Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Face ID වැඩ කරන්නෙ මෙහෙමයි

ස්මාර්ට් ෆෝන් වල ආරක්ෂාව වැඩිකරන්න ලගදි ආපු ගොඩක් ෆෝන්වල තියෙන අංගයක් තමයි Fingerprint ID කියන්නේ. ඉතිං Fingerprint ID වල සමුගැන්ම සනිටුහන් කරන්න ඒක ලෝකයට හදුන්වලා දුන්න Apple ආයතනය විසින්ම හදුන්වලා දෙන අලුත්ම උපක්‍රමය තමයි Face ID කියන්නේ. අද ලිපිය ඒ ගැන.

මොකද්ද Face ID කියන්නෙ?

 

Iphone X හි Face ID මෙවලම. www.wikipedia.com

ඇපල් සමාගමේ අලුත්ම හඳුන්වාදීම වෙන iphone X දුරකතනයත් එක්ක ලෝකෙට හදුන්වාදීපු අලුත්ම ආරක්ෂක උපායමාර්ගය තමයි Face ID කියන්නේ. මෙහිදි ඔබට ඔබේ මුහුණ උපයෝගී කරගෙන ජංගම දුරකතනය අන්ලොක් කරගැනීමට හැකියාව ලබාදෙනවා.

ඇපල් සමාගමේ ම නිර්මාණයක් වන Fingerprint ID සමග දුරකතන ලෝකයට ආපු ජෛව විද්‍යාත්මකව දුරකතන හිමිකරුව හදුනාගැනීමේ විෂය ක්⁣ෂේත්‍රයේ තවත් ඉදිරි පිම්මක් විදිහට 2017 සැප්තැම්බර් මස 12 වැනිදා එලි දැක්වූ මෙම තාක්ෂණය හඳුන්වන්න පුළුවන්.

මෙහි ඇති විශේෂම ලක්‍ෂණය තමයි ඔබේ මුහුණේ විවිධ වෙනස්කම් වලට අනුගතවීමට මෙම මෙවලමට ඇති හැකියාව. උදාහරණයක් විදිහට ඔබ කණ්නාඩි, තොප්පි, ස්කාෆ් පැළඳගෙන සිටින අවස්ථාවල විතරක් නෙවෙයි, ඔබගේ විවිධ රැවුල විලාසිතා මෙන්ම මේක්අප් භාවිතා කිරීමේදී ද කිසිදු ප්‍රශ්නයකින් තොරව දුරකතනය අන්ලොක් කර ගැනීමේ හැකියාව මෙහිදී ඔබට මේ මගින් ලබාදෙනවා.

එමෙන්ම ආරක්ෂාව වැඩි කිරීමේ උපක්‍රමයක් විදිහට ඔබගේ ඇස් පියවී ඇති අවස්ථාවල දී මෙම පහසුකම භාවිතා කර දුරකතනය අන්ලොක් කීරිමේ හැකියාව අවහිර කර තිබෙනවා. මෙයට හේතුවී ඇත්තේ ඔබට නින්ද ගොස් ඇති අවස්ථාවක මෙම පහසුකම භාවිතා කර ඔබගේ දුරකතනයට අනවශ්‍ය ඇතුළුවීම් වලක්වාලීමට යි.

තවමත් iphone X දුරකතනයට පමණක් සීමාවූ පහසුකමක් ලෙස මෙම Face ID පහසුකම හඳුන්වන්න පුළුවන්.

මොකක්ද භාවිතා කරන තාක්ෂණය?

Face ID හි නිල ලාංඡනය www.apple.com

Face ID පහසුකම මූලික වශයෙන් සමන්විත වෙන්නේ ඔබගේ මුහුණට සංවේදී සංවේදකයකින්. මෙම සංවේදකය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් සමන්විත වෙනවා.

මෙම කොටස් දෙක හඳුන්වන්නේ “රෝමියෝ” සහ “ජුලියට්” ලෙසයි. රෝමියෝ මගින් ඔබේ මුහුණ මතට අධෝරක්ත තිත් 30,000කට අධික ප්‍රමාණයක් ප්‍රක්ෂේපනය කර ඒවා භාවිතා කර ඔබේ මුහුණේ ත්‍රිමාණ සිතියමක් සකස් කරනවා. එය ඔබේ ජංගම දුරකතනයේ මධ්‍යම සැකසුම් ඒකකයේ ආරක්ෂිත ස්ථානයක ගබඩා කරනු ලබනවා. මෙයට වෙනම පිවිසීම දුරකතනය නිෂ්පාදනයේදීම අවහිර කර ඇත්තේ තවත් ආරක්ෂාව තහවුරු කිරීම උදෙසායි.

ජුලියට් මගින් සිදුකරන්නේ ඔබේ මුහුණේ තිත් රටාව හදුනාගැනිම සහ දුරකතනයට පිවිසීමට අවසර ලබාදෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමයි.

මෙම පද්ධතිය සතුව මුහුණේ යම් යම් වෙනස් කම් වලට අනුගත වීමට ඇති හැකියාව ඇති නිසා පෙර සදහන් කළ ආකාරයට ප්‍රශ්න ඇතිවීමේ ඉඩකඩ අවම කර තිබෙනවා.

එමෙන්ම විශාල ආලෝක පරාසයක දී Face ID භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබීම ද විශේෂයි.

මෙම අ⁣ධෝරක්ත තිත් මගින් මුහුණ සිතියම් ගත කිරිම Live Depth Mapping ලෙසින් හදුන්වන අතර ඇපල් සමාගමේම තවත් නිර්මාණයක් වන Animoji, එහෙමත් නැත්නම් අපි චැට් කිරීමේ දි භාවිතා කරන Imoji වල ඉදිරි පියවර සදහාද භාවිතාවෙනවා. Animoji භාවිතා කර අපිට අපේ මෙන්ම අදහස් ද සජීවී ලෙස imoji එකක් භාවිතයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්.

Animoji සහ Face ID සදහා යොදාගන්නේ එකම තාක්ෂණයක්. www.macworld.com

මේකෙ අවුල් ඇත්තෙම නැද්ද?

හැම දේකදිම වගේ ඉතින් මේකෙත් පොඩි පොඩි දුර්වලතා අහන්න ලැබෙනවා. නමුත් ඇපල් සමාගමේ නිවේදන අනුව නම් Face ID මගින් වැරදීම් සිදුවීමේ සම්භාවිතාව අවස්ථා 1,000,000කට 1ක්. නමුත් Fingerprint ID එහෙමත් නැත්නම් Touch ID භාවිතාවේදි වැරදීම් සිදුවීමේ සම්භාවිතාව අවස්ථා 50,000කට 1ක් තරම් ඉහළ අගයක් ගන්නවා.

විශේෂයෙන්ම සම නිවුන්නු යොදාගෙන කළ පරීක්ෂන වලදී අවස්ථා කිහිපයකදි මෙම ආරක්ෂක පද්ධතිය බිඳවැටී තිබෙනවා. එමෙන්ම සමහර අවස්ථාවල ළඟම නෑදෑයන් අතර සිදුකළ පරීක්ෂන වලදී ද මෙය බිඳවැටී තිබෙනවා. ඇපල් සමාගම නම් පවසන්නේ මෙවැනි වැරදීම් සිදුවීමේ සම්භාවිතාව ඉතා අවම බවයි. ⁣එමෙන්ම අවුරුදු 13ට වඩා අඩු ළමුන් සඳහා ද මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල අත්කර නොදෙන්නේ ඔවුන්ගේ මුහුණේ සමහර අංග තවමත් නොවැඩී ඇති බැවින් බවයි පැවසෙන්නේ.

සම නිවුන්නු හදුනාගැනීමේදී Face ID අසාර්ථක වුණා. www.mashable.com

හදිසියේ අනතුරකින් මුහුණ විකෘති වුණොත්?

කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද Face ID එකට අමතරව දුරකතනයට Passcode එකක් යෙදීම අත්‍යවශ්‍ය නිසා එය භාවිතා කර දුරකතනය අන්ලොක් කරගන්න පුළුවන්.

දුරකතනය ඕෆ් කර නැවත ඔන් කිරීමේදී, පැය 48කට වඩා වැඩි කාලයක් Face ID භාවිත කර ජංගම දුරකතනය අන්ලොක් නොකල අවස්ථාවකදි මෙන්ම අවස්ථා පහකට වඩා වාර ගණනක් වැරදි ලෙස Face ID භාවිතයේදී නැවත දුරකතනය අන්ලොක් කිරීමට මෙම Passcode එක භාවිතා කළ යුතු වෙනවා. එමෙන්ම ජංගම දුරකතනයේ පැති බොත්තම් භාවිතා කර Face ID පහසුකම ඉවත්කර Passcode එක භාවිතයෙන් දුරකතනය අන්ලොක් කිරීමටත් හැකියි.

Face ID වලින් කරන්න පුළුවං මොනවද?

itunes සහ App Store භාවිතයෙන් විවිධ බාගත කිරීම් සිදුකිරීමේදි Face ID භාවිතා වෙනවා. එමෙන්ම Apple Pay සදහාද මෙය භාවිතා වෙනවා. සමහර Touch ID එක භාවිතා කිරිම අවශ්‍ය වුණු විවිධ යෙදුම් සඳහා ද Face ID භාවිතා කිරීම කළ හැකි වෙනවා.

ආශ්‍රිත ලිපි : https://www.apple.com/lae/iphone-x/

www.macworld.com

කවරයේ ඡායාරූපය : www.mondaynote.com

Related Articles