Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිනක්ස් වෙත අලුතින් එන අයට සුදුසු මෙහෙයුම් පද්ධති 5ක්

මුදල් ගෙවා ලබා ගත යුතු මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග හොර පාරෙන් අරගෙන භාවිත කරමින් සොරකු වෙනවාට වඩා, නිදහස් විවෘත කේත මෘදුකාංග භාවිත කරන්නට පුරුදුවන එක ඇඟට ගුණයි. මෘදුකාංගවලටත් පෙර පරිගණකයේ මූලික භාවිතයට අවශ්‍ය වන මෙහෙයුම් පද්ධතිය ම හොර කොපියක් නම් එය භාවිත කරන සෑම මොහොතක් පාසාම සිතේ ඇතිවන්නේ මහ සොර හැඟීමක්. මන්ද, නිසි බලපතක් නොමැතිව මෘදුකාංග භාවිත කිරීම නීතියෙන් ද දඬුවම් ලැබිය හැකි වරදක්. ඉතින් වින්ඩෝස්, මැක් OS මෙහෙයුම් පද්ධතිවල සිට ලිනක්ස් වෙත පිවිසෙන අයට වඩාත් ගැලපෙන අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති කිහිපයකුයි මේ.

01. උබුන්ටු

blogspot.com

මේ නම ලිනක්ස් යන නමත් එක්ක ළඟින්ම යන නාමයක් තරම් හුරුපුරුදු සහ හැම කෙනෙක්ම දන්නා මෙහෙයුම් පද්ධතියක් බවට පත්ව තිබෙනවා. 2010 සහ ඊට ආසන්න වර්ෂ වලදී නොමිලේ නිවසටම Ubuntu CD එවීමේ සේවාවක් ඔවුන් ලබාදුන් නිසා ස්ථාපනය නොකළත්, අත්හදා බලන්නට හෝ උබුන්ටු තමන්ගේ පරිගණකයේ ධාවනය කළ ගීක් කෙනෙක් සොයා නොගැනීමත් කළුනික සෙවීමක් වැනියි.

පසුගිය කාලයේම macOS විලාසයක් තිබූ Unity වැඩතල ආකෘතිය මත පදනම්ව සිටි උබුන්ටු දැන් එහි නවතම වෙළුම වන Ubuntu 17.10 සමඟ නැවතත් වින්ඩෝස් ආකාරයේ අතුරුමුහුණතක් ලබාගෙන තිබෙන්නේ නැවතත් Gnome වෙත මාරු වීමෙනුයි. මේ නිසා වින්ඩෝස්වල සිට ලිනක්ස් වෙත පිවිසෙන්නෙකුට ඉතා පහසුවෙන් මෙම අතුරුමුහුණත භාවිත කිරීමට හැකියාව ලැබෙන අතර, ඇතැම්විට ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය පරිගණකය මත භාවිතා කරනවා වැනි වින්ඩෝස් සහ ඇන්ඩ්‍රොයිඩ්වල සම්මිශ්‍රණයක් ලෙස හැඟීමට ද පුළුවන්.

02. කුබුන්ටු

ubuntubuzz.com

කුබුන්ටු කියන්නෙත් උබුන්ටු ම පදනම් කරගත්, KDE ඩෙස්ක්ටොප් අතුරුමුණත යොදාගත් ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක්. පෙර කාලයේ macOS අතුරුමුහුණත උබුන්ට් අත්පත් කරගෙන සිටි නිසා වින්ඩෝස් ක්‍රමයට කැමති අය කුබුන්ටු පාවිච්චි කළා. නමුත් මේ වන විට කුබුන්ටු සුපිරිසිදු, ෆ්ලැට් ඩිසයින් අයිකන ආදිය සහිත අතුරුමුහුණතක් ලබාදෙන අතර, උබුන්ටුවල ඇති ඉලිප්පුණු ස්වභාවය සහිත සැලසුමට අකමැති, නූතන ෆ්ලැට් සැලසුම් ක්‍රමවේදයට ප්‍රිය කරන අයට වඩාත් පහසුවෙන් භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධති අතුරු මුහුණතක් ලෙස මෙය හඳුන්වා දෙන්නට පුළුවන්.

03. මින්ට්

noobslab.com

ලිනක්ස් මින්ට් කියන්නේ කෝකටත් තෛලය වගේ මෙහෙයුම් පද්ධතියක්. ඔබ කැමති ඕනෑම අතුරුමුහුණතක්: KDE, Cinnamon desktop, MATE, Xfce මෙන්ම Linux Mint Debian Edition නමින් ලිනක්ස් හොඳින්ම පුරුදු අයට භාවිත කළ හැකි අතුරුමුහුණතක් ද මෙය සමඟ අඩංගු කර තිබෙනවා. 2011 වර්ෂයේ සිටම DistroWatchහි තක්සේරුවෙහි ඉහළින් සිටිමින් උබුන්ටුවලටත් වඩා ඉහළ තක්සේරුවක් ලබා ගන්නට ලිනක්ස් මින්ට් මේ වන විට සමත්ව සිටිනවා.

04. එලමෙන්ටරි OS

tumblr.com

මූලික වශයෙන් අනෙකුත් ලිනක්ස් බෙදාහැරුම් යන මාර්ගයෙන් මඳක් විශේෂිත මඟක යමින් වෙනස්ම මෘදුකාංග පෙළක් ගෙන එන එලමෙන්ටරි මෙහෙයුම් පද්ධතියට ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ macOS ආකාරයේ පෙනුමක්. ඔවුන්ගේ බාගත කරගැනීමේ පිටුවෙහි එය අලෙවි කරනු ලබන, එහෙමත් නැත්නම් මූල්‍යමය දායකත්වයක් අනිවාර්යයෙන්ම සැපයිය යුතු බවක් පෙනුනත්, ඔබ මුදල් පරිත්‍යාගයකට පෙර එය අත්හදා බලන්නට සැරසෙනවා නම් එහි තිබෙන Custom යන්නට “0” ලෙස යොදා නොමිලේම බාගත කරගන්නට පුළුවන්.

05. ලිනක්ස් ලයිට්

dailylinuxuser.com

ගෙදර තිබෙන ඉවතලන්නට ඔන්න මෙන්න තිබෙන පරිගණකයට දැන් තිබෙන මෙහෙයුම් පද්ධති කිට්ටු කරන්නවත් බැරි නමුත්, එයින් කෙසේ හෝ ප්‍රයෝජනයක් ගන්නට ඔබ සිතා සිටිනවා නම් ඉතා සැහැල්ලු ලිනක්ස් බෙදාහැරුමක් වන ලිනක්ස් ලයිට් භාවිත කරන්නට පුළුවන්. ලැප්ටොප්වලට පවා අඩු බැටරි බලයක් භාවිත කරමින් ධාවනය වන නිසා තනි ආරෝපණයකින් වැඩි කාලයක් වැඩ ගන්නට ඔබට මේ මෙහෙයුම් පද්ධතිය හරහා අවස්ථාව සැලසෙන්නේ එහි තිබෙන භාවිතයට පහසු අතුරු මුහුණතත් සමඟ ම යි.

ඉතින් මේ ආකාරයට ඔබට සුපුරුදු ඩෙස්ක්ටොප් එකක් සහිත නොමිලේ ලැබෙන ලිනක්ස් වලට මාරුවෙනවා වගේම එහිදී ඔබට ඇතිවිය හැකි තවත් ගැටළුවලට පිළිතුරු අපි මීට පෙර ගෙන ආ වින්ඩෝස්වලින් උබුන්ටුවලට මාරුවෙද්දී ඇතිවන මූලික ප්‍රශ්නවලට විසඳුම් ලිපියෙන් ඔබට දැනගත හැකියි.

කවරයේ ඡායාරූපය: qige87.com

Related Articles