Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Instagram පින්තූර කිහිපයක් යොදා කළ හැකි Tricks 5ක්

මෑතක දී ඉන්ස්ටග්‍රෑම් වෙත ලැබුණු, ඡායාරූප කිහිපයක් එකවර පෝස්ට් කිරීමේ විශේෂාංගය බොහෝ දෙනෙක් පාවිච්චි කරන්නේ හුදෙක් දවස තුළ ලබා ගන්නා ඡායාරූප කිහිපයක් පළ කරන්නට හෝ, ගන්නා ලද සෙල්ෆි අතුරින් හොඳම එක තෝරාගන්නට අපහසු නිසා ඒ සියල්ලම post කරන්නට යි. ඒත් මේ උපක්‍රම කිහිපයෙන් ඔබට අපූරු දේවල් කරමින් වැඩි දෙනෙක්ගේ සිත් දිනා ගනිමින් හොඳ Instagram account එකකට හිමිකම් කියන්නට අවස්ථාව ලැබේවි.

Panorama දාන්න පුළුවන්

Google Play Store

Instagramවලට අපි ගත්තු පැනොරාමා හෙවත් වෙරළක, කඳු වැටියක වැනි දිගු පරාසයක ගන්නා ලද තනි ඡායාරූපයක් දාන්නට අවස්ථාව නැහැ. කැමරාවෙන් අරගෙන ඒක අප්ලෝඩ් කළත් zoom කිරීමේ අපහසුතා, කොටසක් පමණක් පළ කිරීමට සිදු වීම වැනි බාධක බොහොමයක් පැමිණෙනවා. මෙයට විසඳුම වන්නේ ඡායාරූප කොටස්වලට කඩා එය තනි post එකක ඡායාරූප රැසක් ලෙස අඩංගු කිරීමයි.

ඒත් මේ කොටස් කිරීම දුරකථනයේ කුඩා තිරයත් එක්ක ටිකක් අමාරුයි. එනිසා ඊට පහසුකම් සලසන ඇප් වශයෙන් ඇන්ඩ්‍රොයිඩ් සඳහා Pannify හෝ ඇපල් සඳහා Swipeable පාවිච්චි කරන්න පුළුවන්. මේවාට ඔබ ගන්නා ලද පැනොරාමා ඡායාරූපය ලබා දුන්නාට පසු එය ඉන්ස්ටග්‍රෑම්වල ප්‍රමාණයට කපා ඡායාරූප කිහිපයක් ලෙස ප්‍රතිදානය කරනවා.

එකම දර්ශනය විවිධ වේලාවන්වලදී ගත් රූප එකතුවක්

squarespace.com

වීඩියෝ කලාවේ දී කරනු ලබන අපූරු නිර්මාණයක් තමයි කැමරාව එකම ස්ථානයක තියලා දවස ගෙවෙන ආකාරය වීඩියෝ කරලා එය අධි වේගයෙන් තත්පර කිහිපයකින් අවසන් වන ආකාරයේ time lapse වීඩියෝ කිරීම. නමුත් මෙය ඉන්ස්ටග්‍රෑම්වල තිබෙන වරකට එක් ඡායාරූපයක් පමණක් පෙනීම භාවිත කරමින් ඡායාරූප කලාවට යොදා ගන්නටත් පුළුවන්. ඒ සඳහා ඔබ එකම ස්ථානයක, විවිධ වේලාවන්හි දී ගන්නා ලද ඡායාරූප කිහිපයක් තනි post එකක් ලෙස අඩංගු කිරිමෙන් අපූරු නිර්මාණයක් කරන්නට පුළුවන්.

පෙර සහ පසු අවස්ථා පෙන්වන්න

boredpanda.com

ඉන්ස්ටග්‍රෑම් ඡායාරූප දමද්දී සැලුන් එකට ගිය විගස එකකුත්, සිටිද්දී තවත් ඡායාරූප දහයකුත්, පිටතට පැමිණෙද්දී විස්සකුත් තනි post ලෙස දානවා වෙනුවට තනි පෝස්ට් එකින් සම්පූර්ණ සිද්ධියම නිරූපණය කරන්නට පුළුවන්. කොණ්ඩය කපන්නට පෙර සහ පසු, ෂොපින් යන්නට පෙර ලැයිස්තුව සහ ගත්තාට පසු බෑග් එක, කාමරය අස් කරන්නට පෙර සහ පසු ආදී වශයෙන් ඡායාරූප තනි පෝස්ට් එකකින් දැම්මාම රසිකයන්ට එය අමුතු අත්දැකීමක් වේවි.

කතාවක් කියන්න

ඔබ චිත්‍ර කථා කියවන්නට ප්‍රිය කරන කෙනෙක් නම් ඒවාට ඉන්ස්ටග්‍රෑම් හරහා නව අරුතක් දෙන්නට දැන් පුළුවන්. කොටස් වශයෙන් අඳින ලද හෝ ගන්නා ලද ඡායාරූප කිහිපයක් එක් කර, කතාවක් ලෙස ඉදිරිපත් කළ හැකි අතර ගන්නා ලද ඡායාරූපවලට චිත්‍ර කථාවල පරිදිම අඳින ලද ආකාරයේ හැඩරුවක් ලබා දෙන්නට Google Storyboard වැනි ඇප් එකක් පාවිච්චි කළ හැකියි.

කෑම උයන පියවර පෙන්වන්න

colonelsretreat.com

ඔබ නිතර කෑම උයන කෙනෙක් නම් ඒවා හදන්න කලින් සහ හදන අතරතුරේ ඡායාරූප කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් නොදමා ඉන්නේ නැතිව ඇති. නමුත් කෑම උයන අතරතුරේම කෑම හදන ආකාරය යහළුවන්ට කියා දෙන්නට ඡායාරූප කිහිපයක් අරගෙන තනි පෝස්ට් එකක් ලෙස පළ කිරීමෙන් කළ හැකියි. එහෙමත් නැත්නම් ඔබ ඉලෙක්ට්‍රොනික් වැඩ, කාර්වල කැඩුණු කොටස් හදන ආකාරය වගේ දේවල් වලට දක්ෂ නම් ඉන්ස්ටග්‍රෑම් හරහා ඒවා කියාදෙන ආකාරයේ පෝස්ට් පළ කරන්නට පුළුවන්. ඒ කියන්නේ, මේ දේවල් කරන එක තවදුරටත් YouTube එකටම සීමා වෙන්නේ නැහැ.

ඒත් ඡායාරූප කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් දාන්නේ කොහොමද?

Thambaru/Roar

ප්‍රයෝජන ටික දැන ගත්තාට ඡායාරූප කිහිපයක් ඉන්ස්ටග්‍රෑම් දාන්නේ කොහොමදැයි ඔබ සිතන්නට ඇති. එය කිරීම ඉතාම පහසුයි. ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය ඡායාරූප කිහිපය ගැලරියේ අඩංගු කරගන්න. ඊට පස්සේ ඉන්ස්ටග්‍රෑම් විවෘත කර එහි මුල් තිරයේ පහත මධ්‍යයේ ඇති ධන ලකුණක් වැනි අයිකනය ක්ලික් කරන්න. එවිට ඡායාරූප තෝරාගැනීම සඳහා වූ තිරය දිස්වෙනවා. මෙහි ගැලරියේ ඇති ඡායාරූප එකතුවට ඉහළින් ඇති බොත්තම් පේළියේ දකුණු පස ඇති ඡායාරූප කිහිපයක් එක මත එක තැබුවාක් වැනි අයිකනයක් ඇති අවසන් බොත්තම මත ක්ලික් කර, ඊට යටින් ඇති ඡායාරූප ලයිස්තුවෙන් ඡායාරූප පිළිවෙළ ලබාදීමෙන් ඡායාරූප සහ/හෝ වීඩියෝ 10ක උපරිමයක් දක්වා එක් කර තනි post එකක් සකසන්න පුළුවන්.

කවරයේ ඡායාරූපය: swipeable.io

Related Articles