Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Audio Edit කරන්නට නොමිලේ දෙන හොඳම මෘදුකාංග

ශ්‍රව්‍ය ගොනු සංස්කරණය කිරීම සඳහා වූ බොහෝ මෘදුකාංග ඉතා සංකීර්ණ යි සහ මිල අධික යි. හොරෙන් බාගත කරගෙන බුද්ධිමය දේපළ නීති සඳහා වරදකරුවකු නොවී බලපත්‍රය හරහාම නොමිලේ දෙන සහ භාවිතයට පහසු මෘදුකාංග කිහිපයක් ඔබ වෙනුවෙන් ගෙන එන්නට අප තීරණය කළා.

බ්‍රවුසරයෙන්ම Edit කරන්න Hya-Wave

වෙබ් අඩවි තිර දසුන

Audio edit කරන සෑම මෘදුකාංගයක්ම පාහේ පරිගණකයේ ස්ථාපනය කරගත යුතු ‍ඒවා යි. නමුත් Hya-Wave සතු විශේෂත්වයක් වන්නේ එය බ්‍රවුසරය මතම භාවිතා කළ හැකි වීම යි. මේ නිසා පාවිච්චි කරන්නේ ඔබේම පරිගණකය නොවුණත් Edit කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. මෙය Podcast කරන කෙනෙක්ට වඩාත් පහසු මෘදුකාංගයක් වේවි. මන්ද, එහි කටහඬ පවා ඇතුලත් කරන්නට පුළුවන්.

වෙබ් අඩවිය සඳහා මයික්‍රොෆෝනය භාවිතයට අවසර ලබා දීමෙන් පසු කටහඬ එක් කළ හැකි අතර වෙනත් Audio files තිබෙනවා නම් ඒවා බ්‍රවුසරය මතට Drag කර, ඉහළ කොටුවට දැමිය යුතුයි. ඉන්පසු Cut, Paste, Crop, තෝරන ලද කොටසක් උපරිමයට ම Zoom කළ හැකි වීම හා Play කළ හැකි වීම වැනි මූලික පහසුකම් රැසක් මෙහි අන්තර්ගත යි. මූලික අවශ්‍යතාවන්ට ගැලපෙන Sound effects ද එක් කර ගත හැකි අතර, අවසානයේ ඉහළ තීරයෙහි නමක් යොදා .wav ෆයිල් එකක් ලෙස බාගත කරගත හැකියි. මෙය බ්‍රවුසරය තුළ ක්‍රියාත්මක වන නිසා Audio files එක් කිරීමේදී හෝ වෙනස් කරගත් ප්‍රතිදානය බාගත කරගැනීමේදී ද Internet data වැය වන්නේ නැහැ.

පිවිසෙන්න: Hya-wave

සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන Audacity

Audacity උබුන්ටු මත ක්‍රියාත්මක වෙමින් (noobslab.com)

නිදහස් සහ විවෘත කේත මෘදුකාංගයක් වන Audacity බොහෝ දෙනෙක් අතර ප්‍රචලිත මෘදුකාංගයක්. මෙය වෙනස් කර බෙදා හැරීමට පමණක් නොව විකිණීමට ද බලපත්‍රයෙන් අවසර ලබා දී ඇති නිසා අන්තර්ජාල‍ වෙළඳපොළෙහි ඊට වැඩි හැකියාවන් එක් කොට මුදලට ලබා දෙන අවස්ථා ද දකින්නට තිබෙනවා. නමුත් ඒ කිසිවකින් Audacity මව් ව්‍යාපෘතියට ලාභයක් ලැබෙන්නේ නැහැ. මෙහි තිබෙන ප්‍රධානම විශේෂත්වයන් වන්නේ සියළුම Audio file formats පාහේ open වීමත්, Windows, Linux සහ Mac සඳහා ද භාවිතා කළ හැකි වීමයි.

අළු-කහ පැහැයට හුරු අමිහිරි අතුරුමුහුණතක් තිබුණ ද එය හැකියාවන්ගෙන් පරිපූර්ණ යි. සජීවීව ශබ්ද රෙකෝඩ් කිරීමේ හා Mix කිරීම, පහසුවෙන් සංස්කරණය කිරීම හා පහසු Keyboard shortcuts ගණනාවක් තිබීම, 16-bit, 24-bit සහ 32-bit සඳහා සහාය, ශබ්ද වර්ණාවලි විශ්ලේෂණය කිරීමේ පහසුව පමණක් නොව Plugins එක් කර ගැනීමෙන් තවත් එහි හැකියාවන් වර්ධනය කරගන්නට හැකියාව තිබෙනවා.

බාගන්න: Audacity

ශබ්දාගාරයක් නිවසට ගෙන එන Ashampoo Music Studio

අතුරුමුහුණත (ashampoo.com)

සාමාන්‍ය Audio editor එකකින් ඔබ්බට යමින් ඔබට තනිවම සින්දු ඇල්බමයක් පවා සකසා ගන්නට අවස්ථාව සලසා දෙන Ashampoo Music Studio මෘදුකාංගයෙහි Full version එකම දැන් නොමිලේ ලබා දෙනවා. පෙර එහි මිල $29.99 හෙවත් රුපියල් 5,200 පමණ වූවා. Windows 7 වලින් ඉහළ පරිගණකයක 1GB RAM ධාරිතාවක් මෙහි අවම පද්ධති අපේක්ෂාවන් වන නිසා දැනට ඇති ඕනෑම පරිගණකයක ක්‍රියා කරවිය හැකියි.

Audio ගොනු සංස්කරණය කිරීම හැරුණු විට; CD සඳහා කවර සැකසීම, CD වලට burn කිරීම, වීඩියෝවකින් ශබ්දය වෙන් කර ගැනීම, ශබ්ද පටිගත කිරීම්, Mix tape සකසා ගැනීම, සකසන ලද ෆයිල්වල Tags (මෙටා දත්ත) වෙනස් කිරීම ආදී විශේෂාංග රැසක් මෙය සතු යි. අවශ්‍ය නම් Audio file converter එකක් ලෙස ද මෙය භාවිතයට ගත හැකියි. දැනට ඇති නවතම වෙළුම 2018 සඳහා වූ නිකුතුව යි.

බාගන්න: Ashampoo Music Studio 2018

Mac පාවිච්චි කරන අයටම එන GarageBand

තිරදසුනක් (apple.com)

මැක් පරිගණකයක් ඔබට තිබෙනවා නම් ඉහළ ගුණාත්මක බවකින් යුතු ගීතයක් හදාගන්න GarageBand මෘදුකාංගය පාවිච්චි කරන්නට අවස්ථාව තිබෙනවා. වඩාත් සත්‍යරූපී ශබ්ද නිපදවිය හැකි බව සහ Drum ශබ්ද එක් කරමින් වඩාත් සිත්ගන්නා සුළු ආකාරයට සකසා ගත හැකියි. Sound Library එකෙහි ඇති සංගීත භාණ්ඩ අවශ්‍ය පරිදි හසුරුවන්නටත් හැකි අතර Bass, ඉලෙක්ට්‍රික් ගිටාර්, cabinets, හා පෙඩල් සඳහා Amp Designer එකකුත් Pedalboard එකකුත් තිබෙනවා. Logic Remote app එක iPad එකට දාගත්තාම රැහැන් රහිතව මෘදුකාංගය ඉන් පාලනය කරන්නට පුළුවන්.

සංස්කරණ කටයුතු වලට අමතරව මෙහි ගිටාර් සහ පියානෝ ඉගෙනීම සඳහා පාඩම් මාලාවන් ද අන්තර්ගත වෙනවා. භාවිතයට පහසු අතුරුමුහුණතක් සහිත මෙය නොමිලේම Mac App Store වෙතින් බාගත කරගත හැකියි.

බාගන්න: GarageBand

Ocenaudio

උබුන්ටු මත ධාවනය වෙමින් (ubuntubuzz.com)

බ්‍රසීලයේ සැන්තා කැතරිනාහි ෆෙඩරල් සරසවියේ පර්යේෂක පිරිසකට වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි Audio Editor එකක් සැකසීමට අවශ්‍ය වුණා. ඔවුන්ගේ මූලික අරමුණු වූයේ බහුතරයක් Audio format විවෘත කළ හැකිවීම, ශබ්ද වර්ණාවලි විශ්ලේෂණය කළ හැකිවීම හා ශබ්ද සංඥා ජනනය කළ හැකිවීම යි. එලෙස ගොඩ නැගුනු මේ මෘදුකාංගය දැන් ප්‍රධාන පරිගණක මෙහෙයුම් පද්ධති තුනෙහිම පාවිච්චි කරන්නට අවස්ථාව තිබෙනවා.

VST plugin සඳහා සහාය දැක්වීම, කරන වෙනස්කම් සජීවීවම අත්විඳිය හැකි වීම, ශබ්දයේ විවිධ කොටස් කිහිපයක් තෝරා ඒවාට එක්වර Effects යෙදිය හැකිවීම, ශබ්ද ගොනුවේ ප්‍රමාණය මත වධ නොවී අසීමාන්තික Sizes වලට සහාය දැක්වීම, වැඩිදියුණු කළ වර්ණාවලී රේඛයක් (spectrogram) සමග මෙම මෘදුකාංගය ඔබව දියුණු සංගීතවේදියෙක් බවට පත් කරලනවා. මේ සියල්ල, සාම්ප්‍රදායික ශබ්ද සංස්කරණ විශේෂාංග වලට අමතරව යි.

බාගන්න: OcenAudio

කවරය: thewirecutter.com

Related Articles