Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ව්‍යාපාර සඳහා Instagram උපක්‍රම 6ක්

ෆේස්බුක්වලට කරට කර සිටින Instagram සේවාව App Store එකෙහි ද Facebook පසුකොට ඉහළ තලයේ වැජඹෙමින් සිටියි. මේ නිසා ෆේස්බුක්වලටම සීමා නොවී ඉන්ස්ටග්‍රෑම් හරහා ද ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා බොහෝ ව්‍යාපාර යොමුව සිටින අතර, ඔබ තවමත් එසේ කර නොමැති නම් මේ ලිපිය ඊට පුළුල් මාර්ගෝපදේශයක් සපයනු ඇත.

Insights ලබාගන්නට Business profile එකකට මාරු වෙන්න

Business Profile එකක් කරන පියවර (constantcontact.com)

කාලයක් ෆේස්බුක් Pages ගැන නොදත්කම නිසා බොහෝ දෙනෙක් User Profiles සකසන්නට පුරුදුව සිටි බව ඔබට මතක ඇති. නවතම සමාජ ජාල ප්‍රවණතාව වූ Instagram වෙත ද මේ පටලැවිල්ල ඇතිව තිබේ. ව්‍යාපාර සඳහා දැනට තිබෙන User Profile එකක් (හෝ අලුතින් සැකසූවක්) Business Profile එකක් බවට පත් කර ගත හැකි අතර, එමඟින් වැඩි පහසුකම් ලබන්නට අවස්ථාව තිබේ.

වැඩිදුර කියැවීමට: ඉන්ස්ටග්‍රෑම් ගැන කට්ටිය කියන මිථ්‍යා කථා සහ ඒවායේ ඇත්ත නැත්ත

මෙය කිරීම සඳහා ගිණුමේ Profile එකට ගොස් තිරස් ඉරි තුනක් ආකාරයේ (හැම්බර්ගර් මෙනුව) බොත්තම මත ටැප් කර, එහි Account → Switch to Professional Account → Business යන්න ටැප් කරන්න. එහි දී අවශ්‍ය නම්, ෆේස්බුක් පිටුව හා එය Link කළ හැක. අනතුරුව, ව්‍යාපාරයේ Category එක හා ඔබව සම්බන්ධ කරගත හැකි ආකාර පිළිබඳව විස්තර ලබා දී Done ටැප් කරන්න.

මෙසේ සකසා ගත් ව්‍යාපාරික ගිණුමක් හරහා ඔබේ Posts කී දෙනෙක් දැක තිබේ ද, Postsවලට ලැබුණු Likes හා Comments අනුව වඩාත්ම හොඳ Posts මොනවා ද යනාදී විස්තර රැසක් ලබා ගත හැකි වේ. මේවා දැකගැනීමට Profile එකේ ඇති හැම්බර්ගර් මෙනුව හරහා Insights වෙත පිවිසෙන්න.

නිර්මාණශීලී සහ අද්විතීය Hashtag එකක් තෝරාගන්න

Brand එකට ගැළපෙන නවතම එකක් හදාගන්න (ctfassets.net)

Hashtags යනු වචන නිල් පැහැ ගැන්වීමට ඇති “hack” එකක් නොව, එකම වර්ගයකට අයත් Posts වර්ගීකරණය කිරීම සඳහා ඇති ක්‍රමයකි. මෙය Twitter වෙතින් ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත ද පැමිණි අතර #srilanka හෝ #lka වැනි hashtag එකක් වෙත පිවිසුණු විට ශ්‍රී ලංකාවට අයත් Posts එකවර දැකගන්නට හැකි වේ.

වැඩිදුර කියැවීමට: Instagram පින්තූර කිහිපයක් යොදා කළ හැකි Tricks 5ක්

මෙය ව්‍යාපාර සඳහා නිර්මාණශීලීව යොදාගෙන ඇති ආකාරය ප්‍රසිද්ධ වෙළඳ සමාගම්වල ගිණුම් අධ්‍යයනය කිරීමෙන් ඔබට දැකගත හැකි වනු ඇත. උදාහරණයක් ලෙස, කොකා කෝලා සමගම #ShareACoke යන්නත්, RedBull සමාගම #ItGivesYouWings යන්නත් භාවිතා කරයි.

එවන් අද්විතීය (unique) හෑෂ්ටැග් එකක් පාරිභෝගිකයන් එක්තැන් කිරීමට පහසුවෙන් යොදාගත හැකිය. එය ප්‍රචලිත කිරීම සඳහා උදාහරණයක් ලෙස, එම Hashtag එක යොදා ඔබේ නිෂ්පාදනයක ඡායාරූපයක් Post කරන ලෙසත්, එවිට කිසියම් ත්‍යාගයක් ලබා දෙන බවත් කිව හැක.

ඔබේ ප‍ාරිභෝගිකයන්/ ප්‍රේක්ෂකයන්ගේ ස්වභාවය අවබෝධ කරගැනීම

Insightsවලින් පෙන්වන තොරතුරු (pinimg.com)

කෙතරම් මහන්සි වී Posts හැදුව ද ඒවාට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මදි වෙන්නට හේතුව කුමක් විය හැකි ද? ඔබගේ දැනට සිටින ප්‍රේක්ෂකයින් කවුරුන්දැ යි සොයාගැනීමට උත්සාහ කරන්න. ඔවුන්ගේ දෘෂ්ටිකෝණය, අවශ්‍යතා හඳුනාගැනීම වෙළඳ නාමය ගොඩනැගීමට ඉවහල් වනු ඇත.

මෙයට පෙර සඳහන් කළ Insights යොදාගත හැකිය. එහි දැකගත හැකි වන දෑ මෙසේ ය.

  • Impressions: ඔබේ Posts බැලූ වාර ගණන
  • Reach: ඔබේ Posts දුටු අය ගණන (තනි ගිණුමක් එක් අයෙක් සේ සලකා)
  • Website clicks: වෙබ් අඩවිය/ ගිණුම වෙත ලැබුණු Clicks ප්‍රමාණය
  • Video views: පළ කළ වීඩියෝ නරඹන ලද වාර ගණන
  • Saves: පළ කළ Posts, Save කරගෙන ඇති ප්‍රමාණය

මීට අමතරව Followersලාගේ ස්ත්‍රී/ පුරුෂ භාවය, වයස සහ ප්‍රදේශය අනුව පැතිරුම බලාගන්නට ද අවස්ථාව තිබේ. මේවා අධ්‍යයනය කිරීමෙන් වැඩිපුරම සිටින අයට ගැළපෙන පරිදි Posts (හෝ ඇතැම්විට නිෂ්පාදන පවා) වෙනස් කරමින් වඩාත් සාර්ථක Instagram ගිණුමක් සහ ව්‍යාපාරයක් ගොඩනගා ගන්නට ඔබට හැකි වනු ඇත.

Reply කරමින්, Repost කරමින් සුහදශීලී වෙන්න

DM සඳහා Auto Reply සකසන ආකාරය (planoly.com)

Post එක පළ කොට, ඊට නැගෙන ප්‍රශ්න සහ පැමිණිලි ආදියට සක්‍රීයව ප්‍රතිචාර දැක්වීම පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට හොඳ ක්‍රමයකි. එමඟින් රොබෝවකු නොව, මිනිසෙකු Business Profile එක පසුපස සිටින බව පසක් වෙයි.

ලැබෙන Comments ධනාත්මක වුව ද, ඍණාත්මක වුව ද ඒවා Instagram සලකන්නේ Post එකට ලැබුණු ප්‍රතිචාරයක් ලෙස මධ්‍යස්ථ ඇසකින් නිසා එය ගිණුමේ වටිනාකම ඉහළයාමට හේතුවක් වෙයි. එහෙත් සෑම Reply එකකටම එය කියවන්නේවත් නැතිව “අප ඔබව ඉක්මනින්ම සම්බන්ධ කරගන්නෙමු ^inbox” කියා දැමීම පාරිභෝගිකයන්ගේ ඇසට වහ කදුරු සේ වනු ඇත.

වැඩිදුර කියැවීමට: Instagram Stories පාවිච්චි කරන හැටි

පාරිභෝගිකයාට වැඩි වටිනාකමක් ලබාදෙන බව පෙන්වීමෙන් ඔවුන් වෙත වඩාත් සමීප විය හැකි අතර, ඉහත කී ආකාරයේ Hashtag එකක ඔවුන් පළකරන ඡායාරූප Repost කිරීමෙන් (ඔවුන්ගේ නම හෝ username එක සමග නැවත පළ කිරීමෙන්) හෝ Story එකක් සේ යෙදීමෙන් ඔවුන්ගේ ආදරය තවත් දිනාගත හැකි වේ.

අදාළ Hashtags පමණක් යොදාගන්න

වඩාත් උචිත ඒවා කිහිපයක් පමණක් යොදන්න (gulftomorrow.com)

Hashtags භාවිතා කිරීමේ දී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණක් නම්, වඩාත් ම ගැළපෙන ඒවා කිහිපයක් (උපරිම 6ක් හෝ 7ක්) පමණක් යොදාගන්නට කටයුතු කිරීම යි. පළ කළ Post එකට කිසිදු අදාළත්වයක් නොමැති හෑෂ්ටැග්වලින් Caption එක කියවීමට ඇති ආසාවත් නැති කරයි.

ඇඳුම් සම්බන්ධ ව්‍යාපාරයක් නම් ඇඳුමේ වර්ණය, කොලරයේ වර්ගය, නිෂ්පාදිත රට ආදී දෑ Hashtags ලෙස යොදාගත හැක. Caption එක ද සිත්ගන්නාසුලු ආකාරයට ප්‍රේක්ෂකයන්ට වඩාත් අවබෝධ කරගත හැකි භාෂාවකින් හෝ භාෂා කිහිපයකින් අඩංගු කළ හැක. වඩාත් කෙටි වන තරමට ඊට ලැබෙන අවධානය වැඩි ය.

නව Hashtags අධ්‍යයනය කිරීම සඳහා දැනට යොදාගෙන ඇති Hashtags වෙත පිවිස, ඒවායේ ඇති Postsවල ඇති ඒවා බැලීමත්, ප්‍රතිවාදී ව්‍යාපාර විසින් භාවිතා කරන ඒවා බැලීමත් කළ හැක. අනතුරුව, ඒවායෙන් පළ කරන දෙයට වඩාත් උචිතම ඒවා පමණක් තෝරාගන්න.

තේමාවක් තෝරාගන්න

දම් පැහැය තේමාව කරගත් උදාහරණයක් (socialmediaexaminer.com)

Post එකක් දුටු වහා ගිණුම දෙස නොබලා ම මෙය පළ කර ඇත්තේ මේ ආයතනය විසින්යැ යි යන හැඟීම ඇති කිරීමට නම් ව්‍යාපාරික ලෝගෝවේ ඇති වර්ණ වැනි විශේෂිත තේමාවකට අනුරූපව ඡායාරූප සැකසිය යුතු වේ.

නිතැතින්ම ඇස ගැටෙනා ආකාරයේ ඡායාරූප පළ කරන ආකාරය ඉන්ස්ටග්‍රෑම් හරහා නිසි ලෙස ඡායාරූප ඉදිරිපත් කරන හැටි ලිපියෙන් අපි ගෙන ආවෙමු. මේවාට අමතරව, පළ කරන ග්‍රැෆික් පෝස්ට් සඳහා සමාන තේමාවක් යොදා ගැනීම වඩාත් ඵලදායී වේ.

ඔබ කඩයකට ගොස් රෙදි සෝදන සබන්, දත් බෙහෙත් ඉල්ලන්නේ නම් ඒ සමගම නොදැනුවත්වම කියවෙන වෙළඳනාම කිහිපයක් ති‍බේ. ඒ මට්ටමට ඔබේ ව්‍යාපාරයත් ගෙන එන්නට නම් Brand awareness හෙවත් වෙළඳනාමය පිළිබඳ දැනුවත්භාවය පාරිභෝගිකයන් අතර ගොඩනැගිය යුතු වේ. තාක්ෂණයේ බල මහිමය නිසා මෙය දැන් වඩාත් පහසුවෙන් කරන්නට අවස්ථාව ලැබී තිබේ. නිවැරදි ප්‍රවර්ධනය ඔබ වටා ආදරණීය පාරිභෝගික පිරිසක් ගොඩනගනු ඇති බව නිසැක ය.

කවරය: ctfassets.net

මූලාශ්‍රයයන්:

  • sproutsocial.com
  • neilpatel.com
  • mention.com
  • apps.apple.com

Related Articles