Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iOS සඳහා Dark mode ලබාගත හැකි වෙබ් ගවේෂක

ඇපල් දුරකතනයක් පාවිච්චි කරන ඔබට රාත්‍රී කාලයේ දී (අඳුරේ දී) වෙබ් අඩවිවලට පිවිසීමේ දී ඇස්වලට එහි තිබෙන සුදු පැහැය අපහසුවක් වන්නට ඇති. එසේ ම අක්ෂි සෞඛ්‍යයට ද මෙම සුදු ආලෝකය සමග එන නිල් ආලෝකය යෝග්‍ය වන්නේ නැහැ. මේ නිසා දැන් සියලුම මෙහෙයුම් පද්ධති හරහා Night mode, Night light වැනි නම්වලින් කළු හෝ තිරය මත වර්ණ ෆිල්ටරයක් එක් කරගන්නට අවස්ථාව සලසනවා. නමුත් iPhone සහ iPadවල සෆාරි පාවිච්චි කරද්දී එලෙස සකසා ගත හැකි ඍජු ක්‍රමවේදයක් නැහැ. මේ නිසා දැනට ඇති එක් ක්‍රමයක් වන්නේ නව Browser එකක් පාවිච්චි කිරීම යි.

Firefox

Mozilla සමාගමෙන් එන විවෘත කේත බ්‍රවුසරය (tnwcdn.com)

Chromeවලටත් කලින් පරිගණකයට තිබූ හොඳම විසඳුම වූ Mozilla සමාගමේ Firefox බ්‍රවුසරය විශ්වාසයෙන් යුතු ව Apple උපාංගයට යොදා ගත හැකියි. මෙහි පහසුවෙන් පාවිච්චි කළ හැකි අතුරුමුහුණතක්, අතුරු උපාංග අතර දත්ත sync කිරීම, ටැබ් විශාල සංඛ්‍යාවක් විවෘත කළ ද ඒවා පහසුවෙන් හඳුනාගත හැකි වීම, කරදරකාරී වෙළඳ දැන්වීම් සහ දත්ත රැස් කිරීම් වළකන විශේෂාංගයක් පෙරනිමියෙන් ම ලබා දී තිබීම මෙන්ම අපිට අත්‍යවශ්‍ය විශේෂාංගය වන Dark mode එකක් සමග අඳුරු පැහැ theme එකක් ද තිබෙනවා. Settings පැනලයෙන් Display යටතේ ඇති Dark යන්න තේරීමෙන් සියල්ල කළු පැහැ ගැන්විය හැකියි. එහි Theme යටත් Automatic ලෙස ඇති විශේෂාංගය හරහා ඔබ සිටිනා ස්ථානයේ තිබෙන ආලෝක ප්‍රමාණය අනුව ස්වයංක්‍රීය ව dark mode එක සක්‍රීය වන ආකාරයට ද සකසා ගත හැකි වීම විශේෂත්වයක්.

බාගන්න: Firefox

Microsoft Edge

Microsoft සමාගමේ නවතම බ්‍රවුසරය (iTunes)

තම මොබයිල් මෙහෙයුම් පද්ධතිය වූ Windows Phone දැන් නවතා දමා ඇති අතර, 2023 දී යාවත්කාලීන ලබා දීම ද නවතාලන බව සඳහන් කළා. දුරකතන වෙත ළඟාවීමේ මයික්‍රොසොෆ්ට් සමාගමේ මීළඟ පියවර වන්නේ ඇන්ඩ්‍රොයිඩ් හා iOS ඇප්ස් මෙන්ම Cortana සේවාව යි. ඒ අනුව ඔවුන්ගේ නවතම වෙබ් බ්‍රවුසරය වන Microsoft Edge අන් බ්‍රවුසරවලට වඩා වැඩි පහසුකම් රැසක් සමග දුරකතනවලට පැමිණෙනවා. මෙහි Settings පැනලයෙන් Theme යටතේ ඇති Dark යන්න තෝරා සම්පූර්ණ බ්‍රවුසරය ම කළු පැහැ ගැන්විය හැකියි. නමුත් මින් වෙබ් අඩවිවල අන්තර්ගතයට වෙනසක් නොවන නිසා iOSවල Settings වෙත ගොස් Display & Brightness යටතේ ඇති Night Shift සක්‍රීය කරගත හැකියි. Edge සතු අනෙකුත් විශේෂාංග ලෙස ඔබ සිටින පිටුව ඍජුව ම පරිගණකය මත විවෘත කළ හැකි වීම, PIP ආකාරයට තිරය මත වීඩියෝ අඛණ්ඩ ව නැරඹිය හැකි වීම දක්වන්නට පුළුවන්.

බාගන්න: Microsoft Edge

Opera Mini

මෙනුවෙන් Night mode සක්‍රීය කරන්න (operacdn.com)

Slow වුණු ඇන්ඩ්‍රොයිඩ් දුරකතනවලට පවා සැහැල්ලු නමුත් පහසුකම්වලින් වැඩි බ්‍රවුසරයක් ලෙස ප්‍රචලිත Opera වෙබ් බ්‍රවුසරයේ කුඩා ප්‍රමාණ version එක වන Opera Mini සතු ව ද Dark mode එකක් තිබෙනවා. අවාසනාවකට තවම මෙය iPad සඳහා පමණයි dark mode ගෙන එන්නේ. මෙනුවෙහි ඇති Change theme හරහා අඳුරු තේමාවක් යොදාගෙන, මෙනුවෙහි General යටතේ ඇති Night mode එක සක්‍රීය කිරීමෙන් ඇසට සහනය සලසා ගත හැකියි. මෙහි තිබෙන Night mode එකෙහි විශේෂත්වයක් වන්නේ වෙබ් පිටු කළු පැහැ ගැන්වීම වෙනුවට සම්පූර්ණ තිරයට ම Filter එකක් එක් කිරීම යි. Night mode යටතේ ඇති Reduce Eye strain යන්න සබල කර, එහි ඇති ස්ලයිඩරයෙන් අවශ්‍ය ප්‍රමාණයක් සකසා ගත හැකියි. මෙහි ද Ad blocking, මොබයිල් දත්ත සුරැකීම් ආදී විශේෂාංග ඇතුළත්.

බාගන්න: Opera Mini

UC Browser

විශේෂාංග රැසක් (ucweb.com)

මොබයිල් බ්‍රවුසරයක් ලෙස එකල පටන් නම් දරන UC Browser එක සැහැල්ලු, භාවිතයට පහසු බ්‍රවුසරයක්. එහි පෙරනිමියෙන් එන Ad blocker එකක් තිබෙන නිසා වෙබ් අඩවි ගවේෂණයේ දී මහත් පහසුවක් වෙනවා. ඇප්ස්, ටැබ් අතර මාරු වීමේ දී වීඩියෝ නැරඹීමට බාධා නොවන ආකාරයට මෙය සතු Mini video window එක හරහා PIP ආකාරයට තිරය මත කුඩා කොටුවක වීඩියෝ අඛණ්ඩ ව නැරඹීමේ අවස්ථාව තිබෙන අතර Data saving mode එකක් තිබෙන නිසා වෙබ් ගවේෂණය කරද්දී වැයවන අනවශ්‍ය මොබයිල් ඩේටා ඉතිරි කර ගත හැකි වීම පහසුවක්. සැහැල්ලු බව නිසා ම අඩු බැටරි බලයක් භාවිතා වෙනවා. QR කේත scan කිරීම සහ 3D Touch හරහා පහසුවෙන් වෙබ් අඩවිවලට පිවිසීමට හැකි වීම මෙන්ම අපිට මෙහි අත්‍යවශ්‍ය ම විශේෂාංගය වන Dark mode එක Settingsවලින් යොදාගන්නට පුළුවන්.

බාගන්න: UC Browser

බ්‍රවුසරය මාරු නොකර වර්ණය වෙනස් කරන්න

කළු පැහැ රවුම ටැප් කරන්න (techhive.com)

බ්‍රවුසරය මාරු කිරීමට ඔබ කැමැත්තක් දක්වන්නේ නැත්නම් iOSවල ම තිබෙන ක්‍රමවේදයන්ගෙන් Safari බ්‍රවුසරයට වෙනස්කම් කර ගන්නට පුළුවන්. පෙර විස්තර කළ ආකාරයට මෙහෙයුම් පද්ධතියේ Settings වෙත ගොස් Display & Brightness යටතේ ඇති Night Shift සක්‍රීය කිරීමෙන් තිරය මතට ෆිල්ටරයක් ලබා ගන්නට පුළුවන්. ඉන් තිරය කහ පැහැ ගැන්වෙන්නේ ඇසට අපහසු නිල් වර්ණ පරාසයන් කපා හරින නිසා යි. නැත්නම්, Safariවල තිබෙන Reader Mode එක පාවිච්චි කළ හැකියි. ඔබට අවශ්‍ය වෙබ් පිටුවට පිවිසී වම්පස ඉහළ ඇති ඉරි කිහිපයක් වන් බොත්තමින් Reader mode සක්‍රීය කරන්න. දැන් දකුණු පස ඉහළට “aA” ලෙස ලැබී ඇති අයිකනය ටැප් කර, එහි ඇති කළු පැහැති රවුම ටැප් කරන්න.

මේවා හැර ඔබ Night mode එක ලබා ගන්නට කළ වෙනත් උපක්‍රම තිබෙනවා ද?

කවරය: surreyhillsnc.org.au

Related Articles