Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රහසිගත ආදරය සොයන facebook මංගල සේවාව

සාමාන්‍යයෙන් ආදරවන්තියක්, ආදරවන්තයෙක් හොයා ගන්නකොට අප බොහෝවිට තෝරාගන්නේ සමාන ආශාවන් ඇති සහෘද හදවත් ඇති පුද්ගලයින්. එය තරමක් අපහසු කටයුත්තක් වෙන්න පුළුවන්. අද වෙද්දී එහෙම කෙනෙක් ගැන හිත ගිය ගමන් මුලින්ම කරන දේ වෙන්නේ facebook ඉන්නවා ද කියලා හොයාගෙන, ඔහුව හෝ ඇයව තමන්ගේ මිතුරු ලැයිස්තුවට එකතුකර ගන්න එක. ඒ වගේ කෙනෙක් හොයා ගත්තත් කැමැත්ත ප්‍රකාශ කරන්න ඊට වඩා අපහසු වෙන්න ඉඩ තියෙනවා. පසුගිය අප්‍රේල් මාසේ 30 වෙනි දා පැවති, facebook සමාගමේ F8 2019 developers conference එකේ දී මේ ගැටළුවට ඔවුන් ලබා දෙන්න හිතාගෙන ඉන්න විසඳුම පිළිබඳව පැහැදිළි කළා. මේ විසඳුම ඔවුන් හඳුන්වන්නේ “Secret Crush” යන නමින්. මේ පහසුකම අයත් වෙන්නේ මීට වසරකට පමණ පෙර facebook සමාගම නිවේදනය කළ “facebook Dating” කියන සංකල්පය යටතට යි.

මේ හරහා තමන්ගේ මිතුරු ලැයිස්තුවේ කෙනෙකු පිළිබඳ කැමැත්තක් තියෙනවා නම්, ඒ ගැන දැන්වීමේ හැකියාව ලබා දෙනවා. මේ සේවාවට ඔබේ මිතුරු ලයිස්තුවෙන් නව දෙනෙකු එකතු කරගන්න හැකියාව ලබා දෙනවා. ඒ හරහා ඔහුට හෝ ඇයට ඔබේ Secret Crush list එකේ ඔවුන් සිටිනා බව දන්වනවා. ඒ වගේම ඔබේ Secret Crush list එකට ඇතුළත් කර ගන්නට හැකි පුද්ගලයින් පිළිබඳ suggestions ලබා දීමත් සිදු කෙරෙනවා. මේ සේවාව ලබාගන්නට නම් ඔබ වයස 18ට වැඩි විය යුතු අතර, මේ සේවාව දෙපාර්ශයටම ක්‍රියාත්මක වීමට නම් ඒ දෙදෙනාම අනෙක් කෙනාගේ  secret Crush list වල රැඳී සිටිය යුතු යි. Crush එක මේ Dating සේවාව සමගින් එකතු වී නැති නම්, ඔහුගේ හෝ ඇයගේ Secret Crush list එකේ ඔබේ නම නොමැති නම්, මේ පිළිබඳ ඔහුට හෝ ඇයට දැනුම් දීමක් සිදු වන්නේ නම් නැහැ.

Secret Crush”සේවාව – techcrunch.com

මේ සේවාව මෙතෙක් ක්‍රියාත්මක වුණේ කොලොම්බියාව, තායිලන්තය, කැනඩාව, ආජන්ටිනාව, සහ මෙක්සිකෝ යන රටවල පමණ යි. නමුත් මේ වසරේ සිට ෆිලිපිනය, වියෙට්නාමය, සිංගප්පූරුව, මලේශියාව, ලාඕසය, බ්‍රසීලය, පීරු, චිලී, බොලිවියා, එක්වදෝරය, උරුගුවේ, පැරගුවේ, ගයනා, සහ සුරිනාම් යන රටවලට මේ සේවාව ක්‍රියාත්මක වෙනවා. මේ සේවාව ලංකාව වෙත ලබා දීමට නම් තව වසර කිහිපයක් ගතවේවි. facebook සමාගමේ අතුරුමුහුණතේ සිට එක දිගට සිදුවන මේ වෙනස්කම් පිළිබඳ මේ වෙද්දී විශාල කතාබහක් ඇතිව තිබෙන බව නම් නොරහසක්.

මූලාශ්‍රයයන්:

Independent.co.uk

Techcrunch.com

Youtube.com

Newsroom.fb.com

Related Articles