Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Play Store එකෙන් apps ගන්නේ බලාගෙන යි

සාමාන්‍යයෙන් android භාවිතා කරන අප බොහෝ දෙනෙක් අපට අවශ්‍ය apps download කර ගන්නේ google play store හරහා. ඒ, වෙනත් වෙබ් අඩවිවලින් ගන්නවාට වඩා ආරක්ෂාකාරී බව අතින් වැඩි නිසාවෙන්. ආරක්ෂණ මෘදුකාංග නිර්මාණය කරන සමාගමක් වුණ AVAST සමාගම වරක් හෙළිදරව්වක් කර තිබුණා. ඒ userට ඉවත් කරන්නට  අපහසු ලෙසින් adware ආදිය පෙන්වන apps ගණනාවක් පිළිබඳව යි.මේ සිදුවීම ඇතුළු සිදුවීම් ගණනාවක් හේතුවෙන් තමයි google protect කියන සේවාව google සමාගම හඳුන්වා දෙන්නේ. එය phone එකේ වගේම Play Store එකේ ආරක්ෂාවට හඳුන්වා දීපු feature එකක්. එමඟින් app එකේ behaviour එක analyze කරලා malware එකක් වගේ හැසිරීමක් තියෙනවා නම් phone එකෙන් සහ Play Store එකෙන්ම ඉවත් කිරීම සිදුවෙනවා. ඒ සමගම තමාගේ appsවල performance සහ stability එක maintain කරගැනීම පිළිබඳ අවවාදයකුත් google සමාගමෙන් developersලා වෙත ලබා දුන්නා. නමුත් මේ පහසුකම ලබා දුන්නේ ඉතාම මෑතක දී යි. ඊට පෙර play store වෙත upload වී තිබු apps ගණනාවක මෙවැනි අනවශ්‍ය adds දැකගන්නට හැකියාව ලැබුනා.

බොහෝ කාන්තාවන් අතර අතිශය ජනප්‍රිය Beauty Camera apps ගණනාවක් පිළිබඳව පසුගිය දින කිහිපය තුළ අසන්නට ලැබුනේ නම් එතරම් සුබදායි කතා නෙවෙයි. Trend Micro කියන security firm එක පසුගිය දිනෙක නිකුත් කළ ප්‍රකාශයක් අන්තර්ජාලයේ උණුසුම්ව කතාබහට ලක්වුණු මාතෘකාවක් බවට පත්වුණා. ඒ මිලියන ගණන් download count එකක් තිබෙන Beauty Camera apps ගණනාවක් Pornographic Content ඇතුළු ඇඩ්ස් පෙන්වීම මඟින් පරිශීලකයින් phishing වෙබ් අඩවි වෙත රැගෙන යාම, සහ ඔවුන්ගේ ගිණුම්වල මුර පද සොරා ගැනීම පිළිබඳව යි. ඒ වගේම ඒ apps මඟින් පරිශීලකයින්ගේ පෞද්ගලික ඡායාරූප අවසරයකින් තොරව ලබා ගෙනත් තිබුණා. මේ apps play store වෙතින් ඉවත් කර තිබුණත්, ඉවත් කරන මොහොත වන විටත් download මිලියන ගණනක් තිබූ apps ඒ අතර තිබුණා. මේ apps වැඩිපුරම download කරගෙන තිබෙන්නේ ආසියාතික කලාපයේ ඉන්දියාව ඇතුළු රටවල් බව තමයි Trend Micro  සමාගම ප්‍රකාශ කරන්නේ. මේ apps install කර ගැනීමෙන් අනතුරුව විටින් විට home screen එකේ සහ lock screen එකේ ඇතුළුව advertisement පෙන්වීම සිදු වෙනවා. ඒ වගේම සමහරක් apps වරක් install කිරීමෙන් අනතුරුව නැවත un-install කිරීමට හැකියාවක් නැති වන ලෙසින් icon එක එම ස්ථානයෙන් ඉවත් වීම සිදු වෙනවා. එතරම්ම තාක්ෂණික දැනුම ඇති අයෙකුට එය ඉවත් කර ගැනීමට තරමක් අපහසු යි.

clipper යන, malware එක අඩංගු ව්‍යාජ app එක – welivesecurity.com

Beauty Cam appsවල වැඩිපුර malware

මෙ වගේම තවත් සිදුවීමක් පසුගිය දිනක වාර්තා වුණා. ඒ eset වෙබ් අඩවිය සහ softpedia වෙබ් අඩවි කළ හෙළිදරව්වකින් අනතුරුව යි. Clipper යන, malware වර්ගයට අයත් වෛරසයක් අඩංගු app එකක් සොයාගෙන තිබෙනවා. මේ මඟින් සිදු වෙන්නේ ඔබේ උපාංගයේ ඇති cryptocurrency address එක වෙනුවට මේ clipper එකේ නිර්මාපකගේ cryptocurrency address එක මාරු වීම යි. මෙහිදී සිදුවන්නේ යම්කිසි transaction එකක් සිදු කිරීම සඳහා අදාල පරිශීලකයා විසින් තම wallet address එක clipboard එකට copy කරගැනීමෙන් අනතුරුව, එය ඔහු විසින් අදාල තැනට paste කිරීමට ප්‍රථමව, මේ app එක නිර්මාණය කළ පුද්ගලයාගේ wallet address එක කලින් copy කරගත් address එකත් සමගින් මාරු වීම යි. ඒ ඔස්සේ අදාළ මුදල යැවෙන්නේ ඔහුට යි. මේ වංචාව ඔවුන් සිදු කරේ MetaMask සේවාවේ නිල app එක ලෙස පෙනී සිටිමිනුයි. මේ වෙනකොට ඒ අදාළ app එක ඉවත් කර තිබුණත් සිදුවුණු හානිය පිළිබඳව නම් සඳහනක් නැහැ.

පහත වගුවේ සඳහන් වෙන්නේ එසේ ඉවත් කෙරුණු apps කිහිපයක් පිළිබඳව යි.

PACKAGE

APP NAME

com.beauty.camera.years.pro

Pro Camera Beauty

com.cartoon.art.photo.ygy.camera

Cartoon Art Photo

com.lyrebirdstudio.emoji_camera

Emoji Camera

art.eff.filter.photo.editor

Artistic effect Filter

art.filter.editor.imge

Art Editor

com.beauty.camera.project.cloud

Beauty Camera

com.selfie.camerapro.pro

Selfie Camera Pro

com.camera.beauty.kwok.horizon

Horizon Beauty Camera

com.camera.ygysuper.photograph

Super Camera

com.effects.art.photo.for.self

Art Effects for Photo

com.solidblack.awesome.cartoon.art.pics.photo.editor

Awesome Cartoon Art

com.photoeditor.artfilterphoto

Art Filter Photo

com.photocorner.artfilter.arteffect.prizma

Art Filter Photo Effcts

com.picfix.cartoonphotoeffects

Cartoon Effect

com.picsartitude.arteffect

Art Effect

com.csmart.photoframelab

Photo Editor

com.wallpapers.nuclear.hd.hd3d.best.live.nuclear

Wallpapers HD

com.perfectmakeup.magicartfilter.photoeditor.selfiecamera

Magic Art Filter Photo Editor

appworld.fillartphotoeditor.technology

Fill Art Photo Editor

com.artflipphotoediting

ArtFlipPhotoEditing

com.artphoto.artfilter.artpiczone

Art Filter

com.photoeditor.cartoonphoto

Cartoon Art Photo

com.photoeditor.prismaeffects

Prizma Photo Effect

com.cmds.artphotofiltereffect

Cartoon Art Photo Filter

com.latestnewappzone.photoartfiltereditor

Art Filter Photo Editor

com.livewallpaperstudio.pixture

Pixture

app.pixelworlds.arteffect

Art Effect

timepassvideostatus.photoarteffect.cartoonpainteffect

Photo Art Effect

com.techbuzz.cartoonfilter

Cartoon Photo Filter

apps install කරගැනීමට පෙර reviews කියවන්න- technews.lk  

දැනටමත් ඉහත වගුවේ සඳහන් apps ඔබේ දුරකතනයේ තිබේ නම් ඒවා ඉවත් කර ගන්න. Settings වෙත පිවිස එහි apps යන කොටසින් ස්ථාපනය වී ඇති සියලු apps දැකගන්න පුළුවන්. නැවත apps install කරගැනීමට පෙර reviews කියවන්න. හැකි නම් premium ප්‍රතිවෛරස මෘදුකාංගයක් ස්ථාපනය කරගන්න. ඒ වගේම හැම විටම ඔබේ දුරකතනය යාවත්කාලීන කර තබා ගන්න.

මූලාශ්‍රයයන්:  

Technews.lk  

Metamask.io

Softpedia.com

Vacationrentals.com

Androidpolice.com

Welivesecurity.com

Cover -newstracklive.com

 

Related Articles