Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුරකථනයකින් ඔබ අමතන, SCAM

විදේශ අංකයකින් තමන්ට පැමිණි දුරකථන ඇමතුම, මේ දිනවල බොහොමයක් දෙනෙක් කතා කරන මාතෘකාවක් බවට පත්වෙලා. මේ සමග ම සමාජ මාධ්‍යයන් හරහාත් විශාල වශයෙන් කතා බහට ලක්වෙන මාතෘකාවක් බවට මෙය පත්වෙන්න ගත වුණේ සුළු කාලයක් පමණයි. ඒ වගේ ම දත්ත ආරක්ෂණය පිළිබඳවත් කතා බහක් ලංකාව තුළ  ගොඩනැඟෙන්න මේ සිදුවීම මුලික වුණා. ඒ පිළිබඳ ව සහ ඉදිරියේ දී මෙවැනි දේවල්වලින් ගැලවෙන්නේ කොහොමද කියන එක පිළිබඳ ව යි මේ ලිපියෙන් විස්තර කෙරෙන්නේ.

විදේශ අංකයකින් පැමිණි දුරකථන ඇමතුම- cdn.dribbble.com

Wangiri scam යන නමින් හඳුන්වන ලෝකයේ අතිශය කුප්‍රකට මුදල් වංචාවන් සිදුකරන ක්‍රමයක් තමයි මේ. ලංකාවේ අපට මෙය තරමක් අලුත් වුණාට, ලෝකයේ බොහෝ දෙනෙක් මේ වංචාවන්ට නොදැනුවත්ව ම හසු වී තිබෙනවා. Wangiri scam යන නම යෙදෙන්නේ ජපන් භාෂාවෙන් “One Ring Drop” කියන තේරුම එක්ක. මේක මුලින්ම සිද්ධවුණා කියලා පිළිගන්නේ ජාපනයේ. ඒ නිසා තමයි ජපන් නමක් මේකට යෙදුණේ. වෙනත් රටකින් එන ඇමතුමක් අපට answer කරන්න වෙලාවක් ලබා නොදී විසන්ධි වීමක් සිදුවෙනවා. (missed call) මෙහෙම තමයි මේක ආරම්භ වෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය, නේපාලය වැනි රටවල්වලට තමයි වැඩි වශයෙන් ම මේ වගේ scamsවලට අහුවෙලා තියෙන්නේ.

මේක සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම ගණනාවක් තියෙනවා. බොහෝ විට මේ සඳහා භාවිතා වෙන්නේ premium-rate numbers. මේ අංක සඳහා අපි ගන්න ඇමතුම්වලට සාමාන්‍ය මුදලට වඩා මුදලක් අය වෙනවා. ඒ වගේ ම කොටසක් ඒ අංකයේ හිමිකරුටත් ලැබෙනවා. මේ අංක සඳහා ගන්න ඇමතුම්වලට ඩොලර් 40ක් 50ක් පමණ මුදලක් වුණත් අයවෙන්න පුළුවන්. නිකමට හිතලා බලන්න ඔබේ දුරකථන සේවා ප්‍රවර්ධකයාගෙන් ඔබට එන ඇමතුම් හැම එකට ම මුදලක් ඔබට ගෙවනවා කියලා, ඔබ කරන්නේ පුළුවන් තරම් ඇමතුම් ඔබේ අංකය වෙත ගෙන්වා ගැනීම නේද? මොකද, ඒ හරහා ඔබට පුළුවන් පහසුවෙන් මුදල් උපයන්න. මේක එක්තරා විදිහක සේවා ප්‍රවර්ධකයන් සහ අංකයේ හිමිකරුවන් අතර තියෙන ගිවිසුමක්.

පොකට් එකට වෙට්ටු දාන Call Scam- post-gazette.com

ඔබ, මේ එන ඇමතුමක් answer කළොත් බොහෝ විට ඇමතුම විසන්ධි වේවි. එහෙම නැතිනම්, කුමක් හෝ හඬ පටයක් වාදනය වේවි. ඔබ නැවත ඒ අංකයට ගත් විට rings යන බවක් තේරෙන්නේ නැති වෙන්න බොහෝ විට ඉඩ තිබෙනවා. මොකද, ඒ වෙනකොටත් ඇමතුම සම්බන්ධවෙලා ඔබෙන් මුදල් අය වෙන්න ආරම්භ වෙලා. හැබැයි, තවත් සමහර අවස්ටාවන්වල මේ scam එක දරුණු ලෙස සිදුකරන පුද්ගලයින් විශේෂ උපක්‍රම භාවිත කරනවා. උදාහරණයක් විදියට කටකාර තරුණියන් භාවිතා කරමින් තාවකාලික call centers පවා පවත්වාගෙන යමින් මේ වංචාවන් සිදුකළ අවස්ථා ඕනෑ තරම්. බොහෝ විට මේ ආකාරයේ පුද්ගලයන්ට ඔබේ ඇමතුම් අංක ලැබෙන්නේ, අප භාවිතා කරන සේවාවන් සහ apps මඟින් ම යි. සමහර විට ඔබ යම්කිසි වාසියක්, මුදලක් ලබා ගන්නට ඔවුන්ට දුරකථන අංක ලබා දෙන්න පුළුවන්. පැහැදිලි උදාහරණ විදිහට මෑත කාලයේ අතිශය ජනප්‍රිය වුණු Dent සහ pivot app හරහා reload ලබා දෙන බව පවසමින් ඔවුන් පරිශීලක දත්ත සහ දුරකථන අංකයන් ලබා ගැනීම සිදුකළා. ඒ විතරක් නෙමෙයි, අපි පරිශීලනය කරන facebook සහ googleවලටත් චෝදනා එල්ල වුණා පරිශීලක දත්ත පිටස්තරයන්ට ලබා දීම පිළිබඳ ව. සාපේක්ෂ ව ගත් කළ Social Media තුළ දැවැන්තයින් ලෙස හැසිරෙන බොහෝ ආයතන මෙලෙස අප ව වෙළඳ භාණ්ඩයන් ලෙස භාවිතා කරන බව නම් නොරහසක්.

ලංකාවේ බොහෝ දෙනෙක් කියන අනුවණ කතාවක් තමයි “අපේ මොනවද ගන්න තියෙන්නේ” කියන එක. මේ දත්ත විශාල වටිනාකමකින් යුක්ත යි. මේවා බොහෝ විට dark web වැනි ස්ථානවල ඉතා ම විශාල මිල ගණන් යටතේ අලෙවි වෙනවා. මනුස්ස ජීවිතයක ඉඳන් රටක් දක්වා ම විශාල වශයෙන් බලපෑම් එල්ල කරන්න පුළුවන් දේවල් බවට Working email list/ mobile numbers වැනි දත්ත පත්වෙලා. ඉලක්කගත පිරිසකට (targeted audience) විවිධ දේ යවන්න, spam කරන්න, marketing කරන්න වගේ ඕනෙම දෙකට මේ දත්ත භාවිතා කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ ම මේ දත්ත හරහා පුද්ගල සිතැඟි සහ ආශාවන් අවබෝධ කර ගනිමින් ඔවුන් ඒ හරහා විවිධ මට්ටමෙන් ප්‍රහාරයන් සිදුකරන්න හැකර්වරුන් පවා පෙළඹෙනවා (social engeneering). මීට වඩා ඔබ privacy පිළිබඳ ව සැලකිලිමත් විය යුතු යි. අතිවිශාල සමාගම් අපට නොමිලේ සේවාවන් ලබාදෙන බව පවසමින් අප ව ඔවුන්ගේ විකිණුම් භාණ්ඩ බවට පත් කර ගනිමින් සිටිනවා. “If You’re Not Paying for It; You’re the Product” සමහර විට ඔබ අතින් නොවුණත්, ඔබේ දුරකථන අංකය ඇති කෙනෙකු අතින් ඔබේ අංකය ඔවුන් ලබා ගන්නටත් පුළුවන්. ඒ නිසාවෙන් ඔබ සැලකිලිමත් විය යුතු යි, ඔබ අතින් තව කෙනෙකුගේ දත්ත පිට නොයන්නට.

“නිකං දුන්නොත් ඕනි දෙයක්” කියලා හිතුවොත් මෙහෙම තමයි ඉන්න වෙන්නෙ-  news.hitb.org

ඔබටත් ඇමතුම් පැමිණියහොත් නන්නාඳුනන විදෙස් අංකයකින්, ඇමතුමට පිළිතුරු දීමට ඉක්මන් නොවන්න. missed call තිබුණොත්, නැවතත් ඇමතීමට පෙර ඒ අංකයන් පිළිබඳ සොයා බලන්න. විවිධ මුදල් ත්‍යාගයන් ලබාදෙන බව කියමින් මුදල් බැර කරන්නටයැ යි එන ඇමතුම් ද වංචාවන් විය හැකි බැවින් ඒ පිළිබඳ ව ද අවධානයෙන් සිටින්න.

කවරය: wccftech.com

මූලාශ්‍රයයන්:

Wccftech.com

Cdn.dribbble.com

Post-gazette.com

News.hitb.org

Three.co.uk

Quora.com

Related Articles