Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Facebook වීඩියෝ බාගත කරන හැටි

ෆේස්බුක් එක පුරා සැරිසරන විට දැන් ඉස්සරට වඩා වීඩියෝ දකින්නට ලැබෙනවා. ඒවා පසු අවස්ථාවක නැරඹීම සඳහා හෝ වෙනත් කෙනෙක්ට පෙන්වීම සඳහා බාගත කරගන්නට ෆේස්බුක් ඇප් එකෙන්ම අවස්ථාව ලබාදී නැහැ. මේ නිසා අපට වෙනත් තෙවන පාර්ශවීය වෙබ් අඩවියක සහාය ලබාගන්නට සිදු වෙනවා.

කිසිදු තෙවන පාර්ශවීය සේවාවක් භාවිතා නොකර බාගත කිරීම

mbasic වෙබ් අඩවිය (ඡායාරූපය: තඹරු විජේසේකර)

ෆේස්බුක් වෙබ් අඩවියේ මොබයිල් දුරකථන සඳහා බ්‍රව්සරය පිවිසීමට හැකි විශේෂ වෙබ් අඩවිය වන mbasic.facebook.com මේ සඳහා පාවිච්චි කරන්නට පුළුවන්. නමුත් මෙම ක්‍රමය ඔබට වඩාත් පහසුවෙන් යොදාගත හැක්කේ පරිගණකයෙන් පිවිසෙනවා නම් පමණයි. ෆේස්බුක් වෙත මෙමඟින් log වී අවශ්‍ය වීඩියෝව එතුළින් ම සොයාගන්නට සිදුවෙනවා. අවසානයේ, එම වීඩියෝව මත Right Click කර Save video as… යන්න ක්ලික් කිරීමෙන් එය බාගත කළ හැකියි.

එයට වඩා, වීඩියෝවේ URL එක ලබාගැනීමෙන් පසු වෙබ් සේවාවකින් එය බාගත කරගැනීම වඩාත් පහසු යි. මෙහිදී ඔබේ පෞද්ගලිකත්වයට හෝ ෆේස්බුක් ගිණුමට හානියක් නොවන නිසා එවැන්නක් භාවිතයට බිය විය යුතු නැහැ. නමුත් මේවායේ ඇති Download බොත්තම් සහිත වෙළඳ දැන්වීම්වලින් නම් ඉවත්ව සිටීමට සිදුවේවි.

Facebook වීඩියෝවක URL එක ලබාගන්නා හැටි

Copy Link Address යන්න ක්ලික් කරන්න (ඡායාරූපය: තඹරු විජේසේකර)

ඔබ පරිගණකයක් පිවිසෙනවා නම් මෙය කිරීම ඉතාම පහසු ඔබ වීඩියෝවක video පිටුවේ සිටිනවා නම් එහි බ්‍රවුසරයේ ඉහළ ඇති navigation bar එකෙන් අදාල url එක කොපි කරගන්න පුළුවන්. එසේත් නැතහොත් ඔබ ෆේස්බුක් Feed එකෙන් වීඩියෝවක් දැක්කානම් එය බාගත කිරීම සඳහා එම පෝස්ට් එකේ දිනය සහිත අකුරු පේළිය right click කර copy link address යන්න තෝරන්න. Extension එකක් සහිත සේවාවක් නම් ඔබට ඊට වද වීමට දෙයක් නැහැ.

දුරකථන App එකෙන් පිවිසෙනවා නම් අදාල පෝස්ට් එකේ එහි දකුණු පස ඉහළ ඇති තිත් තුනක් සහිත අයිකනය මත ටැප් කර, Copy link යන්න තෝරන්න.

FBDown

වෙබ් අඩවි අතුරුමුහුණත (ඡායාරූපය: තඹරු විජේසේකර)

ෆේස්බුක් වීඩියෝ ඩවුන්ලෝඩ් කිරීම සඳහා ඉතාම සරල අතුරුමුහුණතක් ගෙන එන FBDOWN.net වෙබ් අඩවිය නෙමේ භාවිතයට ඉතාම පහසු යි. ඔබට අවශ්‍ය වීඩියෝවක වෙබ් ලිපිනය පිටපත් කරගෙන මෙහි ඇති Text box එකට paste කර download බොත්තම ක්ලික් කිරීමෙන් පසුව පහසුවෙන්ම එය බාගත කරගන්න පුළුවන්. මෙම සේවාව Chrome extension එකක් ද ලබාදෙන නිසා නිතරම වෙබ් අඩවියට පිවිසීම අවශ්‍ය වන්නේ නැහැ ඔබ නරඹමින් සිටින වීඩියෝව මත සිටම extension එකෙන් එය බාගත කරගන්න පුළුවන්.

Downvids

ගොනුවේ ගුණාත්මක භාවය තෝරන්නට ද හැකියි (ඡායාරූපය: තඹරු විජේසේකර)

Facebook video මෙන්ම Instagram, Youtube, Vimeo වැනි සේවාවන්ගේ ඇති වීඩියෝ පවා බාගත කරගැනීමට අවස්ථාව ලබාදෙන Downvids සේවාව YouTube Playlistවලට ද සහාය සපයනවා. මෙයට ද අදාළ URL එක ලබා දීමෙන් පසු අපට එම වීඩියෝව අවශ්‍ය Format එක තෝරා දිය හැකි අතර, කෙතරම් ගුණාත්මක භාවයකින් යුත් ගොනුවක් ලබාගැනීමට අවශ්‍යදැ යි Select කරන්නට පුළුවන්. මේ නිසා data වැඩි ප්‍රමාණයක් වැය කර ගන්නේ නැතිව කුඩා ප්‍රමාණයක ෆයිල් එකක් බාගත කරගන්නට අවස්ථාව ලැබෙනවා. මෙම සේවාව පාවිච්චි කරන අය බාගත කරගත් වීඩියෝ ලයිස්තුවක් වෙබ් අඩවියේ පහළින් දක්වා තිබෙන නිසා හොඳ වීඩියෝ හොයාගන්න එය ද පහසුවක් වෙනවා.

SaveFrom

වෙබ් අඩවි අතුරුමුහුණත (ඡායාරූපය: තඹරු විජේසේකර)

YouTube වීඩියෝ බාගත කරගැනීම සඳහා ප්‍රසිද්ධ මෙම SaveFrom.net සේවාව ෆේස්බුක් සඳහා ද සහාය ලබා දෙනවා. Vimeo, Twitter, VK, Instagram ආදී සේවාවන්ගේ වීඩියෝ ද මෙමඟින් බාගත කරගත හැකියි. වෙබ් අඩවියට පිවිස, ඔබට අවශ්‍ය වීඩි‍යෝවේ URL එක Paste කිරීම පමණයි කරන්නට තිබෙන්නේ. එවිට බාගත කරගැනීම සඳහා උපරිම ගුණාත්මකභාවයෙන් යුත් ගොනුව සකසා දෙනවා. මෙය සතුව ස්ථාපනය කරගත හැකි Chrome Extension එකක් සහිත ඔවුන්ගේම මෘදුකාංගයක් තිබෙන නිසා නිතර වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය වන්නේ නැහැ. එනමුත් එවන් මෘදුකාංග ස්ථාපනය කරගැනීම අප නිර්දේශ කරන්නේ නැහැ.

VideoGrabby

වීඩියෝ Search කරන්නට හැකියි (ඡායාරූපය: තඹරු විජේසේකර)

වෙබ් අඩවි රැසකට සහාය සහිතව Facebook වීඩියෝ ද බාගත කරගන්නට අවස්ථාව සලසන VideoGrabby වෙබ් සේවාවට ද URL එක ලබාදීම පමණයි අවශ්‍ය ‍වන්නේ. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ URL ලබාදීමට ඇති text box එකෙන්ම වීඩියෝ සෙවීම් කරන්නට හැකි වීම යි. ඉන් YouTube ඇතුළු වෙබ් අඩවි රැසකින් අපට හොඳ වීඩියෝ හොයාගන්නටත් පුළුවන්. ඉතාම සරල අතුරුමුහුණතක් සහ අවම වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් අඩංගුවීම භාවිතයට පහසුවක්.

කවරය: iframe-apps.com

Related Articles