Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙදරදීම Ethernet කේබල් එකක් හදාගන්නේ මෙහෙම යි

බොහෝ ජාලකරණ උපාංග සමග ඒවා සම්බන්ධ කිරීම සඳහා අපට Ethernet කේබල්නුත් ලැබෙනවා. මේ හැම එකක්ම අඩි 4ක් 5ක් පමණ වූ වෙනස් කළ ‍නොහැකි දිගකින් යුතු යි. මෙම දිග අඩු බව නිසාම අපිට එම උපාංග අවශ්‍ය ස්ථානයකට ගන්නට නොහැකිව සීමාකාරී බවට පත් වෙනවා. රවුටරය අපට අවශ්‍ය තැනට නොව, රවුටරය තිබෙන තැනට අපට යන්නට සිදු වෙනවා.

අන්තර්ජාල මෙන්ම දේශීය වෙළඳපොළෙන් ද පෙර සකසන ලද මෙම කේබල් විවිධ දිගවලින් ලබා ගත හැකි නිසා නිවසේ හෝ කුඩා කාර්යාලයක Network එකක් හදද්දී එය එතරම් ගැටළුවක් වෙන එකක් නැහැ. නමුත් Network එකක උපරිම ප්‍රයෝජනය ලබාගන්නට අවශ්‍ය කෙනෙක් නම් හෝ ඔබට අවශ්‍ය දිගට කේබල් එකක් වෙළඳපොළෙහි ගන්නට නැත්නම් අපහසුතාවට පත් වෙනවා. ඒ වගේම, සංකීර්ණ Network එකක්/ කිහිපයක් සකසන ස්වයං රැකියා ජාලකරුවෙක් වගේ තත්ත්වයක සිටිනවා නම් කේබල් එකක් සකසා ගැනීමට අදාල දැනුම අවශ්‍ය වෙනවා. ඊතනෙට් (Ethernet) කේබල් RJ-45, patch, සහ නෙට්වර්ක් කේබල් කියාත් හඳුන්වන අතර නිසි පුහුණුවක් සහ උපකරණ ටික තිබෙනවා නම් මේවා හදන එක හරිම පහසු යි.

අවශ්‍ය උපකරණ

Cat5 කේබලයක්, ප්‍රමාණ තුනක ප්ලග් සඳහා පහසුකම් සලසන අඬුවක්, සහ වයර් සුද්ධ කිරීමේ උපාංගය

අවශ්‍යතාවන්ට ගැලපෙන ලෙස අපිම කේබල් හදාගනිද්දී, විශේෂයෙන් ඔබේම ව්‍යාපාරයක් කරනවා නම් එය සැලකිය යුතු මුදලක් ඉතිරි කර දෙනවා. අන්තර්ජාල වෙළඳපොළෙහි අඩි 6ක Cat5 නෙට්වර්ක් කේබල් එකක් $19ක් පමණ වන අතර අඩි 25ක කේබල් එකක් $33ක් විතර වෙනවා. අඩි 50ක් නම්, මිල $43ක් (රු. 7600ක්) පමණ වැය කරන්නට සිදු වෙනවා. මේ මුදල තනි කේබලයක් සඳහා පමණ යි. අපට ලැබෙන ගාස්තුවෙන් මෙතරම් මුදලක් ඉවත් කළාම ‍අන්තිමට ලැබෙන ලාභයක් නැති තරම්. ඉතින් මේ ආකාරයට කුඩා – කුඩා කේබල් මිල දී ගන්නවා වෙනුවට අඩි 1000ක විශාල කේබල් රෝදයක් (ගොනුවක්) ලබාගනිද්දී Cat5e එකක් $65-$120 පමණ (රු. 11,000 සිට රු. 21,000) ලබා ගන්න පුළුවන්. Heads හෙවත් කේබල් එකේ අවසානයේ ඇති උපාංගවලට සවිවන මොඩියුලර් ප්ලග් 50ක් රු. 1700ට අඩුවෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මූලික ආයෝජනයක් විධියට අපට කේබල් ක්ලිප් කරන්න ගන්නා Crimper tool එකක් අවශ්‍ය වෙනවා. අන්තර්ජාල වෙළඳපොළේ තිබී අපට $7කට (රු. 1200කට පමණ) හොඳ quality එකකින් යුත් අඬුවක් හමුවුණා (“Networking Ethernet Network Cable Crimper Pliers” ලෙස search කරන්න). සමහරවිට, ඊටත් අඩුවට පිටකොටුවෙන් හොයාගන්න හැකි වේවි.

මේ දේවල් ගත්තාට පස්සේ කේබල් හදාගන්න අනිවාර්යයෙන්ම ටිකක් වෙලාව ගත කරන්න සිදු වෙනවා. හැබැයි, කේබල් ටික අපට අවශ්‍ය දිගටම සකසා ගනිමින් මුදලුත් ඉතිරි කරගෙන Network එක ගහද්දී සිදුවන හොඳම දේ, අපිම දෙයක් හදාගත්තාම ලැබෙන සතුට යි!

කේබල් තෝරාගන්නා හැටි

ගින්නට හා නැමුම් වලට ඔරොත්තු දෙන සේ සැකසූ කේබලයක් (lapptannehill.com)

ප්‍රථමයෙන් අපට අවශ්‍ය කේබල් වර්ගය තීරණය කරගත යුතු වෙනවා. නූතන ජාලකරණ දෘඪාංග, ඇඩැප්ටර්, NAS (ජාලයට සබඳන Storage), ස්විච සහ රවුටර් ආදිය සම්බන්ධ කරන්නේ straight through cable හෙවත් අපට එම උපාංග සමග ලැබෙන Twisted pair තඹ වයර් එකෙහි අගට RJ-45 head එකක් සහිත ඒවා යි. ඇතැම් අවස්ථාවල දී පැරණි උපාංග ඒවායේ ස්විච හෝ හබ් දෙකක් (daisy-chaining ලෙස හඳුන්වන ක්‍රමය) සබැඳීමේ දී හෝ පැරණි ලැප්ටොප් දෙකක් (ගොනු හුවමාරු කිරීමට) එකිනෙක සම්බන්ධ කිරීමේ දී cross-over කේබල් යොදාගත යුතු වෙනවා. නමුත් නූතනයේ එය එතරම්ම අවශ්‍ය වන්නේ නැහැ. Auto-MDIX තාක්ෂණයට අප සම්බන්ධ කරන කේබල් එකත් හඳුනාගන්නට පුළුවන් නිසා, ඊට අනුව සැකසුම් වෙනස් කරගනිමින් ක්‍රියා කරන්නට හැකි නිසා වාසනාවකට එය වධ විය යුතු කාරණයක් නොවෙයි. හැබැයි කෝකටත්, ඔබ පැරණි නෙට්වර්ක් උපාංගයක් සම්බන්ධ කරනවා නම් එම උපාංගයේ මැනුවල් එක (උපදෙස් අත්පොත) මඟින් ඊට cross-over කේබලයක් අවශ්‍යදැ යි තහවුරු කරගන්න.

නූතන සම්මතය Cat5e (Cat5) කේබල් වර්ගය වන අතර ඔබ කටයුතු කරන්නට යන්නේ Gigabit Ethernet ජාලයක් සමග නම් Cat6 කේබලයක් තෝරාගත යුතු යි. මෙම කේබල් දෙවර්ගයේම බාහිර ආවරණයන් තිබෙනවා. ඒ, Plenum සහ PVC ජැකට් ලෙස යි. PVC සහිත ඒවා මිලෙන් අඩු නමුත් ගින්නකට හසුවුණාම ඒවායෙන් විෂ දුමක් පිටවෙන්නට ගන්නවා. මේ නිසාම ඇතැම් ව්‍යාපාර ගොඩනැගිලිවලින් ඒවා භාවිතය තහනම් කර තිබෙනවා. Plenumවලත් PVC අඩංගු නමුත් අඩු දුමක් ඇති කිරීම හා FEP ද අඩංගු කරමින් ගින්නට ඔරොත්තු දෙන පරිදි සකසා තිබීම විශේෂත්වයක්.

සාමාන්‍ය කේබලයක් (fs.com)

ඔබට PVC භාවිතා නොකරන්නට බලපෑමක් නැත්නම්, PVC ආවරණයක් ඇති කේබල් එකක් තෝරා ගැනීමෙහි ගැටළුවක් නැහැ. මිල අඩු බව, භාවිතයට හා සැකසීමේ දී ඇති පහසු බව නිසා පුරුදු වීමේ දී ඒවායෙන් ඇරඹීම උචිත යි. ඒ වගේම ඔබට heads හෙවත් RJ-45 plug අවශ්‍ය වෙනවා. ‍‍මේවා කේබලයේ දෙපසට සවිවන නිසා කේබලයකට දෙකක් බැගින් ළඟ තබා ගන්නට ඕනෑ. වයර් සහ heads සබඳන්නට Crimper එකක් මෙන්ම, වයරය අවශ්‍ය පමණට කපා ගන්නට කතුරක් ‍හෝ එම අඬුව සමගම ලැබෙන කුඩා වයර් කැපීමේ උපා‍ංගයේ සහාය ලබාගත හැකියි. ඇතැම් අඬුවල බාහිර උපාංගයට අමතරව කේබල් සබඳනයට යටින් එහිම තලයක් යොදා තිබෙනවා. මේ නිසා අවශ්‍යතාව අනුව පහසුවෙන් ඒවායෙන් ප්‍රයෝජනය ගන්නට හැකියි.

කේබලය සැකසීම

ආවරණය ඉවත් කළ කෙළවරක් (sewelldirect.com)

අවශ්‍ය දිගට වඩා බිඳක් වැඩිපුර (පුරුදු වන කාලයේ දී) වයරය කපා ගැනීමෙන් පසු එහි කෙළවරින් ජැකට් එක (ආවරණය කර ඇති PVC හෝ Plenum කවරය) මඳක් ඉවත් කරමින් එතුළ ඇති යුගල් හතරක වයර් ටික පාදා ගන්න. එය කිරීමේ දී වයර් වලට හානියක් නොවන සේ කරන්නට පරිස්සම් විය යුතු යි. වැරදීමකින් හෝ එවන් කැපුමක් ඇති වුවහොත් ඊට අඟලක් පමණ කපා අතහැර, නැවතත් ආවරණය ඉවත් කරන්නට පුළුවන්. මේ නිසාම පුරුදු වෙන කාලයේ දී අවශ්‍ය ප්‍රමාණයටම වඩා මඳක් දිගට වයරය කපාගන්න. වයරයේ දෙපසම මෙලෙස ආවරණය ඉවත් කර ගන්න.

‍දැන් වයරයේ දෙකෙළවර සැකසීම එය head එකට තබා crimp කිරීම කරන්නට යි යන්නේ. මෙහි තිබෙන වයර් ඔබට පෙනෙනවා ඇති එකිනෙක මත යුගල් වශයෙන් ඔතා තිබෙන හැටි. අපි දැන් ජැකට් එක ඉවත් කර, විවෘත කරගත් කො‍‍ටසේ මේ යුගල් එතුම ලිහා තනි වයර් බවට පත් කරගත යුතු යි. මෙහිදී වයර් පිළිවෙළ කිරීමේදී අපට අවශ්‍ය Straight Through ද Cross-over ද යන්න තීරණය කළ යුතු වෙනවා.

වර්ණ කේතය (ytimg.com)

Straight through හෙවත් නූතනයේ බහුලව යොදාගැනෙන ක්‍රමය සඳහා වය‍රයේ දෙකෙළවරම, වමේ සිට දකුණට: සුදු-තැඹිලි, තැඹිලි, සුදු-කොළ, නිල්, සුදු-නිල්, කොළ, සුදු-දුඹුරු, දුඹුරු ලෙස තබාගන්න. “සුදු තැඹිලි දොඩම් කොළ – නිල් සුනිල් කොළ කනකොට – සූදුරු දුඹුරු පාටයි” වගේ මතක තියාගන්න පොඩි වාක්‍ය කෑල්ලක් හදාගන්නත් පුළුවන්.

Cross-over කේබල්වල නම් දෙපස වයර් පිළිවෙල දෙආකාර යි. එක් පැත්තක: සුදු-කොළ, කොළ, සුදු-තැඹිලි, නිල්, තැඹිලි, සුදු-දුඹුරු, දුඹුරු ලෙස තිබෙන අතර, අනෙක් පසට: සුදු-තැඹිලි, තැඹිලි, සුදු-කොළ, නිල්, සුදු-නිල්, කොළ, සුදු-දුඹුරු, දුඹුරු ලෙස යොදන්නට ඕනෑ.

සකසාගත් වයර් වෙනස් නොවන සේ ඇඟිලිවලින් අල්ලා ගන්න. RJ-45 plug එකක් අරගෙන වයර්වලට සමාන්තරව පැත්තකින් තියාගෙන එහි ඇතුළට යන්නට තරම් මේ වයර්වල දිග තිබෙනවාදැයි බලන්න. වැඩිපුර තිබෙනවා නම්, වයර් එක මට්ටමට තිබෙන ලෙස අඬුවෙන් කපා හරින්න. වයර් ටික එලෙසම අල්වාගෙන, ප්ලග් එකේ ක්ලිප් එක යට අතට සිටින සේ තබා, වයර් ටික ප්ලග් එක තුළට සීරුවෙන් යවන්න. වයර්වල කෙළවර ප්ලග් එකේ කෙළවරම ඇති තඹ තහඩුවල ගෑවෙන තෙක් ඇතුළු කරන්න.

අඬුවේ RJ-45 කවුළුවට තබා තද කිරීම (ytimg.com)

Crimp කරන අඬුවෙහි මේ ප්ලග් එකේ ප්‍රමාණයේම කවුළුවක් තිබෙනවා. හරියට කම්පියුටරයේ හෝ රවුටරයේ තිබෙන පෝට් එකක්ම වගේ යි. වයර් නොගැලවෙන සේ ප්ලග් එක එයට ඇතුළු කරන්න. එවිට ‘ක්ලික්’ ශබ්දයක් සමග එය සවිවනු දැනේවි. වයර් ටික එලෙසම එක් අතකින් අල්වාගෙන, අනෙක් අතින් අඬුව සීරුවට නමුත් හොඳින් තද කරන්න. එවිට සුළු ශබ්දයක් එක්ක වයර් ටික ප්ලග් එකට සවි වෙනවා. ප්ලග් එකේ ක්ලිප් එක තද කරලා (කම්පියුටරයෙන් ඊතර්නෙට් වයරය ගලවන්නාක් මෙන්) අඬුවෙන් එය ගලවා ගන්න. ඔන්න එක පැත්තක වැඩේ හරි. දැන් මේ විධියටම අනෙක් පස head එකත් සවි කරගන්න.

අවසානයේ network tester උපාංගයකින් හෝ Straight through ලෙස සැකසුවා නම් පරිගණකය හා රවුටරය සබඳා එය ක්‍රියා කරනවාදැ යි පරීක්ෂා කරන්න. ගැටළුවක් තිබුණොත් මේ head එක නැවත භාවිතයට ගන්නට බැරි නිසා, එහි කර මුලින් කපා දමා තවත් ප්ලග් එකක් ගෙන පෙර කී පරිදි සකසා ගත්තාම හරි.

කවරය: cbsi.com

Related Articles