Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩි Refresh Rates හොඳ නමුත්, එවන් ෆෝන් එකකට වියදම් කළ යුතු ද?

සෑම වසරකම ස්මාර්ට් දුරකතන වෙත එක් වන නවතම විශේෂාංග අතරින් පසුගිය වසර කිහිපය තුළම තිරය වෙත වැඩි අවධානයක් ලැබෙන ආකාරය දකින්නට ලැබුණා. විවිධ ආකාරයේ Notch මෙන්ම සම්පූර්ණ මුහුණතම තිරය වෙත හිමි වූ දුරකතන දැන් සුලබව දකින්නට ලැබෙනවා.

මේ අතරේ දකින්නට ලැබෙන තවත් යමක් නම්, ඉහළ අගයයන්ගෙන් යුත් Screen Refresh ratesනුයි. Google Pixel, OnePlus මෙන්ම Samsung දෙසින් ද මේ වචනය දැන් ඇසෙන්නට පටන්ගෙන තිබෙනවා.

Refresh Rate කියන්නේ මොකක්ද?

වේගවත් චලනයක් සිදුවන අවස්ථාවක දී කළ Refresh rates සැසඳුමක් (240hzmonitors.com)

රූපවාහිනියේ හෝ පරිගණක තිරයක අප දකින්නේ ඡායාරූප එකතුවක් වන අතර, ඒවා අපගේ මොළය චලිතයක් ලෙස සලකන තරමේ වේගයකින් මාරු කරන විට අපිට එය චලනයක් සේ පෙනෙන්නට පටන් ගන්නවා. මෙය පහසුවෙන්ම පැහැදිලි කළ හැක්කේ පැරණි චිත්‍රපට පටිති මඟිනි. එම පටිවල ඡායාරූප රැසක් තිබෙන අතර ප්‍රොජෙක්ටරය හරහා වේගයෙන් ඒවා ධාවනය වන විට අපට එය ඡායාරූපයක් වෙනුවට චිත්‍රපටයක් සේ පෙනෙන්නට පටන් ගන්නවා.

ඒ එයට නිවැරදි පැහැදිලි කිරීමක් නොවෙයි. එහෙත් මේ අදහස සිතේ තබාගෙන, ඔබේ තිරය වේගයෙන් On-Off වන බවත්, On-Off වන වාරයක් පාසා එය අප වෙත ඡායාරූපයක් බැගින් ගෙන එන බවත් සිතන්න. අන්න ඒ, Refresh Rate එක යි. එය හර්ට්ස් (Hz)වලින් මනිනවා.

මෙය අපේ ඇසට නොපෙනෙන තරම් වේගයන් සිදුවෙනවා. (සාමාන්‍ය ප්‍රමාණය හර්ට්ස් 60 යි.) මෙම Refresh වීම සිදුවන ආකාරය දැකිය හැකි එක් ආකාරයක් වන්නේ, පැරණි CRT මොනිටරයකට කැමරාවක් යොමු කිරීමෙනුයි. එවිට එහි එක් දිශාවකට ඉරක් ගමන් කරනු දැකිය හැකියි. මෙය ස්වල්ප වශයෙන් වර්තමාන පරිගණක/ දුරකතන තිරවල ද ඔබට දැකගත හැකි වේවි.

ඉහළ Refresh Rate එකක් ඇති වත්මන් දුරකතන

Asus ROG Phone 2 සමාර්ට් දුරකතනය (digitaltrends.com)

ඉහළ මට්ටමේ Refresh Rate එකක් සාමාන්‍යයෙන් දැකිය හැකි වන්නේ Scroll කරන විට සහ ඇනිමේෂන්වල දී ඉතාම සුමට දර්ශනයන් මඟිනුයි. එමඟින් දිගු කාලයක් තිරය දෙස බලා සිටීමෙන් ඇසට ඇති වන වෙහෙස අඩු වෙනවා. මෙහි ඇති අවාසි වන්නේ, බැටරිය බැස යාමේ වේගය වැඩි වීම, සහ මිල ඉහළ යාම යි.

සාමාන්‍ය Refresh Rate එක වූ 60Hzන් ඉහළ වත්මන් දුරකතන මෙසේ යි:

  • Asus ROG Phone 2 – 120Hz
  • Razer Phone 2 – 120Hz
  • Xiaomi Redmi K30 5G – 120Hz
  • OnePlus 7T, OnePlus 7T Pro, සහ OnePlus 7 Pro – 90Hz
  • Oppo Reno Ace – 90Hz
  • Realme X2 Pro – 90Hz
  • Google Pixel 4 – 90Hz
  • Nubia Red Magic 3 – 90Hz
  • Asus ROG Phone – 90Hz

නිෂ්පාදන වෙත එක් කෙරුණ ද, අධික බැටරි බල භාවිතය වැනි කරුණු නිසා දුරකතන ක්ෂේත්‍රය තුළ තවමත් මෙම තාක්ෂණය පවතින්නේ මූලික අදියරේ යි. මේ නිසාම එම ගැටළු වළක්වා ගන්නට Pixel 4 වැනි දුරකතනවල සෑම විටම අධි Refresh Rate එකක් පවත්වා ගන්නේ නැහැ. Developer Optionsවලින් අවශ්‍ය නම් එය Force කරන්නට හැකියාව තිබෙනවා.

FPS සහ Refresh Rate අතර වෙනස

සම්පූර්ණයෙන්ම වෙනස් කාරණා දෙකක් (lifewire.com)

Refresh Rate එක පැහැදිලි කිරීම පහසු කරන්නට අපි ඉහත ඇත්තටම යොදාගත්තේ FPS හෙවත් Frames Per Second ගැන යි. එය නැවත සැලකිල්ලට ගතහොත්, ඔබට වැටහේවි වීඩියෝ එකක් ධාවනය වෙද්දි වැඩි fps එකක් තියෙන විට වැඩි සුමට බවක් ඇති වන බව.

FPS සහ Refresh Rate යනු සමාන දේවල් ලෙස පෙනුණත්, එය සම්පූර්ණයෙන්ම වෙනස් දේවල් දෙකක්. නැවත සරලව කිවහොත් Refresh Rate එක යනු තිරය On-Off වෙන වේගය වන අතර, fps යනු තිරයේ දිස්වන චිත්‍රපටයක/ගේම් එකක රූප වෙනස් වන වේගය යි.

ඒ රඳා පැවැත්ම අපිට 30fps – 60Hzවල දී සාමාන්‍ය කෙනෙක්ට දැනෙන්නේම නැති තරම්. 30fps සහ 60fps අතර සංසන්දනය කළොත් ලොකු වෙනසක් දැනෙනවා. FPS අගයයන් අඩු වෙද්දී මෙය හොඳින්ම දැනෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි, FPS එක වැඩි වෙලා, Refresh Rate එක අඩු වුණොත් අපිට framesවලින් කොටසක් නොපෙනී යනවා.

FPS වැඩි අගයක් යොදා ගොඩනැගූ චිත්‍රපට ලෙස 48Hz වූ The Hobbit: The Battle of the Five Armies (2014), 96Hz වූ Aquarela (වාර්තා චිත්‍රපටයකි), සහ 120Hz වූ Gemini Man (2019) දක්වන්න පුළුවන්.

Refresh Rate එක වැඩි ෆෝන් එකක් අත්‍යවශ්‍ය ද?

අත්‍යවශ්‍ය වෙතොත්, ඒ Gamingවලට පමණයි (tech4gamers.com)

ඔබගේ දෛනික ජීවිතයට ලැබෙන ප්‍රතිලාභ බොහෝ දුරට රඳා පවතින්නේ ඔබ ඔබේ දුරකතනය භාවිතා කරන ආකාරය මත යි.

ඔබ නිතර ස්මාර්ට්ෆෝන් එකෙන් Online Multiplayer ගේම්ස් play කරනවා නම්, ඒ ගේම් එක ඉහළ fps සඳහා සහාය දක්වනවා නම්, නිතර ගමනාගමනයේ නොයෙදෙන නිසා බැටරි බසින විට වහා චාර්ජ් කරගැනීමට පහසුකම් ඇත්නම්, සහ ෆෝන් එකකට වැඩි මුදලක් යෙදවීමට සූදානම් නම් ඔබට 90Hz හෝ 120Hz ෆෝන් එකක් හොඳින් ගැළපෙනවා. එහි අතුරුඵලයක් ලෙස ඔබ ෆේස්බුක් හෝ Roar ලිපියක් Scroll කරමින් බලද්දී වඩාත් සුමටව Scroll වනු දැකිය හැකි වේවි.

ඒ හැරුණු කොට, සාමාන්‍ය ස්මාර්ට් දුරකතන හෝ පරිගණක භාවිතයට ඉහළ Refresh Rate එකක් කිසිසේත්ම අවශ්‍ය වන්නේ නැහැ.

දැනට මෙම දුරකතන නිෂ්පාදනයේ දී විශාලත්වය වැඩි කිරීමට, තිර විභේදනය (resolution) වැඩි කිරීමට, ඉහළ refresh rate එකක් යෙදීමට, සහ බැටරියේ ප්‍රමාණයේ ඊට සාපේක්ෂව වැඩි කිරීමට නිෂ්පාදකයන්ට වැඩි පිරිවැයක් යොදන්නට සිදුවෙනවා. ඒ නිසාම එවන් දුරකතනවල මිල ඉහළ යනවා. නමුත්, තාක්ෂණයේ දියුණුවත් සමග තව වසර කිහිපයකින්ම 90Hz යනු සාමාන්‍ය Refresh Rate එක බවට පත් වනු ඇති බව නොඅනුමාන ය.

මූලාශ්‍රයයන්:

  • mashable.com
  • avadirect.com
  • phonearena.com
  • smartprix.com

කවරය: samsung.com

Related Articles