Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අලුත්ම Firefox Quantum බ්‍රවුසරය අත්හදා බලන්නට හේතු 5ක්

2010 සහ ඊට පෙර වසරවලදී අපි හැම කෙනෙක්ගේ ම සිත්ගත් බ්‍රවුසරය වූ ෆයර්ෆොක්ස් හෙවත් අපි ඉස්සර විහිළුවට කියපු ‘ගිනි-නරියා ගවේෂකය’ පසුකාලීනව බරින් වැඩි වෙලා පරිගණකයේ රැම් භාවිතය ඉහළ අගයක් වීම, සහ ඒ අතරතුර ගූග්ල් සමාගමේ ක්‍රෝම් බ්‍රවුසරයේ ආගමනය සහ සැහැල්ලු බව නිසා හැම දෙනාම ෆයර්ෆොක්ස් පෝළිමෙන් ක්‍රෝම් බාගත කිරීමේ පෝළිමට එකතු වුණා. නමුත් මේ වන විට ක්‍රෝම් එකත් ඒ තත්ත්වයට පත් වෙලායි තිබෙන්නේ. එසේ තිබියදී ඉතා මෑතක දී ෆයර්ෆොක්ස්හි මව් සමාගම වන මොසිල්ලා සමාගම ෆයර්ෆොක්ස් ක්වන්ටම් නමින් අලුත්ම මුහුණුවරක් ගෙන ආවා. ඉතින් එහි හොඳම දේවල් අපි මේ ලැයිස්තුවට එකතු කරමු.

01. සුපැහැදිලි අතුරුමුහුණත

mspoweruser.com

ෆයර්ෆොක්ස්වල මෙතෙක් පැවති ඉපැරණි අතුරුමුහුණත ඉවතලා දැන් නව පෙනුමක් ලබාදී තිබෙනවා. මොසිල්ලා සමාගම මෙය ෆෝටෝන් අතුරුමුහුණත ලෙස හඳුන්වන අතර ඔවුන් දීර්ඝ කාලීනව පරිශීලක භාවිත ආකාරයන් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව මෙය සැලසුම් කරන ලද බවයි පැවසෙන්නේ. මෙය භාවිතයට පහසු, සුපැහැදිලි සහ පිරිසිදු මුහුණතක් වන අතර බොහෝ දුරට ක්‍රෝම්වලට සමාන බවක් ද දැනෙන්නට පුළුවන්. කෙසේ නමුත් එහි පෙර තිබූ තත්ත්වයට වඩා මෙය වඩාත් අපූර්ව බවක් ගෙන දෙන්නේ ඔබ නිතර පිවිසුණු වෙබ් අඩවි වලට අදාලව නිවස්න තිරයට නව පුවත් සහිත වෙබ් අඩවි ලැයිස්තුවක් එක් කරන අතරේම යි.

02. ස්ක්‍රීන්ෂොට්වලට ප්ලගින් අනවශ්‍යයි

mozilla.org

මෙතෙක් කල් වෙබ් අඩවියක ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න ඕන වුණාම එක්කෝ PrintScr ඔබලා ලිනක්ස් වල ඒක සේව් කරගෙන හෝ වින්ඩෝස්වල පේන්ට් වලින් සේව් කරගන්නට, ලිනක්ස් Screenshot හෝ වින්ඩෝස් Snipping Tool එක භාවිත කරන්නට, හෝ ප්ලගින් එකක් භාවිතයෙන් සිදු කරන්නට වූවාට දැන් ෆයර්ෆොක්ස්වල පෙරනිමියෙන් ම එන විශේෂාංගයක් තමයි Screenshot ගන්න එක. මේ සඳහා එහි දකුණු පස ඉහළ ඇති ඉරි තුනක් වැනි අයිකනය සහිත ප්‍රධාන මෙනුවේ තිබෙන Screenshot යන්න තේරීමෙන් ඔබට අවශ්‍ය ආකාරයට දැනට පෙනෙන කොටස, සම්පූර්ණ වෙබ් පිටුවම, හෝ තෝරාගත් කොටසක් වශයෙන් ලබාගන්නට පුළුවන්.

03. දෙගුණයක වේගයක්

නවතම ෆයර්ෆොක්ස් ක්වන්ටම් වෙළුම සතු නව පරිගණකවල තිබෙන CPU core කිහිපයක් එකවර භාවිත කළ හැකි ආකාරයට සකසා තිබෙන නිසා එහි පරිගණකයේ හැකියාවන්ගේ උපරිම ප්‍රයෝජනය ලබා ගනිමින් වේගවත් බවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉහත වීඩියෝවේ ද පෙන්වා දෙන ආකාරයට ක්‍රෝම්වලට වඩා 30%ක පමණ වැඩි වේගයක් දරන මෙම නව වෙළුම සතු Stylo නමැති CSS සකසුව, ටැබ් භාවිත කරන ආකාරය අනුව ඒවාට රැම් එක වෙන් කිරීම, මෙතෙක් පැවති අඩුපාඩු සැකසීම ආදී දේවල් ඊට බෙහෙවින් සහාය වෙනවා.

04. නව ඇඩෝන

bleepstatic.com

ක්වන්ටම් වෙළුමත් සමඟ WebExtensions API එක භාවිත කරන ඇඩෝන සඳහා පමණක් සහාය දක්වන අතර මෙතෙක් පැවති යාවත්කාලීන නොකළ ඇඩෝනයන් ඇඩෝන ලැයිස්තුවේ වෙන් කොට, අබල අවස්ථාව තුළ දක්වනු ලබනවා. නමුත් මෙහි ඇති විශේෂත්වය නම් ඔබට ඒවාට සමාන නවතම ඇඩෝන සොයාගන්නට ෆයර්ෆොක්ස් එකෙන්ම සහාය වීමයි. එම නිසා ඔබ මෙතෙක් හුරුවී සිටි ඒවා වෙනුවට ඒවාට ඉතාමත්ම සමාන වෙනත් එකකට පහසුවෙන්ම මරු වෙන්නට ඉන් අවස්ථාව උදා වෙනවා.

05. පෞද්ගලිකත්වය සහ ඊට තවත් වේගයක්

fonow.com

ෆයර්ෆොක්ස්වල මෙතෙක් පැවති Private Browsing ප්‍රකාරය හෙවත් ඔබ පිවිසෙන වෙබ් අඩවීන් වාර්තාගත නොකොට පෞද්ගලිකත්වය ආරක්ෂා කර දෙන ආකාරයේ ක්‍රමවේදය දැන් තවදුරටත් සවිබල ගන්වා තිබෙනවා. මෙයට පෙර ද එය සතුව තිබූ Tracking Protection හෙවත් බ්‍රවුසරය ඔබ ගැන වාර්තා තබා නොගත්ත ද වෙබ් අඩවි ඔබ ගැන සොයා බැලීම වළක්වාලන විශේෂාංගය වැඩිදුර උත්ශ්‍රේණිගන්වා ඇති අතර, අනවශ්‍ය වෙළඳ දැන්වීම් නවතා ඒවා හරහා පිටු ලෝඩ් වීමේ වේගය අඩුවීම වළක්වා 44%ක වේගයක් ලබාගෙන තිබෙනවා. ඔබට මෙම ප්‍රකාරයට Ctrl+Shift+P යන කෙටි යෙදුමෙන් පිවිසිය හැකියි.

කවරයේ ඡායාරූපය: kinja-img.com

Related Articles