Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දුරකථනය Root හෝ Jailbreak නොකර Sound quality වැඩි කරන ක්‍රම

දුරකථනයෙන් සින්දු අහන එක මේ වෙද්දි හැම කෙනක්ම පොදු ප්‍රවාහනයේ දී මෙන්ම ඔෆිස් එක ඇතුලෙදීත් නිතර කරන්නට පුරුදුව ඉන්න දෙයක්. බොරුවට හෙඩ්සෙට් එක ගහගෙන සින්දු අහනවා වගේ ඉඳගෙන වටේ ඕපදූප අසන්නේ නැතිව ඇත්තටම සින්දු අහන අයට නම් බොහෝ අවස්ථාවලදී ෆෝන් එකෙන් ලැබෙන Sound quality එක ටිකක් මදි වෙනවා.

අන්තර්ජාලයේ දකින්න ලැබෙන බොහෝ විසඳුම් ලබා ගන්නට නම් ෆෝන් එක රූට් කර තිබිය යුතු නමුත් ඒ හරහා වගකීම් සහතිකය අවලංගු වීම සහ අනෙකුත් කරදර නිසා එයට යොමුවන්නටත් බැහැ. මේ ලැයිස්තුවෙන් ඔබේ සින්දු ඇහීමේ ප්‍රශ්න මඳක් හෝ විසඳාලන්න අපි උත්සාහ කරනවා.

Equalizer ඇප් එකක් දාගන්න

digitaltrends.com

සින්දුවක නියම ගුණාත්මක භාවය ලබා ගන්නට නම් equalizer එක එහෙ මෙහෙ කරලා හදා ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. මේ සඳහා දුරකථනය සමඟම  එය ලැබී නැත්නම් එ් සඳහා වෙනත් තෙවන පාර්ශවීය යෙදුමක සහාය ලබා ගන්නට සිදු වෙනවා. ඇන්ඩ්‍රොයිඩ් සඳහා හොඳ ඇප් දෙකක් තමයි Equalizer & Bass Booster සහ Equalizer Pro කියන්නේ. පළමු ඇප් එක විජට් එකක් ලෙස මුල් තිරයට ද ලබාගත හැකි අතර දෙවැන්නේ නමෙහි Pro ලෙස තිබුණත් එය නොමිලේ ලබා ගන්නට පුළුවන්. ඒවා භාවිතයෙන් ඔබේ ශ්‍රවණ කැමැත්ත අනුව අවශ්‍ය විධියට සකසා ගන්නට හෝ පෙරනිමියෙන් ලැබෙන සැකසුම් තෝරා ඒවා හරහා quality එක වෙනස් කරගන්න පුළුවන්.

Mono Audio ට්‍රයි කර බලන්න

osxdaily.com

පරණ සින්දු අහද්දී ඒවා කොහොමටත් mono හෙවත් ද්විමාන ශබ්ද ආකාරයට පටිගත කර තිබෙන නිසා ඒවා ස්ටීරියෝ සහිත අලුත් උපාංග සහ ඇප් වලින් විකෘතිමය ගතියක් දැනෙන්නට පුළුවන්. නමුත් දකුණු සහ වම් චැනල් දෙක එකතු කරලා තනි කණකට ඇසෙන ආකාරයට සැකසුවාම විශාල වෙනසක් දැනෙනවා. හෙඩ්සෙට් කණේ රුවා ගත්තාම එය හරහා බාහිර ශබ්ද ඇසීම වැළකී යාම ආරක්ෂාව අතිනුත් බොහොම භයංකර දෙයක්. නමුත් මේ ආකාරයට තනි කණකට පමණක් ඇසෙන සේ සකසා ගත්තාම මනස අවශ්‍ය කණට යොමු කිරීමෙන් එකවර දෙකම කරගන්නට පුළුවන්. මේ සඳහා Android Nougatහි Settingsවල Accessibility වෙත ගොස් ඉන් Mono Audio සක්‍රීය කරන්න.

Stream කරද්දී High Quality තෝරන්න

gadgethacks.com

ඔබ බාගත නොකර අන්තර්ජාලය හරහාම සින්දු අහන්න Spotify වගේ ඇප් එකක් භාවිත කරන්න පුරුදු වෙලා ඇති. නමුත් මෙහෙම stream කරලා සින්දු හොඳට අහන්න නම් හොඳ කනෙක්ශන් එකක් තිබීමත් අවශ්‍යයි. නැත්නම් කැඩි කැඩී ඇසීම වළක්වන්නට ඉතා අඩු quality එකකින් ගීත ධාවනය වන නිසා අපිට ඇසෙන්නේත් හොඳ quality එකකින් නොවෙයි. ඔබේ අන්තර්ජාල සබඳතාව, වේගය සහිත බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව එහි සැකසුම් හරහා ගීතවලට high quality ලබාදීමෙන් ඔබට හොඳ ගුණාත්මක බවකින් යුත් ඉහළ අත්දැකීමක් ලබාගත හැකියි.

බාගත කරද්දී තෝරාගන්නා ආකාරය

sftcdn.net

අන්තර්ජාලය හරහා බාගත කරගෙන සින්දු අහන කෙනෙක් නම් ඒවා බාගත කරද්දී බොහොම සැලකිලිමත් විය යුතු වෙනවා. අන්තර්ජාලය තුළ වැඩි වශයෙන් MP3 ෆයිල් දකින්නට ඇති අතර ඒවායේ ශ්‍රව්‍යමය ගුණාත්මක භාවයට බෙහෙවින් ඉවහල් වන්නේ bit rate එකයි. එනිසා බාගත කිරීමේදී වැඩි බිට් රේට් එකක් තිබෙන ෆයිල් එකක් තෝරාගත යුතු අතර 320 kbps පමණ ඒවා හොඳ තත්ත්වයෙන් යුතුයි. ඔබට ඉතා හොඳ හෙඩ්සෙට් එකක් තිබෙනවා නම් MP3 වෙනුවට FLAC හෝ OGG format එකක ෆයිල් තෝරාගන්න පුළුවන්. එවිට ගීතයේ උපරිම ගුණාත්මක බව ලැබෙන අතර ඒවා ධාවනය කරන්නට n7player වැනි ඇප් එකකුත් අවශ්‍ය වේවි.

කවරයේ ඡායාරූපය: winzip.com

Related Articles