Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ෆෝන් එකේ ඉඩ නැත්නම් මේ දේවල් අත්හදා බලන්න

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය මේ වෙද්දී අවුරුද්දක් දෙකක් පරණ නම් මේ වන විට අනිවාර්යයෙන් ම එය අඩු අභ්‍යන්තර ධාරිතාවක් (Internal Storage) සහිත දුරකථනයක් බවට පත්වී හමාරයි. වර්තමානය වන විට ඇති බොහෝ දුරකථන මිලෙන් වැඩි වුණත් චිප් එකක් දාන්නට බැරි නිසා බොහෝ වෙලාවට අභ්‍යන්තර ධාරිතාවක් මත ම රඳා පවතින්නට සිදු වෙනවා. ඒත් ඔබ ටිකක් කපටි වුණොත් අලුත් දුරකථනයක් හෝ වැඩි අභ්‍යන්තර ධාරිතාවයක් සහිත දුරකථනයක් ගන්නට තව මුදල් වියදම් නොකර තියෙන ගාණ අතේත් ඉතුරු කරගෙන ෆෝන් එකෙන් කරන වැඩ ටිකත් ශේප් කරගන්නට පුළුවන්.

Viber, WhatsApp පින්තූර ස්වයංක්‍රීයව download වීම නවත්වන්න

WhatsAppහි ස්වයංක්‍රීය බාගතවීම් නවතන ආකාරය (Thambaru Wijesekara)

සාමාන්‍යයෙන් වට්ස්ඇප්, වයිබර් ගෲප් හතර-පහක ඉන්නවා කියන්නේ ෆෝන් එකේ ඩේටා On කරපු ගමන් ඩේටා ටිකත් ඉවර වෙලා Storage එකත් පිරෙනවා කියන එකයි. ඒ විතරක් නෙවෙයි ගැලරියටත් අපේ අශික්ෂිත යාළුවෝ එවන ශික්ෂිත දේවල්වලින් පිරිලා යන නිසා වැරදිලාවත් ගැලරිය ප්‍රසිද්ධ ස්ථානයක Open කරනවා කියන්නේ අපේ උත්තරීතර ආත්ම ගරුත්වයේ බෙල්ල කෝච්චියට තිබ්බා වගේ වැඩක්. හැබැයි මේ හැම ප්‍රශ්නයකට ම විසඳුම් තිබෙනවා.

වයිබර් ඇප් එක විවෘත කරලා එහි වම් පත්තේ සිට දකුණට swype කළා ම එන වම් පස මෙනුවේ Settings තෝරා එහි Media වෙත ගොස් Allow automatic download of photos over mobile networks යන්න අක්‍රීය කළ විට ස්වයංක්‍රීයව ඡායාරූප බාගතවී මොබයිල් ඩේටා සහ අභ්‍යන්තර ධාරිතාවය කා දැමීම නවතිනවා.

WhatsApp සඳහා දකුණු පස ඉහළ ම ඇති තිත් තුනක් වැනි අයිකනය ටැප් කර Settings වෙත ගොස් Data Usage තෝරා When using mobile data සහ WiFi යන දෙකට ම ගොස් එහි ඇති සියලු හරි ලකුණු ඉවත් කර දැමීමෙන් ස්වයංක්‍රීය බාගතවීම් නවත්වන්නට පුළුවන්.

මෙසේ කළ විට ඔබ වෙත ලැබෙන ඡායාරූප චැට් එකේ පෙනුනත් ඒවා මත ඔබ ටැප් කරන තෙක් download වෙන්නේ නැහැ. ඔබට යම් ෆෝල්ඩරයක අැති ඡායාරූප හෝ වීඩියෝ ගැලරියේ පෙනීම නවත්වන්න අවශ්‍ය නම් අදාල ෆෝල්ඩරය තුළ “.nomedia” නමින් ෆයිල් එකක් සෑදිය හැකියි.

Google Photos පාවිච්චි කරන්න

නොමිලේ ඡායාරූප උඩුගත කළ හැකි Google Photos (play.google.com)

ෆෝන් එකේ තියෙන පින්තූර කොම්පියුටරේට දාලා ඒකේ හාඩ් එක ගියාම පින්තූර ටික වක්කඩේ හැංගුවා වගේ නැති වෙලා යනවා බලාගෙන ඉන්නවා වෙනුවට Cloud Storage පාවිච්චියට අපි දැන් හුරු වෙන්නට ඕනේ. Google Drive, Microsoft One Drive වලින් ගිගා බයිට් 10කට වඩා වැඩි ඉඩක් නොමිලේ ම ලැබුණත් අපි දවසකට ගන්න සිය දහසක්වූ සෙල්ෆිවලට ඒ ඉඩ ජීවිත කාලෙන් අඩකටත් මදි.

Google Photos කියන්නේ මෙගා පික්සල් 16ක් දක්වා ප්‍රමාණයෙන් වූ ඡායාරූප නොමිලේ ම කිසිදු ඔන්ලයින් ඉඩක් භාවිත නොවී ගබඩා කර තැබිය හැකි අපූරු විසඳුමක්. මෙම සේවාවට දුරකථන ඇප් එකෙන් මෙන් ම පරිගණකයෙන් ද පිවිසය හැකි නිසා Backup කළ සියළු ඡායාරූප ඕනෑම උපාංගයකින් ඔබට නැරඹිය හැකියි. උඩුගත කළ ඡායාරූප ඒවායේ සිටින පුද්ගලයන්ගේ මුහුණු අනුව, ස්ථාන අනුව සහ දිනය අනුව ද සමූහ වන නිසා එහි ඇති දියුණු සෙවුම් තාක්ෂණය ඔබට ඕනෑම පැරණි ඡායාරූපයක් Scroll කරමින් කාලය ගත නොකර සොයාගන්නට උපකාර කරනවා.

සැහැල්ලු ඇප්වලට මාරු වෙන්න

Facebook Lite සහ Messenger Lite යෙදුම් (play.google.com)

සමාජ ජාල වෙබ් අඩවි ඇප් එකක් ෆෝන් එකේ නෑ කියන්නේ ජීවිතේ නෑ වගේනේ. හැබැයි වැඩේ කියන්නේ අපි හැමෝම පාවිච්චි කරන ෆේස්බුක් ඇප් එකත් මේ වෙද්දී මෙගා බයිට් 80ක් විතර වෙනවා. ඊට පස්සේ ඒකෙන් අපි දවස පුරාම බලන පින්තූර, වීඩියෝ අපිට පෙන්වන්න එය ඩවුන්ලෝඩ් කරන නිසා කෑෂ් (cache) එකත් එකතු වුණා ම අභ්‍යන්තර ධාරිතාවෙන් බාගයක් ම විතර ඒකට ම යනවා. ෆේස්බුක් චැට් කරන්න දැන් ඉස්සර වගේ ඒ ඇප් එකෙන් ම බැරි නිසා Messenger එකත් දාගන්න වෙනවා. ඒකේ සයිස් එකත් ඊට දෙවැනි නැහැ.

ඇප් එකක් දාගන්න කලින් Play Store එකේ තිබෙන Read More ටැප් කරලා එහි පහතින් ම තිබෙන Download size එක පරීක්ෂා කිරීමෙන් ඇප් එක නිසා මූලික වශයෙන් (කෑෂ්, ඩේටා හැර) භාවිත වන ඉඩ ප්‍රමාණය දැනගන්න පුළුවන්. ඒ වගේ ම Facebook සඳහා Facebook Lite ඇප් එකත්, Messenger සඳහා Messenger Lite ඇප් එකත් භාවිතා කළ හැකි අතර ක්‍රෝම්, ෆයර්ෆොක්ස් වැනි විශාල ප්‍රමාණයේ වෙබ් බ්‍රවුසර වෙනුවට Opera Mini භාවිතා කරන්න පුළුවන්.

SD Card එකට ඇප්ස් මාරු කරන්න

SD card එක වෙත යෙදුම් ගෙන යන ආකාරය (howtogeek.com)

ඔබේ දුරකථනය මෙමරි චිප් දැමිය හැකි ආකාරයේ එකක් නම් දැනට තිබෙන විශාල ප්‍රමාණයේ ඇප් ඊට මාරු කළ හැකියි. එවිට අභ්‍යන්තර ධාරිතාවේ සිට ක්‍රියාත්මක වෙනවා වෙනුවට SD card එකේ තබාගෙන ඇප් එක භාවිතා කරන්නට පුළුවන්.

ඒ සඳහා කළ යුත්තේ Androidහි Settings වෙත ගොස් Applications හරහා ඔබට අවශ්‍ය ඇප් එක තෝරාගෙන එතුළට පිවිස Move to SD Card යන්න තේරීමයි. එවිට තත්පර කිහිපයක් ඇතුලත එය SD card එක වෙත ගමන් කර ඔබේ දුරකථනයේ ඉඩ හසර ඉතිරි කර දෙනවා.

හැබැයි මේ ක්‍රමයේදී චිප් එක මාරු කළහොත් (ඉවත් කර ඇති විට), format කළොත් ඔබට ඊට යෙදූ ඇප්ස් භාවිත කරන්නට නොහැකිවී යනවා. ඒ වගේ ම මෙසේ යැවූ ඇප් එකක් චිප් එක ගලවා වෙනත් දුරකථනයකට දමා භාවිතා කරන්නටත් බැහැ. සමහර අැප් චිප් එකට මාරු කරන්න කොහොමත් බැහැ.

Cache clear කරන්න

කෑෂ් පිරිසිදු කරන ආකාරය (blogspot.com)

පෙර සඳහන් කළා වගේ අපි අන්තර්ජාලයෙන් ඡායාරූප, වීඩියෝ බලද්දී ඒවා ප්‍රථමයෙන් දුරකථනයට ඩවුන්ලෝඩ් වෙලා තමයි අපිට පෙනෙන්නේ. ඉතින් මේවා කාලයක් යද්දී එකතුවී දුරකථනයේ ඉඩත් නැති කර දමනවා. මෙම දත්ත මකා දමන්නට දැන් බොහෝ දුරකථනවල පෙර නිමියෙන් ම (default) පිරිසිදුකාරක ඇප්ස් ලැබෙන අතර එසේ නොමැති නම් Clean Master, CCleaner වැනි ඇප් එකක උපකාරය ලබා ගන්නට පුළුවන්.

හැබැයි එවැන්නක් ස්ථාපනය කරන්න තරම්වත් ෆෝන් එකේ ඉඩ නැතිනම් Androidහි Settingsවල Applications වෙත ගොස් ඉන් අවශ්‍ය ඇප් එක තෝරා එතුළට ගොස් එහි ඇති Clear Cache යන බොත්තම තද කරන්න. (මෙම ක්‍රියා පිළිවෙල සමාන වුවත් ඒවාට යොදා ඇති නම් දුරකථනයෙන් දුරකථනයට වෙනස් විය හැකියි.)

එහි තිබෙන Clear Data යන්න ක්ලික් කළොත් නම් ඔබේ සියළුම තොරතුරු, ඒ කියන්නේ log වුණ ඒවාත් නැතිව ගොස් ඇප් එක අලුතින් ස්ථාපනය කළා වගේ වෙනවා. එහෙත් අපිට අවශ්‍ය මෙහිදී cache මකා දැමීම පමණයි.

Pen එකක් හෝ Card රීඩරයක් භාවිත කරන්න

USB OTG හරහා පෙන් එකක් සබඳා ඇති ආකරය (androidcentral.com)

ඔබේ දුරකථනයේ USB On-The-Go පහසුකම තිබේ නම් පරිගණකයක් නොමැතිව ඍජුවම eBay එකෙන් රුපියල් දෙසීයකට පමණ මිලදී ගත හැකි දෙපස male සහ female micro USB පෝට් තිබෙන OTG කේබලයක් භාවිතා කර පෙන් එකක් හෝ කාඩ් රීඩරයක් සම්බන්ධ කරන්නට පුළුවන්. එවිට දුරකථනයට චිප් දාන්න බැරි වුණත් මේ ක්‍රමය හරහා දැනට තිබෙන දත්ත තාවකාලිකව ඉවත් කරගන්නට පුළුවන්. හැබැයි ඉතින් මෙය Google Drive දානවා තරම් සුරක්ෂිත පුරුද්දක් නොවුණත් එසේ upload කරන්නට ඔබට මොබයිල් ඩේටා හෝ වයිෆයි නැත්නම් මෙය තවත් පහසු ක්‍රමයක් වෙන්නත් පුළුවන්.

ඔබත් දුරකථනයේ ඉඩ නැති වෙලා දුක් විඳින කෙනෙක් නම් කමෙන්ට් එකකින් ඒ දුක බෙදාහදා ගන්නා ගමන් ලිපිය වැදගත් වුණා ද කියලාත් අපිට දිරියක් දෙන්න.

කවරයේ ඡායාරූපය: makeuseof.com

මූලාශ්‍ර:

  1. guidingtech.com
  2. techlog360.com
  3. Google Play Store

Related Articles