Smart TV හැකියාවන් විඳින්නට නොහැකි වන අතර ලිනක්ස් සහ වින්ඩෝස්වල තවමත් TV apps සීමිත නිසා වැඩි පහසුකමක් අත්විඳින්නට හැකි වන්නේ නැහැ.

1. Dialog ViU Mini

Dialog ViU Mini උපාංගය (dialog.lk)

Google සමාගමේ Android TV මෘදුකාංගය ඔස්සේ ක්‍රියාත්මක වන Dialog ViU Mini උපාංගය Android TV මෙහෙයුම් පද්ධතියෙන් ලද හැකි සියළුම ප්‍ර‍යෝජන සමග ඔබේ TV එක SMART TV එකක් බවට පත්කරවනවා. YouTube වීඩියෝ මෙන්ම Play Store හරහා iflix, Hungama වැනි Apps 5000කට අධික සංඛ්‍යාවක් පමණක් නොව, Games පවා ස්ථාපනය කරගත හැකි නිසා ගෙදර TV එක SMART TV එකක් කරගන්න හොඳම ක්‍රමය තමයි මේ. නිවසේ ස්මාර්ට් විදුලි බුබුළු පාලනය, Googls Maps භාවිතය වැනි ඔබ ෆෝන් එකෙන් කරන බොහෝ දේවල් මෙමගින් කරගන්නට හැකි වෙනවා.

‍Dialog ViU Mini උපාංගයෙහි Google Assistant පහසුකම පවතින අතර, මෙම උපාංගය සමග හිමිවන Remote Controller එකෙන් ඔබේම කටහඬින් Voice Command ලබාදී අවශ්‍ය Games, Movies, play කිරීම, අන්තර්ජාලය හරහා තොරතුරු ලබාගැනීම මෙන්ම, TV එක control කිරීමේ හැකියාවත් පවතිනවා. තවද, වීඩියෝ සොයන්නට, Play, Pause කරන්නට හෝ මාරු කරන්නට වගේම දවසේ කාලගුණය දැනගන්නටත් හැකියාව තිබෙනවා.

Chromecast පහසුකම මෙහි අන්තර්ගත නිසා WiFi හරහා ඔබේ දුරකතන හෝ පරිගණක තිරය TV එක තුළින් දකින්නට පුළුවන්. Bluetooth තිබෙන නිසා Bluetooth Headset එකක් හෝ Joystick එකක් වුණත් සම්බන්ධ කරගන්න අවස්ථාව තිබෙනවා. HDMI port එක හරහා TV එකට සම්බන්ධ වන අතර එකට සම්බන්ධ වන අතර, සජීවී චැනල් (LIVE TV) සමඟ Dialog TV පහසුකම් ඉදිරියෙහි මෙම උපාංගයට එකතු වන බව Dialog ආයතනය පවසනවා.

ශ්‍රී ලංකාව තුළ Google සමාගම අනුමත කළ එකම Android TV උපාංගය වන මෙය වසරක Dialog වගකීම් කාලයක් එක්ක විශ්වාසයෙන් යුතුව පාවිච්චි කළ හැකි වීම විශේෂත්වයක්. මෙහි මිල රු. 7,990ක් වෙනවා. වැඩි විස්තර සඳහා dialog.lk/dialog-viu-mini/ වෙබ් පිටුවට පිවිසෙන්න.

කවරය: androidpolice.com

Related Articles