Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

DSLR කැමරාවකින් තරු සහ ග්‍රහලෝකවල ඡායාරූප ගන්නේ මෙහෙම යි

තාරකා ඡායාරූපකරණය (astrophotography) කරන අය රාත්‍රීන් පුරා වියළි කාලගුණය සහිත පෙදෙස්වල, එළිමහන් සහිත කැළෑවල කට්ට කාගෙන කෑම්ප් ගහගෙන මන බඳින ඡායාරූප ගන්නවා. ඒ වගේ ඔබටත් DSLR හෝ Manual සැකසුම් කළ හැකි Compact කැමරාවක් තිබෙනවා නම් හොඳ ඡායාරූප කිහිපයක් කැමරාවට හසුකරගන්නට බැරිකමක් නැහැ. තරු පමණක් නොව අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඡායාරූප ද නිසි ආකාරව සැලසුම් කිරීමෙන් පසු ගන්නට පුළුවන්. තිත් වැනි තරු වෙනුවට සරල උපක්‍රමයකින් වශී කරන්නට පාවිච්චි කරන කඩ ඉරි රවුම් වැනි තරුවල ගමන් මාර්ගය තනි ඡායාරුවකට හසු කරගැනීමට ද හැකියාව තිබෙනවා.

සූදානම සහ ස්ථානගත වීම

කැමරාව, Tripod එක සහ Settings ඔබව හොඳ තාරකා ඡායාරූප ශිල්පියෙක් බවට පත් කරයි (adorama.com)

තරුවල ඡායාරූප ගන්නට අවශ්‍ය වන්නේ සරල දේවල් තුනක එකතුවක් පමණ යි. ඒ, DSLR කැමරාවක් (හෝ Manual exposure සහිත Compact කැමරාවක්), Tripod එකක් සහ කළුවර – පැහැදිලි අහසක්. අන්තිම දේ නම් හොයාගන්න ටිකක් අපහසු බව සිතුණත්; ආලෝක ධාරාවන්ගෙන් පිරුණු නගරයක සිට වුවත් අහසේ ඡායාරූපයක් ගන්නට පුළුවන්. එහෙත් වායු දූෂණය බහුලව තිබෙනවා නම් Zoom කිරීමේ දී ඡායාරූපවල බොඳවූ තිත් සහිත බව ඇතිවීම වළක්වන්නට සිදු වෙනවා.

වඩාත් හොඳම ක්‍රමය නම්, කි.මී. 40ක් පමණ නගරයෙන් බැහැරව ගොස් තැනිතලා බිමක් සොයා ගැනීම යි. මුහුදු වෙරළක් වුවත් උචිත නමුත් දැඩි සුළඟ දැඩි සුළඟට ඔරොත්තු දෙමින් වැලි මත රැඳවිය හැකි Tripod එකක් නොමැතිව එය කිරීම අපහසු යි.

ඔබේ ස්ථානය කුමක් වුවත්, වැඩි කාලයක් Shutter එක විවෘත තැබීමට සිදුවන නිසා කැමරාව වෙත ඍජුව එල්ලවන පාරේ ඇති විදුලි බුබුළු හෝ වාහනවල විදුලි ආලෝකයන් වළක්වා කැමරාව ස්ථානගත කරන්න. ඔබ නිවසේ සිටම කරනවා නම්, එළිමහනට යොදා ඇති ආලෝක පහන් සියල්ලම නිවා දමන්න.

Appsවලින් පහසුවෙන් තරු/ග්‍රහලෝක පිහිටන ස්ථාන සොයාගත හැකියි (Google Play Store)

දිශාව සොයාගැනීම සඳහා තරු තිබෙන ස්ථාන හඳුනාගැනීමට ඇන්ඩ්‍රොයිඩ් සඳහා Sky Map ඇප් එකත්, iOS සඳහා Star Chart ඇප් එකත් යොදාගත හැකියි. ඉදිරි දිනයක් සැලසුම් කරනවා නම් තාරකා විද්‍යා කැලැන්ඩර් සහිත SeaSky.org වැනි වෙබ් අඩවියක සහාය ලබා ගන්නට පුළුවන්.

අමතර ආම්පන්න වශයෙන්, කැමරාවේ දුරස්ථ පාලකය, Shutter release කේබලයක් හෝ කැමරාවේම ඇති Timer එක අපට මෙහිදී අවශ්‍ය වන නිසා සූදානම්ව තබාගන්න. ඒ වගේම කැමරාව රාත්‍රියේ එළිමහනේ තැබීමේ දී එහි ජලවාශ්ප බැඳීමට ඉඩකඩ තිබෙන නිසා Lens සහ කැමරා පිරිසිදු කිරීමේ කට්ටලයත් ලැහැස්ති කරගන්න.

ග්‍රහලෝක ඡායාරූප ගත කිරීම

Canon 6D කැමරාවකින් ගත් Frames 871ක සංයෝජනයක්. ISO අගය 800 යි. (cloudynights.com)

සිකුරු, අඟහරු, බ්‍රහස්පති, සහ සෙනසුරු පෘථිවියට වඩාත් හොඳින් දිස්වන ග්‍රහලෝක වන අතර බුධ ග්‍රහයා හිරු ආසන්නයේ තිබෙන නිසා මඳක් ඡායාරූප ගැනීම මඳක් අපහසු යි. එය හිරු බැස යාමට හෝ නැග ඒමට පෙර පැය තුළ (Golden Hour) කැමරාවට හසුකරගන්නට හැකියාව තිබෙනවා.

හොඳින් පැහැදිලි සිකුරු ග්‍රහයා අහසේ හොඳින් දිස්වන්නේ හිරු බැසයාමට ආසන්න අවස්ථාවේ දී යි. එහි දීප්තිමත් බව නිසාම පහසුවෙන් ඡායාරූපගත කළ හැකියි. ක්‍රාන්තිවලයෙහි පිහිටන අඟහරු ග්‍රහයා කැමරාව තුළින් එහි රත් පැහැ ස්වභාවය නිසාම වෙන්කර හඳුනාගත හැකි අතර, වෘශ්චික තරු රාශියේ ඇති දීප්තිමත්ම “තරුව” ලෙස දිස්වන්නේ සෙනසුරු ග්‍රහයා යි.

Canon T3i කැමරාවකින් Frames 2000කින් කැටි කළ Frames 1000ක්. (cloudynights.com)

බ්‍රහස්පති ග්‍රහයා ක්‍රාන්තිවලය පෙදෙසේ පිහිටන අතර 400mm කාචයකින් වඩාත් හොඳින් කැමරාවට හසුකර ගත හැකියි (අවම වශයෙන් 18-55mm Wide-angle කාචයක් වුවත් ප්‍රමාණවත්.) හොඳින් විශාලනය කළ විට එහි මතුපිට රතු-දුඹුරු සහ සුදු පැහැති වළාවන් සහ රතු ලපය දැක ගන්නට පුළුවන්. පැය කිහිපයක් වරින් වර ඡායාරූප ගැනීමේ දී පරිභ්‍රමණයත්, දින කිහිපයක් අධ්‍යයනය කළහොත් එය වටා චන්ද්‍රයන් සතර දෙනා ස්ථාන වෙනස් කරගන්නා ආකාරයත් යාන්තමට දැකගත හැකියි. තත්පර 30ක පමණ Exposure එකක් පාවිච්චි කරන්න.

ඉහත සඳහන් කළ App එකක් භාවිතයෙන් ඔබ බලා සිටින්නේ අදාල ග්‍රහලෝකය දෙසමදැ යි තහවුරු කරගන්නට පුළුවන්. 

ක්ෂීරපථය ඡායාරූපයට නැගීම

පිරිවිතර: 14mm, f/2.8, 30s, ISO3200 (medium.com)

ක්ෂීරපථය ගැනීමට ඇති හොඳම ක්‍රමය Shutter එක හැකිතාක් කාලයකට විවෘතව තැබීම යි. එවිට ඉතා අඩු ආලෝකයන්ට කැමරාව වෙතට පතිත වීමට ඉඩහසර ලැබෙනවා. නමුත් ඕනෑවට වඩා විවෘතව තැබිමෙන් තරු බොඳවූ ස්වභාවයකට පත් විය හැකියි.

ඔබ සතුව තිබෙන වැඩිම Wide-lens එකෙන්, අවම Aperture (f) අගයක් යොදා තරු එළිය කැමරාව වෙතට ලැබෙන්නට ඉඩ සලස්වන්න. අනන්තයට Manual focus කිරීමෙන් ෂටරය තත්පර 5, 10, 20 ආදී ලෙස ඔබ කැමති කාලයක් යොදමින් ඡායාරූප ගන්න. අපැහැදිලි නම් කැමරාවේ LCD තිරයෙන් බලා Zoom කරන්න. ගත් ඡායාරූපය බොඳවී ඇත්නම් Focus එක සීරු මාරු කරමින් ද ඡායාරූපයේ ආලෝකය වැඩියි වගේ නම් Exposure කාලය අඩු කොට ISO අගය 100 පමණ ‍යොදන්න. අඳුරු නම් වැඩි කාලයක් Exposure වෙත ලබා දී ISO වැඩි කරන්න. White Balance එකට Tungsten යෙදීමෙන් වඩාත් තාත්වික වර්ණ ලබා ගන්නට පුළුවන්.

අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) 

ISS ගමන් මාර්ගය ඡායාරූපයට නැගීමක් (universetoday.com)

කාලයකට පෙර සූදානම් වුවහොත් ISS ශ්‍රී ලංකාව ඉහළින් ගමන් කරන වේලාවක දී එය හොඳින් ඡායාරූපයට ගන්නට පුළුවන්. එහි ගමන් මාර්ගය පිළිබඳව NASA ආයතනයේ Spot The Station වෙබ් පිටුවෙන් දැනගන්නට පුළුවන්. මෙය අහසට නැගෙන්නේ බටහිර සිට නැගෙනහිරට යි. හිරු බැසයාමට ප්‍රථම හෝ නැගඑත්ම මෙය දැකගත හැකියි.

අපව පසුකර යාමට විනාඩි 20කට පමණ පෙර Manual mode එක සහ Wide-angle කාචය අනන්තයට Focus කර තබාගෙන තත්පර 30ක Exposure එකක් Aperture f/2.8 සහ ISO 100 අගයෙන් උත්සාහ කර, සූදානම් කර තබන්න. ISS දකින්නට ලැබෙත්ම ෂටරය විවෘත කරන්න. ඡායාරූපය ගැනීමෙන් පසු නැවත නැවතත් කැමරාව හරවමින් ඡායාරූප ලබා ගන්න.

ඡායාරූප එක් කොට හැඩ කිරීම

ඡායාරූප රැසක් මුසු කළ තනි ඡායාරුවක් (nikon-cdn.com)

මෙලෙස ISS හෝ වෙනත් ඔබ තෝරාගත් විශේෂ තාරකාවක ගමන් මඟ සහිත ඡායාරූප රැසක් (තත්පර 30 Exposure යොදා, පැයක් පමණ ඡායාරූප ගත කරන්න) එක් කරමින් නව අලංකාර ඡායාරූප සකසා ගන්නට පුළුවන්. Time-lapse mode එක මඟින් හෝ Mac සඳහා StarStaX ද වින්ඩෝස් සඳහා Startrails ද යන මෘදුකාංග යොදාගෙන Photoshopවලට වඩා පහසුවෙන් මේ ඡායාරූප එකතු කරලන්නට පුළුවන්. ඔබ සතු කැමරාවේ Time-lapse පහසුකම නොමැති නම්, Timer එක හෝ Remote එක භාවිතයෙන් ඡායාරූප ගන්නට පුළුවන්.

මෙලෙස ඔබ ලබා ගත් ඡායාරූප Comment එකකින් එකතු කරන්නට අමතක කරන්න එපා.

කවරය: improvephotography.com

Related Articles