Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොකු ළමයින්ට ලොකු සෙල්ලම් රැස්බෙරි පයි වෙතින්

“පරිගණක, ටැබ්, සහ ස්මාර්ට්ෆෝන් කියන්නේ දරුවන්ගේ නිර්මාණශීලිත්වය මොටකරන ළමයි නරක් කරන දරුණු ව්‍යසනයක්.” ඔබත් මේ වාක්‍ය ඛණ්ඩය නිතරම පාහේ තැන් තැන්වල දැක හෝ අසා ඇති. මෙහි යම්තාක්දුරට සත්‍යයක් තිබෙනවා. ඒත් දරුවන් පරිගණක, ෆෝන් සහ ගැජට් වලින් සම්පූර්ණයෙන් අයින් කරලා ඒවයින් ඈත් කරලා අපි දරුවන්ට අනාගත ලෝකයට යන්නට හුරුකරවන්න අපහසුයි.

පයි උපාංගයක්

රැස්බෙරි පයි Raspberry pi

ඉලෙක්ට්‍රොනික අංශයෙන් ඉදිරියට යන්න ආශා කරන දරුවන්ට නිර්මාණකරනය පිණිස නිම වූ කුඩා ප්‍රමාණයේ තනි පුවරුවේ පරිගණක (Single Board Computer ) වර්ගයක් තමයි Raspberry pi කියන්නේ. රැස්බෙරි පයි හඳුන්වාදුන් 2012 සිට අද දක්වාම එක්සත් රාජධානිය ඇතුළු රටවල් බොහොමයක පාසැල් දරුවන් එයින් විවිධ අන්දමේ උපාංග තනමින් විවිධ ප්‍රයෝජන ගනිමින් සිටිනවා.  දිග සහ පළල අතින් මෙය ක්‍රෙඩිට් කාඩ් එකක් ප්‍රමාණයේ වන මෙම රැස්බෙරි පයි උපාංගය පාවිච්චි කරලා විවිධාකාර වැඩ රාශියක් කරගන්නට හැකියාව තිබෙනවා.

රැස්බෙරි පයි වල උපාංග https://www.elektronik-kompendium.de/sites/raspberry-pi/1905251.htm

දශක කිහිපයකට පෙර ඉලෙක්ට්‍රොනික උපාංගවල විශාල ප්‍රමාණයේ ට්‍රාන්සිස්ටර තිබුණා. ඉන් පසුව ඒවා ඒකරාශී කරන අයි සී නැමැති උපංගය කරළියට ආවා.දැන් මේ රැස්බෙරි පයි වැනි, තනි  පුවරු වල ඇත්තේ ඊට වඩා බෙහෙවින් බලගතු වූ මයික්‍රොප්‍රොසෙසරයක් ඇතුලත් උපාංග යි.

ගෙදර පරිගණකය සහ රැස්බෙරි අතර වෙනස

තනි පුවරු පරිගණක වල භාවිතා වන්නේ සාමාන්‍ය ලැප්ටොප් සහ ඩෙක්ස්ටොප් පරිගණක වල පවතින  CPU මාදිලිය නෙමෙයි. අඩු බලයකින්,වැඩි වැඩ ප්‍රමාණයක්, කුඩා ඉඩකදී,වැඩිමනක් රත්වීමක් නොමැතිව කරගන්නට මෑත කාලීනව කරළියට පැමිණි ARM සැකැස්මේ SoC (System on Chip) එකකුයි. දැන් බොහොමයක් ස්මාට් ෆෝන් සහ ටැබ්ලට් වල භාවිතා වෙන්නේ මෙම ARM මාදිලියේ CPU වර්ගයි.

අභ්‍යන්තර මාදිලි වෙනස නිසා අපිට කෙලින්ම ගෘහස්ථ පරිගණකයකට යොදාගන්නා මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග ටැබ්ලට්,ස්මාට්ෆෝන්ස් සහ රැස්බෙරි පයි සදහා යොදාගන්නට හැකියාවක් නැහැ.  රාස්බියන් නැමැති මෙම පුවරුවට විශේෂයෙන්ම සැකසූ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට අමතරව උබුන්ටු ලිනක්ස් සහ වින්ඩෝස් විසිනුත් මෙම පුවරුව සදහාම වන මෙහෙයුම් පද්ධති නිකුත් කොට තිබෙනවා. මීඩියා වැඩකටයුතු වලට වැඩිමනක් ස‍හයෝගය දක්වන මෙම රැස්බෙරි පයි පුවරුවෙන් ලෙහෙසියෙන්ම කුඩා සිනමාශාලාවක්,ඩී ජේ යන්ත්‍රයක්, සංගීත සැකැස්මක්, වීඩියෝ ඕඩියෝ රෙකෝඩරයක් ලෙසත් භාවිතා කරන්නට අවකාශ තිබෙනවා. ඒ වන් අවස්ථාවලට භාවිත කරන්නට විශේෂ මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග ද රැස්බෙරි සදහා නිකුත් වී තිබෙනවා.

යොදාගැනීම්

රැස්බෙරි වලින් තැනූ පරිගණක ක්‍රීඩා යන්ත්‍රයක් http://i0.wp.com/makezine.com/wp-content/uploads/2015/12/donkey_kong.jpg

තනි පුවරුවේ පරිගණක  ‍දැන් දැන් බොහෝ විශාල යන්ත්‍ර සූත්‍රවලට අන්තර්ගතයි. නවීන රථවාහන මූලික හැසිරවීම් පුවරුව, මුදල් ගන්නා ATM මැෂිම, වෛද්‍ය උපාංග ආදී බොහෝ උපාංග වලදී තනි පුවරු පරිගණක  යොදාගන්නවා. ඩිස්ප්ලේ, සෙන්සර්, කන්ට්‍රෝල් යුනිට්, දත්ත සේවා පහසුකම් ආදී බොහෝ දේ මෙම කුඩා රැස්බෙරියට කෙලින්ම සම්බන්ධ කරන්නත් හැකියාව තිබෙනවා.

  • කුඩා පරිගණකයක් ලෙස භාවිතය.
  • මීඩියා ප්ලේයරයක් ලෙස සකසාගැනීම.
  • ඩිස්ප්ලේ එකක් සවිකර කුඩා ටැබ්ලට් එකක් ලෙස සකසාගැනීම.
  • ආලෝක රටා රැසක් සහිත බල්බ් වැල් සැකසීම.
  • ස්මාට් සංගීත උපකරණ සාදා ගැනීම සහ සංගීත වැඩකටයුතු වලට.
  • කාලගුණ දත්ත අනුව වෙනස්වන උපංග නිර්මාණය.
  • රොබෝ අත් සහ යානා වල මව් පුවරුව ලෙස භාවිතය.
  • ජාලගත ක්‍රියාකාරකම් වලට භාවිතය.
  • වීඩියෝ ගේම් යන්ත්‍රයක් ලෙස භාවිතය.
  • සංඥා පද්ධති සදහා භාවිතය.

රැස්බෙරි යනු එකවිට වැඩ රාජකාරි කිහිපයක් මානයන් කිහිපයකදීම කළ හැකි උපකරණයක්. උදාහරණ ලෙස  බාධක  මග හැර ඉදිරියට ඇදෙන කුඩා සෙල්ලම් කරත්තයක් වැනි යමක් ගැන සිතමු. එහිදී බාධකය හඳුනාගැනීම, සෙන්සර් මගින් බාධකයේ ස්වභාවය සහ එහි  දිශාව තීරණය, බාධකය අනුව කරත්තයේ දිශාව වෙනස් කිරීම, රෝද මගින් කරත්තය චලනය කිරීම ආදී හැමදෙයක්ම කරන අවස්ථාවේදීම අවශ්‍ය නම් රැස්බෙරි පයි එකෙන් සවිකරන ලද කැමරාවකින් ඒ අවට දත්ත වෙනත් ස්ථානයකට ලබාදෙන්නටත් ඊට හැකියාව තිබෙනවා. සරලව වාක්‍ය කිහිපයකින් කිව හැකි වුවත් මෙය කිසිසේත්ම සරල කාර්යයක් නෙමෙයි. මෙවැනි නිර්මාණ සඳහා විශාල‍ ලෙස අධ්‍යයන කටයුතු,අභ්‍යාස සහ අත්හදා බැලීම් සිදුකිරීමට අවශ්‍ය වෙනවා.

ටෙලිකොම් සමාගමේ භාවිතයට ගන්නා රැස්බෙරි වලින් තැනු ටෙලිමෙට්රි උපාංගය

ඉතා කුඩා ඉඩකඩකදී වැඩි පරිගණක බලයක් ඇති මෙම උපාංගයෙන් පාසැල් මට්ටමෙන් එහා ගිය විශාල කාරණාවන් වුවද සාර්ථකව නිමකරගන්නට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිය දුරකථන විනිමය මධ්‍යස්ථාන (Telecom Exchanges) වල  භෞතික තත්ව දත්ත (උෂ්ණත්වය, ජලවාශ්ප, පද්ධතිවල තත්වය) ඒකරාශී කරගන්නත් රැස්බෙරි පයි වලින් නිර්මාණය කරන ලද විශේෂ සංඥා රැස්කරන පද්ධතියක් භාවිතා කරනවා.

“චීන වෙළඳපොළේ පවා මෙවැනි දත්ත එක්රැස් කරන එළාම් නිකුත් කරන දියුණු එක් පද්ධතියක් (Remote telemetry Unit) රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩියි.  අපේ කණ්ඩායමට රැස්බෙරි පයි භාවිත කොට එම එළාම් පද්ධතිය එකකට රු 25,000 කටත් අඩුවෙන් නිපදවාගන්නට හැකි වුණා. “මේ නව නිපැයුමට මූලික වූ ටෙලිකොම් සහකාර ඉංජිනේරු සංජීව ද සිල්වා Roar වෙත අදහස් දක්වමින් පැවසුවා.

raspberry pi වලින් රිමෝට් කන්ට්‍රෝලරයකින් වැඩකරන හුළං බෝට්ටුවක් තැනූ සිසුවියන් දෙදෙනෙක් https://www.raspberrypi.org/blog/coderdojo-coolest-projects-2016/

රැස්බෙරි පයි වලට මෙහෙයුම් පද්ධතිය ඇතුලත් කරන්නේ මයික්‍රො SD කාඩ් එකක් හරහා යි. අවශ්‍ය බලය ලබාදීමෙන් අනතුරුව HDMI කේබලය හරහා මොනිටරයකට සම්බන්ධ කොට සාමාන්‍ය පරිගණක යන්ත්‍රයක් ලෙස කෙලින්ම භාවිත කළ හැකියි. USB පිවිසුම් 4ක් RJ45 ජාල කේබලයක් සම්බන්ධ කල හැකි පිවිසුමක්ද මෙහි අන්තර්ගත වෙනවා. නවතම RASPBERRY PI 3 MODEL B පුවරුවේ වයි ෆයි සහ බ්ලූටුත් පහසුකම එහිම ඇතුලත් වෙනවා. කැමරාවක් වුවත් කෙලින්ම මෙම පුවරුවට සම්බන්ධ කරගත හැකියි. වෙනත් පාලක කොටස් සහ උපාංග සම්බන්ධ කරගැනීමට අවශ්‍ය නිදහස් pin 40කින්ද මෙම කුඩා පුවරුව සමන්විත වෙනවා.

රැස්බෙරි පයි හැර වෙනත් බෝඩ්

වඩාත් ජනප්‍රිය වැඩිම තොරතුරු ප්‍රමාණයක් අන්තර්ජාලයේ තිබෙන්නේ රැස්බෙරි පයි සම්බන්ධව යි. එහෙත් වෙනත් පුවරු රැසක් ද වෙළදපොළේ ජනප්‍රියව පවතිනවා.

Banana Pi , Odroid, Orange Pi

වඩාත් වැඩි හාඩ්වෙයාර් ධාරිතාවයන්ගෙන් යුක්තව ලිනක්ස් සහ ඇන්ඩ්‍රොයිඩ් වීන්ඩෝස් ආදී මෙහෙයුම් පද්ධති කිහිපයක්ම ස්ථාපනය කොට වැඩකිරීමේ හැකියාව මෙම රැස්බෙරි වලට සමරූපි වූ බනානා, ඔරේන්ජ් ඕ ඩ්‍රොයිඩ් යන තනි පුවරු පරිගණක වල තිබෙනවා.

Arduino

යාන්ත්‍රික පරිපථ නිපදවන අය අතර වඩාත් ජනප්‍රිය උපාංගයක් වන ආර්ඩුයිනෝ පුවරුද දැන් බොහෝ සෙයින් දියුනු වී තිබෙනවා.

Intel® Joule™, Edison ,Galileo

තරමක් මිල අධික ඉන්ටෙල් සිංගල් බොඩ් ප්‍රමාණයෙන්ම රැස්බෙරි සයිස් එකම තමයි.ඊට වඩා බලයෙන් වැඩි ඉන්ටෙල් යෙදවුම් වඩාත් විශ්වාසනීය වැඩකටයුතු වලට යොදාගත හැකිය.

ඉන්ටෙල් ජූල් පුවරුව https://unlocked.newegg.com/sites/default/files/intel-joule-570x-diy-kit-review-4.jpg

ඉගෙනගැනීම

Computer කියන නම ඇසූ විටම බොහෝවිට ලාංකිකයින්ගේ මතකයට එන්නේ ලියුමක් ටයිප් කරගන්න මේල් එකක් යවාගන්න එක්සෙල් වැඩක් කරගන්න තියෙන ටීවි එකක් වගේ ෆිල්ම් බලන්න පුලුවන් ගැජට් එකක්. ඒත් මේ තනි පුවරු කියන්නේ පරිගණක ගැන තියෙන අපේ සාම්ප්‍රදායික අදහස් වෙනස් කරන්න පුළුවන් දෙයක්. දරුවන්ට නොකළ යුතු දේවල් නොදිය යුතු දේවල් ගැන උපදෙස් ඕනා තරම් තිබෙනවා. එහෙත්  තාක්ෂණය හරවා පෙරලා බැලිය හැකි මෙවැනි දේවල් දරුවන්ට පුරුදු පුහුණු කල හැකිනම් ඒ දරුවන් මතු දවසක අලුතින් සිතන නව ලොව හා කරට කර යන දක්ෂයින් පිරිසක් වේවි.

Sample Intro

ක්‍රෙඩිට් කාඩ් එකේ ප්‍ර‍මාණයේ පුවරුවකින් පරිගණකයක කළ හැකි වැඩ කරගත හැකි බව ඔබ දැන සිටියාද? රැස්බෙරි පයි ඇතුළු එවන් තනි පුවරු පරිගණක පිළිබඳවයි.

Related Articles