Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කෙප්ලර් දුරේක්ෂයට හමුවුණු පිටසක්වල වස්තුව

මේ ලිපිය ඔබ වෙත ගෙන එන්නේ ඩයලොග් වෙතිනි.

2009 වර්ෂයේ දියත් කෙරුණු කෙප්ලර් දුරේක්ෂයේ ප්‍ර‍ධාන අරමුණ වූයේ තවත් සෞරග්‍ර‍හ මණ්ඩලයන් තිබේදැයි සොයා බැලීම යි. එය ක්ෂීරපථයේ තරු එක් ලක්ෂ පනස් දහසක් පමණ ඇති කුඩා කොටසක් සඳහා යොදවා තිබෙනවා. ඉතා ඈත ඇති කුඩා ග්‍රහලෝක නිරීක්ෂණය අපහසු නිසා ඊට පහසු ක්‍රමයක් ලෙස, ග්‍රහලොව එහි තරුව ඉදිරියෙන් ගමන් කරද්දී තරුවේ සිදුවන දීප්තියෙහි වෙනස අධ්‍යයනය කිරීම සිදුකරනු ලබනවා. දුරේක්ෂයේ යොදා ඇති ඉතා දියුණු පරිගණක පද්ධතිය මඟින් මෙම විශ්ලේෂණයන් සිදුකරන අතර එය සෑම තරුවක් පිළිබඳව ම අවධානයෙනුයි ඉන්නේ.

පසුගිය අවුරුදු ගණනාව පුරා ම එය ග්‍රහලෝක විශාල සංඛ්‍යාවක් හඳුනාගත් නමුත් ක්‍රමලේඛිත පරිගණක පද්ධතියකින් මෙතෙක් අධ්‍යයනය නොකළ අවස්ථාවන් හඳුනාගැනීමේ අපහසුතාවකට මුහුණ දෙන්නට සිදු වෙනවා. මේ නිසා ඊට මානව මැදිහත්වීමක් ද අවශ්‍යවූ අතර ඊට ස්වේච්ඡාවෙන් ලොව වටා තාරකා විද්‍යාඥයින් ලක්ෂ තුනක් පමණ “ප්ලැනට් හන්ටර්ස්” නමින් ඒකරාශී වුණා. එහිදී ඔවුන් අතර සිටි ටැබීතා නම් විද්‍යාඥවරියට අපූරු යමක් නිරීක්ෂණය කරන්නට හැකි වුණා. ඒ, පසුව ඇගේ නමින් ම ටැබීගේ තරුව (KIC 8462852) ලෙස නම් කෙරුණු තරුවක් වටා පෘථිවිය මෙන් දහස් ගුණයක් පමණ විශාල යමක් කක්ෂගතවී ඇති බව යි.

අනිකුත් තරුවල මෙන් එම තරුවේ දීප්තිය අඩුවීම සහ වැඩිවීම සමමිතිකව සිදු නොවූ අතර ඉන් පැහැදිලි වූයේ එය ගෝලාකාර වස්තුවක් නොවන බව යි. එහි කක්ෂය ද ඒකාකාරී නැහැ. 2013 වර්ෂයේදී තරුව හරහා ඉතා වේගයෙන් ගමන් කළ එය ඇතැම් අවස්ථාවන්හිදී තරුව පසුකර යාමට සති කිහිපයක් ද ගත කළා. මෙහි දීප්තියේ වෙනස අර්ථ දැක්වීමේදී ඇතැමුන් එම තරුව වටා ධූලි වලාවක් ඇතැයි ද තව පිරිසක් එම තරුව වටා වල්ගා තරු විශාල ප්‍රමාණයක් තිබෙන්නට හැකියැයි ද මත පළ කළා. නමුත් ඒවා ලබාගත් දත්ත සමඟ නොගැළපුණු නිසා පසුව තීරණය වූයේ එය දියුණු පිටසක්වල ජීවී සම්භවයක් විය හැකි බව යි.

දියුණුව අනුව පිටසක්වල ජනාවාස වර්ගීකරණයේ වර්ග දෙකක් තිබෙනවා.

1- ප්‍රථම ආකාරයේ ජනාවාස

ළඟ ම තිබෙන තරුවෙන් තම ග්‍රහලොවට වැටෙන මුළු ශක්තියම අවශෝෂණය කරගන්නන්,

2- දෙවන අාකාරයේ ජනාවාස

තරුවෙන් ලැබෙන සම්පූර්ණ ශක්තිය ම අවශෝෂණය කරගන්නන්,

මෙම දෙවන ආකාරයේ අයට මුළු තරුව ම ආවරණය වන පරිදි ඒ වටා ආලෝක අවශෝෂණ පද්ධතීන් සවි කරන්නට සිදු වෙනවා.

මෙවන් සැකැස්මක් ‘ඩයිසන් ගෝලයක්’ ලෙස හඳුන්වනවා.

ඉතින් අපේ අද්භූත වස්තුවත් ක්‍රම ක්‍රමයෙන් තම ප්‍රමාණය විශාල කරගන්නා නිසා දැනට ඇති දත්ත අනුව, එය ටැබී තරුව අසල ඇති දියුණු පිටසක්වල ශිෂ්ඨාචාරයක් විසින් සිදුකරන්නට ඇති දෙයක් යැයි අනුමාන කෙරෙනවා.

කවරයේ පින්තුරය: forbes.com 

Related Articles