Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2018 වසරේ හොඳම Mobile Games 6ක්

ගත වූ වසර තුළ සිය ගණනින් ආපු mobile games අතරින් ලෝකයේ සිත් දිනාගන්නට මෙන්ම, සම්ප්‍රදායික ගේම් ක්‍රමවලින් මිදී නවමු ආකාරයේ අත්දැකීම් ගෙන එන්නට සමත් වුණේ සීමිත සංඛ්‍යාවක් පමණයි. මාසිකව අපි හොඳම ඇන්ඩ්‍රොයිඩ් ගේම් ගෙන එන නිසා ඔබට ඒ බොහොමයක් අත්හදා බලන්නට අවස්ථාව ලැබෙන්න්ට ඇති. ග්‍රැෆික් හොඳ බව, ශබ්ද සංකලනය, ත්‍රාසජනක බව, කතා මාලාව, ratings ආදී පුළුල් පෙරහන් රැසක් යටතේ අපි ඔන්න 2018 වසර සඳහා ඇන්ඩ්‍රොයිඩ් මෙන්ම iOS සඳහා ද තිබෙන ගේම්ස් ගොන්නක් මෙලෙස ලැයිස්තු ගත කරනවා.

PUBG Mobile

මේ වර්ෂය නිතරගයෙන් ම හිමි කරගත්තේ PUBG බව එයට ඇබ්බැහි වූ හෝ තමන්ගේ කෙනෙක් play කරන්න අරගෙන එ්ක වධයක් වෙච්ච කෙනෙක් විධියට ඔබ හොඳින් ම දන්නවා. Android Play Store වෙතින් අදහස් දැක්වීම් 8,248,406ක් හරහා 4.5ක rating අගයක් ලැබූ මෙය, කාන්තා පාර්ශවය ද යුද්ධකාමී ගේම්වලට කැමති බව ලොවට හෙළි කළා. ක්‍රීඩකයන් 100 දෙනෙකු පැරෂූටවලින් කි.මී. 8×8 දූපතකට බහිනවා. ඔවුන්ට ඇඳුම්, ආයුධ, වාහන, සහ බෙහෙත් ඇතුළු අනෙකුත් ද්‍රව්‍ය එහි දී ප්‍රථමයෙන් සොයාගෙන තමන්ගේ ජයග්‍රහණය සලසා ගැනීම කළ යුතු වෙනවා.

බාගන්න: Android | iOS

ලෝකයට ලෙඩ පතුරුවන Plague Inc.

ලෝක සිතියම තුළ රෝගය පැතිරුණු ප්‍රමාණය පෙන්වනවා (steampowered.com)

රෝගකාරක බැක්ටීරියාවක් ලෝකය පුරා පැතිරෙන්නේ කොහොමද? ක්ෂුද්‍රජීව විද්‍යාව ඉගෙන ගන්නා අයට වගේ ම ඒ ගැන උනන්දු අයටත්, DNA සහ ප්‍රතිවලිතවීම් හරහා බැක්ටීරියාවන්ට පරිණාමය විය හැකි ආකාරය සමග කුරිරු සතුටක් ලබන්න මේ ගේම් එක සමග පුළුවන්. එහි කරන්නට තිබෙන්නේ අපි විසින් ලොවට හඳුන්වාදෙන නව රෝගකාරක බැක්ටීරියාවක් ලෝකය තුළ පතුරුවමින් පොහොසත් රටවල් එයට බෙහෙත් සොයා ගනිද්දි බැක්ටීරියාවේ DNA වෙනස් කරමින් ඊට ප්‍රතිරෝධී බවට පත් කරමින් ලොව වැඩි ප්‍රදේශයක පතුරුවාලීම යි. මෙහි මූලික අරමුණ නරක පැත්තට තිබුණත්, කම්මැලි වෙලාවක් ගත කරන්නට සහ රෝග පැතිරීම් සිදුවන ආකාරය ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා.

බාගන්න: Android | iOS

Xenowork

විද්‍යාඥයන් කරන ලද පරික්ෂණයක් වැරදී යාමෙන් එම කුටීරය තුළ අමුතු ජීවීන් කොට්ඨාශයක් බිහි වෙනවා. ඔවුන් ආම්ලික පහරදීම් කරන විකෘතියට ලක් වූ ජීවීන් විශේෂයක්. ඔබේ කර්තව්‍යය වන්නේ හොඳ තුවක්කු දෙකක්, ආරක්ෂිත ආවරණයක් පැළඳගෙන ගොස් ඔවුන්ව මර්දනය කිරීම යි. කුටිය අඳුරු නිසා ඔබ හැරී සිටින පැත්තට විතරයි විදුලි පන්දමේ ආලෝකය විහිදෙන්නේ. එනිසා එක් පසකට මුහුණලා සිටිය දී අනෙක් පැති ගැනත් එක සේ අවධානය යොමු කළ යුතු වෙනවා. ඔවුන්ගේ කූඩු සහ සියලුම ජීවීන් මර්දනය කිරීමෙන් දිනුම ලැබෙන අතර, Level 70ක් දක්වා අපහසුතාව වැඩි වෙමින් ඉදිරියට යාමට අවස්ථාව තිබෙනවා. Review 156,301කින් 4.7ක rating අගයක් එය ලබා තිබෙනවා.

බාගන්න: Android | iOS

Hero Hunters

යුද්ධබිම ජයගන්නා සුපිරි වීරයන් (ytimg.com)

2018 වසරේ හොඳම, නවමු ආකාරයේ ක්‍රීඩාවක් ලෙස Play Store එකෙන් තෝරාපත් කරගත් සහ Editor’s choice වෙතට එක්වුණු මෙය third-person ආකාරයේ Shooting RPG Game එකක්. එහි සිටින චරිත සියල්ල ම අවස්ථානුකූල ව අපට පාලනය කරන්නට ලැබෙනවා. හොඳ ග්‍රැෆික්ස්, අනාගතයේ අවි ආයුධ, සහ ඒවායේ ශබ්දයන් අපූරුවට සංයෝජනය කර ඇති නිසා මින් ලැබෙන අත්දැකීම ඉහළ මට්ටමකට පැමිණෙනවා. සම්ප්‍රදායික Sniperවල සිට එක්වර කිහිපදෙනෙකුට පහර දෙන්නට පුළුවන් ආකාරයේ පුළුල් ආයුධ පරාසයක් මෙහි අන්තර්ගත වෙනවා. කතා මාලාවක් අනුව දිවෙන නිසා සහ ගේම් එකේ ඉහළ ගුණාත්මක බව නිසා බොහොම ආසාවෙන් සෙල්ලම් කරන්නට පුළුවන්.

බාගන්න: Android | iOS

Rayman Adventures

පෙර සිට ම ජනාදරයට පත් ගේම් එකක් (mobileobstine.com)

පූජනීය ගසේ රඳා පැවැත්මට අවශ්‍ය පුරාණ බිත්තර සොරකම් කළ නිසා මුළු වනය ම අනතුරට පත්ව තිබෙනවා. ඒවා නැවත ලොව පුරා ගොස් සොයාගැනීම ඔබේ කර්තව්‍යය වෙනවා. Play Store හි Editor’s Choice ගෞරවය දිනාගත් මෙය අතීත ගේම්ස් වන Sonic, Mario වැනි ඒවා සිහිගන්වනවා. මොකද, මෙහි කරන්න තිබෙන්නේත් දුවන අතරතුරේ පාරේ තියෙන දේවල් ඇහිඳ ගනිමින් අභියෝගාත්මක ස්ථාන මඟහැර ගමන් කිරීම යි. කුඩා දරුවන්ට පවා බොහොම ආසාවෙන් play කරන්නට පුළුවන් මෙය දැනට 10,000,000කටත් වඩා පරිශීලකයන් ස්ථාපනය කරගෙන තිබෙනවා.

බාගන්න: Android | iOS

Into the Dead 2

Zombie අත්දැකීම්වලට සහ horrorවලට ප්‍රිය කරන අයට පසුගිය වසරේ ආ Into the Deadහි දෙවන කොටස වන Zombie Survival ගේම් එක නව අත්දැකීමක් වේවි. මෙය ද Editor’s Choice ගෞරවයට පාත්‍ර වූ අතර, කතාව දිවෙන්නේ අනතුරකට පත්වන ට්‍රක් රථ රියදුරෙක් සොම්බිලාගෙන් මිදීමට මාර්ගයෙන් ඇහිඳ ගන්නා තුවක්කු, කියත් වැනි ආයුධවලින් තමන්ගේ ආරක්ෂාව සලසාගෙන ඉවතට දිව යෑම යි. අඳුරු බව, හොඳ ග්‍රැෆික්ස්, සහ Controllers ඉතා පහසුවීම නිසා ත්‍රාසය හොඳින් විඳිමින් මෙය ක්‍රීඩා කරන්නට අවස්ථාව තිබෙනවා.

බාගන්න: Android | iOS

ඔබ මේවායෙන් වඩාත් ම කැමති ගේම් එක මොකක්ද?

කවරය: cbsistatic.com

Related Articles