Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දරුවන්ට සුදුසු වීඩියෝ වෙන් කරන YouTube Kids සේවාව

යූටියුබ් කියන්නේ අපි හැම කෙනෙක්ම වයස් භේදයකින් තොරව කැමැත්තක් දක්වන සේවාවක්. ඩේටා ටිකක් වැඩිපුර තිබෙන හැම වෙලාවකම අලුතින් ඉගෙනුමට යමක් පමණක් නොව ගීත, කෙටි චිත්‍රපට, කාටූන් ආදී බොහෝ දේවල් නරඹන්නට අපි පිවිසෙන්නේ යූටියුබ් එකටයි. නමුත් එහි තිබෙන අන්තර්ගතයන් විවිධ වයස් මට්ටම් සඳහා සීමා කර තිබුණ ද දෙමව්පියන් එහෙ මෙහෙ වෙනකම් ඉඳලා ඔවුන්ගේ දුරකතනය හෝ ටැබ් එක අතට අරගෙන යූටියුබ් යන දරුවන්ට නම් එතරම් හොඳ කල දසාවක් අත් වන්නේ නැහැ. මොකද, වයස අනුව අන්තර්ගතයන් පාලනය කිරීම ඔවුන් සිදු කරන්නේ ඒ වන විට පිවිස සිටින ගූග්ල් ගිණුමෙන් නිසා දරුවන් අතට ගත් විට ඔවුන්ගේ වයස පිළිබඳව අවබෝධයක් යූටියුබ් එකට ලැබෙන්නේ නැහැ. මෙයට විසඳුමක් වශයෙන් තමයි YouTube Kids නමින් සේවාවක් ලොවට හඳුන්වා දුන්නේ.

යූටියුබ් කිඩ්ස් යනු

ytimg.com

පවුලේ හැම කෙනෙක්ටම නැරඹිය හැකි ආකාරයේ වීඩියෝ ස්මාර්ට් දුරකතන ඇප් එකක් ලෙස ඉදිරිපත් කෙරෙන මෙම සේවාව ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් යන ප්‍රධාන ස්මාර්ට් දුරකතන මෙහෙයුම් පද්ධති දෙක සඳහාම ලබාදී තිබෙනවා. දෙමාපියන් ගේ අනුදැනුම යටතේ ඉතා කුඩා දරුවන්ට පවා නැරඹිය හැකි ආකාරයේ වීඩියෝ පෙරහන් යටතේ ලැයිස්තුගත කිරීම මෙම යෙදුම හරහා සිදුවෙනවා. මෙම සේවාව සඳහාම විශේෂිත වූ channel සහ වැඩසටහන් ද අන්තර්ගත කර තිබෙන අතර දර්ශනය කෙරෙන වෙළඳ දැන්වීම් පවා දරුවන්ට උචිත ආකාරයේ ඒවා ම තෝරා ගන්නට ගූග්ල් සමාගම කටයුතු කරනු ලබනවා.

පරිගණකය හරහා භාවිත කිරීමට නොහැකි නමුත් මව්පියන්ගේ දුරකතන හෝ ටැබ් එක අරගෙන වීඩියෝ බලන්නට හුරුවී සිටින දරුවන් පිළිබඳව ඔවුන්ගේ දෙමව්පියන්ට කරදර වන්නට අවැසි නොවන මෙම යූටියුබ් කිඩ්ස් සේවාව වෙනුවෙන් වීඩියෝ තෝරාගන්නට සහ එම ස්වයංක්‍රීයව එක්වූ වීඩියෝ පාලනය කිරීමට විශේෂිත ක්‍රමවේදයන් භාවිත කරනවා.

දරුවන් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක්

securly.com

YouTube Kids සඳහා මූලිකවම ලබා තිබෙන ආරක්ෂාව ඇල්ගොරිතම මත පදනම් වූ එකක්. ඊට අමතරව, එය වඩාත් නිරවද්‍යව සවිබල ගැන්වීම සඳහා එසේ තෝරාගෙන, පරිශීලකයන් විසින් නොගැලපෙන බවට වාර්තා කරන ලද ඒවා පරීක්ෂා කරන්නට යොදවා තිබෙනවා. YouTube ප්‍රධාන සේවාවෙහි පවා මෙසේ වාර්තා කරන ලද වීඩියෝ ඉතා සුපරීක්ෂාකාරීව එම කණ්ඩායම්වලට පරීක්ෂා කරන්නට සිදුවන අතර මේ නිසා ඇතැමුන් වෝල්ඩර්මෝට් පැය දහයක් තිස්සේ කෑ ගහන ආකාරයේ වීඩියෝ යූ ටියුබ් වෙත එක් කර ඒවායේ අනවශ්‍ය අන්තර්ගතයන් ඇතැයි කියා රිපෝට් කරනවා. ඉතින් ඒවා සම්පූර්ණයෙන්ම බැලීම හෝ කේතයක ආධාරයෙන් පහසුවෙන් පරීක්ෂා කිරීමට ඔවුන්ට සිදු වෙනවා ඇති. කොහොම නමුත් යන්ත්‍රවලට ම භාර නොදී හස්තීයවම මෙම පරීක්ෂා කිරීම් සිදු කිරීමෙන් ඔවුන් පරිශීලකයන්ගේ, තවත් වචනයකින් කිවහොත් පාරිභෝගිකයන්ගේ සේවා භාවිත අත්දැකීම වඩාත් ඔප් නැංවීම සහ විශ්වාසය ගොඩ නගා ගැනීම සිදු කරනු ලබනවා.

techhive.com

යූටියුබ්හි කිසියම් වීඩියෝවක් රිපෝට් වුවහොත් එය ප්‍රතිපත්ති සමාලෝචන (policy review) කණ්ඩායමක් වෙත යැවෙනවා. ඔවුන් ලොව වටා සිටින දහස් ගණන් පුද්ගලයන් වන අතර විවිධ කාල කලාපවල සිටිමින් ඔවුන් පැය විසි හතර පුරාම එම වීඩියෝ පර්යේෂණය කිරීමෙහි නිරතව සිටින්නේ වඩාත් ගුණවත් අන්තර්ගතයන් සහිත වීඩියෝ පමණක් ඉතිරි කරලීම සඳහායි. මෙසේ දරුවන්ට නුසුදුසු යැයි හඳුනාගන්නා වීඩියෝ සඳහා වයස් බාධක පනවන අතර ඒවා YouTube Kids වෙතින් ඉවත් කරලනවා.

ඒ අනුව කිසියම් වීඩියෝවක් YouTube සිට YouTube Kids දක්වා මඟ පාදාගන්නට වැඩි කාලයක් ගත කරන අතර එම කාලය තුළදී ස්වයංක්‍රීයව එක් කරගන්නට පෙර රපොර්තු කිරීම් සඳහා ඉඩ සලසා දෙනු ලබනවා. මේ සඳහා සාමාන්‍ය පරිශීලකයන් පමණක් නොව, ස්වේච්ඡාවෙන් දායක වෙමින් වීඩියෝ නරඹා රපොර්තු කරන කණ්ඩායමක් ද බිහිව සිටිනවා.

අවම වෙළඳ දැන්වීම්

underconsideration.com

කිසියම් සේවාවක් පවත්වාගෙන යාම සඳහා මුදලක් අය නොකරන්නේ නම් ඔවුන්ට ආදායමක් ලැබිය හැකි ප්‍රධානම සහ පහසුම ක්‍රමයක් වන්නේ වෙළඳ දැන්වීම් ප්‍රචාරණය යි. යූටියුබ්හි ද වීඩියෝවක් ඇරඹීමට පෙර කෙටි වෙළඳ දැන්වීමක් දර්ශනය වන අතර මේවා ඉතා අවම වශයෙන් YouTube Kids සඳහා ද යොදා තිබෙනවා. එසේ දැන්වීමක් දර්ශනයට වීමට ප්‍රථම දැන්වීමක් යනු කුමක්දැයි සජීවීකරණ චරිත යොදාගත් කුඩා වීඩියෝවකින් දරුවන් වෙත උගන්වනු ලබන අතර ඉන් අනතුරුව දරුවන්ට උචිත දැන්වීම් අවම වශයෙන් ප්‍රදර්ශනය කෙරෙනවා.

උපරිම පාලනය දෙමව්පියන්ට

nischint.com

දරුවන් අනවශ්‍ය පමණින් වීඩියෝ නැරඹීම වළක්වාලීමට ද මේ ඇප් එක හරහා පහසුකම් සලසා තිබෙනවා. එනම්, ඔබ දරුවන් එය භාවිත කළ යුත්තේ දවසේ කුමන කාලයක, කුමන කාල පරාසයක් තුළද යන්න ඔබට සකසාලිය හැකි අතර එම සැකසුම් වෙනස් කිරීමට ඔබ විසින් යොදනු ලබන PIN අංකයක් ද අවශ්‍ය වෙනවා. මේ නිසා පාඩම් වැඩ අතපසු කරමින් වීඩියෝ බලන්නට දරුවන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේම පෙර පාසල් අවධිය, පාසල් අවධිය සහ සියළු දරුවන් යන ආකාරයෙන් වයස් කාණ්ඩ තුනක් යටතේ වීඩියෝ අන්තර්ගතයන් දැකීමට අවසර ලබා දීම ද සිදු කළ හැකි නිසා ඕනෑම වයසක දරුවකුට ඔවුන්ට උචිත ආකාරයේ වීඩියෝ බැලීමට අවස්ථාව සලසා දීම කළ හැකියි.

මෙම යෙදුම ඔබට ඇන්ඩ්‍රොයිඩ් සඳහා Play Store එකෙන් ද ඇපල් iOS උපාංග සඳහා App Store වෙතින් ද ලබා ගත හැකියි.

කවරයේ ඡායාරූපය: ytimg.com

Related Articles