Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රී ලංකාවේ Apple Watch වලටත් දැන් eSIM පහසුකම

සෙලියුලර් පහසුකම සහිත Apple Watch සඳහා මෙරට ප්‍රථම වරට ඩයලොග් වෙතින් eSIM සහාය ලබා දී තිබෙනවා. මේ සමඟ ඔබේ iPhone එක ළඟ නොතිබුණත් Watch එකෙන් දුරකථන ඇමතුම්, සහ iMessages යැවීමට හැකියාව උද‍ා වන නිසා නිතර ෆෝන් එක ළඟ තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. බස් එකේ හෝ කෝච්චියේ යද්දී වැනි ෆෝන් එක අතට ගන්නට අපහසු අවස්ථාවලත්, හදිසියේ ෆෝන් එක නැති වූ වෙලාවකත් Watch එකෙන් ඔ‍බේ කටයුතු කරගන්නට මින් හැකියාව ලැබෙනවා.

මේ නව පහසුකම සැපයෙන්නේ Dialog සමාගමේ One Number සේවාව යටතේ යි. ඒ අනුව, ඔබේ Apple Watch එකටත් දුරකථන සිම්පතේ අංකය ම ලැබෙන අතර, මොබයිල් නෙට්වර්ක් එක හරහා හෝ WiFi හරහා ඇමතුම් ගැනීමට/ලබා ගැනීමට හැකි වෙනවා. ඇමතුමක් ලැබෙද්දී දුරකථනයත්, Watch එකත් යන දෙකම නාද වෙනවා. Watch එකෙන් පාවිච්චි වෙන මොබයිල් ඩේටාවලට අය වන්නේත් දුරකථනයේ ඇති සිම්පතෙන් ම යි. ඊට අමතර ව iMessages යැවීමට සහ ලැබීමටත් Watch එකට හැකියාව ලැබෙනවා.

Dialog පෙර ගෙවුම් හෝ පසු ගෙවුම් පාරිභෝගික ඔබට iOS 15.1 ධාවනය වන iPhone 6s හෝ ඉන් ඉහළ දුරකථනයක් ඇත්නම්, Apple Watch එකේ GPS + Cellular සේවා තිබෙනවා නම්, සහ Watch එකේ WatchOS 8.0 හෝ ඉන් ඉහළ මෙහෙයුම් පද්ධතියක් තිබෙනවා නම් මේ සේවාව ලබා ගන්නට පුළුවන්. ඊට අමතර ව ඔබේ දුරකථන සිම්පතට VoLTE සක්‍රීය කර තිබිය යුතු අතර, එය කරගන්නා ආකාරය පහත දැක්වෙනවා.

ඔබේ ඩයලොග් සිම්පතට VoLTE සක්‍රීය කර ගැනීමට එම සිම්පතෙන් ම ACT<හිස්තැනක්>4GV ලෙස සටහන් කර 678ට SMS කරන්න. VoWiFi ද සක්‍රීය කරගන්නට කැමති නම්, VoLTE සක්‍රීය කළ පසුව #107# අමතන්න. VoWiFi වෙත පිවිසීමට අංක 2 ලබා දී, එය Activate කිරීමට අංක 1 ලබා දෙන්න. මේවා මොනවාදැයි ඔබ විමතියට පත් වුණා නම්, VoLTE යනු 4G ඩේටා හරහා දුරකථන ඇමතුම් ගත හැකි වීම යි. එවිට වඩාත් සුපැහැදිලි හඬක් ලැබෙන අතර, ඩේටා ගාස්තු අයවීමක් ද නැහැ. VoWiFi යනු වයිෆයි හරහා ඇමතුම් ගැනීම වන අතර, සිග්නල් නැති අවස්ථාවක දී ඔබ සම්බන්ධව සිටින රවුටරය හරහා ඇමතුම් ගත හැකි වෙනවා. මෙහිදී ඩයලොග් රවුටරවලින් ‍‍ඩේටා ගාස්තු අයවන්නේ නැහැ.

eSIM නිරූපණයක් – cultofmac.com

Apple Watch එකට eSIM එක ලබා ගැනීම ද ඔබට ම කර ගන්නට පුළුවන්. ප්‍රථමයෙන් Watch එක iPhone එකට pair කර, Watch app එකෙන් Mobile Data වෙත පිවිස, Set Up Mobile Data තෝරන්න. ඉන්පසු ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ පාස්පෝට් අංකය ලබා දී, සබඳතාවට නමක් ලබා දුන් පසු ඔබට Watch එකෙන් ඇමතුම්, iMessage භාවිත කරන්නට හැකි වෙනවා. කෙසේ නමුත් මේ eSIM එකෙන් SMS යැවීම/ලැබීම හෝ රෝමිං පහසුකම් ලැබෙන්නේ නැහැ.

GPS සහ සෙලියුලර් සේවා ඇති, Global version (යුරෝපානු සහ ආසියා පැසිෆික් පමණි. අමෙරිකානු  ඒවාට සහාය නොදක්වයි) Apple Watch Series 3 සහ ඉන් ඉහළ ඒවාට ඩයලොග් e-SIM සහාය තිබෙනවා. එනම්, Apple Watch Series 7, Watch SE, Watch 6, Watch 5, Watch 4, and Watch 3 දක්වා ම මේ පහසුකම ඔබට ලද හැකි යි. 

eSIM සේවාව ගැන වැඩි විස්තර දැනගන්නට සහ ඔබේ Apple Watch එක එම සේවාවට සුදුසුකම් ලබනවා ද යන්න දැන ගන්න dlg.dialog.lk/one-number වෙත පිවිසෙන්න.

කවරයේ ඡායාරූපය: lifewire.com

Related Articles