Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

iOS 10 ගැන සිංහලෙන්

ඇපල් සමාගම තමන්ගේ අලුත්ම ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය iOS 10 සංස්කරණය පසුගිය සැප්තැම්බර් 13වෙනිදා එළිදැක්වූවේ Apple WorldWide Developers Conference 2016 උළෙලේදීයි.

ජංගම දුරකතනය කියන උපාංගය වෙනස්ම මානයකට අරගෙන ගිය ඇපල් සමාගමේ අලුත්ම ජංගම දුරකතනය වෙච්ච iPhone 7 ගැන අපේ සටහන ඔබට මෙතනින් කියවන්නට පුළුවනි. iPhone, iPad සහ iPod කියන උපාංග සියල්ලටම පාවිච්චි කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියක් වෙන iOS 10 සංස්කරණය ගැන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.

වැදගත්: එදිනෙදා ජීවිතයේදී අසන්නට ලැබෙන ජංගම දුරකථන හා සම්බන්ධ බොහෝ ඉංග්‍රීසි වචන සඳහා අදාළ සිංහල වචන තිබුණත්, පාඨක ඔබගේ පහසුව තකා එම ඉංග්‍රීසි වචන ඒ ආකාරයෙන්ම අපි මේ ලිපිය තුළදී යොදාගත්තා.

IOS 10 හරහා ඇපල් සමාගම තමන්ගේ පාරිභෝගිකයන්ට ලබා දීලා තියෙන වෙනස් අත්දැකීම් මොනවගේ ඒවා වෙයිද. අපි එකින් එක විමසා බලමු.

අතට ගත්තත් ඇති

(techradar.com)

(techradar.com)

ෆෝන් එක wake up කරන්න ඕනේ උනාම පැත්තෙන් තියෙන පොඩි බට්න් එක ප්‍රෙස් කරන එක දන්න කාලෙක ඉඳලාම අපි කරන වැඩක්. නමුත් තමන්ගේ අවුරුදු 9ක ඉතිහාසයේ ලොකුම වෙනසක් සිදුකරන්න ඇපල් සමාගම මේ වතාවේදී සමත්වෙලා තියෙනවා. ඔබ ෆෝන් එක අතට ගත්ත සැනින් දැන් Wake up වෙනවා.

කළින් වතාවලදී TouchID Home button එක ක්ලික් කළාම ඒ වෙනකම් ඇවිත් තිබුණ Lockscreen message සියල්ල නොපෙනී යාම වගේ ප්‍රශ්නත් මේ අලුත් iOS සංස්කරණය එක්ක තවදුරටත් ඔබට අත්විඳින්නට වෙන්නේ නැහැ. ඒ වගේම ෆෝන් එක අන්ලොක් කරන්න තව දුරටත් ස්ලයිඩ් කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට Home බට්න් එක ප්‍රෙස් කිරීමෙන් ෆෝන් එක අන්ලොක් කරගන්න ඔබට iOS 10 හරහා දැන් පුළුවනි. ජංගම දුරකතන විශේෂඥයන්ට අනුව නම් මේ වෙනස විතරක්ම ප්‍රමාණවත් iOS 10 තමන්ගේ ඇපල් උපාංගයට අන්තර්ගත කරගන්න. ඒ තරම් මේ වෙනස වැදගත්.

අලුත් තාලේ Lockscreen Notifications

(techradar.com)

(techradar.com)

Lockscreen Notifications දැන් ඉතාම ආකර්ශනීය බෝල (bubbles) විදියට වෙන වෙනම දැකගන්නට පුළුවනි. ඒ වගේම 3D touch option එක මඟින් ඒ සමහර නොටිෆිකේෂන් වලට අදාළ hidden menus බලාගන්නත් දැන් හැකියාව තියෙනවා. උදාහරණයක් විදියට කැලෙන්ඩර් ඇප් එකේ ඉන්විටේෂන් ඇලර්ට් එකක් ආවම ඒ notification එක hard press කරගෙන සිටීම මඟින් ඔබට පුළුවනි ඒ ඇලර්ට් එක Accept හෝ Decline කරන්න.

ඒ වගේම මේ අලුත් iOS සංස්කරණය 3D Touch එක්ක messaging වඩාත් කාර්යක්ෂම විදියට කරන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. ඒ හරහා ඔබට Lockscreen එකේ ඉඳන්ම ඔබට පැමිණි messages වලට ප්‍රතිචාර දක්වන්නට පුළුවනි. ඒ වගේම ඔබ නිවසේ ආරක්ෂක පද්ධතිය ඔබේ iPhone එකත් එක්ක සම්බන්ධ කරගෙන තියෙනවා නම් ඉස්සරහ දොරේ සීනුව නාද කළේ කවුද බලන්න, ලොක් කරපු දොර ස්වයංක්‍රීයව විවෘත කරන්න වගේ වැඩ ෆෝන් එක Unlock කරන්නේවත් නැතුව සිදුකරගන්න දැන් ඔබට හැකියාව තියෙනවා.

ඒ වගේම 3D Touch හරහා Notifications ඔක්කොම එක පාර clear කරන්නත් iOS 10 ඔස්සේ පුළුවනි. Notification group එකේ උඩින් තියෙන පුංචි x අකුර long press කරගෙන හිටියම 3D Touch enable වෙලා “Clear All Notifications” කියන පණිවිඩේ ඔබට දකින්නට ලැබේවි. ඒ පණිවිඩේ tap කළාම ඒ අදාළ ගෲප් එකේ තියෙන Notification සියල්ල නැතිවෙලා යනවා.

(techradar.com)

(techradar.com)

Clear All Notifications කියන්නේ ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිවලට නම් අලුත් දෙයක් නෙමේ. බොහෝ කාලයක සිට අනිත් මෙහෙයුම් පද්ධති ඒ විශේෂාංගය තමන්ගේ පරිශීලකයන්ට ලබා දුන්නා. ඇපල් සමාගම මේ වසරේ සිට හෝ එය ලබාදීමට කටයුතු කිරීම යහපත් දෙයක් ලෙස දකින්නට පුළුවනි.

iPhone එක වතුරෙන් බේරගන්න

(techradar.com)

(techradar.com)

iPhone 7 සහ iPhone 7+ මාදිලි දෙකම ජලයෙන් හානි නොවෙන විදියටයි හදලා තියෙන්නේ. නමුත් අනිත් සියළු iPhone ජලයෙන් හෝ වෙනත් ද්‍රාවණවලින් හානි වෙන්න පුළුවනි. iOS 10 සංස්කරණය හරහා ඔබේ iPhone එකට ජලයෙන් හානියක් සිදුවීමේ අවධානමක් තිබෙන බව හැඟෙන විටකදී ඒ පිළිබඳව ඔබට දැනුම් දීමක් සිදු කරනවා.

ඒ වගේම ඔබේ iPhone එකට ජලය ඇතුල් වූවෝතින් සිදු කළයුතු දේවල් පිළිබඳව උපදෙස් මාළාවකුත් iOS 10 සමඟ ඔබට ලැබෙනවා. මේ තොරතුරු මොනවා වුනත් විශේෂඥයන්ගේ මතයනම් ඔබේ iPhone එක ජලයෙන් හැකි තරම් ඈත් කරලා තියන්න කියන එක තමයි.

පිළිවෙලක් කරපු Control Center එක

(techradar.com)

(techradar.com)

iPhone එක පහළින් උඩට swipe කළාම ලැබෙන Control Center එකේ පෙනුම ලොකු වෙනසක් iOS 10 එක්ක ලබාදීලා තියෙනවා. කළින් තිබුණ iOS සියල්ලේ තිබ්බ අපිළිවෙල ගතිය මගහැරලා ඒ වෙනුවට පිළිවෙලක් සහිතව පැනල් කීපයක් තිබෙන විදියට Control Center menu එක සකස් කරලා තියෙනවා. ප්‍රධාන වශයෙන් Quick Settings, Media Playback සහ Apple Home විදියට කොටස් 3කට Control Center එක වෙන්කරලා තියෙනවා.

Flashlight, Stopwatch, Calculator, Camera ඇප් 4 ට යන්න shortcuts යටින්ම තියෙනවා. iOS 9.3දී හඳුන්වා දුන්න Night Shift (රාත්‍රියට Screen brightness වෙනස් කරලා ඇසට පහසු ආකාරයෙන් පෙනීමට සැළැස්වීම) mode එකට ස්විච් වෙන icon එක ඊට ඉහළින් ලොකු ඉඩක් එක්ක පිහිටුවලා තියෙනවා.

iOS 9.3 සංස්කරණයට පරිශීලකයින්ගෙන් තිබුණ ලොකු චෝදනාවක් තමයි මේ ඇප් shortcuts 5ම එක පේළියට තිබීම හේතුවෙන් ඇප් icon එකක ප්‍රමාණය කුඩා වැඩියි කියන එක. ඇපල් සමාගම මේ අලුත් සංස්කරණය එක්ක ඒ ගැටළුවටත් යම් පමණකට සාර්ථක විසඳුමක් ලබාදෙන්න උත්සාහ කරලා තියෙනවා. AirPlay සහ AirDrop buttons දෙකත් ප්‍රමාණයෙන් විශාල කරලා තියෙන අතරම Quick Settings Menu (Air Plane Mode, WiFi, Bluetooth, Do Not Disturb, Orientation Mode) එකෙත් වෙනසක් සිදු කරලාම නැති තරම්.

(techradar.com)

(techradar.com)

Media Playback panel එකත් ලොකු වෙනසකට ලක් කරලා තියෙනවා. ශබ්දය අඩු වැඩි කරන්න, භාහිර උපාංග පාලනය කරන්න සහ පෙර/පසු අයිතමයන්ට යන්න වෙනම කොටසක් ලබාදීලා තියෙනවා වගේම වාදනය වෙන සංගීත ඇල්බමයේ Cover Art එක පෙන්නුම් කරන්නත් iOS 10දී හැකියාව තිබෙනවා.

Lockscreen Camera එකේ විශේෂතා

Lockscreen එක දකුණු පැත්තට swipe කිරීම මඟින් කැමරාව on කරගන්න දැන් පුළුවනි. මීට පෙර iOS සංස්කරණයන්වලදී Lockscreen එකේ දකුණු පැත්තේ පහළ කෙළවර swipe කරලා Camera App එක on කරගන්න පුළුවන් උනත් මේ සංස්කරණය එක්ක ඒක බොහොම පහසු කරලා තියෙනවා. ඔබ නිරන්තරයෙන් iPhone කැමරාව භාවිතා කරන්නෙක් නම්, මේ වෙනස ඔබට බොහොම වැදගත් වේවි.

3D Touch විස්කම්

(techradar.com)

(techradar.com)

ඇප් icon එකක් 3D Touch කළාම ඒකේ විස්තර විශාල ප්‍රමාණයක් සහිතව graphically බලාගන්න දැන් iOS 10 හරහා ඔබට පුළුවනි. තවමත් බොහෝ ඇප් මේ සඳහා සහය දක්වන්නේ නැති වුවත්, ESPN, Activity වගේ ඇප්ස් දැනටමත් මේ සඳහා සහයෝගය දක්වනවා. මේ අනුව ඉදිරි කාලයේදී 3D Touch ඔස්සේ බොහෝ ඇප්වල වැදගත් විස්තර ක්ෂණිකව දැකගන්න iPhone පරිශීලකයන්ට අවස්ථාව ලැබේවි.

Siri

(indianexpress.com)

(indianexpress.com)

iPhone සහ Siri අතරේ තියෙන සම්බන්ධය ගැන අලුතෙන් කියන්න දෙයක් නැහැ නේ. 2015 ඇපල් WWDC වාර්ථාවලට අනුව ලොව පුරා iOS පරිශීලකයන් විසින් සතියකට බිලියන 1ක වාර ගණනක් Siriව ප්‍රයෝජනයට ගන්නවා. මේ නිසාම නොයෙක් ඇප් සඳහාත් Siri ගේ දායකත්වය ලබාදෙන්නට ඇපල් සමාගම කටයුතු යොදලා තියෙනවා. උදාහරණයක් විදියට WeChat, WhatsApp වගේ සේවාවක් හරහා ඔබගේ හිතවතෙකුට හිතවතියකට කෙටි පණිවිඩයක් යැවීම Siri හරහා සිදුකරගන්න iOS 10 ඔස්සේ ඔබට පුළුවනි. ඔබ කළයුත්තේ ඒ බව Siri ට පැවසීම පමණයි. Siri එක්ක ගණුදෙනු කරද්දි ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන්න ඕනේ කියලා අලුතෙන් කියන්න ඕනේ නැහැනේ? ඉතින් ප්‍රසිද්ධ සහ ජනප්‍රිය ඇප් බොහොමයක් එක්ක Siri වඩාත් හොඳින් කටයුතු කරනවා. Skype, Pinterest, Uber, AliPay ඒ සඳහා උදාහරණ විදියට දෙන්න පුළුවනි.

කෝල් ගන්න සහ Text කරන්න

(techradar.com)

(techradar.com)

ජංගම දුරකථනය කියන උපාංගය ලෝකෙට ආවේ මිනිසාට ගමනේ යෙදෙන ගමන් කෝල් කරන්න සහ කෙටි පණිවිඩ යවන්න අවශ්‍ය පහසුකම් සළස්වන්න වුනත් වර්ථමානයේදී ෆෝන් එකකින් අඩුවෙන්ම කරන්නේත් ඒකමද කියලා වෙලාවකට හිතෙනවා. ඒ කොහොම වෙතත් මේ වෙනකම් එළිදක්වපු iOS සංස්කරණ හැම එකකදීම WhatsApp, Viber වගේ VoIP කෝල්වලට උත්තර දෙන්නනම් iPhone එක unlock කරන්නම අවශ්‍යයි. නමුත් iOS 10 සංස්කරණය එක්ක ඒ බාධාව ඉවත් කරලා VoIP calls වලටත් GSM calls වලට දෙන අවස්ථාවම දෙන්න ඇපල් සමාගම කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඔබේ ෆෝන් ඇප් එකේ Favorites සහ Recent මෙනු දෙකේත් ඒ VoIP calls සටහන් වෙන හැටි ඔබට දැකගන්නට පුළුවනි.

කෙටි පණිවිඩ යවන්න, එහෙම නැත්තම් texting වලටත් iOS 10 ඔස්සේ ලොකු සහයක් දෙන්න ඇපල් සමාගම කටයුතු කරලා තියෙනවා. Emojis කළින් තිබුණට වඩා තෙගුණයක් විශාලව නිර්මාණය කරලා තියෙනවා වගේම text එකක තිබෙන වචන වෙනුවට emoji යොදන්නත් iOS 10ට හැකියාව තියෙනවා. ඔබට කරන්න තියෙන එකම දේ ඒ අදාළ වචනය උඩ tap කරන එක විතරයි. ඒ වගේම අලුත් emoji 72ක් තමන්ගේ text ඇප් එකට ඇතුළත් කරන්නත් ඇපල් සමාගම කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම අලුතෙන් හඳුන්වාදෙන Invisible Ink විශේෂාංගය මඟින් ඔබේ කෙටි පණිවිඩය ලබන කෙනා ඒ පණිවිඩය slide කළ විට පමණක් එම පණිවිඩය පෙන්වීම සිදු කරනවා. ඇපල් සමාගම තමන්ගේ නිෂ්පාදන එළි දැක්වීමේදී මේ විශේෂාංගය හඳුන්වා දෙන්න සිදු කළේ හරි අපූරු වැඩක්. ඔබට පහතින් දකින්නට හැකියි ඔවුන් ඒ විශේෂාංගය ලොවට හඳුන්වා දුන් ආකාරය.

(techradar.com)

(techradar.com)

ඒ වගේම ඔබට ලැබෙන කෙටි පණිවිඩවලට ප්‍රතිචාර දැක්වීමේදී Digital Ink මඟින් ඔබේ අත්අකුරින්ම පණිවිඩ යැවීමටත් iOS 10 ඔස්සේ ඔබට හැකියාව ලබා දීලා තියෙනවා.

(techradar.com)

(techradar.com)

Quick Type Keyboard එක Siri සමඟ වඩාත් යුහුසුලුව කටයුතු කරන ආකාරයට සකස් කිරීම, Apple Maps වඩාත් හොඳින් සුසර කිරීම, Photo app, Apple Music ඇප්වල සිදුකර ඇති වෙනස්කම් ආදියත් මෙහිදී සඳහන් කළ යුතුයි. ඒ වගේම Apple Note හරහා එක ලිපියක් කීප දෙනෙකු මඟින් සංස්කරණය කිරීමට හැකිවීම, Mail app එක මඟින් ඊමේල් ත්‍රෙඩ් (threaded emails) ලෙස ප්‍රදර්ශනය කිරීමත් iOS 10 හි විශේෂතා ලෙස දක්වන්නට පුළුවනි.

iOS 10 සංස්කරණය ඔබගේ iPhone, iPad, iPod Touch යන මේ උපාංග සියල්ල සමඟ භාවිතා කළ හැකියි. iPhone 4S සහ iPad 2 යන මාදිලි සඳහා මෙම සංස්කරණය සහය දක්වන්නේ නැහැ. iOS 10 සහය දක්වන සියළුම ඇපල් උපාංග පහතින් ඔබට දැකගන්න හැකියි.

(techradar.com)

(techradar.com)

iOS 10.1 සහ iOS 10.2 beta සංස්කරණයන් දෙකත් මේ වෙද්දි එළි දක්වලා අවසන්. ඒ ගැන අපි ඉඳිරි ලිපියකින් සාකච්ඡා කරමු. මීට අමතරව iOS 10හි සුවිශේෂතාවයන් පිළිබඳව ඔබ දන්නා කරුණු තියෙනවනම් ඒ ගැන අපිවත් දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම්, ඔබේ iPhone, iPad, iPod Touch උපාංගයටත් iOS 10 සංස්කරණය අන්තර්ගත කරගෙන මේ ලිපියේ අපි පැහැදිලි කළ විශේෂාංගයන් සහ පහසුකම් අත්විඳින්න දැන් හොඳම වෙලාව නේද?

කවරයේ පින්තුරය: techcrunch.com

Related Articles