Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෙල්ෆියක් ගන්න කියාපු ෆෝන් 4ක්

සෙල්ෆි කැමරාවක් සෑම ස්මාට්ෆෝන් එකකම වගේ තියෙනවා. ඒත් බොහෝවිට මූලික කැමරාවට වඩා බලයෙන් අඩු සෙල්ෆි කැමරාව මගින් ලබාගන්නා සේයාරූ තරමක් තත්වයෙන් බාල ස්වරූපයක් පෙන්නුම් කරනවා. විශාලනය කළ විටකදි. ඒ වගේම දැන් දැන් ෆෝන් එකට එන කැමරා මෘදුකාංගය මගින් සෙල්ෆි කැමරාවෙන් ලබාගන්නා පින්තූර වඩාත් ඉහල මට්ටමට වැඩිදියුණු කරලා ඉදිරිපත් කරනවා. එනම් සෙල්ෆියකින් ගන්න බලාපොරොත්තු වන අපගේ මුහුණේ යම් කිසි අඳුරු ස්වභාවයක්, යම් පැල්ලම සහිත ගතියක් තිබෙනවා නම් සෙල්ෆි කැමරාවෙන් ගන්නා පොටෝ වල එම පැල්ලම් සහ අවපැහැ ගැන්වීම් අඩු කරලා ලස්සනට පොටෝවක් ලබාගන්න අද තිබෙන සෙල්ෆි කැමරා ෆෝන් සමත්. එනම් ඇත්තට ම ඉන්න අපේ මූණටත් වඩා හැඩ පිංතුරයක් ලබාගන්න අද වෙද්දි සෙල්ෆි කැමරාව අපිට උදව් වෙනවා.

සෙල්ෆි කැමරාව හොඳ ස්මාට්ෆොන් මොනවාද? අපි ඒ ගැන සොයාබලමු ටිකක්.

අයිෆෝන් සෙල්ෆි කැමරාව

කලාත්මක මිරර් සෙල්ෆියක් (theladiesfinger.com)

අයිෆෝන් වල අයිෆෝන් 5 හා 5S වගේ ෆෝන්වලට සාපේක්ෂව අයිෆෝන් 6,  6S වල සෙල්ෆි කැමරාව වැඩිදියුණු කරලා තිබෙනවා. එක්තරා කාලයකදී අයිෆෝන් එකෙන් කන්ණාඩියේ පතිත වෙන ඡායාරූපය ලබාගැනිම ජනප්‍රිය මෝස්තරයක් වුණා. අයි ක්ලවුඩ් ගොනු අනවසරයෙන් නිකුත් වූ අවස්ථාවකදි එවැනි නානකාමරේ කන්ණාඩියෙන් ලබාගත් හොලිවුඩ් නිලියන්ගේ ඡායාරූප රැසක්ද අන්තර්ජාලයට එක් වී තිබුණා. මෙලෙස කන්ණාඩිය දෙස බලාගෙන සෙල්ෆි ගැනීමේ කලාවෙත් එක්තරා වාසියක් තිබෙනවා. කන්ණාඩිය ෆෝන් ස්ක්‍රීන් එකට වඩා විශාලයි. එවිට මුහුනේ ඇති සියලුම කුඩා ඉරියව් සියල්ලම සකසාගෙන ෆෝනයේ බොත්තම එබූ සැණින් කන්නාඩි සෙල්ෆිය ගන්නට හැකියාව ලැබෙනවා.

අයිෆෝන් 6 වලින් පස්සේ ආපු අයිෆෝන් වල සැම්සුන් එස් සීරියස් අඩිපාරේ ගිහින්දෝ වඩාත් හොඳ මට්ටමේ සේයාරූ ලැබෙන සෙල්ෆි කැමරාවක් ඇතුලත් කොට තිබෙනවා. ඒ තුලින් එලිමහනේ සේයාරූ වගේම තරමක් අඳුරු වටපිටාවකදී වුවත් අයිෆෝනයෙන් කදිම සෙල්ෆියක් ගන්නට හැකියාව ලැබිලා තිබෙනවා.

Xperia XA

දියයට සෙල්ෆි (i1-news.softpedia-static.com)

සෝනි කියන්නේ ස්මාට්ෆෝන් වගේම කැමරා සහ කැමරා වල ඇති සංවේදී කොටස් නිපදවන සමාගමක්. චීනයේ ප්‍රකට ස්මාට්ෆෝන් සමාගම් රැසක් සෝනි කැමරා සිය ස්මාට්ෆෝන් වල කැමරා ලෙස යොදාගන්නවා. ඒ වගේම ලොවපුරා ජනප්‍රිය වූ ඇක්ෂන් කැම් රැසකත් සෝනි කොටස් අඩංගු වෙනවා. කැමරාවක මෙගාපික්සල් ගණනින් නිවැරදිව ගණනය කළ හැක්කේ එම පොටෝව කෙතරම් විශාල කළ හැකිද යන කරුන හා බද්ධ වූ දේවල් ටිකක් පමණයි. කැමරාවක මූලික වශයෙන් එහි ආලෝකය පතිත වී එය ඩිජිටල් සංඥාවක් බවට පත් කරන්නේ එහි ඇති සෙන්සරය මගින්. එම සෙන්සරයේ තත්ත්වය වැඩිවීම මත සේයාරූ වල තත්ත්වය ඉබේම ඉහල යනවා.

සෝනි එක්ස්පීරියා ස්මාට්ෆෝනයේ සෙන්සරය තරමක් බලගතු එකක්.ඒ මගින් මඳ අඳුරේ ලබාගන්නා ඡායාරූ ප වල වුවද හොඳ තත්වයක් ලබාගන්නට හැකියාව තිබෙනවා. සෝනි ස්මාට්ෆෝනය ලංකාවේ වගේම ලෝකයෙත් එතරම්ම ජනප්‍රිය ස්මාට්ෆෝන් මාදිලියක් නෙමෙයි. එහෙත් සෝනි ඉහල මට්ටමේ ස්මාට්ෆෝන් වල ඇති කැමරාවනම් බොහෝවිට සුපිරි කැමරාවක්. සෝනි මගින් මුලින්ම හදුන්වා දුන් Xperia Z  2012 කාලයේදී ලොව ජලය යටදී සෙල්ෆි ගත හැකි සුපිරිම කැමරාවක් සහිත ස්මාට්ෆෝන් එකක් වුණා. වර්තමානයේ සෝනි XZ Premium මාදිලියේදී එලෙස ජලය සහිත වටපිටාවකදි වුවද සෙල්ෆි ගහන්නට හැකි පහසුකමින් යුක්තයි. ගැලක්සි එස් 7 සහ අයිෆෝන් 6 වලින් පසු පැමිණි ස්මාට්ෆෝන්ද ජලරෝධී ඒවා වන බැවින් මීටරයක් දෙකක් ජලයේ යට සිට කිමිදී ඡායාරූප ගන්නටද ඒවා සුදුසුයි.

Galaxy J7 Pro

ගැලැක්සි ජේ ෆෝන් කියන්නේ ලංකාවේ ජනප්‍රියතම ස්මාට්ෆෝන් මාදිලිය කිව්වොත් නිවැරදියි. එහි අලුතින්ම පැමිණි ගැලක්සි ජේ සෙවන් ප්‍රෝ හි සෙල්ෆි කැමරාව පසුපස ඇති මූලික කැමරාව සේම ප්‍රබල කැමරාවක්. එය ගැලැක්සි ජේ 7 ප්‍රෝහි මෙගාපික්සල් 13ක් තරම් ප්‍රබල එකක්. සාමාන්‍යෙයන් ගැලක්සි ජෝ ෆෝන් ඒ මට්ටමේ පහසුකම් ඇති වෙනත් ෆෝන් හා සසඳද්දි මිලෙන් අඩුයි. ඒ වගේම රටේ ඕනෑම තැනකින් ෆෝන් එක මිලදී ගන්නත් පුළුවනි. ෆෝන් එක හැම කඩේකම තිබෙන තරම් සැම්සුන් ගැලක්සි ජේ ෆෝන් සුලබ නිසා.

ගැලක්සි ජේ සෙවන් ප්‍රෝ සෙල්ෆි කැමරාව පමණක් නොවෙයි. තවත් ප්‍රබල වූ එක්සිනෝස් 7870 චිප් එක, 64GB ඉන්ටර්නල් මෙමරිය. ගිගාබයිට් 3ක රැම් එකත් එක්ක ලැබෙන නිසා ෆෝන් වලින් ගහන ගේම් එහෙමත් ගොඩාක් ඒවා ගැලක්සි ජේ සෙවන් ප්‍රෝ එකේ ප්ලේ කරන්න හැකියාව තිබෙනවා. Full HD අඟල් 5.5ක් තරම් වූ තිරය නිසා හොඳ ෆුල් එච් ඩී විඩියෝ එකක් තරමක් ලොකුවට බලන්නත් ඒ ස්මාට්ෆෝන් එකෙන් හැකියාව ලැබෙනවා.

ශලනිගේ අලංකාර සෙල්ෆියක් http://2.bp.blogspot.com/-kA0FEp6kYj8/VeweT-suhjI/AAAAAAAAH0c/eR5jaa5WhCY/s640/Sri%2BLankan%2BActors%2BNew%2BSelfies%2B-%2BGossip12.com%2B%252835%2529.jpg

Oppo F3 plus

දීපිකා පදුකෝන් පෙනී සිටි ඔපෝ දැන්වීමක් (static.hub.91mobiles.com)

ෆෝන් එකක සෙල්ෆි ගැනීමේ හැකියාව මූලික වෙළඳපොල සාධකයක් ලෙස පවත්වාගන්නට ඔපෝ සමත් වී තිබෙනවා. සරලව කීවොත් සෙල්ෆි කැමරාවේ තිබෙන සුවිශේෂී හැකියාව ගැන දැන්වීම් දමමින් තමයි ඔපෝ ෆෝන් මාකට් කරන්නේ.

මේ එෆ් ත්‍රී ප්ලස් මාදිලියේදී ඔපෝ ෆෝනයේ මූලික කැමරාවටත් වඩා ප්‍රබල ලෙස එහි සෙල්ෆි කැමරාව නිර්මාණය කරන්නට ඔප්පෝ ක්‍රියාකොට තිබෙනවා. එනම් එෆ් ත්‍රී ප්ලස් ඔපෝ සෙල්ෆි කැමරාව කියන්නේ තවදුරටත් එක කැමරාවක් නෙමෙයි. එහිදි නවතම අයි ෆෝන්, ගැලක්සි එස් ආදි ෆෝන් වල මූලික කැමරාව මෙන් කැමරා දෙකක් අන්තර්ගත වෙනවා. ඒ වගේම ඔපෝ හි ලබාගන්නා සෙල්ෆි වල පරාසය වැඩියි. එනම් ඡායාරූපයට හසුවන සිමාව අංශක 120ක තරම් වැඩි අගයක් ගන්නවා. එහිදි මිතුරන් රැසක් සිටින අවස්ථාවකදී වුවත් ඔවුන් සියල්ලම හසුකරගෙන සෙල්ෆිය ගන්නට ඔපෝ කැමරාවෙදි හැකියාව ලැබෙනවා.

ඔපෝ හි කැමරාවල ප්‍රබලතාව වගේම කැමරාවලින් ලබාගන්නා සේයාරූ වලට සොෆ්ට්වෙයාර් මගින් එකතු කරන අගයත් තරමක් වැඩියි. ඔවුන් කැමරාවෙන් ලබාගන්නා සේයාරූ වඩාත් ලස්සන කරනවා. ඒ තුලින් මුහුණේ ඇති කඩතොළු, කුඩා ලප කැලැල් අවපැහැගැන්වීම වඩාත් මෘදු කොට මුහුණ ලස්සන කරනවා. ෆෝන් එකේ කැමරා ඇප් එකේ ම ෆිල්ටර්ස් ගණනාවක් තිබෙන නිසා ඡායාරූපය ගැනීමේදි වගේම ඉන් පසුවත් ෆොටෝ එක ලෙහෙසියෙන් එඩිට් කරගන්නට මොඩිෆයි කරගන්නට අවකාශ ඔපෝ මිලදී ගන්නා අයට ලැබෙනවා.

ඔපෝ මේ මාදිලිය නම් තරමක් මිල අධිකයි. එහෙත් අනෙක් මිල අඩු මාදිලි වල වුවත් සෙල්ෆි කැමරා පොටෝ වැඩිමනක් ඔපේට ගන්න පුළුවන් විදියට ඔපෝ නිර්මාණය කොට තිබෙනවා.

සෙල්ෆි කැමරාව සහ පොටෝ

ෆෝන් එකේ සෙල්ෆි කැමරාව සහ කැමරා ඇප්ස් කොතර්ම ප්‍රබල වුවත් ඒවායින් ලබාගන්නා සෙල්ෆි ෆොටෝ සියල්ලක්ම පාහේ ආකර්ෂණීය ඒවා වන්නේ නෑ.  ආලෝක තත්ත්වය. කැමරාවට පෙනි සිටින ඉරියව්ව, කැමරා කෝණය , ලබාගත් ෆොටෝ එක එඩිට් කරගැනිමේ හැකියාව සහ ෆිල්ටර් යෙදිමේ නිර්මාණශීලි හැකියාව මත ෆෝන් එකෙන් ගන්නා සෙල්ෆියක වටිනාකම තීරණය වෙනවා. කොහොම වුණත් අතේ තිබෙන මුදලට ෆෝන් එකක් තේරීමේදී ෆෝන් එකෙන් සෙල්ෆි ගන්නටත් බලාපොරොත්තු වෙනවා නම් ගන්න යන ෆෝන් එකේ සෙල්ෆිවල කොලිටිය ගැනත් ටිකක් සොයා බැලුවොත් වාසිදායක වේවි.

කවරයේ ඡායාරූපය: sentiodotme.files.wordpress.com

Related Articles