Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇපල් සමාගමේ අපල කාලය අවසන් ද?

ගෙවුණු 2018 වසර සහ උදාවුණු 2019 වසර facebook ඇතුළු විශාල සමාගම් රාශියකට එතරම් සුභදායී වසරක් නම් නෙවෙයි. ලෝකයේ ප්‍රමුඛතම සමාගමක් වූ ඇපල් සමාගමටත් මේ අපල කාලයට මුහුණ දෙන්නට සිදු වුණු ආකාරය ගැන අප පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා. Qualcomm සමාගමේ patent බලපත්‍ර කිහිපයක් උල්ලංඝනය කිරීමේ සිදුවීමක් මුල්කරගෙන ජර්මනිය තුළ iPhone 7 සහ 8 ජංගම දුරකතන මාදිලි විකිනීමට තහනම් පැනවුණා. නමුත් පසුගිය සතිය තුළ සිදුවුණු දීර්ඝ සාකච්ඡා අතරතුර දී ඇතිකරගත් එකඟතාවයන් නිසාවෙන් මේ අවහිරතා මඳක් ලිහිල් කරන්නට Qualcomm සමාගම තීරණය කර තිබෙනවා. Apple සමාගමට Qualcomm chips භාවිතා කළ iPhone 7 සහ 8 ජංගම දුරකතන පමණක් ජර්මනිය තුළ අලෙවි කිරීමටත්, Intel chips සහිත iPhone 7 සහ 8 ජංගම දුරකතන විකිණීම තව දුරටත් අවහිර කරන්නටත් ඔවුන් තීරණය කළා. මේ අනුව ඔවුන් ජර්මනිය තුළ අලෙවි කරන සියලුම ඇපල් ජංගම දුරකතන සඳහා Qualcomm chips පමණක් භාවිතා කරන්නට තීරණය කළ බව ඇපල් සමාගම නිවේදනය කළා.

නමුත් ඇපල් සමාගමට චීනය තුළ පැවති තහනම තව දුරටත් ක්‍රියාත්මක යි. ඇපල් සමාගමට පැනවූ මේ තහනමට බලපෑ හේතුව මෘදුකාංග යාවත්කාලීන කිරීමක් මඟින් නිවැරදි කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වෙනවා.

ඇපල් සමාගමේ මූලස්ථානය – Wikimedia.org

Apple Siri ඉදිරියට ගෙනෙන්න PullString

මිනිසාගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කර ගන්නට සහාය දක්වන කෘත්‍රිම බුද්ධි සහායකයින් පිළිබඳව අප පෙර ලිපියකින් ඔබව දැනුවත් කළා. Smart Home කියන සංකල්පය තුළ දී Google home සහ google assistant තරමට තෙවන පාර්ශවීය යෙදුම් නොමැති බව ඔබ සමහර විට දන්නවා ඇති. මේ නිසාවෙන්ම apple සමාගම පසුගිය දිනෙක PullString නම් ආයතනයක් මිල දී ගත්තා. ඇපල් දුරකතනයෙන් ඔබ්බට ගොසින් අනෙක් smart device සමගත් ක්‍රියාත්මක වීමට නම් ඇපල් කෘත්‍රිම බුද්ධි සහායකයා වන siri වැඩසටහන අනෙක් යෙදුම් නිර්මාණ ශිල්පීන්ට සමීප කරවිය යුතු බව ඔවුන් තීරණය කරන්නට ඇති. ඒ නිසාවෙනුයි Alexa හා Google Assistant වෙනුවෙන් apps නිර්මාණයට සහාය දැක්වූ ප්‍රධාන සමාගමක් වූ  PullString සමාගම ඔවුන් මිල දී ගැනීමට කටයුතු කළේ. මෙනිසා Apple Siriට අඩුවක්ව පැවතුණු 3rd party integrationsවල විශාල වර්ධනයක් ඉදිරියේ දී බලාගන්නට හැකි වේවි. නිල වශයෙන් මිල ගණන් හෙළිදරව් වී නොතිබුණත්, 2011 වසරේ ඇරඹි මෙම සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 44ත් 100ත් අතර මිලකට මිල දී ගන්නට ඇති බවට නිල නොලත් වාර්තාවල සඳහන්.

Apple Siri ඉදිරියට ගෙනෙන්න PullString

iPhone එක්ක credit card

Android භාවිත කරන්නන්ට play store තිබෙනවා වගේම, Apple උපාංග භාවිත කරන්නන්ට App Store  හරහා තමාගේ උපකරණ වෙත apps download කර ගන්න හැකියාව තිබෙනවා. මෙලෙසින් App Store හරහා apps download කරන සහ මිල දී ගන්නා පරිශීලකයන් වෙත credit cards ලබා දෙන්නට Apple  සමාගම තීරණය කර තිබෙනවා. මේ කටයුත්ත සිදු කරන්නේ ලෝකයේ අතිශය සුප්‍රකට ගෝල්ඩ්මන් සැක්ස් නම් බැංකු ජාලයක් සමග යි. Apple devicesවල දැනටමත් තිබෙන Wallet app එකට අලුතෙන් මේ පහසුකම එකතු වීමට නියමිත යි. මේ හරහා ආරක්ෂාව අතින් දියුණුවක් වගේම, පරිශීලකයාට සහන ගණනාවක් ලබාදීමට ඔවුන් සූදානම්.

ආරම්භයක් ලෙසින් මේ පහසුකම හරහා සිදු කරන මිල දී ගැනීම් සඳහා 2%ක cash back කිරීමක් ඔවුන් සිදු කරන බව තමයි වාර්තා වෙන්නේ. තවමත් මේ පහසුකම නිල වශයෙන් පරිශීලකයන්ට ලබා දෙන දිනයක් ගැන ඔවුන් ප්‍රකාශයක් නිකුත් කර නැහැ. බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ ඇපල් සමාගමේ මීළඟ එළිදැක්වීමේ උතසවයේ දී, එනම් එළඹෙන ජූනි මාසයේ පැවැත්වීමට නියමිත WWDC 2019 event එකේ දී, මෙය නිල වශයෙන් පරිශීලකයන් වෙත ලබා දෙනු ඇති බව යි. ඒ වගේම මෙම event එකේ දී ඇපල් සමාගමේ නව නිර්මාණයන් පිළිබඳව ඉඟි ලබාගැනීමට හැකි වේවියැ යි බොහෝ දෙනෙක් විශ්වාසය පල කරනවා.

මූලාශ්‍රයයන්:

Wikimedia.org

Technews.lk

News.softpedia.com

Theverge.com

Macrumors.com

News.softpedia.com

9to5mac.com

Cnbc.com

Retailnews.asia

 

කවරය: retailnews.asia

Related Articles