Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වසරේ apple වෙතින් ගෙන ආ හොඳම Apps 4ක්

2018 වසරේ අවසාන මාසයට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. දවසින් දවස apple apps store එකට එකතුවෙන apps ප්‍රමාණය විශාල යි. iPhone/ iPad/ Mac/ Apple Tv වෙත  නිකුත් වුණු, 2018 වසරේ හොඳම apps කිහිපයක් පිළිබඳව යි මේ කියන්න යන්නේ. මේ තේරීම් සිදුකරන්නේ developer.apple.com වෙබ් අඩවිය යි.

apple උපාංගය තුළින් චිත්‍ර අඳින්න Procreate Pocket

නිදහස් වෙලාවක තමන්ගේ apple උපාංගය තුළින් චිත්‍රයක් වැනි දෙයක් අඳින්න හොඳම app එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ගොඩක් advanced දෙවල් අඳින්නත් මේ හරහා හැකියාව ලැබෙනවා. ios 11 සිට ඉහළ මෙහෙයුම් පද්ධති සඳහා app එක සහාය දක්වනවා. ඒ වගේ ම මෙය නවතම iphone සඳහාත් වඩාත් හොඳින් සහාය දක්වන ලෙස නිර්මාණය කර තිබෙනවා. මේ වන විට ඔබට මෙම app  එකෙහි 2.0 සංස්කරණය ලබාගන්න පුළුවන්. විවිධ හැඩයන් සහිත brush 136 වගේ ම, නවතම සංස්කරණය මඟින් වඩාත් වැඩිදියුණු කරන ලද layering sysytem එකක් ද මේ app එක සතු යි. මේ app එක නිර්මාණයක කළ savage interactive pty ltd ආයතනය පවසන අන්දමට, apple උපාංග වෙත මෙතෙක් නිර්මාණය වූ හොඳම sketching, painting සහ illustration කළ හැකි app එක මේක. නමුත් මේ app එක ඔබට නොමිලයේ ලබාගන්න නම් බැහැ. Procreate Pocket app එක ඔබට ඩොලර් 4.99ක මුදලකට මිලදී ගන්න වෙනවා. ඒ වගේ ම, 2018 වසරේ iPhone App of the Year බවට පත් වෙන්නෙත් මේ app එක.

ගෙම්බෙකුගේ ජීවන චක්‍රය ගැන ඉගෙන ගන්න Froggipedia

Developer.apple.com වෙබ් අඩවියට අනුව iPad සඳහා මේ වසරේ නිකුත් වුණ හොඳම app එක ලෙස මේ app එක තේරී පත්වෙලා තියෙනවා. මේ app එක නිර්මාණය කරන්නේ Designmate (I) Pvt.Ltd. ආයතනය යි. මේ හරහා සිදුවෙන්නේ ගෙම්බෙකුගේ ජීවන චක්‍රය පිළිබඳව අධ්‍යයනය කිරීමට පහසුව ලබාදීම යි. නවතම AR (අත්‍ය-යතාර්ථ Augmented Reality) තාක්ෂණය භාවිත කරමින් මේ app එක නිර්මාණය කර තිබෙනවා. මේ තාක්ෂණය නව මායිමකට රැගෙන ගිය app එකක් ලෙස මෙය හැඳින්වීම වරදක් නැහැ. ඩොලර් 3.99ක මිලකට ඔබට මෙය ලබා ගන්න පුළුවන්. ඒ වගේ ම, ඉංග්‍රීසි ඇතුළු භාෂා රාශියකට මේ app එක සහාය දක්වනවා.

Photoshop වෙනුවට Pixelmator Pro

අද වන විට ඡායරූප සංස්කරණයට සහ විවිධ නිර්මාණයන් කිරීමට බහුලව භාවිත වෙන මෘදුකාංගයක් තමයි Photoshop කියන්නේ. නමුත් මේ මෘදුකාංගය වෙනුවට apple උපාංග භාවිත කරන ඔබට Pixelmator Pro භාවිත කරන්න හැකියාව තියෙනවා. වෘත්තීය මට්ටමේ නිර්මාණකරුවන්ට මේ මෘදුකාංගය හරහා ඉතාම ඉහළ මට්ටමේ නිර්මාණ රැසක් සිදුකර ගන්න පහසුකම් සපයන අතර, අලුතින් නිර්මාණකරණයකට සම්බන්ධ වන ඕනෑම අයෙකුට ඉතාම පහසුවෙන් භාවිත කළ හැකි ලෙස මේ මෘදුකාංගය නිර්මාණය වෙලා තියෙනවා. මේ වන විට 1.2.4 සංස්කරණය ඔබට බාගත කරගන්නට හැකියාව පවතිනවා. නොමිලේ භාවිත කළ නොහැකි වුණත්, අත්හදා බැලීමේ සංස්කරණයක් ඔබේ mac pc එකට ලබාගන්න ඔබට පුළුවන්. මේ මෘදුකාංගය නිෂ්පාදනය කරන්නේ Pixelmator Team විසිනුයි. 2018 වසරේ මැක් සඳහා නිකුත් වුණු හොඳම app එක ලෙස මෙය නම් වී තියෙනවා. මෙය ඩොලර් 39.99ක මිලකට ඔබට මිල දී ගන්න පුළුවන්. මෙය සහාය දක්වන්නේ macOS 10.13 සිට ඉහළ සංස්කරණයන් වෙනුවෙනුයි.

ශරීරය හැඩට තියාගන්න Sweat: Kayla Itsines Fitness

Apple tv කියන්නේ apple සමාගමේ ඉතාම ජනප්‍රිය නිෂ්පාදනයක්. මේ වෙත නිකුත් වුණ app අතරින් 2018 වසරේ හොඳම app එක විදිහට තේරීපත් වී තිබෙන්නේ The Bikini Body Training Company Pty Ltd නිර්මාණය කළ Sweat: Kayla Itsines Fitness කියන app එක. මේක කාන්තාවන්ට විශේෂයෙන් ම නිර්මාණය වුණු app එකක්. මෙය අනෙක් apple උපාංගවලටත් සහාය දක්වනවා. කාන්තාවන්ගේ යහපත උදෙසා සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාවයන් තුළින් කාන්තාවන්ට උපකාර කිරීම තමයි “Sweat” කියන කණ්ඩායමේ අරමුණ වෙලා තියෙන්නේ.

කවරයේ පින්තූරය: dailyhubnews.com

Related Articles